මෛත්‍රීපාල කැඳයෙක්.. ආව උන් පෙන්දෝ.. ගේනවා කිවු 40 කෝ.. උඹ මාව කෑවා – රනිල් චන්ද්‍රිකාට බැණ වදී -හෙට අයවැය පරද්දනවා.. එහෙම නොකලොත් මගේ තාත්තා බණ්ඩාරනායක නොවෙයි..චන්ද්‍රිකා
Posted on November 23rd, 2014
ශ්‍රීලනිපයෙන් ගෙන එන බව කියූ මන්ත්‍රිවරු 45 තවම නාවේ මන්දැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකට බැණ වැදී ඇතැයි වාර්තා වෙයි.තමන් මෛත්‍රීපාල සිරිසේනට පොදු අපේක්ෂක කම ලබා දෙන්නට එකඟ වූයේ දැන් එජාපයේ සිටින මන්ත්‍රි පිරිසට වඩා වැඩි ශ්‍රීලනිප මන්ත්‍රී පිරිසක් ගෙන එන බවට පොරොන්දු වූ නිසා යයිද පවසා ඇති ඒ මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවටද ගෙන එන බව කී ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් 20 කොහේදැයි ප්‍රශ්ණ කර තිබේ.
එම මාධ්‍ය හමුවටද චන්ද්‍රිකා විසින් වාඩි කරවන බවට සහතික කල බල කණු කොහේදැයි විමසා ඇති වික්‍රමසිංහ මහතා මේ පෙන්දන් වෙනුවෙන් තමන් ජනාධිපති අපේක්ෂක ධුරය මෛත්‍රීපාල වැනි කැඳයෙකුට ලබාදීම ගැන කණගාටු වන බවද කියා තිබේ.
තමන් ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස තරඟ වැදුනහොත් දෙමළ සන්ධානයේ සහ ජවිපෙ සහාය ලබා නොදෙන තැනට කටයුතු කරවනු ලැබුවේ හිටපු ජනාධිපතිනිය විසින් යයිද වික්‍රමසිංහ මහතා චෝදනා කර ඇත.
2015 වසර සඳහා වූ අයවැය පරදවීම සඳහා ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධ කර ගැනීමේ මෙහෙයුමක් මේ වන විට විපක්ෂය විසින් ආරම්භ කර ඇති බවට තොරුතුරු වාර්තා වේ.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩානාරයක කුමාරතුංග විසින් මෙම මෙහෙයුම ආරම්භ කර ඇත.
කලින් සැලසුම් කල තරමේ පිරිසක් ගෙන ආවේ නැතැයි රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඇය වෙත එල්ල කර ඇති චෝදනා සඳහා පිළිතුරු දෙමින් ඇය පවසා ඇත්තේ ