ජනාධිපතිවරණ රැළි වාර්තා කිරීම ගැන මාධ්‍යයට මැ.කෝ. ගෙන් දැනුම් දීමක්

September 18th, 2024

උපුටා ගැන්ම  හිරු පුවත්

2024 ජනාධිපතිවරණය සඳහා වූ සියලුම ප්‍රචාරක රැස්වීම් අද (18) මධ්‍යම රාත්‍රි 12.00 ට අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව එම රැස්වීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් විකාශය කිරීම හෙට (19) දහවල් 12.00 න් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියා.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නිකුත් කරන ලද මාධ්‍ය උපමානයන්ට අනුව අදින් අවසන් කෙරෙන ප්‍රචාරක රැස්වීම්වලට අදාල දර්ශන ,ඡායාරූප සහ විස්තර අද දින රාත්‍රි සහ හෙට දහවල් 12.00 ප්‍රවෘත්ති විකාශවල මෙන්ම හෙට දින උදෑසන ප්‍රවෘත්ති පත්‍රවල පමණක් විකාශය කිරීම හා පළකිරීම කළ හැකි බවය.

ඒ අනුව හෙට දහවල් 12.00 න් පසුව ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීම්වල වාර්තා මෙන්ම ප්‍රචාරක දැන්වීම් පළ නොකරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී සිටිනවා.

මෙම නියමයන් රූපවාහිනී , පුවත්පත් ආයතනවල හා සෙසු සියලුම සමාජ මාධ්‍ය සඳහාද අදාල බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර සිටියා.

රේගුවට ඇති බදු හිඟය ගැන අනුර කිව්වේ බොරු

September 18th, 2024

උපුටා ගැන්ම  හිරු පුවත්

ජාතික ජන බලවේගය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකා රේගුවට රුපියල් ට්‍රිලියන 1.1ක බඳු හිඟයක් නැති බවත් එකතු කිරීමට ඇති හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 58ක් පමණක් බවත් ශ්‍රී ලංකා රේගුව සඳහන් කරන බවට දිවයිනේ ප්‍රධාන පුවත්පතක් වාර්තාකොට සිටිනවා.

එම රුපියල් බිලියන 58කට ආසන්න හිඟ බදුවලින් එක් පුද්ගලික සමාගමකින් හැරුණුකොට සෙසු හිඟ බදු ප්‍රමාණයක් එකතු කර ගැනීමට ඇත්තේ රාජ්‍ය ආයතන 37කින් බව රේගුව සඳහන් කරන බවයි වාර්තා වෙන්නේ.

ශ්‍රී ලංකා රේගුවේ 2024 වසරේ අපේක්ෂිත ආදායම් ඉලක්කය වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තහවුරු කර ඇත්තේ රුපියල් බිලියන 1534ක්.

නමුත් 2024 වසරේ මුල් මාස 08 අවසන් වන විට රුපියල් බිලියන 1000ක ආදායම් ඉලක්කයක් ළඟා කර ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත්වූ බවත් එය ඉතිහාසයේ ඉහළම ආදායම බවත් ඉදිරි මාස 04 තුළ වසරේ අපේක්ෂිත ඉලක්කය වෙත ළඟා විය හැකි බවයි රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් පවසා සිටියේ.

ශ්‍රී ලංකා රේගුව මෙයට පෙර ඉතිහාසයේ ඉහළම ආදායම් වාර්තාවක් හිමිකරගෙන ඇත්තේ 2023 වසරේදී වන අතර එම වසරේ සමස්ත රේගු ආදායම රුපියල් බිලියන 975ක්.

ශ්‍රී ලංකා රේගුවට රුපියල් ට්‍රිලියන 1.1ක හිඟ බදු මුදලක් ඇති බව ජාතික ජන බලවේගය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සඳහන් කරනු ලැබුවේ පෙරේදා (16) පෞද්ගලික රූපවාහිනී ආයතනයක පැවති වැඩසටහනකට සහභාගි වෙමින්.

Alternative is self sufficiency and BRICS

September 17th, 2024

Prof. N.A.de S. Amaratunga

If we go along the path we have been following upto now adhereing to the IMF conditions we may have to boost up our dollar earning capacity at least to USD 25 billion by 2028 in order to be able to pay 15% interest on foreign loans and capital recovery with a looming reduction of the hair cut” as well. To increase our exports we may have to import more for which we we may have to take more loans. On the other hand if we increase our income which we have to do in any case the interest on foreign loans will go up to 15% and the hair cut” will be pruned. Heads we lose and tails they win! These are the conditions of the agreement entered into with our creditors mediated by the IMF. This is a tall order requiring us to increase our exports at a a rate never achieved in the past and paradoxically there is a huge penalty” when we do that. Even if we achieve this unrealistic goal we are already entangled in a system of debt from which it may not be possible to come out in the forseable future. What is worse is the impact all this will have on the poor, already the poverty rate is 26% and a further rise may result in food riots and social unrest.

I have dealt with self-sufficiency which could be a solution to this problem in my earlier letter titled Answer is self-sufficiency in food and energy” which appeared in these columns a few days ago. There is no need to repeat what I had said in that article here. My intention in this article is mainly to draw the readers attention to the growing possibilty of an alternative to the present neo-liberal global economic order controlled by its currency the dollar and related currencies. The BRICS is increasingly becoming the true friend” of the global South. And more and more countries are joining the association mainly as an insurance against the dictates, hegemony and dollar monopoly of the western powers. Saudi Arabia, a country which is a staunch US ally has applied for membership and so has several African, South East Asian and South American countries. Iran, Egypt and South East Asian giants would make BRICS a formidable group. Their main concern would be the inequitable world order under the hegemony of the western powers. They have the honourable intention of helping the under developed countries to extricate themselves from the trap woven by the neo-liberal forces in whose hands the IMF appeares to be a tool. They have the intention of extending a hand without asking in return what the poor countries are incapable of giving.

The IMF deal that Sri Lanka has entered into is unfairly favourable to the creditors. Our poor people will get poorer and will have to exist on a pittance if we follow this path without substancial changes that would give the government some freedom to increase public spending and give some relief to the poor. Whether the IMF would allow that is very doubtful. They will not agree to change the terms and conditions related to the financial aspect of the agreement particularly regarding interest rates and haircut”. The government will have two huge problems in its hands; increasing poverty and increasing debt. Well these were the two main problems that the country had since 1970s when neo-liberalism took over and there had never been a respite. And this is the experience of most of the developing countries. Neo-liberalism which is the zenith of capitalism and depends heavily on the trickle-down effect for the sustenance of the poor seems to believe that richer the rich gets greater will be the trickle, but this has not happened, on the contrary the inequality has worsened everywhere.

Obviously the world needs a people oriented new order and the global south seems to have realized this and are working towards it. BRICS is just one outcome of that effort. Five new countries have joined the organization and its economic performance in terms of purchasing power parity is shown in the graph below. Apparently BRICS+ as it is now known has overtaken the G7 countries by 2021 and has the potential to be the dominant political and economic block in the future. In the least it may have the capacity to challenge the political, financial and other sanctions of the western powers and pressure them to mend their ways.

Several countries have already been benefitted by being members of BRICS and Sri Lanka  could negotiate with them for bilateral trade on better terms, assistance in achieving self-suufficiency in food and energy and getting soft loans to alleviate poverty.

Prof. N.A.de S. Amaratunga

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරැද්දක් නිවැරදි කිරීමට ගෙනා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කළාට පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළේ ව්‍යවස්ථා වැරදි කළ අය එළිදරව්වන නිසාද?

September 17th, 2024

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col)

1. 2015 ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනා අවස්ථාවේ එක් නීති විශාරදයෙකුගේ අතපසුවීමක් හේතුවෙන් ජනතාවගෙන් සමාව ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 ජූලි 19 දින ගාල්ල අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ උත්සව අවස්ථාවේදී පියවර ගත්තේය.

2. ඒ වන විට 2015 ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා එම නඩු විශාල නඩු ගාස්තු වලට යටත්කර ප්‍රතික්ෂේප කර තිබුණි.

3. එසේම 2015 ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඇති වූ නීතිමය වැරැද්ද නිවැරදි කිරීමට 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතිපතිවරයාගේ අනුමැතිය ලැබ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ 2024 ජූලි 18 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ පළ කර තිබුණි.

4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට 2002 දී ජනමතවිචාරණයක් අවශ්‍ය වීමත්, 2015 දී ජනමතවිචාරණයක් නොමැතිව සංශෝධනය කර ගැනීමේත් එකිනෙක පටහැනි තත්ත්වය ගැන සමාජයේ පැවති කතිකාව නැවත ආරම්භ විය.

5. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමේදී නීති විශාරදයන් කිහිප දෙනෙකු සිදුකරන අතපසුවීම් සහ වැරදි සාක්ෂි සහිතව එළිදරව් වීම 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පෙන්නුම් කළේය.

6. නීතිපතිවරයාගේ අනුමැතිය ලැබ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ 2024 ජූලි 18 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ පළ කළ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නම් එම සංශෝධනයට මුල් වූ 2015 ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී වැරදි කළ නීති විශාරදයන් කවුද යන්න එළිදරව්වන අතර, එය වැළැක්වීමේ අරමුණෙන් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කළාට පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ බවට නීතිය පිළිබඳ උනන්දුව ඇති අයගේ අවධානය යොමු විය.

7.  නැවත ඉදිරියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් ගෙන එන පළමු අවස්ථාවේදී 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් නිවැරදි කිරීමට යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ පවතින වැරැද්ද නිවැරදි කිරීමේ ව්‍යවස්ථාපිත යුතුකම නීතිපතිවරයාට පැවරේ.

8. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ පවතින වැරැද්ද නිවැරදි කිරීමේ ව්‍යවස්ථාපිත යුතුකම නීතිපතිවරයා වෙත පැවරෙන තත්ත්වයකදී එකී වැරැද්ද නිවැරදි කිරීමට යාමෙන් නීති ක්ෂේත්‍රයේ කිහිප දෙනෙකුගේ වැරදි එළිදරව්වන  හෙයින් නැවත ඉදිරියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් නොවී අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනවිත් 2015දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේදී සිදුකළ වැරදි යටපත් කිරීමට කටයුතු සිදුවිය හැකි අතර ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් සිටිය යුතුය.

(නීතීඥ අරුණ ලක්සිරි උණවටුන සිය 11 වන නීති කෘතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනයට 2002 ජනමතවිචාරණයක් අවශ්‍ය වීම, 2015 ජනමතවිචාරණයක් අවශ්‍ය නොවීම, සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම සහ අධිකරණ තිරණ අනුගම්‍ය පූර්වාදර්ශය” (ISBN 978-955-38965-6-8)
(A referendum being required to amend Article 70 of the constitution in 2002, a referendum not being required in 2015, right to equaluty and Judicial Precedent.*)
එළි දක්වන ලද 2024.09.07 දින උත්සවයේදී.)

http://neethiyalk.blogspot.com/2024/09/22_17.html?m=1

(කෘතිය ලබා ගැනීමට විමසන්න. දුරකථන 0712063394)

The Rise of Neocons: How and Why They’re So Successful

September 17th, 2024

Tucker Carlson Network

Watch the full conversation here:    • Jeffrey Sachs: The Untold History of …  

අවසන් ජන රැලිවලට බස්රථ 1500ක්… රුපියල් කෝටි 200ක්..

September 17th, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රචාරක රැළි සඳහා රුපියල් කෝටි 200 කට වැඩි මුදලක් වැයකර බස් රථ ලබාගෙන ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

මෙලෙස බස් රථ ලබාදීම හරහා රුපියල් කෝටි 100 කට ආසන්න ලාභයක් හිමිව ඇතිබව පැවසීය.

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු අද (18) දිනයේ දී පැවැත්වෙන අවසාන ජන රැළි සඳහා එක් එක් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් බස් රථ 1500ක් පමණ මේවන විට ඉල්ලුම් කර තිබේ.

වැඩිම බස්රථ ප්‍රමාණයක් ජාතික ජන බලවේගය විසින් ලබා ගෙන ඇතිබව සභාපතිවරයා පැවසීය.

මේ අතර මැතිවරණ රාජකාරී සඳහා බස්රථ 500 කට ආසන්න ප්‍රමාණයක් ලංකාව පුරා යොදවා තිබේ.

ලබන 20 වැනිදා 50% බස්රථ ධාවනයක් රට පුරා සිදුවන බව වැඩිදුරටත් පැවසීය.

මැතිවරණය පැවැත්වෙන 21 වන දින 10%ත් 15%ත් අතර ප්‍රමාණයක් බස්රථ ධාවනය සඳහා එක්කරන බව පැවසීය.

