විධායක ජනාධිපති නාඩගම හරහා ලංකාව කොට උඩ යැවීම
Posted on July 26th, 2014
චන්ද්‍රසිරි විජයවික්‍රම
වැරදි පාරේ යාම නොහොත් වලිගේ පාගා ගැනීම
මග හොඳට තිබේ නම්
යන්ට දෑසත් පෙනේ නම්
කිම බැදිවල යන් නේ
මංමුලාවූ එකෙක් සේ
පණ්ඩිත කොග්ගල ධම්මතිලක
බුඩිස්ට් පොලිටික්ස් නොහොත් රෝග නිධානය සෙවීම
ලංකාවේ පරිහානිය (දුක)
ලංකාවේ පරිහානියට හේතුව (දුකට හේතුව)
ලංකාවේ පරිහානිය නැති කිරීම (දුක නැති කිරීම)
ලංකාවේ පරිහානිය නැති කිරීමේ මග (ආර්ය අෂ්ටාංගික මාර්ගය)
“විධායක ජනාධිපති නාඩගම නොහොන් කළු සුද්දන් ඇටවූ මර උගුල්,” යන මාතෘකාව යටතේ මීට පෙර ලියන ලද ලිපියේ දෙවන කොටස වන මෙයින් මා ලිවීමට බලාපොරොත්තු වූයේ සංහිඳියා කොම්සමටත්, ආණ්ඩුවටත් (ලලිත් වීරතුංගටත්), ඉංග්‍රීසි භාෂා පුවත්පත් වලත් මා විසින් ඉදිරිපත් කල ව්සඳුම් ක්‍රමය සිංහල භාෂාවෙන් ලිවීමය. මෙම අදහස් ලංකාවේ මහජනයා ඉදිරියේ සිංහලෙන් සාකච්චා නොවීම ලොකුම අඩුපාඩුවකි. අපගේම දුර්වල කමකි. එසේ වතත් එය මීලඟ තුන්වන කොටසක් වශයෙන් ප්‍රමාද කිරීමට මා සිතුවේ ඊයේ පෙරේදා කොළඹ පැවැත්වූ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන් ප්‍රධාන රැස්වීම නිසාය. හාමුදුරුවන් දැන සිටියත් නැතත් මෙය ලංකාව අමු අමුවේම කොට උඩ යැවීමේ යට උගුලකි.
ලංකාව කොට උඩ ඇරීමේ ප්ලෑන
ලංකාවේ තිබෙන අසාධ්‍ය තත්වයට පිළියමක් දිය හැක්කේ බොදු බල සේනාව මඟින් පෙන්වන බුඩිස්ට් පොලිටික්ස් යන මාර්ගයේ යෑමෙන් පමණක් බව මගේ වැටහීම නිසාය. මෙම මාර්ගය ෂුමාෂර් විසින් 1973 දී ලියන ලද ස්මෝල් ඊස් බියුටිෆුල් යන පොතේ [Small Is Beautiful, E .F. Schumacher] කියන බුඩිස්ට් ඉකොනොමික්ස් යන අදහසට සම්බන්ධය. එය රොබට් තර්මන් විසින් 1998 දී ලියන ලද ඉනර් රෙවොලූෂන් යන පොතේ [Inner Revolution: Life, Liberty, and the Pursuit of Real Happiness] ඇමෙරිකන් සමාජය සඳහා යෝජනා කරන බෞද්ධ මාවතට සමානය. ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරු දෙන්නෙක්ම ලෝකයේ ප්‍රශ්නවලට විසඳුම් බුද්ධාගම අනුසාරයෙන් සොයා ගත හැකි යයි කීමෙන් අදහස් කලේද මේ මාර්ගය විය යුතුය. ඒ දෙන්නාත් (අබ්දුල් කලාම් හා ප්‍රතිභා පටිල්) ෂුමාෂර් හා තර්මනුත් උපතින් බෞද්ධයින් නොවූ බව මෙහිදී සඳහන් කල යුතුය. සාකච්චාව, සම්මුති ප්රජාතන්ත්රවාදය, මධ්‍යම ප්‍රතිපදාව, කම් ඇන්ඩ් එක්සැමින් [Come and Examine, (not come and believe] මෙම මාර්ගයේ අඩිතාලම් වේ. ගම් සභාව හා පංචයාත් (පස් දෙනෙක් එකඟවූ තැන දෙවියන් සිටී) එහි වාහන විය.
මෙම මාර්ගය මා විසින් දැනට අවුරුද්දකට පෙර ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද බොදු බල සේනා ඇන්ඩ් එල් එල් ආර් සී (බුඩිස්ට් සෙල්ෆ් රෙලයන්ස්) [Bodu Bala Sena and LLRC: Buddhist self-reliance] (ලංකාවෙබ් හා ශ්‍රී ලංකා ගාර්ඩියන් වෙබ් මාර්තු 31, 2013) නම් ලිපියෙන් කෙටියෙන් ඉදිරිපත් කරන ලදී.
ලංකාවේ වසංගතයක් මෙන් පැතිරෙන ඉස්ලාම් අන්තවාදය හා මෝඩි බලයට ඒම නිසා ඉන්දියාවේ සිදු වන විප්ලවීය වෙනස (සුබ්‍රමනියම් ස්වාමි විසින් කොළඹදී එලිකල) යන කාරණා දෙක මා විසින් කලින් ලියන ලද අදහස් තවත් තහවුරු කරලන බව පෙනේ.
