ට්‍රිපල් තලාක්/සබරිමාලා නඩු තීන්‌දු හා ලංකාවේ අනාගතය – 2 කොටස
Posted on December 5th, 2020
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.
දෙතිස් කුණපයෙන් පිරි මිනිස් ශරීරය-මළ මිණියක දෙවෙනි දවස (මහා සතිපට්‌ඨාන සූත්‍ර වර්‌ණනාව, ලබුගම ශ්‍රී ලංකානන්ද හිමි, 2014, 16 පිටුව)
ඉන්‌දියාවේ සබරිමාලා කෝවිල් නඩු තීන්‌දුව
ඉන්දියාවේ ට්‍රිපල් තලාක් (Triple-Talak) නඩුතීන්‌දුව (2015-2019) මුස්ලිම් පිරිමියෙක් සිය යටතට ගන්නා ස්ත්‍රීන්ව ලිංගික භාණ්ඩ වශයෙන් සැලකූ අකාරයට විරුද්‌ධවය. අනිත් අතට, ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සබරිමාලා හින්‌දු කෝවිල් නඩුව ස්ත්‍රී වර්‌ගයාගේ ජීව විද්‍යාත්‌මක සංයුතිය හා හින්‌දු ලබ්ධියේ ඇදහිලි අතර ඇති පැටලැවීම පෙන්‌වයි. සබරිමාලා කෝවිල, රාමා, සීතා ආපසු ලබාගැනීම සඳහා රාවනාගේ ලංකාවට එන ගමනේදී නතරවූ තැනකි. මෙහි වැඩවසනවා යයි සිතන අයියප්පා දෙවියන්ගේ කෝවිලට අවුරුදු 10-50 අතර ස්ත්‍රීන්ට ඇතුළුවීම තහනම්‌කර ඇත. මීට හේතුව රෝහිණී කවිරත්න නම් මන්ත්‍රිණී ප්‍රාණය විසින් පාර්ලිමේන්තුවේදී <පැහැදිලි කල> 1840 ස් ගණන්වල ටොරිංටන් ආණ්ඩුකාරයා පැනවූ බලු බද්දට සමාන අළුත් මෙන්සස් බද්ද වැනිමය. ගෑණු ලෝයර්ලා 5 ක් මෙම තහනම ඉවත් කර දෙන ලෙස 2006 දී සුප්‍රීම් උසාවියට ගියේය. 2018 සැප්තැම්බර් 28 දින මෙම තහනමට විරුද්‌ධව තීන්දුවක් දුන්නත්, දැන් 2020 අගවන විටත් කොරෝනා අර්බුදය ඉදිරියේ එය විසඳී නැත. දැන් එය නඩුකාරයින් 9 ක් ඉදිරියේ නැවත විමසීමට ලක්‌වී ඇත්තේ කේරළ ආණ්ඩුවත්, දිල්ලි ආණ්ඩුවත් උසාවි තීරණය ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් නොවීම නිසාය.
නඩුව විභාගකල පස් දෙනාගෙන්, එහි සිටි එකම හා සේවයෙන් ලාබාලම කාන්තා විනිසුරුවරිය තහනමට පක්‍ෂව තීරණය ලිව්වේය. ඇගේ තර්‌කය වූයේ, කෝවිලට යන එන, එය අදහන ජන කොටසට, එවැනි ස්ත්‍රී-තහනම් තීරණයක් ගත හැකි බව හා එවැනි ආගමික කටයුත්තකට, සෙකියුලර් (අනාගමික?) සමාජයක්/රටක් යන නාමයෙන් අධිකරණයට මැදිහත් විය නොහැකි බවත්‌ය. එහෙත් සති පූජාවට ඇය විරුද්‌ධ එය මිණීමැරුමක් නිසාද, නැත්නම් මියගිය සැමියාගේ ගිණිමැලයට පැනීම/දැමීම ස්ත්‍රී පාර්‍ශවයට පමණක් මිස එහි අනිත් පැත්ත, එනම් සැමියා මියගිය බිරිඳගේ ගිනිමැලයට පැනීමක් නොවූ නිසාද යන්න ඇය පැහැදිලි කරදී නැත. ඇගේ මතය ගිනි පෑගීම ගැන ලංකාවේ කොවූර් හා කාලෝ ෆොන්සේකාගේ, රැෂනල් සිතීමට වෙනස්‌ය. විද්‍යාවට ගෝචර නොවන හැමදේම මිථ්‍යාද යන ප්‍රශ්ණය මෙහිදී මතුවේ.
හනුමාන් ලංකාවට ආවේ පාලමක් මවාය යන කතාවට යම් පසුබිමක් තිබිය හැකි නොවේද යන්න පණ්ඩිතයින්ට හිසරදයක් වූයේ නාසා චන්ද්‍රිකා කැමරා මඟින් එවැනි පාලමකට සමාන නොගැඹුරු බිම් පටියක් දෙරට අතර පෙනීයාමය. 2018, අධිකරණ තීරණයට අනුව කෝවිලට ඇතුල්වීමට ආ මෙන්සස් වයසට අයත් ස්ත්‍රීන්ව, ඊට විරුද්‌ධ, අති විශාල ස්ත්‍රී-පුරුෂ ජනකායක් විසින් එලවා දමණ ලදී. කෝවිලේ ඉන්නා අයියප්පා දෙවියන් සිය මුළු ජීවිත කාලයම බ්‍රහ්මචාරීව (සෙලිබසි) සිටි අයෙක් බවත්, ඔහු විසින් යක්‍ෂණියක්‌ව සිටි ස්ත්‍රියක් ඉන් මුදවා ගත් බවත්, මිනිසෙක්‌වූ පසු, ඔහුගේ භාර්‌යාව වීමට ඇය විසින් යෝජනා කල බවත්, ඇය තාමත් එම බලාපොරොත්තුවෙන් කෝවිල අසල කන්‌ඳේ රැඳී සිටිනා බවත් හින්‌දු ජනයාගේ විශ්වාසයය.
මෙම නඩුව මෙම කෝවිලට පමණක් සීමා වූවක් නොවන බවත්, එයට ස්ත්‍රීන්ගේ සමාන අයිතිවාසිකම් වශයෙන් ඉන්‌දියාවේ ඇති වෙනත් කාරණාද ඇතුලත්‌වන බවත් උසාවියේ නිගමනයය. නිදසුණක් වශයෙන්, පාර්සි නොවන අයෙක් හා විවාහවූ පාර්සි කාන්තාවකට, ශුද්‌ධ ගින්න (ෆයර් ප්ලේස්) ඇති පල්ලියට ඇතුළු විය නොහැක; මුස්ලිම් ස්ත්‍රීන්ට පල්ලියට යා නොහැක; ඩාවූඩු බෝරාවරු ස්ත්‍රී ලිංගයේ අවශ්‍යම කුඩා කොටසක් කපා දමයි. මේ කරුණු සම්බන්‌ධයෙන් ඉන්‌දියා සුප්‍රීම් උසාවිය තීරණ රැසක් ගෙන ඇත. සමලිංගික අයිතිය පිළිගැනීම, ස්ත්‍රී පුරුෂ අනාචාරය (ඇඩල්ටරි) අපරාධ වරදක් නොවේ යයි තීරණය කිරීම උදාහරණය. නිර්‍වස්ත්‍රව (ජනාකීර්‌ණ නොවන) පාරවල ඇවිදින ජයින ආගමිකයෝ අදටත් ඉන්දියාවේ සිටී. අගමැතිනි ඉන්දිරා ගාන්‌ධි, ජයින නායකයා හමුවුනේ තිරයකින් ඔහුව වටකර ඇය ඉන් පිටත සිටය. එය මැදි පිළිවෙත හෙවත් දෙපාර්‌ශයම ජය ගැනීමක් විය.