දුර ගමන් සේවා බස් රථවල විශාල අඩුවක් එදින සිදුවනු ඇතිබව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

Voting for Sajith, Namal will ultimately help Anura: Ranil

September 17th, 2024

Courtesy The Daily Mirror

Colombo, September 17 (Daily Mirror)- If you vote for either Sajith Premadasa or Namal Rajapaksa, it will ultimately help NPP candidate Anura Kumara Dissanayake, independent candidate Ranil Wickremesinghe said today. 

Speaking during a rally in Minuwangoda, Wickremesinghe said people should vote intelligently at this year’s Presidential election.

Vehicle assembly plant declared open in Kuliyapitiya; first vehicle to enter market by month-end

September 17th, 2024

Courtesy Adaderana

President Ranil Wickremesinghe today (17) inaugurated the Western Automobile Assembly Private Limited (WAA) vehicle assembly plant in Kuliyapitiya, marking a significant milestone in the country’s automotive industry. 

This $27 million facility is now the largest vehicle assembly plant in South Asia, according to the President’s Media Division.

The first vehicle to be assembled at the factory, a 15-seater passenger van, is expected to enter the market by the end of the month. The factory, equipped with cutting-edge machinery designed by global automotive experts, will generate both direct and indirect employment opportunities for local youth, the PMD said. 

In line with international industry standards, the facility also houses a vocational training institute, offering young people the chance to gain skills that will qualify them for overseas job opportunities.

During the ceremony, President Wickremesinghe unveiled a commemorative plaque and toured the factory, engaging in friendly conversation with staff.

In his speech, the President emphasized that no one will be allowed to obstruct projects vital to strengthening the national economy, despite protests. 

He also noted that although the Western Automobile Factory was initiated in 2015, it lacked the necessary support for timely completion.

President Ranil Wickremesinghe emphasized that his administration is committed to advancing development projects that will benefit the country, noting that significant job opportunities for youth were lost due to the 10-year delay in completing this project, which was initially expected to be finished in two years. 

He highlighted that the new factory will not only boost the local economy of Kuliyapitiya but also strengthen the national economy.

In his speech at the ceremony, the President stated:

We approved the establishment of this factory in 2015, but it faced significant opposition and protests. Investigations were even conducted in Parliament. The project, which was scheduled to launch in 2019, was delayed due to the impacts of COVID-19 and the economic crisis.

After assuming the presidency, I made the decision to restart all these stalled projects. Today, we have finally commenced operations at the Western Automobile Company. This factory has the capacity to produce 50,000 vehicles annually, which will strengthen our export sector.

Although the project was intended to be completed within two years, it took a decade. Many opposed it, focusing on political agendas rather than the country’s progress. This delay has cost us the opportunity to create numerous jobs. I am determined not to allow such setbacks in the future.

I am committed to taking this country forward by properly implementing these development programs. This factory marks just one step in the broader development of Kuliyapitiya. With its opening, we begin the journey of growth for this region. We are creating a 1,000-acre investment zone in Bingiriya, and 500 acres have been allocated in Iranavila for a tourism zone. These areas will become hubs for both tourism and production.

As we create new job opportunities, the demand for skilled workers will grow. To meet this, we plan to increase the number of engineers and skilled professionals. We’re establishing the Faculty of Engineering at Kurunegala University to ensure that we keep pace with the demands of the 21st century. We cannot afford to fall behind.

European companies are now joining Chinese companies in investing in these projects. They will remain engaged as we work through the process of officially exiting bankruptcy. We have had extensive discussions with the International Monetary Fund, the World Bank, the Asian Development Bank, and the 18 countries that have lent to Sri Lanka. We’re now in the final stages of negotiations with private contractors, and we are progressing according to these agreements.

I am determined to make the North West a hub of development, similar to the growth we’ve seen in Gampaha. This factory is just the beginning of that effort. I want to thank everyone involved, and I believe this company will play a vital role in strengthening our economy.”

–PMD–

Western-Automobile-Assembly-Private-Limited-10
Western-Automobile-Assembly-Private-Limited-07
Western-Automobile-Assembly-Private-Limited-03
Western-Automobile-Assembly-Private-Limited-13
Western-Automobile-Assembly-Private-Limited-05
Western-Automobile-Assembly-Private-Limited-09

ජනපති අනුරටයි සජිත්ටයි දුන්න තනතුරු

September 17th, 2024

ITN News

ඔන්න කිව්වා වගේම මම වැඩේ කළා හරි..හොඳයි එහෙනම් අපි කැබ් එකේ රවුමක් යමු

September 17th, 2024

VFM RADIO 107

රනිල් – නාමල් එකතු වෙයිද ?… “අපි ඔක්කොම එකතුවෙලා ජයගමු” – මට වරමක් දෙන්න…ඒක කරන්නම්…

September 17th, 2024

වැල්පාලම ටිකක් හෙලවෙනවා | ජනපතිගෙන් අනතුරු ඇඟවීමක් – සජිත්ට සැරටම නෙලයි

September 17th, 2024

සෙනසුරු ග්‍රහයා චන්දේ දවසේ රනිල්ට කරන්න යන දේ.

September 17th, 2024

Secret TV

In this comprehensive video, we dive into the intricacies of the 2024 Sri Lankan presidential election. From the key candidates and their platforms to the major issues shaping the campaign, we cover it all. Discover the political landscape of Sri Lanka as we analyze the candidates’ policies, their historical backgrounds, and their potential impact on the nation’s future. Key Topics Covered: Introduction to the Candidates – Who are the main contenders for the presidency? We provide detailed profiles on each candidate, including their political experience and proposed agendas. Major Election Issues – What are the pressing issues influencing this election? We discuss economic challenges, social concerns, and national security topics that are central to the candidates’ platforms. Electoral Process – How does the presidential election process work in Sri Lanka? We explain the voting system, key dates, and what to expect on election day. Political Parties and Alliances – An overview of the major political parties and their alliances, and how these affiliations impact the election dynamics. Public Opinion and Polls – We analyze recent opinion polls and public sentiment to gauge the likely outcomes of the election. Impact on Sri Lanka’s Future – How could the election results influence Sri Lanka’s economic and political landscape? We explore potential scenarios and their implications for the country. Join us for an in-depth look at this crucial event in Sri Lankan politics. Stay informed and understand the stakes of the 2024 presidential election!

බර අඩුකරන්න බලය ඉල්ලන රනිල් “ලිස්සන්න පුළුවන්…මාලදිවයින වගේ”

September 17th, 2024

පිරිබාහරන් හැදුවේ රට දෙකකට කඩන්න… අනුර කුමරුගේ උත්සාහය රට නවයකට කඩන්න – අනුර ඔරුමිත්තනාඩුවට පණ දෙන හැටි ගම්මන්පිල හෙළිකරයි (වීඩියෝ)

September 16th, 2024

‍2015 දී ගෙන ආ නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමය ඉදිරියට ගෙන යන බව අනුර කුමාර දිසානායක මහතා සිය මැතිවරණ ප්‍රකාශනයේ 230 පිටුවේ සදහන් කර ඇති අතර මෙරට ඔරුමිත්තනාඩුවක් ලෙස හදුන්වන, බුදු දහමට ලබා දෙන ප්‍රමුඛස්ථානය ඉවත් කර ශ්‍රී  ලංකාව නිරාගමික රාජ්‍යයක් කිරීමේ වැඩ පිළිවෙල අන්තර්ගත වන්නේ 2015 මෙම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමය තුල බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ බණ්ඩාරගම නගරයේ පැවති සර්වජන බලය ජනපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ මැතිවරණ රැළියකට එක්වෙමිනි.

පිවිතුරු හෙළ උරුමයේ නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

දේශපාලන තාච්චි පැනිල්ල

පුංචි කාලයේ අපි තාච්චි පනිනවා කියලා ක්‍රීඩාවක් කළා. ඒකේ තමන්ගේ පැත්ත කියලා නෑ. ඒ පැත්තෙන් මේ පැත්තටත් පනිනවා. මේ පැත්තෙන් ඒ පැත්තටත් පනිනවා. දැන් ඔන්න දේශපාලනේ තාච්චි පැනීමක් පටන් අරන්. තලතා සජිත්ගේ පැත්තෙන් රනිල්ගේ පැත්තට පනිනවා. ගීතා රනිල්ගේ පැත්තෙන් රනිල්ගේ පැත්තට පනිනවා. රනිල් ෂෝක් කිව්ව ගීතා දැන් ඒ කටින්ම සජිත් ෂෝක් කියනවා. සජිත් ෂෝක් කිව්ව තලතා ඒ කටින්ම දැන් රනිල් ෂෝක් කියනවා. බුරුතු පිටින් දෙපැත්තට පනින්නේ ඇයි? ලැජ්ජාවක් හිරිකිතයක් නැත්තේ ඇයි? ලැජ්ජාවක් ඇති වෙන්න නම් දෙපැත්ත අතර වෙනසක් තිබෙන්න ඕනි. දෙන්නාගේම ප්‍රතිපත්ති එකයි. යූඑන්පී ප්‍රතිපත්තිම තමයි සජබ ප්‍රතිපත්තිය. සජබේ උදවිය රනිල් අත් හැරියේ රනිල්ගේ ප්‍රතිපත්ති නරකයි කියලා නොවේ. රනිල්ට දිනන්න බෑ කියලා. සජිත්ගේ දේශපාලන පියාණෝ ජනපති ප්‍රේමදාස නොවේ. රනිල් වික්‍රමසිංහ. රනිල් සජිත් දෙන්නාගේම ප්‍රතිපත්ති එකයි.

තුනම එකයි

සජිත් රනිල් විතරද? අනුරත් එකයි. එක වල්ලේ පොල්. මොනවා වුණත් රනිල් මැතිතුමා දුරකතනයෙන් කතා කරන විධියටම වේදිකාවේත් මගේ ආදරණීය මිත්‍රයා අනුර කියලා අමතනවා. අයියෝ එතකොට අනුර ලැජ්ජාවෙන් ඇඹරෙනවා. සාගලවත් එහෙම ඇබරෙන් නැ. එහෙම ඇඹරෙන්න දෙයක් නෑ. මිත්‍රයෝ තමයි. එක ප්‍රතිපත්තිය දෙකට බෙදා ගෙන ජීවත් වෙන එක තමයි දෙන්නාම කරන්නේ. ප්‍රතිපත්ති ප්‍රකාශ තුන බැලුවොත් තුනම එකයි. එකක් දම් පාටයි. එකක් කොල සහ කහ පාටයි. අනිත් එක දේදුනු වර්ණ. ඔච්චරයි වෙනස. ඔය තුනම දේශීය නිෂ්පාදන නොවේ. ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිෂ්පාදනය කරලා ඉන්දියානු තානාපති කාර්යාලයේ නිෂ්පාදනය කරලා සිංහලට පරිවර්තනය කරපු බඩු. ඔය ප්‍රතිපත්ති ප්‍රකාශන ඉංග්‍රීසියෙන් හදලා සිංහලට පරිවර්තනය කරද්දී හරි සිංහල වචන හොයාගන්න බැරිවුනාම ඉංග්‍රීසියෙන්ම දමලා ඇරලා තියෙනවා. පාට වෙනස් වුණාට වචන වෙනස් වුණාට ප්‍රතිපත්තිය එකයි.

ආර්ථික ප්‍රතිපත්තිය මූල්‍ය අරමුදලේ වැල් පාලමේ එල්ලිලා ඉන්න එක මිස දේශීය නිෂ්පාදන ආර්ථිකයක් හදන එක නොවේ. රට බංකොලොත් වුණු ඒ ක්‍රමයම ඉදිරියටත් කරනවා කියන එකයි තුන් දෙනාම කියන්නේ.

රජ පුටුවේ මළත් සැපයි

බලය බෙදීම ගැන තුනම කියන්නේ එකයි. 13 සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනවාලු. ඉන්දියාව බලහත්කාරයෙන් පටවලා අපේ ව්‍යවස්ථාවට දැම්මත් පොලිස් බලතල දෙන්න ජනාධිපතිවරු අටදෙනෙක්ම කටයුතු කලේ නෑ. මමයි ගෙනාවේ මමම දෙනවා කියලා ජේආර්ට දෙන්න තිබ්බේ නැද්ද? අවුරුද්දකට වැඩි කාලයක් සාම කතා කරපු ප්‍රේමදාසට ඕක දෙන්න තිබ්බේ නැද්ද? උතුරෙන් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ගත්තු චන්ද්‍රිකාට ඕක දෙන්න තිබ්බෙ නැද්ද? ඔය කවුරුවත් පොලිස් බලතල පලාත් සභා වලට දුන්නේ නැත්තේ ඒක කලොත් රටම ලේ විලක් වෙන බව දන්න නිසායි. රට දෙපළු වෙලා දෙමළ ඊළම හැදෙන බව දන්න නිසා. නමුත් උතුරේ ඡන්ද කුට්ටියට කෙළ හලමින් රටට කෙළ වුණත් රජ පුටුවේ මළත් සැපයි කියලා හිතන නිසා තමයි රනිල් සජිත් අනුර තුන්දෙනා එක හඬින් අපි පොලිස් බලතල උතුරට දෙනවා කියලා කියන්නේ.

ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාවට අනුර පණ දෙයි

ප්‍රතිපත්ති ප්‍රකාශ හදන කොට රට පෙඩරල් කරනවා කියලා රනිල් සජිත් දෙන්නාම කොලේ වහලා ගහලා තියෙන්නේ. එයාලා සෘජුව කියන් නැ ඒගැන. ඒ දෙන්නාම අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා විතරයි කියලා තිබෙන්නේ. නමුත් අනුර කුමාරගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මොකද කියන්නේ? 230 පිටුව බලන්න. 2015 දී ගෙන ආ නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමය ඉදිරියට ගෙන යනු ලැබේ කියලා ලියලා තිබෙනවා. රනිල් – සජිත් ජෝඩුව එකට ඉන්න කාලයේ ගෙනාපු මේ රටේ දේශප්‍රේමි බලවේග පරාජය කරපු ව්‍යවස්ථාව. රනිල් – සජිත් දෙන්නවත් කියන් නැ අපේ පරන ප්‍රතිපත්තිය ගේනවා කියලා. පැත්තෙන් හිටපු අනුර තමයි කියන්නේ. ඕක තමයි රට පෙඩරල් කරන රටේ නමත් ඔරුමිත්තනාඩු කරන ව්‍යවස්ථාව. ඕකේ තමයි බුදු දහමට ලබා දෙන ප්‍රමුඛස්ථානය ඉවත් කරනවා කියලා තිබෙන්නේ. ඕකේ තමයි  ලංකාව නිරාගමික රාජ්‍යයක් කරනවා කියලා තිබෙන්නේ. පිරිබාහරන් හැදුවේ රට දෙකකට කඩන්න. අනුර කුමරුගේ උත්සාහය රට නවයකට කඩන්න. දැන් බැලින්නම් අනුර කුමරු පිරිබාහරන්ටත් වඩා හපන් බෙදුම්වාදියෙක්නෙ. අපිව සිංහල දෙමළ කියලා බෙදුවා මදිවාට අපි බස්නාහිර උඹ දකුණේ අරූ ඌවේ කියලා අපි පලාත් වලටත් බෙදන්නයි අනුරගේ කල්පනාව.

මතක තියා ගන්න. ඔය ප්‍රතිපත්ති ප්‍රකාශ කියවන්නේ නැතිව රැල්ලට ගිහිල්ලා කතිරේ ගැහුව්වාට පස්සේ බලයට පත් වෙන අය කියන්නේ අපට ජනවරමක් තිබෙනවා. අපි කරන දේ ට විරුද්ධ වෙන්න කාටවත්ම බෑ කියලා. ඒනිසා මෙවර මැතිවරණයේදී අපේ මිනී වල අපිම කපා ගැනීමක් කරගන්න එපා කියන එක අපි සිහිපත් කරන්න ඕනේ.

ඡන්ද කුට්ටි ගන්න දොල පිදේනි නොදෙන වැඩපිලිවෙලක්

දිලිත් ඡන්ද කුට්ටි ගන්න දොල පිදේනි දෙනවා වෙනුවට රට ගොඩ ගන්න වැඩපිලිවෙලක් ඉදිරිපත් කරලා තිබෙනවා. දිලිත්ගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය බලන්න.

දිලිත්ගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය බලන්න. නිර්මාණශීලි තාරුණ්‍යයෙන් ලෝකයම වැඩ ගන්න කොට අපේ රටේ තරුණයෝ පාසලට විශ්ව විද්‍යාලයට නාකි වෙනවා. අවුරුදු පහ පිරිලා පාසලට ඇවිත් අවුරුදු 13ක් පාසල් යනවා. ඊට පස්සේ විශ්ව විද්‍යාලයේත් අවුුරුදු පහක් හිටියාම රස්සාවක් හොයා ගන්න කොටම කෙස් පැහෙන්නත් පටන් අරන්. ජීවිතයට පටන් ගන්නත් කලින් ජීවිතය ඉවර වෙලා. පාසල් අධ්‍යාපනය වසර 11කට අඩු කරන්න පොරොන්දු වෙලා තිබෙන්නේ දිලිත් විතරයි.

මේ මැතිවරණයට රට ගොඩ ගන්නේ කොහොමද කවදාද කියලා වැඩපිලිවෙලක් ඉදිරිපත් කරලා තිබෙන්නේ දිලිත් ජයවීර මැතිතුමා විතරයි. අනිත් අය උපායමාර්ගික වැඩපිලිවෙලක් කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නෑ. ඒ අය දන්නේ කට රවුම් කරලා බොරු කියන්න විතරයි. බොරු කියලා ඡන්ද දිනන්න පුළුවන්. ඒත් රට හදන්න බෑ.

දිලිත් ඒහි පස්සිකෝ කියලා එව බලව කියලා පෙන්නන්න දෙයක් කරලා තිබෙනවා. මොකද දිලිත් කියන්නේ කයිකාරයෙක් නොවේ වැඩකාරයෙක්. වැඩක් කරලා පෙන්නපු කෙනෙක්. රක්ෂණ නියෝජිතයෙක් විධියට පටන් අරන් පුංචි තැනින් පටන් අරන් සමාගම් 53ක් හදපු ව්‍යවසාය ලෝකයේ දැවැන්තයෙක්. කඩා වැටුණු සමාගම් මිල දී අරන් ගොඩ දාපු කෙනෙක්. ට්‍රයි ඇඩ් සමාගම පටන් අරන් වසර දහයෙන් අංක 1. ටීවී දෙරණ එෆ්එම් දෙරණ අංක 1 ට ගෙනාවා.

ඒ අත්දැකීම නිසා තමයි මට මේ රට ගොඩ දාන්න පුළුවන් කියලා විශ්වාසයෙන් කියන්නේ.

දිලිත් කියන්නේ වැඩක් කරපු මනුස්සයෙක්. වැඩක් කරන මනුස්සයෙක්. අලුතින් හිතන මනුස්සයෙක්. රට වෙනස් කරන්න පුළුවන් වෙනස් මනුස්සයෙක්. ඒ නිසා සතුටු දැයක් හදන්න දිලිත්ට රට බාර දෙන්න කියන ඉල්ලීම මම කරනවා.

2024-09-16

කවුරු දින්නත් ලංකාව බංගලදේශයක් කරන ඇමරිකානු සැලැස්ම මෙන්න…

September 16th, 2024

මාධ්‍ය අංශය, සර්වජන බලය

එළඹෙන ජනාධිපතිවරණය ආසන්නයේදීත් එදිනත් ඉන්පසුවත් ශ්‍රී ලංකාව තුළ කැරලිකෝලාහල සිදුවිය හැකි බවට ඇමෙරිකානු රජය මෙරටට පැමිණෙන, සිය රටෙහි සංචාරකයන්ට සිදුකර ඇති අනතුරු ඇඟවීම සුළුකොට නොතකන ලෙසත් ජනාධිපතිවරණයෙන් කවරකු ජයග්‍රහණය කළ ද කිසිවෙකුට මේ රට තවත් බංග්ලාදේශයක් බවට පත්කිරීමට කිසිසේත්ම ඉඩ නොදී” රටේ සාමය ආරක්ෂා කිරීමට කැප වන ලෙසත් සර්වජන බලය විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙරට සියලු දේශපාලන පක්ෂ වෙතින් තරයේ ඉල්ලා සිටියි.

කළුතර බණ්ඩාරගම බස් නැවතුම් පොළ අසල දී පැවැති, එක්ව නංවන රටක් – සතුට පිරුණු දැයක්” යන සජ්ජන අරමුණ පෙරදැරි කර ගනිමින් තරුව” ලකුණින් මෙවර ජනාධිපතිවරණයට තරඟ වදින සර්වජන බලය ජනාධිපති අපේක්ෂක, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර මහතාගේ ජයග්‍රහණය තහවුරු කෙරෙන ජනරැලියක දී ඒ මහතා මෙසේ ඉල්ලා සිටියේය.

ඉහත ජනරැලිය අමතා සර්වජන ජනාධිපති අපේක්ෂක, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. වී .ඩී. තිලකසිරි යන සර්වජන බලය දේශපාලන එකමුතුවට අයත් දේශපාලන පක්ෂ සහ ජාතික සංවිධානවල නායකයෝ සහ සර්වජන බලය විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, මව්බිම ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක, හේමකුමාර නානායක්කාර, ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන් වෛද්‍ය වසන්ත බණ්ඩාර යන මහත්වරු ද අදහස් දැක්වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

ඇමරිකානු අනතුරු ඇඟවීම

මේ රැස්වීමට සූදානම් වන විට එක්තරා ප්‍රවෘත්තියක් අපට වාර්තා වුණා. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපද රජය තම රටෙන් ශ්‍රී ලංකාවට යන සංචාරකයන්ට අනතුරු අඟවා තිබෙනවා, ‘ඡන්දයට පෙරත් ඡන්ද දිනයේත් ඉන්පසුවත් ශ්‍රී ලංකාව තුළ ප්‍රචණ්ඩ ක්‍රියා, කැරලිකෝලාහල, ත්‍රස්තවාදී ක්‍රියා සිදුවිය හැක. බොහෝ විට ආගමික ස්ථාන ආශ්‍රිතව එවැනි ක්‍රියා සිදුවිය හැක. ඒ නිසා එම කාලය තුළ පරිස්සම් වෙන්න’ කියා. අපි මේ රටේ සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලනවා, ‘තමුන්නාන්සේලාගේ ප්‍රතිපත්තිය, මතය කුමක් වුවත් මේ රට තවත් බංග්ලාදේශයක් වීමට ඉඩ තියන්න එපා!’ කියලා. ඇමරිකාව මේ කලින් දැකලා වගේ අනතුරු අඟවන්නේ නිකම් නොවෙයි. එදා රුසියාව කලින් දැකලා වගේ අනතුරු ඇඟවූවා, ‘බංග්ලාදේශයේ වර්ණ විප්ලවයක් සිදු කරන්නයි යන්නේ’ කියා. රුසියාවේ අනතුරු ඇඟවීම සැබෑ වෙලා අද බංග්ලාදේශය හතරගාතයෙන් ඇදවට්ටලා තිබෙනවා. අද බංග්ලාදේශයේ ‘කොල්ලො-කුරුට්ටුටෝ’ රට පාලනය කරනවා; පොලිසිය, හමුදාව ඔහේ බලාගෙන ඉන්නවා; එක පැත්තකින් අන්තවාදීන් හින්දු මිනිසුන් මරා දමනවා; තවත් පැත්තකින් ආයෝජකයන් තමන්ගේ කර්මාන්තශාලා වසා දමා බංග්ලාදේශයෙන් පිටව යනවා.

රටේ සාමය ආරක්ෂා කරගන්න කැපවෙමු!

ඇමරිකානු රජය සිදුකරන මේ අනතුරු ඇඟවීම අපි කිසිවකුට සුළුකොට තකන්න බැහැ ඒ නිසා අපි යළියළිත් මේ රටේ සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලනවා, ‘තමුන්නාන්සේලාගේ ප්‍රතිපත්තිය, මතය කුමක් වුවත් 21 වැනිදා ජනාධිපතිවරණයෙන් කවුරු ජයග්‍රහණය කළත් මේ රටේ මැතිවරණ ඉතිහාසයට කළු පැල්ලමක් එකතු නොකර, සාමකාමීව, කැරලිකෝලාහලවලින් තොරව මේ රටේ සාමය ආරක්ෂා කරන්න කැපවෙන්න’ කියා.

රනිල්ගේ ‘ටිකිරි මොළේ’

අපි ‘කවුරු ජයග්‍රහණය කළත්’ කියා කීවාට මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ දිලිත් ජයවීර මිස වෙන අයෙකු නොවෙයි. 21 වැනිදායින් පසුව නම් එතුමා වගබලා ගනීවි කලබලයකින් තොරව රට පවත්වාගෙන යාමට. නමුත් 21 වැනිදාට කලිනුත් කලබල ඇතිවිය හැකි බව කියනවානේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ‘පූසා’ වගේ ඉන්නේ මොකක් හරි ප්ලෑන් එකක් ඔළුවේ තියාගෙන කියලා මම නිකමට වගේ හිතුවා. ඔය පෝරිසාදයාව සත පහකට විශ්වාස කරන්න බැහැ.