සාධාරණ සමාජයක් උදෙසා ජනතා ව්‍යාපාරය 24 දා පැවැත්වූ රැස්වීමට සහභාගීවූ කුරෝළු වුන හා කුරෝළු වීමට යන දේශපාලක නායක දුසිම් භාගය හෝ දුසිම කියන කථාව අනුව ගියොත් ලංකාව කොට උඩයාම නිසැකය. එය ඉඟුරු දී මිරිස් ගැනීමක් හෝ කබලෙන් ලිපට වැටීමක් හෝ නොව සිංහල බෞද්ධයාගේ සිය දිවි නසා ගැනීමය. මීට පෙර සරත් ෆොන්සේකාට රොබට් බ්ලේක් ප්රමුඛ පිරිසක් දිරච්ච ලණුවක් දී ඔහුවත් රටත් විනාශ කලා වගේ මේ වර කරන්න හිතන්නේ රටම ගිනි ගන්නා වැඩකි. මේ අය සර්වෝදයේ ආරියරත්න මහතා බල පිරමිඩය හා ධර්ම චක්‍රය නමින් 1988 දී ලියූ පොත දැන් 2014 දී වත් කියවනවා නම් (විශේෂයෙන් රනිල් මල්ලී හා චන්ද්‍රිකා අක්කා යුවල) විද්වත් සමුළු වලට ඩොලර් වියදම් කල යුතු නොවේ. ප්රශ්නය, ප්‍රශ්නයට විසඳුම හා ඒ සඳහා ගතයුතු මගකුත් ඔහු පෙන්වා දී ඇත. මේ ගැන ඉගෙන ගන්නට හාර්වඩ් යන්නට ද අවශ්‍ය නැත.
මේ ව්‍යාපාරය මක්ස්වාදී-ක්‍රිස්තියානි-රටකඩන දෙමල සිංහල කොටි යන අයගේ කුමණ්ත්‍රනයක් බව මීට පෙර ලංකා වෙබ් ලිපියක [Ven. Madudluvave Sobhita and his Christian Marxist Friends] 2013 අප්‍රියෙල් 9 මා විසින් පෙන්වා දෙන ලදී. මේ ප්ලෑන අනුව, ජනාධිපති ධූරය අහෝසි කර, පාර්ලිමේන්තුව විසින් මීලග අගමැති තෝරා ගනී. දැන් තිබෙන පාර්ලිමේන්තුව විසින් තෝරා ගන්නේ කාවද? ප්‍රථමයෙන් නැවත 1978 ට පෙර තිබූ චන්ද ක්‍රමයට ගොස් නව පාර්ලිමේන්තුවක් තෝරා ගත යුතු නැද්ද? ඒ වනවිට මොන තරම් විදේශ බල වේග එන් ජී ඕ නඩ හරහා මොනවා නොමරයි ද? යූ ඇන් පී-ශ්‍රී ලංකා පක්ෂ එක්වී එය කරයි ද? ඒ වනවිට විග්නේෂ්වරන් ලා කුමක් කරයි ද? රටේ ඇති ප්රශ්නය තනතුරක හෝ ආයතනයක ප්‍රශ්නයක් නොව ඒවා භාරව සිටිනා අයගේ දූෂිත ක්‍රියා කලාපය නොවේ ද? මේ සඳහා විසඳුම පුද්ගලයින් වෙනස් කිරීම හා හොරුන් කොටු කරන ක්‍රමයක් ඇති කිරීම නොවේද? උදාහරණයක් වශයෙන් අද කෝටිපතියන්ව ඉන්නා අය එසේ වීමට ධනය ලබා ගත්තේ කෙසේදැයි ශාක්ෂි ඉදිරිපත් කරණ ලෙස නීතියක් ගෙන ඒමට මේ දේශපාලක ව්‍යාපාරය සූදානම්ද?
මෙවැනි තත්වයක් උදාවන්නේ මහින්ද රාජපක්ෂ මහතා පැරදුනොත් නිසා ඔහු වෙනුවට වෙන කෙනෙක් අගමැති විය යුතුය. පවතින ක්‍රමය හිතුවක්කාර ලෙස බකල් කර මෙම මර උගුල් ප්රශ්නය මෙසේ නාඩගම් කාරයින්ට විසඳිය නෙහැකි බව මහජනයාට පහදා දෙන්නේ කවුරුන් විසින්ද? මේ මගින් සිදුවිය හැක්කේ 1923 කුමන්ත්‍රණය 2015 දී ක්‍රියාත්මකවී සිංහල බෞද්ධ රට කොට උඩ යෑම නොවේ ද?
චන්ද්‍රිකාව, රනිල්ව හෝ සරත් ෆොන්සේකාව සත පහකට විශ්වාස කල හැකිද? මේ අය අවලංගු කාසි වගේ නොවේද? මේ කල්ලියට වඩා හොඳක් ජේ වී පී එක ගැනද කීමට නොහැකි වීම කණගාටුවට කරුණකි. වික්‍රමබාහු නමැති හොරා (ඔහු මා ලියු ලිපියක් කොපි කර ඩේලි මිරර් පත්තරයට ලියා අසු විය) කියන්නේ ඔහු නම් ව්‍යාපාරයේ රැස්වීමටවත් නොගියේ ව්‍යාපාරය විසින් මහින්ද රාජපක්ෂ මහතා ලවාම විධායක මංගල්‍යය අහෝසි කර ගන්නට පුළුවන් කියා පවසන නිසා කියාය! මොවුන්ට අංතට්ටු කීයක් දාන්න ඕනෑද? ජාති වාදය හා ජාතික වාදය අතර වෙනස එන් එම්-කොල්වින් ලා ඒ කාලයේ වත් මේ මක්ස්වාදී රොඩු දැන් කාලයේවත් වටහා ගෙන නැත. ලංකාව සිංහල බෞද්ධයාගේ රටය කීම ජාති වාදය නම් ජපානය ජපනුන්ගේ, ජර්මනිය ජර්මානුන්ගේ රට යයි කීමද ජාති වාදයය.