ජල්ලිකට්ටු හා ලව් ජිහාඩ්
ලංකාවට එක නීතියක් ගෙන ඒමට සැදීමේදී වැදගත් වන තවත් ඉන්‌දියන් නිතියක් හා උසාවි තීරණයක්ද මෙහිදී සඳහන් කිරීම වටී. එකක් නම් ඇන්ටි ලව් ජිහාඩ් ලෝ වශයෙන් හැඳින්‌වෙන 2020 දී උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පාස් කල, ප්‍රොහිබිෂන් ඔෆ් අන්ලෝෆුල් කන්වර්‌සන් ඔෆ් රිලිජන් ඕඩිනන්ස් ය. අනිකුත් ප්‍රාන්තද මෙය අනුගමනය කිරීම නිසැකය. මෙවැනි නීතියක් ලංකාවේද ගෙන ඒමට 2004 දී ජාතික හෙළ උරුමය ගත් උත්සාහය කාටත් හොරාම වැළලී ගියේය. ජල්ලිකට්ටු යනු තයිපොංගල් අස්‌වනු නෙලාගන්නා කාලයේ දින හතරක් පුරා ටැමිල්නාඩුවේ පවත්‌වන, හරක් නාම්බන් මොල්ලියෙන් අල්ලා බිමදැමීමේ උත්සවයයි. මෙය ක්‍රිස්තු පූර්‍ව 400-100 කාලයේ සිට පැවත එන සිරිතක් යයි කියැවේ. මෙය සත්‌ව හිංසාවක් යයි කියන පිරිස ඊට විරුද්‌ධව පෙත්සම් ගැසුවේය. 2006 දී මැඩ්‍රාස් ඉහළ උසාවියක් විසින් මෙයට අවසර දීම ප්‍රතික්‍ෂේප කලේය. 2014 දී ඉන්දියන් සුප්‍රීම් උසාවිය එය තහනම් කලේය. මෙය තම සංස්කෘතියට හා සිරිත් වලට පටහැනියයි 2017 ජනවාරි 8-23 කාලයේ ප්‍රාන්තය පුරා විරෝධතා රැළි පැතිර ගියේය. මේ නිසා ටැමිල්නාඩ් ආණ්ඩුව 2017 ජනවාරි 23 එය නීතිගත කරමින් නීතියක් පාස් කලේය.
කාලි අම්මා කෝවිල් වලට සිංහල බෞද්‌ධයින්ද යන නමුත් ඔවුන් එහිදී බිලිපූජා කරන්නේ නැත. එහෙත් දමිළ හින්‌දූන් විසින් මුන්නේෂ්වරන් ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේ වාර්‌ෂිකව එළුවන්, කුකුළන් (හාවුන්?) බිලි දෙන්නේය. මෙම සත්‌ව ඝාතන නතර කරණ ලෙස දිස්ත්‍රික් උසාවියෙන් තාවකාලික තහනම් නියෝගයක් දී තිබුණත්, පොලිසියට සතුන් මුදා හැරීමේ ක්‍රියාව ප්‍රායෝගිකව සිදු කලේ 2011 සැප්තැම්බර් 13 දා මර්වින් සිල්වා ඇමති විසිනි. දැන් එහි සත්‌ව බිලි පූජා නැත! ඔහුට පෙර එය කිරීමට ශක්තියක් තිබූ දේශපාලක පංචස්කන්‌ධයක් නොවීය.
හින්දි භාෂාව ඉන්‌දියාවේ භාෂාව කිරීම
ජල්ලිකට්ටු හෙවත් ගවයාගේ අංදෙකේ බැඳි සල්ලි තෑග්ග (සල්ලි කට්ටු) රඟයේදී දෙහි ඇඹුල් හා මිරිස් කුඩු ගවයාගේ ඇස්‌වල හා ලිංගේන්ද්‍රියේ ගානවා යයි චෝදනා එල්ල විය. මෙය කරන්නේ පැටව් බෝ කිරීමේ කාරියට සුදුසු නාම්බන් තෝරා ගැනීමට හා ගම්වල තරුණයින්ගේ කායික වර්‌ධනය සඳහා යයි ඊට පක්‍ෂ අය කියා සිටියේය. සුප්‍රිම් උසාවිය 2017 දී මේ ගැන නැවත ගෙනා පෙත්සම ප්‍රතික්‍ෂේප කලේය. එහෙත් සත්‌ව