කන්ද උඩරට ඛේදවාචකයෙන් බිඳක් 4
Posted on October 17th, 2014
ධර්මසිරි සෙනෙවිරත්න
වසර ගනාවක් ලුණු නැතිව ඒ වෙනුවට අඟුරු සමග බත් කමින් සුද් දාට යටත් නොවී උදාර ලෙස දිවිගෙවූ 1802 දී උඩරට සිටි මිනිසුන් හා 1818 දීත් 1848 දීත් හරි හමන් ආයුධයක්වත් නැතිව සුද්දන් සමග ජීවිත පූජාවෙන් සටන්කළ උඩරට ගොවියෝ ඒ සියල්ල කලේ තම උරුමය රක ගැනීමටය. ඇපල් මිදී හා වෙනත් සුඛෝපභෝගී දේ නතය් දෙස්දෙවොල් තියමින් සිරිමා රජය පෙරලා එ ජා. ප. ය රජ කරවා විවුර්ත ආර්ථිකය අටවාගත් අ ය සමග සසදන විට එදා උඩ රටියෝ දෙවියෝය. මේ සියලුම ජීවිත පූජා අමතක කර සුද්දන්ටත් අනෙක් විදේශිකයන්ටත් අපේ රට දිගටම භුක්තිවිදින්නට ඉඩ සලසූ 19 48 රට බාරගත් උන් ගහලයෝය.
වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු රජවී වසර 2 කදී රජවැල්ල අම්බකොටුව පොල්වත්ත සහ අවට ගම්වාසීන් අමතා මෙගම්වලින් ජනතාව ඉවත් කර කැ ලෑ වැ වීම අවශ්‍ය බවත් අනාගත ඕලන්ද ආක්‍රමණයකට මුහුණදීම සඳහා එය අවශ්‍යම බවත් පැහැදිලි කරදුන්විට වැසියෝ ස්වාදෙශානුරාගයෙන්යුතුව තම ගම්බිම් අතහැර මහවත්ත නත්තරන්පොත නාපාන ගුන්නේපාන දම්බරාව හුරීකඩුව කෙන්ගල්ල උඩගම අතරගල්ල අම්පිටිය යන ගම්වල පදින්චිවූහ. අම්බකොටුව රජවැල්ල හා පල්ලෙකැලේ යන ගම වලින් සමන්විත අක්කර 4200 කට අධික පල්ලෙකැලේ වතුයාය තුල එදා විසූ මිනිස්සු ජන්ම භූමිය හා සංස්කෘතිය රක ගැනීමට එදා එසේ ගෙවල් දොරවල් අත්හැර ගියහ. මේ උදරටියන්ගේ පරිත්‍යාගය සදානුස්මරනීයවේ . අම්බකොටුවේ පමණක් අවුරුදු 250 කට වඩා පැරණි කොස්ගස් පමණක් 4487ක් තිබුනේය එයම ඒ පෙදෙස් වල සස්ස්රීකත්වයට නිදසුනකි 1815දී සෝවර්ස් විසින් පොල්වත්තේ ප්‍රථම ස්කාගාරය පිහිටුවා රට විනාශ කිරීම ආරම්භ කරනලදී .ඩී . එස් .ලා කලයුතුවූයේ ජෙනින්ග්ස් සරණ යාම නොව අපෙඋරුමය රක දීමය. පූර්ණ නිදහස ඉල්ලා බණ්ඩාරනායක ඇතුළු සමහරු සටන්කරනවිට ඩී එස් කිව්වේ ඩොමීනියන් හෙවත් අර්ධ නිදහස ප්‍රමාණවත් ය කියාය. සුද්දන් අනුව යමින් විරාජමාන වෙමින් ”’කපුටෝ නොකෙටූ අන්නාසී සොයමින් ”’ සපවිදින්නට ඔවුන් කල කී දේ බෝතලේ පැත්තේඅ ය දනිති. ඩී . එස් ගැන වෙනම ලිවිය යුතුය.