ගැමි දිරිය
මෙම ආණ්ඩුව විසින්ම කඩා කප්පල් කරන ලද ගැමි දිරිය වැඩ සටහන ගැන මේ මහජන ව්‍යාපාරයේ අය හෝ ජේ වී පී එකේ අය අසා වත් තිබුණා ද කියා මට සැකය. ආණ්ඩුවේ ඇමතිලා වගේම මේ අයද ගැමි දිරියකට කැමතිවන්නේ නැත. ඊට හේතුව ගැමි දිරිය ඔවුන් බලා පොරොත්තු වන ජොබ් එකට තිත තියන නිසාය. එම ව්‍යාපාරය (මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ට ලණු දීම) දැනට ලංකාවේ තිබෙන මර උගුල් ගැන සිතන්නේ අන්ධ මිනිසුන් හතර දෙනා අලියා ව ඇල්ලුවා වගේය. මා නම් සිතන්නේ මේ අය මේ කරන්නේ බොරුවක් කියා ය. මහජනයාට බලය පැවරීමට මේ අය සූදානම් නැත. ඔවුන් හදන්නේ ජනයාට බොරු ඇස් බැන්ඳුමක් කර දේශපාලන බලය අල්ලා ගැනීමට ය.
සෝම හිමියන්ගේ අවතාරය
බොදු බල සේනාව යනු අකාලයේ, රුසියාවේ දරුණු ශීතලයේ දී කුමන්ත්රණයකින් විනාශ කරන ලද ගංගොඩවිල සෝම හිමියන්ගේ අවතාරය ය කියා මම සිතමි. මෙහිදී වැලිවිටියේ සරණංකර නාහිමි හෝ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හෝ අනාගාරික ධර්මපාලතුමා තරම් අතීතයට යෑමට අවශ්‍ය නැත. සෝම හාමුදුරුවන් වැනසූ බලවේග 1959 අගමැති බණ්ඩාරනායක ඝාතනය, 1962 කුමන්ත්‍රණය වැනි දේද කල බල වේග මය. මේ බලවේගම අද ඥානසාර හිමියන් පිටු පසින් පිස්සු බල්ලන් මෙන් ලුහු බඳිමින් සිටී.
කටුස්සෙක් මෙන් බලයට එන පක්ෂයට අනුව සිංදුව වෙනස් කරන පුද්ගලයෙක් වන අයිලන්ඩ් පත්තරේ සී ඒ චන්ද්‍රප්‍රේම, පොලිසිය විසින් උන්වහන්සේට බැටන් චාජ් කලයුතුය, රස්තියාදු කාරයින් යොදවා බොදු බල සේනා රැස්වීම් වලට හූ කිව යුතුය කියා ලියන්නේ මේ නිසාය. මිසිස් චන්ද්‍රිකා, රනිල් යන අයගේ කාලයේ නිවට භාවයට පත් කර අතරමංකර සිටි සිංහල බෞද්ධයාට ආත්ම ගෞරවයක් හා බලයක් ඇති බව බණ දේශනා මගින් පෙන්වා දුන්නේ සෝම හාමුදුරුවන් ය. උන්වහන්සේගේ ආදාහනයට ගලා ආ සේනාව ලංකාවේ දේශපාලක හොරුන් භයට පත් කලේය. මේ අය දැන් ඥානසාර හාමුදුරුවන් ගැන වෙව්ලන්නේ බොදු බල සේනාව යනු එක් පුද්ගලයෙක් නොවන බව වටහා නොගෙනය.
හිත හොඳ ගෑණී
ලංකාවේ දේශපාලන පක්ෂ සිංහල බෞද්ධයාට හිත හොඳ ගෑනියෙකුට මෙන් සලකන බව බණ මඩුවක සිට නොව මහජන වේදිකාවේදී නිර්භීතව එලිකලේ ඥානසාර හාමුදුරුවන් විසින් ය. මහජන බලවේගයකට, මහජන පොලිසියකට මිස ආයාචනා, අභියාචනා, පෙත්සම් හෝ මහා නායක හිමිවරුන්ගේ උපදේශ, බලයෙන් උමතුවූ හා බහු ජාතික-සර්වා ගමික පූට්ටු වල පැටලී සිටින පාලකයින් විසින් සත පහකට වත් ගනන් නොගන්නා බව ප්රත්යක්ෂ යෙන්ම දැන ගැනීමට බොදු බල සේනාවට අවුරුදු දෙකක්ම ගත විය. රැස්වීම් වලදී ඇමති වරුන්ට පරයින් කියා ආමන්ත්‍රණය කරන්නට අවශ්‍යවූයේ මේ නිසාය. පරයා යන නම්බු නාමය ලැබූ ඇමතියෙක්ට සිංහල බෞද්ධ චන්ද ලැබේ විද? මේ ගැන භයානක ලෙසටම භයවී ඉන්නේ රාජිත සේනාරත්න ය.
වත්ත සුද්ද කර ගැනීම
මේ ලඟදී ඩේලි මිරර් පත්තරයෙන් ඇසු ප්‍රශ්නයකට පිලිතුරු වශයෙන් ඥානසාර හිමියන් කියා සිටියේ “ඔව් අපි දේශපාලනයට එනවා, නමුත් එය පක්ෂ දේශපාලනය නොවේය කියාය. තමන්ගේ වත්ත ශුද්ධ කර ගන්නට පට්සෝතගාමී වීම ක්‍රියාවට නැගීමේදී අල්ලපු වතු පමණක් නොව අවට ප්‍රදේශයේ ජලය, කුණු කසල හා හුලං-ශබ්ද ආදිය ගැන ද නොසලකා සිටිය නොහැකිය. හලාල්, ගෝනි බිල්ලන්සේ ඇස් දෙක වසා ගැනීම, ඉස්ලාම් ප්‍රදේශ කියා රටේ නගර ගම් වෙන් කර ගැනීම, ටොපි ය කියා වඳ බෙහත් වැනි දේ දීම, සිංහල බෞද්ධ යයි කියා ගන්නා මාක්ස්වාදී රාජිත සේනාරත්න වැනි අය චන්ද බලාගෙන මුස්ලිම් වරුන්ට පක්ෂ වන ලෙස පොලිසිය යෙදවීම අමතක කර තම වත්ත සුද්ද කල නොහැකිය.