අවිහිංසා සංවිධාන තවමත් තම සටන අතහැර දමා නැත. දැන් 2020 දී ඔවුන් ටැමිල්නාඩ් මහ ඇමතිට මේ ගැන පෙත්සම් යවමින් සිටී. මේ ජල්ලි කට්ටුවට පක්‍ෂ අයගේ ජයග්‍රහණය නැවත මතක් කල අවස්ථාවූයේ මෝඩිගේ ආණ්ඩුව යටතේ හින්‌දූත්‌වය නඟාලීමේ ව්‍යාපාරයේදීය. ඉන්‌දියාව ලෝකයේ පෙනී සිටිය යුතු හින්‌දු භාෂාව මඟින් එක හඬකින් යයි ගෙනා යෝජනාවට බලවත්ම විරෝධය ආවේ 1960 ගණන්වල සිටම හින්‌දි විරෝධී ටැමිල්නාඩ් දේශපාලකයින් ය. ඔවුන් හින්‌දි වලට වඩා ඉංග්‍රීසියට කැමතිය! මෙම මෝඩි අදහස ඉදිරියට ගෙනාවොත් ජල්ලිකට්ටු වැනි ජන විරෝධයක් ගේනවායයි කමල් හසන්, රජිණි කාන්ත් වැනි දේශපාලකයින් කියා සිටියේය. එහෙත්, ජම්මු-කාශ්මීරය යූනියන් ප්‍රදේශයක් කලා මෙන්, මෙහිදීද, දිල්ලි ආණ්ඩුව වෙනත් උපක්‍රම අත්‌හැර දමා නැත.
ඉන්‌දියාව හා ලංකාවේ හින්‌දු වෙල්ලාලයින්
ඉන්‌දියාවේ ස්ත්‍රීන් මුහුණ පානා හිරිහැර වලට කිට්ටුවෙන් යන්නේ, අදටත් උතුරේ දමිළ ජනයා අතර ඇති උග්‍ර කුලභේදය ය (පන්සල් වල මෙන්ම කෝවිල් වලද මෙන්සස් ප්‍රශ්ණයක් නැත. ඒවාට යෑම හෝ නොයෑම යම් ස්ත්‍රියක් විසින් ගන්නා පුද්ගලික තීරණයකි). පහත් යයි සළකන ජනයාට යාපනයේ වෙල්ලාල ළිදකින් වතුර ගැනීමටවත් ඉඩ නොදේ. ප්‍රභාකරන්ට එය බලෙන් ටික කලකට නතර කල හැකිවූවා පමණය. මැත් ප්‍රොපෙසර් සුන්දරලිංගම් කෝවිල් වලට මේ <පහල කුලවල> ජනයාට ඒමට ඉඩ නොදී සටන් කලේ, ඔහුගේම මැත් ශිෂ්‍යයෙක්ව සිටි දෙමළ පොලිස් නිලධාරියා සමගය. ඒ නිසා කෝවිල කිලිටි (පොලූට්) වෙනවාය කියාය. (අනිත් අතට මොහු ඩොනමෝර් තනිකර සිංහල අමාත්‍ය මණ්ඩලයක් සඳහා ගණිත සූත්‍රයද සදා දුන්නේය). ලංකාවේ රනිල්ද ඇතුළු දේශපාලකයින් තුලාබර බාරය සඳහා පාත්‌වන ඉන්දියාවේ තිරුපති කෝවිලට, ක්‍රිස්තියානි හෝ මුස්ලිමෙක් ගිය බව යම් ලෙසකින් දැනගත්තොත් එය වහාම යාග කර්‌මයක් කර හෝදනවා, පිරිසිදු කරණවා වැනිය. ක්‍රිස්තියානි පල්ලියේදී හා පාසැලේදී මොවුන් ඉඳගත්තේ පුටුවල හෝ බංකුවල නොව බිමය (මේ ජනයා දෙමළට හැරවුණු සිංහල ජනයා කියාද මතයක් තිබේ). 1957 අප්‍රේල් 13 දා ලංකාවේ, ප්‍රිවෙන්ෂන් ඔෆ් සෝසියල් ඩිසැබිලිටීස් ඇක්ට් යනුවෙන් නීතියක් පැණවූයේ මීට විරුද්‌ධවය (ජේන් රසල්ගේ ඩොනමෝර් කාලයේ ජාතිවාදී දේශපාලනය ගැන කල ආචාර්ය උපාධි නිබන්‌ධනයේ, පහත් කුලයේ ජනයා ඉන්නා ප්‍රදේශ වලට වගුරු බිම් උඩින් පාලම් දැමීමේ ව්‍යපෘතිවලට වෙල්ලාලයින් විරුද්‌ධවූ අන්දම සඳහන් කර ඇත).