ගාලුමුවදොර අරගලයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එළවා දැමුවාට පසුව රනිල් වික්‍රමසිංහගේ උපදේශක ආශු මාරසිංහ පැවසුවා, ‘ගාලුමුවදොර භූමියේ අපේ හට් විස්සක් පමණ තිබුණා. එතැන පළමු හට් එක ගැහුවෙත් අපි’ කියා. බලන්න, හට් ගහලා තියෙන්නෙත් රනිල්; අන්තිමේදී පූසා වගේ ගිහින් ජනාධිපති ඔටුන්න ඔළුවට දාගත්තෙත් රනිල්; ඊට පස්සේ ගාලුමුවදොර හට් ගහගෙන හිටපු කට්ටිය එලෙව්වෙත් රනිල්. කොහොමද රනිල්ගේ ටිකිරි මොළේ?මේ ජනාධිපතිවරණයට ඔය යෝධයා (රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා) වැඩිය මහන්සි වෙන්නේ නැහැ. ඒ නිසාම ‘මගේ මිත්‍ර අනුර කියමින් තම මිත්‍ර අනුරවත් කොහොම හරි යොදාගෙන එයා කුමක් හෝ ප්ලෑන් එකක් ගහන්න ඉඩ තිබෙනවා’ කියන අනතුරු ඇඟවීම, අපි මේ රටට කල් තියා කරනවා.

අපේ පරම වගකීම

ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය, ඔබේ පරම වගකීම තමයි ඉහත කී ආකාරයේ අනතුරකට මේ රට ඇදවැටෙන්න ඉඩ නොදී, සාමකාමීව 21 වැනිදා උදේම ඡන්ද පොළට ගිහිල්ලා ජාතිකවාදී, දේශමාමක, වාමවාදී, ප්‍රගතිශීලී බලවේගවල අපේක්ෂකයා වන තරුව ලකුණෙන් තරග වදින දිලිත් ජයවීරට ඡන්දය සලකුණු කරන එක.

මෙරට ප්‍රකට ව්‍යවසායකයෙකු වන දිලිත් ජයවීර මහතාට සමාගම් පනස් ගණනක් හිමියි. ඒවායින් තමන්ට ලැබෙන මාසික ආදායම රුපියල් මිලියන 16.5ක් බව ඔහු මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා. දැන් දිලිත් ජයවීර ජනාධිපති වෙන්න හදන්නේ මේ මාසික ආදායම වැඩි කර ගන්නද? නැහැනේ. ඒ නිසා ඇත්ත ආදායම රටට කියපු, ඇත්ත කියන ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීරට තමුන්නාන්සේලාගේ ඡන්දය ලැබෙන බව අපට විශ්වාසයි..

මැතිවරණ කොමිසම මාසික ආදායම විමසුවාම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ ‘මට ලක්ෂ දෙකක පමණ මාසික ආදායමක් හිමියි’ කියලයි. පව් අසරණයා! මේ දවස්වල ‘ජනාධිපති මන්දිරයේ ලිපිනයට’ එයාට ‘මුදල් වවුචරයක්’ යවන්න තමුන්නාන්සේලාට පුළුවන්.

නිවැරදිම තීන්දුව

දිලිත් ජයවීරව අපි කරතබාගෙන ආවේ රටේ දේවල් කඩාවඩා ගන්න නෙවෙයි; රටට, ජාතියට බරක් වෙන්න නොවෙයි; ප්‍රපාතයෙන් ප්‍රපාතයට ඇදගෙන යමින් තිබෙන රට ඒ වැටෙන්න නියමිත වලෙන් ගොඩගෙන, මේ රටේ දුවාදරුවන්ට හෙට දවසේ හොඳ අනාගතයක් හදන්නයි. නියම නායකයෙකු නොමැතිව මේ ආර්ථික අර්බුදයෙන් මේ රට ගොඩගන්න බැහැ. අනුර කුමරුට, නාමල් කුමරුට, සජිත් පුතානෝට වගේම රනිල් වික්‍රමසිංහටත් රට ගොඩගන්න සැලැස්මක් නැහැ. මේ වැටුණු ආර්ථික ප්‍රපාතයෙන් මේ රට ගොඩගත හැකි එකම උපාය මාර්ගික සැලැස්ම ඇත්තේ තමුන්නාන්සේලාගේ අපේක්ෂකයා වන දිලිත් ජයවීර මැතිතුමා අතෙයි. ඒ නිසා අපි මේ ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින වෙලාවේ නිවැරදිම තීන්දුව ගතයුතුයි. නිවැරදිම තීන්දුව නොගතහොත් අපට සිදුවන්නේ වලේ පතුලේ වැලලෙන්නයි. බොහෝ රටවල් බලාගෙන ඉන්නේ වලේ පතුලේ අපව වලලන්න. ඒ නිසා ඒ වලලා දැමීමේ සැලැස්ම කනපිට හරවලා, ආර්ථික අර්බුදයෙන් ගොඩඑන මාවතට මේ රට හරවමු! ”

මාධ්‍ය අංශය,
සර්වජන බලය

Reading the Manifestos

September 16th, 2024

Sugath Kulatunga

The 2024 Presidential election has spawned 39 candidates and at least 6 elaborate political manifestos. In the previous elections where the contest was mainly between candidates the manifestos were in essay form. But the current manifestos have followed the format of Project Justification presenting a vision, objectives, strategies and action plan, sometimes under different terms. The presentations are voluminous and is beyond the grasp of ordinary citizens. In reading them the voters should examine whether they are data and action based and not broad sweeping generalizations. The website mantri.lk has provided the key contents of the three manifestos of RW, Sajith and AKD in a table for easy comparison. The contents in this note are also drawn from the manthri presentation, and with reference to other manifestos where they are available on the web.

The discerning voter has to determine in the context of the present situation what is in the national interest indispensable and of paramount importance. In this attempt the voter may follow the advice of the Buddha in the parable of a person shot with a poison arrow, of getting the priorities right. The content of many of the manifestos is appropriate for a National Plan and is not helpful for an ordinary voter to select the best candidate by comparing the several manifestos. The best a voter could do is to focus on the immediate priorities of paramount national interest.

These are:

1.The unresolved external debt.

2.The negative balance of payments and balance of trade.

3.Territorial integrity and national security.

4. Peace and harmony.

Elements 1 and two and 3 and 4 are interconnected.

1.The unresolved external debt.

Beginning in 2022, we face annual debt repayments totalling US$ 6 billion. Over the next 4-5 years, cumulative repayments are projected to amount to US$ 6 billion annually, while state revenue has reached approximately US$ 5.5 billion during this period”. Governnor CBSL July 14, 2024.This statement does not take into account the perpetul trade defecit of around 6 billion US$ which is bound to expand with the free import policy.

As of now the external debt is 37.3 billion US$ out of which 14 billion US$ is in International sovereign bonds. While the country has negotiated a few concessions on the bilateral and multilateral bonds on which the country has a breather until 2028 by which time the accumulated principal and interest would be enormous. There has been negligible progress with ISB repayment.

It ia noted that 70% of state revenue is presently dedicated to the repayment of the principal and interest of external debt. Investment in all good development proposals in the elaborate manifestos will be confined to the balance 30 % of the revenue.

Therefore the voter must take into consideration the proposals on debt management in the several manifestos as a first priority.

 2.The negative balance of payments and balance of trade.

Balance payments reflect the value of economic transactions between Sri Lanka and the rest of the world during a period of time. The main components of our BOP are trade balance, remittances from employment abroad and earnings from tourism. The latter two sources are vulnerable to global predicaments as experienced by SL during the last regime. While they are important sources the country must focus on improving the trade balance by developing exports and managing imports. Unilateral liberalization of trade and investment has to be avoided. Votesr should examine carefully the proposals by the Presidential aspirants to resolve the adverse trade balance.

3.Territorial integrity and national security.

All good proposals in the manifestos are of no consequence if the sovereignty and the territorial integrity are not ensured. Voters should carefully examine for any proposals in the manifestos which are detrimental to the unitary state of the country and are divisive and impair national security.

4. Peace and harmony.

Voters must repudiate proposals which would disturb the peace and harmony among communities by uncalled for revision of the present Constitutional safeguards prescribed by Article 83 (a) protecting them. 

It is hoped that our intelligent voters will ignore the copious promises and unvalidated proposals in most manifestos and make their choice wisely based on the immediate priorities.

Sugath Kulatunga

All main Presidential contestants must declare their proposed Cabinets

September 16th, 2024

Dr Sudath Gunasekara, the Secretary to former Prime Minister Sirimavo Bandaranayake and President Sri Lanka State Administrative Services Association (1991-94) 

All main Presidential contestants must declare their proposed Cabinets, Prime Ministers with the number of Ministers and their names and photographs before the 17th September, if they are really serious in becoming the President of this 2566-year-old Sinhala Buddhist country.

So that people will know, as to what kind of ministers are going to lead the new government they are going to get after the 21stbefore they cast their vote.

This is an all-important Public Commandment made on behalf the whole nation, to enable the 17 million voters to decide as to whom they should vote on the 21st to get the best team who could take the country out of the present overall political crisis including the security of this island nation, its governance, and the socio- economic mess in to which this beautiful country had been dumped in to, by all successive governments since 1978 under the 1978 constitution and more particularly the open economic policy introduced by  J.R  Jayawardhana.

In addition, they should also clearly state where they stand regarding the following issues

1 Abolish the Rajiv/JR Accord of 29th July 1987, that destroyed the sovereignty, territorial integrity, independence of this country and its 2500-year-old unitary state, jealously guarded by our ancient Kings.

2  Abolish the 13th Amendment to the 1978 Constitution and the provincial Councils imposed by force and intimidation on our heads by India, that has reduced the 1978 Constitution to a mere scrap of paper thereby laying the foundation for the division of this 2500-year-old Sinhala Buddhist Kingdom in to two or more federal states with two distinct ethnic groups eternally fighting with the native Sinhala Buddhists for taking control of the whole Island that will end up firstly as a fulfilment the dream EELAM of South Indian Tamils and second to make dream of greater Bharatha come true, they were dreaming from the days of Rama. 

(Please state clearly whether you agree to abolish them or not)

Also please state your policy regarding the following election promises made by some candidates and state the action you propose to take if you get elected as the President.   

3 The promises made by both Ranil and Sajith to create mono-Tamil villages in the Central Hill country and plantation areas in the adjoining districts and make the 12.5 m Indian labour force, the legitimate owners of all the Sri Lanka Tea lands, just to get their votes, inadvertently paving the way for the two Indian aspirations, firstly, to create the Malayanadu at the center of this Land of the Sinhalese and secondly, to make Sri Lanka the 29th State of India and thereby drawing the curtain over the 2500 year old Sinhala Buddhist civilization on this planet.

4 The present government’s policy of outright selling and mortgaging all national assets, the land, its harbours like, Colombo and Trincomalee together with its 101 Oil tanks and 75 acres of land around the Trino harbour, the best natural harbour in the world about which Napolean once declared who owns it, will control the Indian Ocean, together with and other assets like the Air Lanka and even the profit-making state enterprises like the Telecom, to India and Western colonial countries, under Western dictated neo economic panacea of restructuring state owned assets, that leads to more dependency on the colonial West that will finally end up in eternal bankruptcy on our part.

5 This governments excessive dependences on the IMF and the World Bank, the notorious arms of the neocolonial octopus that has replaced their guns, swords and the Catholic Church in pursuing their colonial ambitions of neo colonialism in Asia and Africa.

6 The failure to align with the BRIC the emerging future World Bank as a way out[S1]  of this present economic disaster

7 Public outcry to dissolve the present, Parliament which has ceased to honour the peoples mandate they have given in 2019 and 2020, immediately after the Presidential election, and to give a chance for people to elect a new Parliament reflecting the current aspiration of the people.

8.The popular demand for immediately replacing the1978 Constitution, the root cause of all present day political, economic and social problems with the 1972 constitution, that will put an end to all political, economic and social disasters created by the 1978 constitution until a new Constitution based on the civilization of this country is enacted

9 The demand for declaring Poson Poya as the National day in this country as it was on this day in 307 BC the Sinhala nation was born.

10. Declaring May 22nd as it was on that day in 1972, this country at last got freed from the British colonial clutches and finally gained its full independence with all three salient powers of the State such as Legislative, Executive and Judicial of modern Democracy, that made this country a fully free and independent Peoples Republic.

11.Declaring the Sinhala nation as the nation of this Republic and Buddhism as the State religion as they had been the ‘de facto and de jure realties and declare Malaba inhabitants in the North and the East named as Ceylon Tamils in 190l, and Planation Tamils as minorities in this country 

12. Are you  prepared to Drop the proposal by the present government and Sajith Premadasa to hand over all land in the planation areas under a Tamil mono villages with houses programmed  to be started  in the central hill country, as a political bribe to get the estate Tamil votes,  and give a  instead give a guarantee to their original owners, the Kandyan peasants who had been the ‘de facto and de Jure owners’ of this land from the inception of history until they were forcibly taken over by the British  colonial invaders in 1840 and thereafter after massacring the majority  and chasing out those survived ,

(I suggest that no Sinhala voter in the Kandyan areas should  vote for any candidate who does not openly oppose this great betrayal). 

This should be followed by rectifying them with all their rights to their own land and getting the British Government to pay compensation for all wrongs they have committed against the native Sinhalese from 1815 to 1948.