විශේෂයෙන්ම වැදගත් කරුණක් වන්නේ 1948 ටේ ලබා ගත්තාය කියන නිදහස සිංහලයින්ට, දුප්පත් ක්‍රිස්තියානීන්ට හා බෞද්ධයින්ට (ධනවත් හා බලවත් ක්‍රිස්තියානීන්ට රෝමයේ වටිකන් එක ඇත) ලැබුණ නිදහසක් නොවීමය. සුද්දන් පැනවූ බෞද්ධ විරෝධී නීති කිසිවක් ඉවත් කර නැත්නම්, දේශපාලකයින් බෞද්ධයින්ට හිත හොඳ ගෑණුන්ට සේ සලකනවා නම් වත්ත සුද්ද කරගැනීම දේශපාලනයෙන් පිටස්තරව කල හැකි දෙයක් නොවේ.
අපට පුතේ මඟක් ඇතේ
ලංකාවේ දී සිංහල හා දෙමල මාධ්‍යයෙන් ඉගෙන ගෙන ලංකාවෙන් ගැලවී ගොස් ඇමෙරිකාව එංගලන්තය වැනි රටවලට ගොස් විශ්ව විද්‍යාල ගුරුවරු, විද්‍යාඥයින්, පර්යේෂණ ආයතනවල අධ්‍යක්ෂක වරුන් වීමටත්, දුප්පත් රටකට ලෝක ක්‍රිකට් කප් එක නාගැනීමටත්, ගම් වල දුප්පත් තරුණ් තරුණියන්ට අවුරුදු තිහක යුද්ධය අවුරුදු තුනකට පෙර නිම කිරීමට හැකි වූයේ කුමක් නිසාද? එයට හේතුව වූයේ කළු සුද්දන්ගේ පරණ මාර්ගය වෙනුවට අළුත් මාර්ග ගැනීමය. ගෝඨාභය හමුදා භටයින් හා නිලධාරීන්ට නව පණක් දුන්නේය. රයිෆල් එක පත්තු වෙන්නේ ඉස්සරහින්ද පිටිපස්සෙන්ද කියාවත් නොදැන සිටියා කියන අනුරුද්ධ රත්වත්තේ මාමා යුරෝපීය ක්‍රමයට අණදී යුධ ව්‍යාපාරය කොට උඩ යැව්වේය. ඉහතින් සඳහන් කල කොටස් තුනම සාර්ථක වූයේ ඔවුන්ගේ ආකල්ප [attitude] (ඇටිටියුඩ්) වල වෙනසක් හටගත් නිසාය. එසේ නම් රටේ දේශපාලන, ආර්ථික, සාමජික ප්‍රශ්න විසඳීම සඳහා පරණ පාරේම නොගොස් අළුත් මාවතක යා යුතුය. මේ සඳහා ආකල්පමය වෙනසක් සිදුවිය යුතුය. එය සිදු නොවන්නේ රාජපක්ෂ රජය දැන් කළු සුද්දන්ගේ රජ දහනක් වී තිබීමය.
බංගලාදේශයට වූ දේ
කළු සුද්දන්ගේ ග්රහණයෙන් රටක් ගලවා ගැනීම ලේසි පාසු කාර්යයක් නොවේ. පරණ යටත් විජිතයක්ව සිට එසේ ගැලවුනු ප්රජාතන්ත්රවාදී යැයි කිය හැකි රටක් ලෝකයේ නැත. සිංගප්පූරුව ඉතා කුඩා රටකි. එය ගොඩ ආවේ ඒකාධිපති පාලනයක් යටතේය. ඒකාධිපතියා උගත් රට ගැන සිතූ පුද්ගලයෙක් විය. බංගලාදේශයේ ජනයා විඳින දුක ගැන කණගාටු වූ, ග්‍රාමීන් බැංකු ක්‍රමය මගින් දුප්පත් කාන්තාවන්ට ජීවන මඟක් පාදා දීම නිසා නොබෙල් තෑග්ගක් පවා දිනූ මොහම්ඩ් යුනුස්, රට ගොඩ ගැනීමේ සැලැස්මක් සාදා එය චන්ද ප්රකාශනයක් ලෙස එරට දේශපාලක රැලට (ඒ රටේ කළු සුද්දන්ට) ඉදිරිපත් කලේය. ඒ හොරු කලේ කුමක්ද? ඔහුව, 2011 දී ඔහු සැදූ ඔහුගේ ග්‍රාමීන් බැංකුවෙන් පවා ඉවත් කිරීමට ක්‍රියා කිරීමය.
හේතුව වශයෙන් දුන්නේ ඔහු විශ්‍රාම ගතයුතු වයස ඉක්මවා ගොස් ඇති බවය. මොහමඩ් යුනුස් ගේ අදහස ඒ රටේ ජනතාව අතරට ගියේ නැත. පාලක පැලැන්තිය ඊට ඉඩ තැබුවේ ද නැත. මෙසේ පාලක පවුල් තට්ටුමාරු ක්‍රමයට වැජඹෙයි. නිලධාරීන් ගසා කයි. ජනතාව පරණ අපායේම ලැඟ සිටී.