තේසවලමෙයි/මුක්කුවා නීති
1707 දී ලන්දේසින් විසින් යාපනේ මලබාර් පදිංචිකරුවන්ගේ (ඉන්හැබිටන්ටස්) සිරිත් ලේඛනගත කරණ ලදී. 1806 දී එයට නීතිමය බලයක් ලබා දෙන ලදී. එය බලපාන්නේ උතුරු පලාතේ පදිංචි දමිළ වැසියන්ටය. එය ඔවුන්ගේ දේපල, උරුමය හා විවාහ වලට අදාලය. තේසවලමෙයි සිරිත් නීතිය අනුව, උතුරේ ඉඩම් දෙමළ ජනයාගෙන් පිටතට යෑම සීමාවී තිබේ. ඊට අමතරව, 1911 යාපනයේ විවාහ අයිතීන් හා උරුම පිළිඹඳ නීතියේ 6 වගන්තිය අනුව බිරිඳට, සිය ස්වාමිපුරුෂයාගේ කැමැත්ත හා ලිඛිත අනුමැතිය නැතිව නිශ්චල/චංචල දේපල විකිණීම, මරුකිරීම වැනි දේ කල නොහැකිය. මඩකලපු දිස්ත්‍රික්කයේ දමිළ පදිංචිකරුවන්ගේ සිරිත් ඇතුලත් මුක්කුවා නීතියද 1707 දී ලේඛන ගත කරණ ලදී. එයද දේපල උරුමය හා විවාහ සම්බන්‌ධවය. 1952 දී පැනවූ උඩරට විවාහ හා දික්කසාද නීතියක්ද ඇතත්, පහතරට-උඩරට මිශ්‍ර විවාහ නිසා එයට එතරම් වැදගත් කමක් නැත.
ගෝඨා – භය (එක රටක්-එක නීතියක්)
මෙම ලිපියේ 1 කොටසේදීද සඳහන් කල අයුරු, මෙම කරුණු සිංහල පාඨකයින්ට ලිවීමට මට සිතුනේ, 1931 න් පසුව ප්‍රථම වරට කයිරාටික වංක දේශපාලකයෙක් නොවන නිලධාරියෙකුට රටේ සිංහල බෞද්‌ධ ජනතාව බලය ලබා දුන්නත්, ඔහුගේ ක්‍රියා දියාරු කිරීමේලා සතුරු බලවේග එලිපිට උඩිනුත්, මිතුරන් ලෙස පෙනී සිටිනා හතුරු බලවේග හෙමින්සීරුවේ දිය යටිනුත්, ක්‍රියාකරමින් සිටින බව මේ වන විට රටට පැහැදිලි වෙමින් යන නිසාය. 2006 දෙසැම්බර් 1 දා ගෝඨාභය ඝාතනයට කල උත්සාහයේ සිට දැන් 2020 අග, සජිත්ලා-කිරිැල්ලේලා අරඹා ඇති -ගෝටා ෆේල්, සිරිසේන මීට වඩා හොඳයි- යන ව්‍යපෘතිය විශාල ජාත්‍යන්තර ව්‍යාපාරයක අළුත්ම මුහුණතය. මීට වඩා භයානක, රටේ තිබෙන්නේ සිංහල බෞද්‌ධ ආණ්ඩුවක් (ගවර්‌මන්ට්) නොවේ යන අද්භූත කතාවය. 1815 න් පසුව සිටම මෙතෙක් රටේ එවැනි ආණ්ඩුවක් නොතිබුණු බව, 2012 මැයි මස ආරම්භවූ බොදු බල සේනාව විසින් සක්සුදක්සේ එලිකලේය. සිංහල බෞද්‌ධයාට දේශපාලක කළු සුද්දන් 1948 සිටම කලේ <හිත හොඳ ගෑණුන්සේ සැළකීමය>