This should also be followed by a relocating programme of all settlers presently occupying in areas above 3500 ft msl   in mixed village clusters on land below 3500 feet msl together with landless p Kandyan Peasants

13.The Presidential candidates also should agree to declare all lands above 5000 ft msl as strictly prohibited and conserved forest. (Thahanchi kele as it was declared by the ancient Kings by Royal decree) and limit all settlement in the hill country to land below3500 ft

14   Agree to take immediate action to implement the proposed action plans under 12 an d13 will,

Firstly, protect the much-needed physical stability of the Central Hill country, the Geographical Heartland of Sri Lanka as I have named it way back in 1991, that will guarantee the perennial water flow of all 103 rivers that have their sources on these hills on which rests the survival of the entire life system on this Island nation and therefore the civilization of the whole Island as well.

Secondly, provide land rights for all estate labour as well as the landless Kandyan Peasants who had been deprived of their birth rights from 1840 by the British colonial invaders in the 19th century on words up to date by all government ever since 1948.

Thirdly it will promote permanent social integration between the Estate Tamils and Kandyan Sinhala people and put an end to the estate Tamil problem in this country.

Finally, it will also put an end to Indian interference in our domestic politics in the central hill country and also it will close the door for all so-called international meddling with our internal affairs.

15 immediately work out a plan to ban the import of all luxury items to meet the urban affluent including the import of vehicles that drains the merge foreign exchange resources and all agricultural and industrial items that could be produced locally.

16. Propose a comprehensive plan to stop destruction done to agricultural sector by wild animals that is estimated to be in the region of 40 % at present.

17 Restore death penalty to all crimes pertaining to drugs, theft and mis use of state property

18 Ban all political parties based on, ethnicity, religion and separatism etc and limit the to two or three national parties

19 Draw up a comprehensive plan to protect all archaeological and religious places in the whole Island with special attention to the destruction of Buddhist monuments in the North and the East

                      I demand that all Presidential candidates must make an open statement stating their stand and the plans clearly on each of the above items before 12th noon 18th September. 


 [S1]

NPP සහ SJB ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ Online Safety Act රහසින් ආරක්ෂා කරන්නේ ඇයි?

September 16th, 2024

සම්පත් සමරකෝන් | Sampath Samarakoon උපුටා ගැන්ම  විකල්ප

ජනාධිපති මැතිවරණයට තව ඇත්තේ දින 6කි. අපේක්ෂකයින් සියලු දෙනා අතුරින් තිදෙනෙක් පෙරමුණේ සිටින බව කියැවෙයි. ඔවුන් නම් අනුර, රනිල් සහ සජිත් ය. තිදෙනාම පවසන්නේ තමන් එළඹෙන ජනාධිපති මැතිවරණයෙන් ජයග්‍රහණය කරන බවය. එය මැතිවරණයක ලක්ෂණයකි. එම උත්සහයන්ගේ ප්‍රතිඵල තීන්දු වන්නේ ජනතාවගේ කැමැත්ත මතය. එම කැමැත්ත ආකාර 2කකින් ක්‍රියාත්මක විය හැකිය. සත්‍ය ලෙසම තමන්ගේ සහ සමාජ ජීවිතය පිළිබද පුරවැසි කියවීමක්/දේශපාලන අදහසක් තුළ සිය ඡන්දය භාවිතා කිරීමය. දෙවැන්න නම්, විශේෂයෙන් මාධ්‍ය, සමාජ මාධ්‍ය ඇතුලු සන්නිවේදන ක්‍රියාන්විතයන් හරහා ජන්දදායකයාගේ කැමැත්ත කෘතීමව නිශ්පාදනය කිරීමෙන්ය. මෙහිදී දෙවැන්න ඉත්මත් දරුණුය. එය සමාජයට අත්පත්කර දෙන්නේ යහපත් දෙයක් නොවේ. කෙසේ නමුත් මේ වන විට මේ ආකාරයන් දෙකම ලංකා දේශපාලන භූමිය තුළ ක්‍රියාත්මක වන්නේ අපේක්ෂකයන්ගේ මූල්‍ය ඇතුලු අනිකුත් බල ව්‍යුහයන්ට සාපේක්ෂවය.

නමුත් මේ සටහන ලියනු ලබන්නේ මැතිවරණ ප්‍රතිපල පිළිබද පුරෝකතනයක් හෝ අනාවැකි ඉදිරිපත් කිරීමට නොවේ. කුමන අපේක්ෂකයෙක් ජයග්‍රහණය කළත් ජනතාවට මුහුණ දීමට සිදුවන ප්‍රභල තත්ත්වයක් පිළිබදව අවධානය යොමු කිරීමටය.

එනම්, දේශීය වශයෙන්ද, ජාත්‍යන්තර වශයෙන්ද ප්‍රභල විවේචන සහ විරෝධය මධ්‍යයේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් සම්මත කරගත් මර්දනීය පනතක් වන අන්තර්ජාල ආරක්ෂන පනතට(Online Safety Act) රහසින් ආශා කරමින් එය පවත්වාගෙන යාමට ජනාධිපතිධූර අපේක්ෂකයින් වන අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස සිය මැතිවරණ ප්‍රකාශනවල ඒ පිළිබදව දක්වා ඇති ප්‍රතිපත්තිය පිළිබද අවධානය යොමු කිරීමටය.(රනිල් වික්‍රමසිංහ ඒ පිළිබද කිසිවක් ප්‍රකාශ කර නැතැත් ඔහු මේ මර්දනීය පනතේ පියා ය. ඒ පිළිබදවත් කියවීමක් පහතින් දක්වා ඇත)

සජිත් ප්‍රේමදාස සහ Online Safety Act

සජිත් ප්‍රේමදාන සිය මැතිවරණ ප්‍රකාශනයේ Online Safety Act පිළිබදව දක්වා ඇත්තේ මෙසේය.

2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ ඇති ප්‍රකාශනයේ නිදහසට එරෙහි වගන්ති ඉවත් කරන්නාවූ ද, අන්තර්ජාල සේවා සපයන ආයතනවලට ස්වකීය ව්‍යවසායන් බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට ඉඩ සලසන්නා වූ ද, පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීම නව රජයේ ප්‍රමුඛ කාර්යයක් වේ”(පිටුව 31 Sajith Premadasa Manifestos )

මෙහිදී සමගි ජන බලවේගය සිය මැතිවරණ ප්‍රකාශනයේ දී පැහැදිලිවම දක්වා ඇත්තේ Online Safety Act අහෝසි නොකරන බවය. එසේම ඉන් අවධාරණය කර ඇත්තේ ප්‍රකාශනයේ නිදහසට එරෙහි වගන්ති” ඉවත් කරමින් නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන බවය.

අනුර කුමාර දිසානායක සහ Online Safety Act

අනුර කුමාර දිසානායක සිය මැතිවරණ ප්‍රකාශනයේ Online Safety Act පිළිබදව දක්වා ඇත්තේ මෙසේය.

ප්‍රකාශනයේ නිදහසට බාධාවන වගන්තීන් ඉවත්කොට 2024 අංක 09 දරන මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනත සංශෝධනය කිරීම”(පිටුව 60 – NPP Manifestos)

මෙහිදී ජාතික ජන බලවේගය විසින් ද දක්වා ඇත්තේ ප්‍රකාශනයේ නිදහසට බාධාවන වගන්තීන් ඉවත්කොට” පනත සංශෝධනය කිරීමය.

NPP සහ SJB වෙනස

මෙය තේරුම් ගැනීම සරලය.

සමගි ජන බලවේගය(SJB) ඉදිරිපත් කර ඇත්තේ ප්‍රකාශනයේ නිදහසට එරෙහි වගන්තීන් ඉවත් කරමින් පනත් කෙටුම්පතක්” ඉදිරිපත් කිරීමය. ප්‍රකාශනයේ නිදහසට බාධාවන වගන්තීන් ඉවත්කොට” පනත සංශෝධනය කිරීමට” ජාතික ජන බලවේගය(NPP) හී ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වා ඇත.

තේරුම්ගැනීම සරලය. NPP සහ SJB ප්‍රකාශනයේ නිදහස” පිළිබදව සංවේදී බවක් දක්වා ඇති නමුත් SJB විසින් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමටත්, NPP රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් සම්මත කරගත්(දැන් නැවත සංශෝධනය කිරීම සදහා ඉදිරිපත් කර ඇති) පනත සංශෝධනය කිරීමට යෝජනා කර තිබීමය.

දැන් සමගි ජන බලවේගය යෝජනා කරන්නේ අමුතු දෙයක් නොවේ. එය දැනටමත් වත්මන් ආණ්ඩුව විසින් ඉටුකරමින් තිබේ. එනම් ශ්‍රේෂ්ඨාධිකරනය ලබා දුන් සංශෝධනත් සලකාබලමින් ආදාළ පනත නැවත සංශෝධනය කිරීම ය. (වත්මන් ආණ්ඩුව විසින් සංශෝධනය කිරීමට යන පනත සම්බන්ධයෙනුත් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නැවත වරක් ශ්‍රේෂ්ඨාධිකරනයේ පෙත්සමක් ගොනු කරමින් කියා සිටින්නේ මෙයින් සිය මූලික අයිතිවාසකම් උල්ලංඝනය වන බවය.)

ගැටලුව ඇත්තේ එහි නොවේ. ගැටලුව ඇත්තේ මූලික නීතිය සමගය. එනම් පනතේ පදනම ම, අරමුණ ම දණ්ඩනය පදනම් ව තිබීමයි. එහි සාරයම දෝෂ සහිතය. නැවත සකස් කල නොහැකි තරමට දෝශ සහිතය. එය නැවත සකස් කළ නොහැකි තරම් නරක තත්ත්වයක පවතියි. (ඒ පිළිබදව මා පසුගිය මස ලියූ සටහනකින් දීර්ඝව පවසා ඇත. https://www.vikalpa.org/article/43993) එය අදාළ පනත සම්මත කරගත් වික්‍රමසිංහ ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් වන(පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ) ටිරාන් අලස්, මහජන ආරක්ෂක ඇමතිවරයා සිදුකළ ප්‍රකාශයක් හොදටම ප්‍රමාණවත්ය. ඔන්ලයින් අවකාශයේ දී කාන්තාවන් සහ ළමුන්ට සිදුවන අපයෝජනයන් වැලැක්වීම සදහා කාන්තාවන් සහ ළමුන්ගේ ආරක්ෂාවට මේ පනත ගෙන එන බව ඔහු පැවසීය. එසේම පනත සම්මත කරනු ලැබූ අවස්ථාවේදී පාර්ලිමේන්තු එදවස සිටි බහුතරයක් මංත්‍රීවරුන් සිදුකළ කතා නැවත අහන්න. එහි ප්‍රධානම අරමුණ විසම්මුතික අදහස් මර්දනය කිරීම ට බව ඔබට තේරුම්ගැනීමට අමුතු දැනුමක් අවශ්‍ය නොවනු ඇත.

කිසිදු ජනාධිපතිධූර අපේක්ෂකයෙක් Online Safety Act අහෝසි කිරීමට කැපවී නැත.

රනිල්, සජිත් සහ අනුර අතුළු සියලු අපේකෂකයන් සිය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ පිළිබදව දිගින් දිගටම කතා කළත් කිසිදු අපේක්ෂකයෙක් මෙම මර්දනීය පනත අහෝසි කිරීම සදහා කිසිදු යෝජනාවක් ඉදිරිපත් කර නැති බව මා විසින් ඉහතින් පෙන්වා දී තිබේ. මෙයින් පෙනී යන්නේ ඔව්න් සියලු දෙනාගේම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංසකරණ පිළිබද ඇති පරස්පරතාවයයි.

එසේම Online Safety Act පිළිබදව NPP සහ SJB ප්‍රතිපත්තිය ස්ථාවරයන් වෙන් කර හදුනා ගැනීමට අපට නොහැකිය. නමුත් ජාතික ජන බලවේගය විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අනිකුත් අංශවලදී ඉතාමත් ගැඹුරු ලෙස සාකච්ඡා කරන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම පිළිබද ප්‍රතිපත්තියට ඔවුන්ගේ Online Safety Act පිළිබදව වන අදහස සම්පූර්ණයෙන්ම පටහැනි වේ. ප්‍රධාන හේතුවක් නම් OSA හී පදනම් මූලධර්ම සහ යෝජිත ක්‍රියාකාරීත්වය විසින් පෞද්ගලිකත්වයට ඇති අයිතිය, සාමකාමී එක්රැස්වීම, ප්‍රකාශනයේ නිදහස ඇතුලු මානව අයිතිවාසිකම් මර්දනයට ලක් කරන නිසාය.