ලංකාව යන පාර වෙනස් කිරීම (කොළඹ කළු සුද්දන් නෙරපා දැමීම) ලංකාවේ සිදුවිය යුතු වෙනස ගැනද ලංකාවේ පාලකයින්ට හොඳ අවබෝධයක් ඇත. එහෙත් ඒ වෙනුවට සිදු වෙමින් පවතින්නේ පැලැස්තර දමමින් පවතින ක්‍රමයෙන් හොද්ද බොර කර ගන්නා දේශපාලක හා නිලධාරී පිරිසක් බෝවී මය. මේ අය, ඩොලර් නිසා කෝටිපතියන් බවට පත්වී සිටිනා එන් ජී ඕ කාරයින් ද සමඟ එක්වී රට විනාශ කරමින් සිටී. මේ තුන් ගොල්ලට ලංකාවේ දුෂ්ට ත්‍රිකෝණය කියා කිව හැකිය [Evil Triangle] කුමක් හෝ රට වැසි දුප්පතාට හිතකර වන දෙයක් සිදුවීමට යන විට මේ තුන් පිරිසම එක්වී එය කඩා කප්පල් කර දමයි. මීට හොඳම උදාහරණය නම් තෝරා ගත් සිංහල ගම් වල ක්‍රියාත්මක වුන ගැමි දිරිය වැඩ සටහනය. ගමේ, පලාතේ හෝ රටේ දේශපාලකයා ඉවත් කර, තමන් විසින් තීරණ ගෙන ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මකවූ මේ ව්‍යාපාරය කඩා කප්පල් කලේ කවුද? මේ ගැමි
දිරිය සංකල්පය උතුරේ ක්‍රියාත්මක නොකලේ කවුද? කුමණ හේතුවක් නිසාද? ආණ්ඩුව උතුරේ පාරවල් දැම්මේ හමුදා වාහන වලට ඉක්මණින් යෑමටත්, යටත් කරගත් උතුරේ දෙමල ප්‍රදේශ බලා සංචාරය සඳහා දකුණේ සිංහලයින්ට පහසුවෙන් ඒමටත් යයි ව්ග්නේශ්වරන් විසින් බලු කතා කියන්නේ ඇමතිලා ගේ හිතුවක්කාර හා අමනොඥ ක්‍රියා නිසාය. ගැමි දිරිය ගමේ ජනතාවට පාලන බලය [Empowerment] ගෙන දුන්නේය. ගැමි දිරිය සංකල්පය ඉදිරිපත් කල හා ක්‍රියාවට නැගූ අවංක නිලධාරීන් ගැන මම පුදගලිකව දනිමි. බංග්ලාදේශ් හොරු මොහමඩ් යුනිස්ට කල දේ ලංකාවේ ද සිදුවිය.
හිරකාරයෙක් වූ විධායක ජනාධිපති
කලින් ලිපියෙන් මා පෙන්වා දීමට තැත් කලේ විල්සන්-කුරේ ලවා ජේ ආර් 1978 දී සදවා ගත්තේ ඔහුත් වැටුන මර උගුලක් බවය. 1988 දී චන්ද ක්‍රමය වෙනස් කර මර උගුල තවත් තද කර ගත්තේය. ඊයේ පෙරේදා රනිල් එලිකල පරිදි එසේ දිස්ත්‍රික් මට්ටමින් සමානුපාතික චන්ද ක්‍රමයකට යෑමට
හේතුව ප්‍රේමදාසට මුස්ලිම් චන්ද ඕනෑ නම් එම ක්‍රමය ඇතිකල යුතු යයි මුස්ලිම් පක්ෂයේ නායක අෂ්රොෂ් ඩිමාන්ඩ් කිරීමය. ප්‍රේමදාස හා ලලිත් ඇතුලත්මුදලි ජේ ආර් හමුවී එය අනුමත කර ගත්තාලු. 1978 මර උගුලෙන් ජනාධිපති හිරකාරයෙක්වූ අතර 1988 මගඩියෙන් රටේ චන්දදායකයා පොන්නයින් බවට පත්විය. මිචෙල් සිසන් ඩොලර් චන්ද පන්ති තියන්නට හැදුවේ මේ නිසා විය යුතුය. 1923 කුමන්ත්‍රණය 1978 දී පටන් ගෙන 1988 දී සම්පූර්ණ වුනේ දේශපාලනය කල ටික දෙනෙකුට රට වෙනුවට පුද්ගලික වාසිය ලොකුවූ නිසාය. ජනාධිපති පුටුවට එන හැම පුද්ගලයාම විකල් වූ අන්දමේ මනසක් පෙන්වන්නේ ඔවුන්ට අල්ලා ගන්නට සිදුවන මේ කොටි වලිග නිසාය.
ලංකාවේ පරිහානිය
ජේ ආර් කප්පවාගත් බොරු වල හා ප්‍රේමදාස ඉල්ලගත් බෙලි කැපිල්ල 1948 න් පසුව ලංකාවේ කළු සුද්දන් විසින් පක්ෂ දේශපාලන සංගේදම යටතේ කාලයක් තිස්සේ සිදුවූ දෙයකි. මේ ක්‍රියා කලාපය ප්‍රධාන සිදුවීම් තුනක් වශයෙන් මෙසේ පහතින් පෙන්වා දිය හැකිය.
(1) ලංකාවේ ව්‍යුහමය ප්රජාතන්ත්රවාදය [structural democracy] කා දැමීම (නීතියේ ආධිපත්‍යය, අපක්ෂපාත
රාජ්‍ය සේවය, නිදහස් අධිකරණය, ස්වාධීන සෙනෙට් සභාවක් යනාදී 1947 ව්‍යවස්තාවේ තිබූ වටිනා සංකල්ප විනාශ කිරීම)
(2) ලකාවේ ප්‍රාදේශීය (භූගෝල විද්‍යාත්මක) [territorial democracy] ප්රජාතන්ත්රවාදය මකබෑ කිරීම (චන්ද කොට්ටාස අනුව තමන් කැමති නියෝජිතයෙක් තෝරා පත් කර ගැනීමට මහජනයාට තිබූ අයිතිය විනාශ කිරීම)
(3) ආර් ප්‍රේමදාස විසින් 4,000 ක් ව තිබූ රටේ මූලික සිවිල් පාලන ඒකකය 14,000 දක්වා වැඩි කර ග්‍රාම සේවක ධූරය පගා ගන්නා දූෂිත පක්ෂ දේශපාලන ඉත්තෙක් බවට පෙරලීම.
ලංකාවේ දුෂ්ඨ ත්‍රිකෝණය
ඉහත සඳහන් කල සිද්ධීන් නිසා ඇතිවුන ප්‍රතිපලයක් නම් දේශපාලකයා (මන්ත්‍රී) නිලධාරියා හා එන් ජී ඕ ඩොලර් කාක්කා යන තුන් දෙනා ගෙන් සමන්විත දුෂ්ඨ ත්‍රිකෝණයක් රටේ, පලාතේ හා ගමේ බිහිවීම ය. ලංකාවේ අද තිබෙන සියළුම ප්‍රශ්න මේ දුෂ්ඨ පිරිස් වල ක්‍රියා වල ප්‍රතිපලයකි. ලංකාවේ අද තිබෙන ප්‍රශ්න මොනවාද? මේ ප්‍රශ්න වර්ග තුනකට බෙදිය හැකිය.