2019 දී සිංහල බෞද්‌ධ ජනයා ඉල්ලා සිටියේ ක්‍රිස්තියානි සුද්දන් හා ඩොනමෝර් බෞද්‌ධ කළුසුද්දන් විසින් සිංහලයාට අහිමිකල අයිතීන් <සිංහල බෞද්‌ධ රජයක්> විසින් ආපසු ලබාදෙන ලෙසය. ඉස්ලාම් රටවල මෙන් බුද්ධාගම රාජ්‍යාගම කර සෙසු ලබ්‌ධි වලට හිරිහැර කිරීමක් නොවේ. 1815 ට පෙර තිබූ සිංහල බෞද්‌ධ රාජ්‍ය එසේ කලේ ඔවුන්ට වෙනස්කම් කලේනැත. භික්‍ෂුවකව සිට සිවුරු හැර දමා රට බේරා ගන්නට ඉදිරිපත්‌වූ සෙනරත් රජතුමා මුස්ලිම් ජනයාට පෘතුගීසි සමූල ඝාතනයෙන් බේරීම සඳහා මඩකලපුවේත්, ඉන් පසුව උඩරට රජු ලන්දේසීන් කතෝලිකයින් මරණ විට ඔවුන්ට උඩරට පදිංචිවීමට ඉඩ දුන්නේත් ඒ නිසාය.
ප්‍රේමදාසගේ සිට සිරිසේන දක්‌වා හැම ජනාධිපතිලා, අගමැතිලාම මුස්ලිම් චන්ද පෙරේතයින් විය. 1960 මුල සිට සිදුවූ තවත් දෙයක් නම් පෙඩරල්කාරයින්ගේ චන්ද ලබාගෙන පාර්ලිමේන්තු අගමැතිවීමේ උත්සාහය හා උපායය. ඒ කාලයේදී පෙඩරල් ක්‍රමයට විරුද්‌ධව නැඟෙනහිර මුස්ලිම් නායකයින් සිංහල ආණ්ඩුවලට එකතුවූයේ, දමිළීකරණය වීමේ උවදුරෙන් ගැලවීමට මිස සිංහල මරික්කාර්ලා වීමට නොවේ. ඔවුන්ගේ අනන්‍යතාවය රැකගැනීම සඳහා නොයෙක් නීති සහන ඔවුන් ලබාගත්තේය. දුර්‌වල, දීන සිංහල කළුසුද්දන් රවටමින් ගෙන ගිය මේ ව්‍යාපාරය, මේ වන විට අල්ටකියා (කපටිකම), අල් ජිහාඩ් (භීෂණය), අල්කයිඩා (ඝාතනය) යනුවෙන් ලංකාවේ පාර්ලිමේන්තුව තුලමත් ක්‍රියාත්‌මක වන්නේ විග්නේෂ්වරන්ලාගේ, ගජේන්ද්‍ර පොන්නම්බලම්ලාගේ හා ක්‍රිස්තියානි සුමන්තිරන්ලාගේ කෙඳිරිලි අස්සේය. කාදිනල්තුමා හැරෙන්නට ශාරියා නීතියට හා මඩකලපුවේ හොර ශාරියා විශ්ව විද්‍යාලය ලෝකයටම ශාරියා පතුරුවන බලකොටුවක් වීමට විරුද්‌ධව කතාකරන්නට ගෝඨාභයගේ කලිසමේ එල්ලී චන්දය දිනාගත් මන්ත්‍රී පුළුටු නිහඬය (සිලෝන් ටුඩේ, 4/12/2020). එක අතකින් බලන විට මොවුන්ට මේවා තේරුම් ගැනීමට ඥානයක්, දැණුමක් නැතුවාද විය හැකිය.