ඔන්ලයින් පනත රිපීල්(Repeal) කරන්න වෙනවා – පාර්ලිමේන්තු මංත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය(ජාතික ජන බලවේගය)

පසුගිය 2024 ජූනි 18වනදා ජාතික ජන බලවේගයේ, පාර්ලිමේන්තු මංත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය HARITV සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් Online Safety Act පිළිබදව අදහස් පළ කළාය. එහිදී ඇය දැක්වූ අදහස්වලින් Online Safety Act අදාළ කොටස උපුටනයක් ලෙස පහතින් දක්වමු.

ඩිජිටල් ලෝකය අපිටත් අදාලයි. අදාළ නෑ කියන්න බෑ. එහිදී සාක්ෂරතාවය නැතිවීම ඇත්තට ප්‍රශ්ණයක්.”

HariTV: NPP ආණ්ඩුවක් ආවොත් ඔල්යින් සේෆ්ටි බිල් එක හකුලා ගන්නවාද?

අචාර්ය හරිනි: මේ තියන එක. අනිවාර්යෙන්, ඔව්. මේ තියන එක පවත්වාගෙන යා යුතු එකක් නෙවෙයි කියලා තමයි අපි නම් හිතන්නේ. මොකෝ මේක ගැහැණුන් හෝ ළමයින් හෝ ඒවා ආරක්ෂා කරන්න ආපු පනතක් නෙවෙයි. ඒක සම්පූර්ණයෙන්ම ඒක අදහස් දැක්වීමේ නිදහස සහ දේශපාලන ප්‍රතිවාදියා පාලනය කිරීමට ආපු පනතක්. අපේ නීතිඥ කණ්ඩායම සටර්ඩි කරමින් ඉන්නේ අපේ ස්ථාවරය කුමක් විය යුතු ද කියන එක. ඒ අනුව අපේ මැතිවරණ ප්‍රකාශනය තුළ අපි අයින් කළ යුතු පනත් මොනවද? වෙනස් කළ යුතු ඒවා මොනවාද? කියන එක ඉදිරියට මට කියන්න පුලුවන් වෙයි. මොකෝ මේක එක පනතක් නෙමෙයි. සහ අපි බලාපොරොත්තු වෙන්නේ අලුත් ව්‍යවස්ථාවක් ගෙන්න නේ. ඒ අලුත් ව්‍යවස්ථාවේ කොහොමද මේවා ඇතුල් වෙන්නේ කියන එක ගැන නිශ්චිත අදහසක් අපිට ඉදිරියට දෙන්න පුලුවන්. සමහර ඒවා රිපීල් කරන්න වෙනවා. මම හිතන්නෙ ඔන්ලයින් එක එකක්. ත්‍රස්ත විරෝධී පනත අනිත් එක.”

මෙහිදී ඇය සෘජුවම ප්‍රකාශ කරන්නේ Online Safety Act සහ ත්‍රස්ත විරෝධි පනත අහෝසි කළ යුතු බවය.එය ඉතාමත් ප්‍රගතිශීලි මෙන්ම ඉදිරිගාමී අදහසකි. නමුත් එයින් මාස 2කකට පසු ඇය නියෝජනය කරන ජාතික ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ Online Safety Act පිළිබදව අඩංගු වන්නේ අචාර්ය හිරිනි ට සම්පූර්ණයෙන් විරුද්ධ ප්‍රතිපත්තියකි. එය නැවතත් ලියා දක්වන්නේ නම් අචාර්ය හරිනි Online Safety Act අහෝසිකිරීම කළ යුතු” යැයි ප්‍රකාශ කරන විට ඇය නියෝජනය කරන NPP ප්‍රතිපත්ති ප්‍රකාශනය විසින් දක්වා ඇත්තේ Online Safety Act සංශෝධනය” කරන බවය.

රනිල් ශෝක්ද?

Online Safety Act සම්බන්ධයෙන් ජනාධිපතිධූර අපේක්ෂක වික්‍රමසිංහගේ ස්ථාවරය පැහැදිලි කිරීමට තවත් මේ ලිපියේ කාලය නාස්ති කළ යුතු නැත. මෙම මර්දනීය පනත ගෙන එනු ලැබූවේ වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා විසින්ය. ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඩිජිටල් ආර්ථිකයත්, කෘතීම බුද්ධිය ඇතුලු විෂයන් සම්බන්ධයෙන් විශාල ලෙස දක්වා තිබුණත් [https://www.ranil2024.lk/si/manifesto] Online Safety Act පිළිබදව කිසිදු සටහනක් දක්වා නැත. ලියුම්කරුගේ අදහස නම් ඔහුට එසේ වෙනස් කිරීමට හෝ අහෝසි කිරීමට අදහසක් නැත. ඔහුට අවශ්‍ය වන්නේ ඔහු ජනාධිපති වුවහොත් මේ මර්දනීය පනත දිගටම පවත්වා ගෙන යමින් විසම්මුතික අදහස් මර්දනය කිරීම සදහා අවශ්‍ය සංදර්භය නිර්මාණය කරගැනීමය. එබැවින් ඔහු දක්වා ඇති ඩිජිටල්කරණ ප්‍රතිපත්ති හා ඔහු විසින්ම ගෙන ආ Online Safety Act ගැඹුරු පරස්පරතාවයක් නියෝජනය කරයි. එසේම ඒ ගැඹුරු පරස්පරතාවයෙන් මතුවන තවත් හැගවුම් කාරකයන් වන්නේ දේශාපලනින ලෙස පුරවැසියන් රැවටීම මිස අන්කවරක් නොවේ. එය ඉතාමත් දරුණුය.

මෙසේ වන්නේ ඇයි?

අද වන විට ලංකාවේ පමණක් නොව, ලෝක මට්ටමින් ද විශේෂයෙන් මැතිවරණවලදී සහ රටක තීරණතාමක් කාලවලදී සමාජ මාධ්‍ය ඇතුලු Online Platform දැවැන්ත භූමිකාවකට පහසුකම් සළසයි. එහිදී මේ වන විට generative ai වල සීග්‍ර දියුණුවත් සමග අදාළ තත්ත්වය තවත් සංකීර්ණ සහ දියුණු තත්ත්වයකට පත්ව තිබේ. එබැවින් Online වේදිකාවල භූමිකාව බැහැර කළ නොහැකි තත්ත්වයකට පත්ව තිබේ. උදාහරණයකට ලංකාවේද මේ වන විට සමාජ මාධ්‍ය භාවිතා කරමින් සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකරන අයුරු සලකා බලන්න.

2024 ජූනි 14 සිට 2024 සැප්තැම්බර් 11 දක්වා, META සමාගමට අයත් සමාජ මාධ්‍ය වේදිකාවන්වල සිය මැතිවරණ ප්‍රචාරක දැන්වීම් වෙනුවෙන් අපේක්ෂකයින් තිදෙනෙක් සිදුකල වියදම්,

රනිල් වික්‍රමසිංහ: රුපියල් 33230360.00
සජිත් ප්‍රේමදාස: රුපියල් 32514220.00
අනුර කුමාර දිසානායක: රුපියල් 7142795.00
(උපුටා ගැනීම – facebook.com/ads/library/report – Rasika Karunarathne | Gayan Hettiarachchi)

මෙයින් පෙනී යන්නේ සමාජ මාධ්‍ය ඇතුලු Online වේදිකාවන් සදහා මෙවර ජනාධිපතිරණයට ඉදිරිපත්ව ඇති අපේක්ෂකයන් කොතරම් බරක් දක්වනවාද යන්නය. එසේම අදහස්, මතවාද හෝ විසම්මුතික අදහස්, විවේචන ඉදිරිපත් කිරීමටද මේ වන විට පුරවැසියන් වැඩි වැඩියෙන් භාවිතා කරන්නේ සමාජ මාධ්‍ය ඇතුලු Online වේදිකාවන්ය. එබැවින් විසම්මුතිය ඉවසීමට රුචියක් නොදක්වන පාලකයන් හෝ පුද්ගලයන්, පුද්ගල කණ්ඩායම් මෙම සන්නිවේදන මාදිලිය කෙසේ හෝ පාලනයට හෝ පාලනය කිරීමට සහය දක්වනු ලබයි. තවද ජනතාවගේ අදහස් හෝ විසම්මුතික අදහස් පාලනය කිරීමට ගෙන ආ පනතක් ලෙස ලංකාවේ Online Safety Act සැලකිය හැකිය. (වෛරී ලෙස හෝ ආචාර්ධාර්මික නොවන ලෙස අන්තර්ගතයන් එකතුකරන හෝ ප්‍රතිකාර දක්වන අන්තර්ගතයන් අප බැහැර කරන අතර, ඒවා යම් කිසි ලෙසකින් පාලනය කිරීමටත්, ඒ පිළිබදව දැනුවත් කිරීමටත් මේ වන විට අදාළ සමාගම්වල ප්‍රජා මාර්ගෝපදේශ ක්‍රියාත්මක වෙයි. ලංකාව තුළද එවැනි ආකාරයක ආචාරධර්ම පද්ධතී ඇත. Social Media declarayion කියවන්න) එම නිසා 21 වනදායින් පසුව පත්වන කවර හෝ පාලනයකට එල්ලවන විවේචන, විසම්මුතික අදහස් මර්දනය කිරීමට Online Safety පනත උපයෝගී කර ගැනීමටත් ඒ මගින් දේශපාලන බලය තව දුරටත් පවත්වාගෙන යාමට OSA ප්‍රයෝජනවත් වනු ඇතැයි, OSA අහෝසි නොකිරීමට අපේක්ෂා කරන අපේක්ෂකයෙක් සිතුවා වන්නට බැරි නැතැයි කාට හෝ සිතුනේ නම් එහි වරදක් තිබේද?

කෙසේ නමුත් තවදුරටත් පවසන්නේ නම්, බලය ඇති පක්ෂයක් සිය බලය තවදුටත් කෙසේ හෝ පවත්වාගෙන යාමටත්, බලය නොමැති පක්ෂයක් කෙසේ හෝ බලය ලබා ගැනීමටත් මෙම පවතින පනත භාවිතා කිරීමට ඉඩ තිබේ. කෙසේ නමුත් එවැනි තත්ත්වයක් තුළ එයින් මර්දනයට ලක්වන්නේ ජනතාගේ ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් බව මේ වන විට බොහෝ අපේක්ෂකයන්ට අමතකව ගොස් ඇති සේයකි. එහි සංකීර්ණත්වය තේරුම් ගැනීමට නීතිය පමණක් ප්‍රමාණවත් නොවේ. ගෝලීය ව දියුණු වී ඇති තාක්ෂණය, තාක්ෂණික මෙවලම්, එහි හැසිරීම වැනි පරාසයන් පිළිබදව දැනුමක්, අවබෝධයක් සහ සාකච්ඡාවක් අවශ්‍ය වෙයි.

කිසිදු අපේක්ෂකයෙක්ට අවශ්‍යතාවයක් නැත.

Online Safety Act සම්බන්ධයෙන් සියල්ලන්ම එකම බෝට්ටුවේය. කිසිදු අපේක්ෂකයෙක්ට මර්දනීය OSA පනතින් ගැලවීමට කිසිදු දේශපාලන වුවමනාවක් නොමැති බව පැහැදිලිය. එළැබෙන 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය කුමක් වුවත්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ප්‍රමුඛ අයිතිවාසිකම්වලට මෙම තත්ත්වය ඉතාමත් දරුණු ලෙස බලපානු ඇත. එම නිසා සිවිල් සමාජය ඇතුලු පුරවැසියන්ගේ ප්‍රමුඛ කාර්යක් විය යුත්තේ Online Safety Act ඇතුලු මර්දනීය පනත් වලින් සිදුවීමට නියමිත දරුණු තත්ත්වයට එරෙහිව පුරවැසියන් සංවිධානය කිරීමය. ඒ අන් කිසිවක් නිසා නොව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යනු ම අනිකුත් මානව අයිතිවාසිකම්වල පදනම වන බැවිනි.


සම්පත් සමරකෝන්
 | Sampath Samarakoon

ලංකාව පුරාම තාක්ෂණවේදී විෂය ධාරව හඳුන්වා දීමට විරුද්ධ වුණේ ජ.වි.පෙ. පමණයි- අමාත්‍ය ආචාර්ය බන්දුල  ගුණවර්ධන මහතා

September 16th, 2024

B Media

ලංකාව පුරාම තාක්ෂණවේදය විෂය ධාරාව හඳුන්වා දීමට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයවත් අනිත් කිසිම පක්ෂයක් වැඩ නොකළ බවත්  ජනතා විමුක්ති පෙරමුණ පමණක් එයට විරුද්ධව වැඩ කළ බවත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල  ගුණවර්ධන මහතා පැවසීය.