(1) ආර්ථික අහේනිය (දුගී කම හා එය අසමාන ලෙස ස්ථාන ගත වී තිබීම)
(2) ශීඝ්‍ර ලෙස පිරිහී ගොස් ඇති සමාජ සදාචාරය, විනය හා යුක්ති ගරුක බව
(3) ඉස්ලාම් ත්‍රස්තවාදය හා රට බෙදීමේ දෙමල ව්‍යාපාරය
මෙම ප්‍රශ්නවලට විධායක ජනාධිපති ධූරය නැති කිරීමෙන් විසඳුමක් නොලැබේ. මේවා විසඳීම සඳහා මුළු රටේම ගම් මට්ටමේ සිට ආකල්පමය වෙනසක් පොදු හා පුද්ගලික වශයෙන් සිදුවිය යුතුය. වයසක අය වැඩි වැඩි යෙන් පන්සල් යෑමෙන් පමණක් නොව මිනිස් සිත් තුල අභ්‍යන්තරික වෙනස් වීමක් සිදුවිය යුතුය. මේ පවතින දේශපාලන ක්‍රමය තුල එය සිදු නොවන්නේ දැන් ඉන්නා දේශපාලකයින් ආත්මාර්ථකාමී කෛරාටිකයින් බවට පෙරලී ඇති නිසාය. පක්ෂ දේශපාලනය නිසා ගම් නිල්, කොල රතු වශයෙන් බෙදී ඇත. අවුරුදු 500 කට පෙර තිබූ සිංහල බෞද්ධ රට 1948 ට පසුව නැවත සිංහල බෞද්ධ රටක් වූයේ නැත. ඒ රටේ ඒ කාලයේත් දෙමල හා මුස්ලිම් ජනයා සිටියේය. මේ කාලයේත් ඒ අයට සිටිය හැකි මුත් රට සිංහලේ මිස ශ්‍රී ලංකා නොවේ. මේවා කළු සුද්දන්ගේ ප්‍රෝඩා ය.
ලංකාව වෙනස් කිරිමේ උත්සාහයකදී අමතක නොකල හැකි බාහිර බලවේග කීපයක්ම තිබේ.
(1) ලෝකය ධනවාදී නිදහස් වානිජ සමාජයක් කිරීමේ යෝධ ලෝක කොම්පැනි වල ක්‍රියාවලිය. මෙය ලෝක වෙළඳ සංව්ධානය [WTO] හරහා තවත් ඉක්මන් කර ඇත. මේ ක්‍රියාවලියෙන් යටත් විජිත අයිතිව සිටි පරණ සුදු බලවතුන්, දැන් අළුත් ස්වාමීන් බවට පත්වී ඇත. මේ අනුව ලංකාව වැනි රටවල අයථා කූට ක්‍රම වලින් ධනවත් වූ අළුත් සක්විතිලා බෝවී ඇත.
(2) ලෝකය ක්‍රිස්තියානි කිරීමේ ව්‍යාපාරය (21 සියවසේ දී ආසියාව ක්‍රිස්තියානි කිරීම)
(3) ලෝකය වහබි ඉස්ලාම්කරණය් කිරීමේ ව්‍යාපාරය
(4) දෙමල කොඩියක් සහිත දෙමල රටක් සදා ගැනීමේ ලෝක දෙමල ව්‍යාපාරය
(5) ඉන්දියාව කැබලි කිරීමේ ක්‍රිස්තියානි ව්‍යාපාරය
මෙම ලිපියේ මීලඟ කොටසින් ලංකාවට ඇති ස්වයංවිසඳුම සලකා බලමු.
July 26th, 2014 at 4:27 pm
ලංකාවේ පරිහානිය (දුක)
ලංකාවේ පරිහානියට හේතුව (දුකට හේතුව)
ලංකාවේ පරිහානිය නැති කිරීම (දුක නැති කිරීම)
ලංකාවේ පරිහානිය නැති කිරීමේ මග (ආර්ය අෂ්ටාංගික මාර්ගය)
Must change this a bit.
1 පරිහානිය ( Just understand this without “ලංකාවේ ” a common element to all countries)
2. should be ” පරිහානිය හටගැනීම” or arising of suffering.
3. පරිහානිය නැතිවීම. or cessation of suffering. This happens automatically when the root cause is removed. By understanding the arising of suffering properly and following the 4th.
4. පරිහානිය නැති කිරීමේ මග – correct term.
first of all the executive president must follow DRD ( Dasa Raja Dhamma) to achieve this. he should just direct his good generosity kindness to Sinhala Buddhist too in the same amount he is giving to others, proportionately to the population. No more no less.
For a good start STOP DRINKING. That will show his courage to do other good things.
July 27th, 2014 at 5:14 am
Running a country is not the same as writing an article expressing one ‘s views. First thing to do is to ban BBS and lock up Gnanasara. Buddha never insulted other religions or spread hatred like what the thug thero is doing.
July 27th, 2014 at 2:25 pm
Levins,
BBS is not the problem. JIHAD is the problem.
If the police acted against JIHADISTS throwing stones at Buddhists ON POSON POYA DAY and throwing cow carcasses into the temple, BBS would have intervened.
If Gnanasara goes to jail Sampanthan and Hackhim must also go to jail.
The figure in question here is NOT Buddha but Mohammed.
July 27th, 2014 at 3:31 pm
“Buddha never insulted other religions ” – what rubbish !
Buddha ridiculed all religions existed during his time by proper arguments.
Anyway, Ganasara is not Buddha. Sinhala people are not commanded to follow Buddha. It is up to them. If needed they will kill to protect the country and after saving the country they will meditate and attain Nibbana , if they wish.
Angulimala killed 999 people unnecessarily to for Guru Puja and became an Arahant ( attained Nibbaana) later.