ජනාධිපති ගෝඨාභයට විරුද්‌ධව ඇති දේශීය හා විදේශීය තර්‍ජන පරාද කල හැක්කේ බෞද්‌ධ මතවාදයක් මත ගන්නා ක්‍රියා වලින්‌ය. මෙහිදී දැනට ඔහුට සිටින ලඟම හස්තය ඇමති සරත් වීරසේකරය. 2009 මැයි 19 දා කලයුතුව තිබුණේ යුද ආඥාවකින් 13-ඒ අහෝසි කර, චන්ද්‍රිකා පත්කල 1999 පලාත් පාලන කොමිෂන් සභා වාර්‌තාවේ නිර්දේශ (අභයවර්‌ධන රිපෝට්) අනුව යමින්, 1977 ට පෙර තිබූ පලාත් පාලන සභා ක්‍රමය නැවත සක්‍රීය කිරීමය. ඇමති සරත් වීරසේකර දැන් කියන්නේ එදා ටී.එන්.ඒ. එක තහනම් කලයුතුව තිබූ බවය (පාර්ලිමේන්තු විවාද 3/12/2020). මෙසේ කීමට ආත්ම ශක්තිය ඔහුට තිබෙන්නේ, ඔහු 19-ඒ ට විරුද්‌ධව චන්දය දුන් එකම සිංහලයා වීම නිසා නොව, ඔහු අවංක සිංහල බෞද්‌ධ රෙයාර් අද්මිරාල් කෙනෙක්‌වූද නිසාය. හමුදා නිල ඇඳුමෙන් සිටි ඔහුගේ පුතා ඔහු ඇමති ලෙස දිවුරුම් දුන් අවස්ථාවේ ඔහුව බදාගැනීම වරදක් ලෙස සරත් ෆොන්සේකාට පේන්නේ ෆොන්සේකාට පුතෙක් නැති නිසා විය හැකිය. කුරෝළුවූ බෞද්‌ධයින්ට මිස මෙහි වරදක් සිංහල පංචස්කන්‌ධ වලට නොදැනේ. ඇමෙරිකාවේ පුත්තු පියාට ආමන්ත්‍රණය කරන්නේ ජෝන්, චාලි, ඩික්, හෙන්‍රි, ජේම්ස් යනුවෙන්‌ය. විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් තම ප්‍රොපෙසර්‌ට කතා කරන්නෙත් එසේය. එහෙත් ලංකාවේ බෞද්‌ධ, හින්දු හෝ ක්‍රිස්තියානි හමුදා සෙබලෙකුට, තම පියා කොතැනදීත් පියාමය. එය වෙනස් වන්නේ සටන් බිමේදී පමණය.
මීළඟ කොටස
අංගුලිමාල-නාලාගිරි-උපසේන දමණය…
December 6th, 2020 at 2:01 am
Dr. C. Wije,
I believe the following statement by BBS is 100% true:
“1815 න් පසුව සිටම මෙතෙක් රටේ එවැනි ආණ්ඩුවක් නොතිබුණු බව, 2012 මැයි මස ආරම්භවූ බොදු බල සේනාව විසින් සක්සුදක්සේ එලිකලේය. සිංහල බෞද්‌ධයාට දේශපාලක කළු සුද්දන් 1948 සිටම කලේ ”
Perhaps it should be corrected as starting from 1604.
One more thing:
The “hitha honda genu” apparently had been our problem throughout the history starting from “Unmada Chittra”.
As pointed out by Prof. Raj Somadeva and confirmed by another famous historian lady by the name Goonatilleke the Viharamaha devi story apparently is not what the people believe. She was supposed to have had an affair with a monk and he was put in a pot of oil and boiled alive by her father, the Kalani king. This story is recorded somewhere in the temple of a South East Asian country according to the lady mentioned above.
Dona Catherina ( Kusumasa Devi) became the wife of an Indonesian monk by the name Adahasin ( aka Senarath) and became a Sinhala king. Perhaps that too is because of her being ‘hitha honda’ and eliminating the ruling king strategically. And he brought his deposed people by Holanders from Batavia and gave shelter in the east. Dona Catherina lived a miserable life after the Indon took power and died at the age of just 35. No mention of the age of her former husband’s age anywhere. He too may have died very young in 1604 after defeating the Portuguese comprehensively in 1602.
Then lastly, SWRD had to die because of a “huta pata” between the chief monk at Kelaniya Raja Maha viharaya and his powerful woman minister.
These are all things that changed the course of the history of our country because of that particular type of women, I believe. May be someone can correct me.
Our Sinhalas want to believe otherwise and say we have had a 2600 year of proud history. The one about Viharamaha Devi is according to our Prof. Somadeva who has had a recent conversation with a set of Colombo people.