ගෑස් ලින්ඩරය ලකුණින් තරගවදින ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය උදෙසා ඊයේ (15) වග, කහහේන හා දිද්දෙණිය ප්‍රදේශවල පැවැති ජනතාව දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡා සඳහා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණට කිසිම දර්ශනයක් නැති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

මගෙන් රටට වැඩිම වැඩ ප්‍රමාණයක් වෙලා තියෙන්නේ උපන් නූපන් පරම්පරාවල ඉන්න ළමයින්ට. අපි පාසල් යන කාලෙ රටේ තිබුනේ විද්‍යාව, කලාව, වාණිජ විෂයන් විතරයි. ඒවා කරලා මේ ලෝකයට අනාගතයේ උපදින ළමයින්ට මුහුණ දෙන්න බැහැ. මම අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් අලුතෙන් රටට හඳුන්වලා දුන්නා තාක්ෂණ වේදය විෂය ධාරාව. තොරතුරු තාක්ෂණය, ජෛව පද්ධති තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය, හා තාක්ෂණවේදය සඳහා විද්‍යාව යන විෂය ධාරාවන්. ඒ යටතේ අපිට ලංකාවේ දරුවන්ට පරිගණක හතලිහක් තියන පරිගණක විද්‍යාගාරයක්, පරිගණකය විස්සක් තියන විවිධ භාෂා හදාරන්න භාෂාකාරයක්, පරිගණකයක් තියෙන ගණිතාගාරයක් සහිත මහින්දෝදය විද්‍යාගාර  දාහක් ලංකාව පුරා හදලා තියෙනවා.

ඊට පස්සේ අපි තාක්ෂණය හදාරන්න මහින්දෝදය තාක්ෂණ පීඨා 251ක් ලංකා පුරා හැදුවා. අපි විශ්වවිද්‍යාලයට යන කාලේ විද්‍යා පීඨ, වෛද්‍ය පීඨ තිබුනට තාක්ෂණ පීඨ තිබුණේ නැහැ. දැන් විශ්ව විද්‍යාල දහතුනක තාක්ෂණ පීඨ තියෙනවා. මගේ හෝමාගම ආසනයේ විතරක් තාක්ෂණ පීඨ දෙකක් තියෙනව ඡයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය.

අපි පාසල් දාහක් ලංකාවේ හදාගෙන යනකොට ජනතා විමුක්ති පෙරමුණ ඒවා කඩාකප්පල් කරන්න කටයුතු කළා. ජනතා විමුක්ති පෙරමුණ රටේ යහපත වෙනුවෙන් මොනවත් එකතු කරපු නැති පක්ෂයක්. ඒ නිසා ඒවා කඩාකප්පල් කරන්න ලංකා පුරාම පෝස්ටර් ගැහුවා අධ්‍යාපනය වනසන  එස්බී, බන්දුල ගෙදර පල කියලා.  ප්‍රාථමිකය අයින් කරලා ද්විතීක පාසල් දාහක් තමයි මෙමගින් හැදුවේ.  තොරතුරු තාක්ෂණයෙන් හා ඉංජිනේරු තාක්ෂණයෙන් අද මුළු ලෝකයටම යන ළමයි වැඩිම ප්‍රමාණයකට යන්න පුළුවන් උනේ  මම අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිවරයා ලෙස සිටිය නිසා. රටේ අනාගතය වෙනුවෙන් කන්නංගරගේ නිදහස් අධ්‍යාපනයෙන් පස්සේ අධ්‍යාපනයේ ලොකුම වෙනස එය යයි”  ද අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට ප්‍රදේශයේ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයින්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් විය.

පුද්ගලික අංශයේ අවම සේවක වැටුපත් ඉහළට අවම වැටුප 21,000 දක්වා සියයට 40කින් ඉහළට

September 16th, 2024

Manusha Media

සේවක අර්ථසාධක අරමුදල්, භාරකාර අරමුදල් සහ පාරිතෝශික ගෙවි යුතු අවම සීමාව ඉහළට

වැටුප් වැඩිවීම සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මකයි

පුද්ගලික අංශයේ සේවකයින් සදහා වන අවම මූලික වැටුප රුපියල් 21,000 ක් බවට පත් කරමින් පාර්ලිමේන්තුවේදී සම්මතවූ පනත සදහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද දිනයේදී අත්සන් තැබූ අතර ඒ අනුව සේවක භාරකාර අරමුදල, සේවක අර්ථසාධක අරමුදල් සහ පාරිතෝශික ගෙවීමේදී අවම වැටුප බවට එය සැලකිය යුතු බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටී.

පුද්ගලික අංශයේ සේවා යෝජකයින් සිය සේවකයින් සදහා මේ වසරේ සැප්තැම්බර් මාසයේ සිට ජාතික අවම මාසික වේතනය වශයෙන් රුපියල් 17,500ක් සමග 2005 අංක 36 හා 2016 අංක 4 දරණ අය වැය සහන දීමනා පනත් මගින් ගෙවිය යුතු රුපියල් 3,500ක අය යැය දීමනා ඇතුළු රුපියල් 21,000ක අවම වේතනයක් ගෙවිය යුතු බවද අමාත්‍යාංශය සදහන් කරයි. ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල සහ පාරිතෝශික ගෙවීම් සදහා අදාල අවම වැටුප අදාල කරගත යුතු බවද අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වේ.

2016 අංක 03 දරන ජාතික අවම වේතනය පනත හඳුන්වා දීම මඟින් පෞද්ගලික අංශයේ සේවය කරන සියළුම සේවකයින් සඳහා 2016.01.01 දින සිට බලාත්මක වන ආකාරයට ජාතික අවම වේතනයක් නියම කිරීමට කටයුතු කර ඇත. මෙම පනත මඟින් මාසික වැටුප් ගෙවන සේවකයන් සඳහා රුපියල් 10,000ක අවම වේතනයක් ද දෛනික වැටුප් ගෙවන සේවයන්ට රුපියල් 400ක දෛනික අවම වේතනයක් ගෙවීමට ද මුල් අවස්ථාවේ දී නියම කරන ලදී. නැවත 2021 වර්ෂයේ දී මෙම පනතට ගෙනෙන ලද සංශෝධනයක් මඟින් අවම මාසික වේතනය රුපියල් 12,500 දක්වා ද දෛනික වේතනය රුපියල් 500 දක්වා ද 2021 අගෝස්තු මාසයේ සිට ඉහළ නැංවීමට කටයුතු කරන ලදී. මෑත කාලීනව රටේ ඇතිවූ ආර්ථික අර්බුදයත් සමඟ ජීවන වියදම ඉහළ යාමට සාපේක්ෂව පෞද්ගලික අංශ‌යේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමක් 2021 වර්ෂයේ සිට සිදු නොවීම නිසා අවස්ථා කිහිපයක දී ජාතික කම්කරු උපදේශන සභාවේ දී සාකච්ඡා කිරීමෙන් පසු ජාතික අවම වේතනය රුපියල් 12,500 සිට රුපියල් 17,500 දක්වා රුපියල් 5,000කින් ද, දෛනික අවම වේතනය රුපියල් 500 සිට 700 දක්වා ද රුපියල් 200කින් ද ඉහළ නැංවීමේ අරමුණින් ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමට කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.  

ඒ අනුව, අදාළ පියවර අනුගමනය කිරීමෙන් අනතුරුව මෙම සංශෝධන කෙටුම්පත 2024.09.03 වන දින පර්ලිමේන්තුව විසින් සම්මත කිරීමට කටයුතු කළ අතර, ගරු කථානායකවරයා විසින් එකී කෙටුම්පතට අත්සන් කිරීමෙන් පසු මෙම මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව ඇත. 

අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාවට ගැලපෙන IMF වැඩපිළිවෙලක් මිස IMF ආයතනයට ගැලපෙන ලංකාවක් නොවේ

September 16th, 2024

Dilrook Kannangara

සියලු පක්ෂ විපක්ෂ IMF වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට තීරණය කර ඇත. එය අගය කල යුතුය. එහෙත් එක කණ්ඩායමක් පමණක් ඒ සම්බන්ධයෙන් අන්තගාමී වී ඇත. එම කණ්ඩායම හිතන්නේ ශ්‍රී ලංකාව සහ ලාංකිකයන් ජීවත් විය යුත්තේ සහ මියයා යුත්තේ IMF හාමු වහන්සේ සඳහාම බවයි. මෙය වැරදි ආකල්පයකි. සියලු IMF වැඩපිළිවෙලවල් තිබු රටවල් IMF වැඩපිළිවෙල රටේ අවශ්‍යතා සඳහා පමණක් යොදා ගත අතර, IMF සඳහා රට්ටුන් ජීවත් වියයුතුය යන මුග්ධ මතයේ නොසිටියහ. අවාසනාවට ලංකාවේ එසේ සිතන එකම එක කණ්ඩායමක් සිටියි. මොවුන් රටට් මෙන්ම IMF වැඩපිලිවෙලටත් තර්ජනයකි. මැතිවරණයේදී ඔවුන්ව පරාජය කළයුතුමය.

රටේ ආර්ථික දියුණුව මනින්නේ පෝලිම් වලින් නොවේ. ආර්ථික සංඛ්‍යා සහ දර්ශක මගින්ය. පෝලිම් එයට ඇතුලත් නොවේ. සියලු ආර්ථික දර්ශක 2022 සිට අයහපත් වී ඇත. ලෝක බැංකු සහ IMF වාර්තා අනුව දරිද්‍රතාවය 14% සිට 26 දක්වා උත්සන්න වී ඇත. Transparency International පලකරන corruption index (නාස්තිය සහ දූෂණය) නරක අතට පත්වී ඇත. 2022 36%ක් වී 101 වන ස්ථානයේ සිටි ලංකාව 2023 වන විට තවත් පහලට වැටෙමින් නාස්තිය සහ දූෂණය 34%ක් වී 115 වන ස්ථානයට වැටුණි. 2024 එය තවත් පහලට වැටෙමින් 24% ක් පමණක් ලකුණු ලබා 132 වන ස්ථානයට වැටී ඇත. 2023 වන විටත් ශ්‍රී ලංකාව නාස්තිය සහ දූෂණය සම්බන්ධයෙන් වැටුණු දුර්වලතම ස්ථානයට වැටී තිබේ.

2023 Corruption Perceptions Index: Explore the results
https://www.worldeconomics.com/National-Statistics/Corruption-Levels/Sri%20Lanka.aspx

Credit rating දර්ශක අනුව ලංකාව තවමත් සිටින්නේ RD නොහොත් DEFAULT (ණය ගෙවීම් පැහැර හැරීමේ) මට්ටමේය. කෙටි කාලීන ණය සම්බන්ධයෙන්නම් එය යන්තම හොඳය. ඒ වෙනකක් නිසා නොවේ කෙටි කාලීන ණය දිගුකාලීන ණය බවට හැරවිය හැකි නිසාය. දිගු කාලීන ණය බවට හැරවූ සැණින් ඒවාද RD නොහොත් DEFAULT (ණය ගෙවීම් පැහැර හැරීමේ) මට්ටමේය.

සුරංගනා කතා වලට නොරැවටී ජනතාව චන්දය දිය යුත්තේ ජනතා විලාපයන් IMF වෙත රැගෙන යන නායකයෙකුට මිස IMF විලාපයන් ජනතාව වෙත ගෙනෙන වන්දිභට්ටෙකුට නොවේ.         

රටට අණබෙර ගසා නඩු දමා අවසානයේ මාලිමාව කොලේ වහල කරන වැඩේ මෙන්න – සරසවි ඇදුරු, නීතිඥ සහ වෘත්තීයවේදී එකමුතුවෙන් හෙළිදරව්වක් (වීඩියෝ)

September 16th, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

ජාතික ජනබලවේගයේ සභික වසන්ත සමරසිංහ ප්‍රමුඛ කණ්ඩායම සොරකම නවත්වනවා යැයි විශාල රැල්ලක් ඇති කරමින් ජනතාව එයට පොළඹවා ගනිමින් කටයුතු කළ ද, ඔවුන් සැබෑ ලෙසම සොරකම නවත්වනවා ද, නැතිනම් සොරකම තමන්ට බලය ලබාගැනීම වෙනුවෙන් භාවිතා කරන වචනයක් පමණක් දැයි එම අහිංසක ජනතාව නොදන්නා බව  සරසවි ඇදුරු, නීතිඥ සහ වෘත්තීයවේදී එකමුතුව පවසයි. 

එම එකමුතුවේ නීතිඥ ජනක එදිරිසිංහ මහතා පවසන්නේ සුවිසාල ප්‍රසිද්ධියක් ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා ඔවුන් ඉන්පසුව හිමින්සැරේ එම නඩු ඉවත්කර ගැනීම සිදුකරන බවයි. 

වීඩියෝව නරඹන්න…

https://www.facebook.com/plugins/video.php?height=476&href=https%3A%2F%2Fwww.facebook.com%2FWebnewsOfficial%2Fvideos%2F472707818927010%2F&show_text=false&width=476&t=0

2024-09-16

What is in store for people after polls?