If each Sinhales kills 999 enemies to save their beliefs and way of life they may still be good Buddhists later in life.
Ganasara did not kill any Muslim. Only armed forces did because the Muslims attacked Sinhalese.
July 27th, 2014 at 4:18 pm
“If each Sinhales kills 999 enemies to save their beliefs and way of life they may still be good Buddhists later in life.”
Agree.
Somewhat similar to the parable of the prodigal son in the Bible. Or the thief who was hanged with Jesus. Or parable of the honest beggar/thief who prayed in a church alongside a rich and religious man.
“Buddha ridiculed all religions existed during his time by proper arguments.”
These things should be used against those who say all Buddhists to meditate and go to nirvana ASAP so that they can have their TAMIL ELAM and CALIPHATE in SL.
July 28th, 2014 at 9:15 am
Please also read this. This says it all!
විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම
අරාජිකත්වයට පාර කැපීමකි
1996 නොවැම්බර් 01 වැනිදා අපරභාගයේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජූනියස් රිචඩ් ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත විය. කොළඹ මහ නගර සභාවේ නිව් බසාර් නැගෙනහිර කොට්ඨාසයට 1940 දී නිතරගයෙන් පත් වූ ජේ. ආර්. 1943 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කැලණිය මන්ත්‍රීවරයා ලෙස තේරී පත්විය. ලංකාවේ ප්‍රථම මුදල් ඇමැති වූයේද මොහුමය. 1977 ජුලි මැතිවරණයේදී හයෙන් පහක බලයකින් එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටවූ ජේ. ආර්. 1978 පෙබරවාරි 04 වැනිදා ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. විසිවන සියවසේදී මෙරට වැඩියෙන්ම නින්දා අපහාස විඳි දේශපාලනඥයා වූයේත් ජේ. ආර්. ය. ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල ආරම්භ වූ සමයේ ලංකාව පුරාම ඔවුන් ලියූ ප්රමුඛ සටන් පාඨය වූයේ ‘ජේ. ආර්. මරමු’ යන්නයි. නමුත් මේ වයෝවෘද්ධ දේශපාලනඥයා ඒ සියල්ල උපේක්ෂාවෙන් ඉවසූ බව ප්‍රකට කරුණකි. අදත් බොහෝ දෙනා ජයවර්ධන ජනාධිපතිව විවේචනය කළද ඔහු සැබෑ යුගපුරුෂයෙකි.
මේ ඥනවෘද්ධ රාෂ්ට්‍ර පාලකයා ගැන අපට සිහිවූයේ මන්ද? නැවතත් රට පුරාම විධායක ජනපති ක්‍රමය අහෝසි කළ යුතු යෑයි කියමින් කතිකාවතක් ඇරඹී ඇති නිසාය. කවරකු විවේචන ඉදිරිපත් කළද විධායක ජනාධිපති ක්‍රමය ඇති කිරීම ජයවර්ධන ජනපතිගේ විශිෂ්ට ක්‍රියාවකි.
අද එක්සත් ජාතික පක්ෂය මෙය අහෝසි කළ යුතුයෑයි කීම එක්තරා අන්දමක කුහකකමකි. රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකතුමාත් විධායක ජනපති ක්‍රමය අහෝසි කළ යුතු යෑයි කියයි. නමුත් 2005 නොවැම්බර් මාසයේදී මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට හැකිවූවා නම් වික්‍රමසිංහ මහතා කිසි කලෙක මෙවැනි කථාවක් කියන්නේ නැත.
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් පිහිටුවා ඇති සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විධායක ජනපති ක්‍රමය අහෝසි කළ යුතු යෑයි කියයි. සෝභිත හිමියන් ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ දැයි අප නොදන්නා නමුත් ඒ හිමියන් ගෙනයන දේශපාලන ව්‍යාපාරයේ ප්රමුඛ සටන් පාඨය විධායකය අහෝසි කළ යුතුය යන්නයි. 2015 පැවැත්වෙන ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට එරෙහිව ප්රමුඛව ඉදිරිපත් කෙරෙන සටන් පාඨය වන්නේද මේ විධායකය වෙනස් කිරීම බව සැක නැත. සෝභිත හිමියන්ගේ දේශපාලන ව්‍යාපාරයට විධායක ජනපති ක්‍රමයට එරෙහි වීමේ අවංක වුවමනාවක් තිබේද? නැතිනම් මේ ආණ්ඩුව පෙරළීම වෙනුවෙන් ගොඩනැඟූ එකමුතුවට වඩා සාධාරණ මුහුණක් ලබාදීම වෙනුවෙන් විධායකය අහෝසි කළ යුතුය” යන වෙස්මුහුණු පළ\d ඇති බව නම් අමුතුවෙන් කිව යුතු නැත. සන්ධාන ආණ්ඩුව පෙරළීමෙන් සෝභිත හිමියන් අපේක්ෂා කරන සාධාරණ සමාජය ඇති කළ හැකිනම් එයට අපි පූර්ණ සහය ලබාදෙමු. විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමෙන් සාධාරණ සමාජයක් ඇති කළ හැකිද? කිසිසේත් නැත. එය දේශපාලන පද්ධතියේම ප්රශ්නයකි. 2015 දී රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුවහොත් මේ කතා කරන පිරිසම විධායකය තවදුරටත් තබාගත යුතුයෑයි තර්ක කරනු ඇත. විධායක ජනපති ක්‍රමය නොතිබෙන්නට මෙරට ත්‍රස්තවාදී යුද්ධය අවසන් කිරීමට අවශ්‍ය ප්‍රමුඛතම දේශපාලන බලය ලැබෙන්නේ නැත. රට අරාජිකවීමද වැළකුණේ විධායක ජනපති ක්‍රමය නිසාය.
විධායක ජනපති ක්‍රමය දැන් වසර 35 ක් පැරණිය. 1994 බලයට පත් වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් සිය ප්‍රථම සටන් පාඨය කරගත්තේ විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමයි. ඇය 94 දී බලයට පත්වන විට ප්‍රකාශ කළේ මේ ජනපති ධුරය වසරක් ඇතුළත අහෝසි කර දමන බවය. ඇය අවුරුදු 11 ක් රට පාලනය කළද ඒ පොරොන්දුව ඉටු කිරීමට හැකි වූයේ නැත. ඇයට බොහෝ පොරොන්දු ඉටු කිරීමට නොහැකි වූ බව ප්‍රකට කරුණකි. එසේ පොරොන්දු ඉටු නොකළ චන්ද්‍රිකා මහත්මියත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සමඟ අත්වැල් බැඳගෙන විධායක ජනපති ක්‍රමය අහෝසි කළ යුතු යෑයි කියයි. 94 දී චන්ද්‍රිකා මහත්මියට විශාල ජනවරමක් ලැබුණේද විධායක ජනපති ක්‍රමයට තිබූ ජනතා විරෝධයත් සමඟය. නමුත් ඇය එය ඉටුකිරීමට තරම් කාරුණික වූයේ නැත.
හිටපු ජනපතිනියද 2015 දී පොදු අපේක්ෂිකාවක් ලෙස නැවත දේශපාලන කරලියට පිවිසෙනු ඇතැයි දේශපාලන ලෝකයේ පසුගිය දිනවල කතාබහක් ඇති විය. නමුත් යළි දේශපාලනයට පැමිණ ඇය කවරක් කරන්නද? කුමාරතුංග මහත්මියගේ දේශපාලන ආකර්ශනයද සිඳීගොස් ඇත. ඇයට රාජපක්ෂ විරෝධයක් නම් තිබෙන බව ඇත්තකි. ඒ ගැන ඇය තර්ක කරන්නේ නැත. සාධාරණ සමාජයක් ඇතිකිරීමේ ව්‍යාපාරය හා අත්වැල් බැඳගත්තේද මේ විරෝධය නිසාය.
මාදුළුවාවේ සෝභිත හිමියන් ඇතුළු කණ්ඩායම ප්‍රකාශ කරන්නේ විධායකය යක්ෂයෙක් වී ඇති බවය. නමුත් අද රටේ ප්‍රමුඛතම ගැටලුව විධායක ජනපති ක්රමයද? ඊට වඩා ගැටලු නැද්ද? ජනයා පීඩා විඳින ආර්ථික ප්‍රශ්න ගැන කතා නොකරන්නේ මන්ද? විධායකය නැති කිරීමෙන් මේ ආර්ථික ප්‍රශ්න විසඳෙන්නේද? නැත. ජනතාව මත ඇති ජීවන බර අඩුකරන්නැයි මාදුළුවාවේ සෝභිත හිමි ඉල්ලා සිටියා නම් එය වඩා හොඳය. විපක්ෂ කණ්ඩායම්වලට අවශ්‍ය මහින්ද රාජපක්ෂට අභියෝග කළ හැකි පුද්ගලයකු නිර්මාණය කිරීමය. සෝභිත හිමියන්ගේ ජනප්‍රියතාවය වර්ධනය වී ඇත්ද? නැත. 87 මවුබිම සුරැකීමේ ව්‍යාපාරයේ නායකයාණන් ලෙස කටයුතු කළ සෝභිත හිමියන් හා අද සෝභිත හිමියන් අතර වෙනසක් ඇත. උන්වහන්සේගේ අරමුණු අවංක විය හැකිය. නමුත් එදා යුද්ධයට එරෙහි වූ අයත් අද සාධාරණ සමාජයක් සඳහා වූ
ව්‍යාපාරය සමඟ එක්ව විධායකයට එරෙහි වෙති.
ව්‍යවස්ථා වෙනසකින් රටට යහපතක් වන්නේද? කිසිසේත් නැහැ. විධායක අගමැති කෙනකු පත්කිරීමෙන් වෙනසක් වෙයිද? ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යැමට නම්, රට අරාජික වීම වැළැක්වීමට නම් විධායක ජනපතික්‍රමය පවත්වාගෙන යැම අත්‍යවශ්‍ය වනු ඇත. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය 94 දී බලයට පත්වී 2005 දී නැවත පිටව යනතුරු විධායක ජනපති ක්‍රමය අහෝසි නොකළේ මන්ද? මේ පුටු මාරු කළහොත් රට අරාජික වන බව ඇය හොඳින් දැන සිටි නිසාය. දැන් දැන් විධායකයට එරෙහි වීම සැබවින්ම කුහකකමකි. මහින්ද රාජපක්ෂ විධායක ජනපති ක්‍රමයට එරෙහිව කොළඹ සිට කතරගමට පා ගමන් ගිය පුද්ගලයෙකි. නමුත් ඔහු විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට එකඟවනු ඇද්ද?
තනි පුද්ගලයකු අත අසීමිත බලතල ඒකරාශි වීම ප්රශ්නයකි. එය පාලනයට යම් යම් නීති ප්‍රතිපාදන සකස් කළ යුතුය. නමුත් බලතල ඒකරාශි වීම වැළැක්වීමට කියමින් විධායක ජනපති ක්‍රමය අහෝසි කළ යුතු නැත. එක්සත් ජාතික පක්ෂය විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට එකඟවීම තම හිටපු නායකයාට කරන ෙද්‍රdaහිකමකි. ඇත්තෙන්ම ඔවුන් බලයට පැමිණි පසු මෙය ඉටුකරයිද? 2015 රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුවහොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරයිද? කිසි කිසිසේත්ම නැත. මේවා සටන් පාඨ පමණකි.
* චතුර පමුණුව
July 29th, 2014 at 7:31 am
Yesterday I read Mr. Wijayawickrema’s April 2013 article in LankaWeb on Sobitha Thera and his Christian friends. It is a very interesting and an informative one but I couldn’t fully understand it due to strange letters and symbols appeared in between words/phrases.
This article is more important today than before!
Can our learned friend Lorenzo or a LankaWeb administrator kindly restore and republish it? Many thanks!