September 16th, 2024

Courtesy The Daily Mirror

Several of the promises thrown by the majority of the 38 candidates who will contest the Saturday’s Presidential election are irrelevant, as some of them are not meant to be kept while the others are not practical on the ground. Some of the plans and promises of some candidates seem to be good while the question remains as to how they are going to be materialised in a country with a bankrupt economy.

Despite the chest-thumping of some politicians who boast that the economy that went bankrupt has recovered, only life has been eased with the absence of queues for fuel and cooking gas subsequent to inflow of foreign exchange through the new loans from the IMF, World Bank (WB) and the Asian Development Bank (ADB). This inflow was supplemented by the prevention of forex outflow by defaulting the external debts and severe restrictions of imports. Nevertheless, the purchasing power of the people has not improved much as the income and the prices of most of the essential items that had gone threefold up in 2021/2022 are still almost the same.  


Although former President Gotabaya Rajapaksa is blamed for the current economic disaster, it is a make-up of the economic mismanagement by the successive governments for decades. Rajapaksa only put the final touches to it, but vigorously and blindly. However, he also listened to the experts later, though it was too late for him to save his skin. He approached the IMF in March 2022 and appointed competent officials and international financial and legal advisors to deal with the global lender. Following the success of the discussions between local officials and the IMF the country now enjoys a breathing space. 
The economy of the country is being controlled now by the IMF which will continue to do so till 2027. Derailment of this programme would lead to economic disaster, since it would be tantamount to reneging the last resort. Despite the government attempting to instill fear claiming that the Opposition parties would scuttle the IMF sponsored bailout package, if they come to power, both the National People’s Power (NPP) and the Samagi Jana Balawegaya (SJB), the two front runners of the current Presidential race have assured the continuation of the programme, but with amendments.  The government which earlier argued that no amendments would be entertained by the IMF has proposed changes to the pay-as-you-earn tax now. 
The challenges ahead of the country whoever takes the reigns are huge. Although Sri Lanka secured debt restructuring deals first with the bilateral creditors in June and with the private creditors in July it is only another breathing space, we have to anyway repay the debts after 2027. And the IMF has given several other targets as well.   
Country’s public debt which was at 128 percent of GDP as of end 2022 has to reach 95 percent of GDP by 2,032, the gross financing needs should be below 13 percent of GDP between 2027 and 2032, on average, and Government’s annual debt service in foreign currency should be below 4.5 percent of GDP in every year between 2027 and 2032. That means while repaying the external debts we will have to minimise the borrowings since 2027. 
Not a single election manifesto seemed to have drawn attention towards this serious issue. Some candidates have vaguely proposed an export-oriented economy as a remedy. President Ranil Wickremesinghe as the leader responsible to handle this issue for the past two years has been announcing this since August 2022. This is acceptable in general, but would remain as a text book solution until it is translated into specific project plans on the ground. Almost all main candidates have announced specific plans for expenditure such as salary increases and new recruitments, but not for boosting forex. 


President Wickremesinghe presenting his first policy statement on August 3, 2022, referring to a competitive export economy said We are now preparing the necessary reports, plans, rules and regulations, laws and programmes.” It was an indictment against all leaders who were in office, since such reports, plans, rules and regulations, laws and programmes” must have been prepared decades ago. It is not clear if they have been prepared at least during the past two years. 

’’We have a 10 year phase, if it breaks there will be no recovery’’: Ranil

September 16th, 2024

 Jamila Husain  Courtesy The Daily Mirror

– Ranil says Sajith and Anura failed to take leadership in 2022. All they did was give excuses

– If I win I will implement the Puluwan Sri Lanka proposals from the very next day

– I am building a strong Sri Lanka for the youth

– IMF terms and conditions cannot be changed. If Sajith and Anura are saying they can, they are talking rot

As the candidates enter the final week of campaigning ahead of the September 21 Presidential Election, Independent candidate Ranil Wickremesinghe said his government had set a 10 year phase to get the country entirely out of the economic crisis and if it breaks at any time, there will be no recovery.

“Look I am coming here to win. But we have a 10-year phase and I will not be there all the time. If it breaks at any time there is no recovery,” Wickremesinghe said in an interview with Daily Mirror. While maintaining that he was confident to win Saturday’s Presidential Election, Wickremesinghe said that his opponents – Sajith Premadasa and Anura Kumara Dissanayake could compete with him as it was a democratic country but questioned why they failed to take leadership in 2022 when the country faced its worst ever crisis. “They have to tell us what they did two years ago,” Wickremesinghe said. “Both of them had a chance. Both of them had the opportunity to come and take over. No one did. They gave reasons. Then I asked them to join me. They did not join me either. So they cannot say they were not asked,” Wickremesinghe said.

Commenting on Premadasa and Dissanayake’s comments that they would renegotiate the terms and conditions with the IMF if they win the presidency, Wickremesinghe said this was not possible. “Why don’t they ask the IMF now and come back with a reply that they can do it. They cannot do it. They are only talking rot,” he said.

Speaking of his immediate plans if he wins the Presidency, Wickremesinghe said that from the very next day after his victory he will implement the Puluwan Sri Lanka manifesto. He said he and the next government would build a strong Sri Lanka especially for the youth and he encouraged those who left the country following the 2022 crisis, to return to help develop the country. “I might not be around by 2048 but at the moment getting the economy moving and creating more income opportunities and improving education is very vital. And for those getting married, we need to have housing in different areas. So as the country improves it is the youth that will benefit,” Wickremesinghe said.

The President further said that if he succeeds the Presidential Election, he will begin work from the very next day.

Will stabilise the dollar; ensure continuous gas, fuel supply: AKD

September 16th, 2024

AJITH SIRIWARDANA  Courtesy The Daily Mirror

Colombo, September 16 (Daily Mirror)- Claiming that independent Presidential candidate Ranil Wickremesinghe was striking fear among the people by threatening of the re-emergence of gas, fuel and electricity crisis if he is not elected, NPP Presidential candidate Anura Kumara Dissanayake said today that an NPP government will ensure the continuous supply of gas, fuel and electricity while stabilising the US dollar.

Speaking at a rally in Akuressa, Dissanayake said the NPP has plans to increase the dollar reserve while protecting it by stopping unwanted imports.

A country without gas, fuel and electricity was created by them. Ranil now says there will be a shortage of gas and fuel if he is not re-elected and the US dollar will appreciate against the Sri Lankan rupee. The NPP government will take on the challenge of supplying fuel, electricity and gas. Ranil has been in Parliament for 47 years, Mahinda Rajapaksa for 54 years and Dinesh Gunawardane for 41 years. You all will have to go now. The NPP will take on the responsibility of developing the country,” he said.

Dissanayake said governments so far have had no plans to develop the dollar earning sources and protect the dollar reserves.

We will assure you that the country will receive record foreign remittances under an NPP government. We have received the highest remittances of USD 6.2 billion so far. We will ensure that it will increase to USD 8 to 9 billion a year,” he said.

He said dollar earning sources such as the tourism sector, the gem and tea industries will be developed under an NPP government.

We will develop the tourism sector to increase USD 8 billion by attracting tourists to the highest arrivals of 2.3 million to 4 million a year. We will increase our IT economy from USD 1.2 billion to 5 billion a year. We will also develop the tea industry by promoting export of end-products rather than bulk tea,” he said and added that Our dollar reserves depleted because we used our dollars to import things such as kankun, eggs, cement, sugar etc. We will not use dollar reserves to import things we can produce here.”

SJB organizer assaults person who refused handbill

September 16th, 2024

By Ranjith Rajapakse Courtesy The Daily Mirror

An individual who had refused a handbill distributed by the SJB to support Presidential candidate Sajith Premadasa has been allegedly threatened and assaulted by Nawalapitiya SJB organiser Sasanga Sampath Sanjeewa.

The incident had been recorded on the CCTV camera system in the watch repair shop in Nawalapitiya town run by the victim’s father where the incident occurred.

The young man had refused to accept the handbill distributed by organiser Sasanka Sampath Sanjeewa and a group of supporters who called over at the shop on Sunday morning (15).

It is alleged that they had threatened the young man that they will look into it after the election. 

The victim who was admitted to hospital and obtained treatment at the Nawalapitiya General Hospital has been discharged from hospital. 

However, he said he has lodged a complaint regarding the incident to the hospital police post for his future protection.

‘Sajith and Anura’s proposals lack IMF approval’ – President emphasizes need for IMF support and reforms-President Ranil Wickremesinghe

September 16th, 2024

Courtesy Adaderana

President Ranil Wickremesinghe has stated that his primary objective is to ease the burden on the lives of the people. 

Speaking during a public rally held in Horana, he emphasized the importance of upholding the agreements made with the International Monetary Fund (IMF) and moving forward with them. The President noted that it is not feasible to alter these agreements, contrary to the claims made by Sajith and Anura. 

Additionally, President Wickremesinghe pointed out that Sajith and Anura’s proposals lack the approval of the IMF, noting that the IMF’s support is firmly behind the government’s current program.

Furthermore, Wickremesinghe elaborated: My primary goal is to ease the burden on people’s lives. We must continue to uphold our agreements with the International Monetary Fund (IMF), as we have no other source of support. The IMF has facilitated aid from 18 countries and provided us with a $10 billion advantage in managing our debt interest payments,” he said.

He further said that they need to transition to an export-driven economy and cannot sustain borrowing indefinitely, especially when their import expenses exceed their export income. 

To keep our economy strong, we must focus on building an export economy and modernizing our economic practices. Providing subsidies alone will not advance our country; we need to develop a robust economy together,” he added.

The President criticized Sajith and Anura’s promises of offering everything for free, stating that Sajith and Anura are promising everything for free, but this is not feasible. They are misleading people to secure votes. Despite their claims of negotiating with the IMF, no such discussions have taken place.” 

He further stated that the IMF has emphasized the importance of achieving the objectives of their current program to help Sri Lanka emerge from its severe economic crisis. 

They have stressed the need to continue implementing economic reforms, which means I must carry on with the program I initiated. I am the only one capable of advancing this program”, he added.

Anura Kumara to ‘definitely cancel’ Adani Group’s energy project if elected

September 16th, 2024

Courtesy Adaderana

The National People’s Power (NPP) on Monday (16) vowed to cancel the Adani Group’s wind power project in Sri Lanka if it gets elected in the presidential election scheduled for the weekend, according to a news report on PTI.

The NPP’s presidential candidate Anura Kumara Dissanayake, who spoke during an Indian political chat show revealed that they would annul the project, the Indian news agency highlighted.

Asked if the project posed a threat to the island nation’s energy sector sovereignty, Dissanayake said: Yes. We will definitely cancel it as it threatens our energy sovereignty.” 

The Adani Group has faced fundamental rights litigation in Sri Lanka’s supreme court after it got approval for the proposed construction of a wind power project in the island nation’s north-eastern regions of Mannar and Pooneryn.

The conglomerate was set to invest over $440 million in the 20-year agreement for the development of 484 megawatts of wind power in the region.

Petitioners have raised environmental concerns and lack of transparency in the bidding process to grant Adani Green Energy the go-ahead.

Petitioners have also argued that the agreed tariff of $0.0826 per kilo Watt hour (kWh) would be a loss to Sri Lanka and should be lowered to $0.005 per kWh.

–With agencies inputs

‘Not all foreign debt repayments halted’: Finance Ministry issues clarification on Sri Lanka’s external debt servicing

September 16th, 2024

Courtesy Adaderana

Sri Lanka’s Ministry of Finance, Economic Stabilisation and National Policies has issued a clarification on the country’s external debt service payments in the recent past.

Issuing a statement, the Finance Ministry said it is observed that there is a perception in society that the prevailing economic stabilization in Sri Lanka is entirely due to external debt not being serviced, and that once debt service resumes, economic instability will return. 

Furthermore, the ministry mentioned that it is also unfortunate to note that this same narrative is being used to trivialize and undermine the necessity for the critical macroeconomic reforms that are in fact the actual drivers of economic stabilization. 

Accordingly, the Finance Ministry clarified that it is incorrect to say that all foreign debt is not being repaid and that the temporary moratorium on selected external debt service that was announced in April 2022 applied to external commercial debt and official bilateral debt. 

The statement further highlighted that the government continued to service multilateral debt as is the practice under the prevailing sovereign debt restructuring architecture.

Accordingly, the government continually serviced multilateral debt even after the April 2022 moratorium on selected external debt service. Considering the impact of debt service of the overall economy (including Central Bank, State Banks, and private sector) on the balance of payments, in 2022 (including January to April) and 2023, Sri Lanka has made debt service payments of USD 2,483 million and USD 2,589 million, respectively as indicated in the Table below.” 

This amounts to approximately half of the usual debt service payments that Sri Lanka has made in a typical year prior to the announcement of Debt Standstill in April 2022”, the statement added.

The full statement issued by the Ministry of Finance is as follows:

Press Release-Clarification on Sri Lanka’s External Debt Service Payments in the Recent Past by Kaveesha Jayasundara on Scribd


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress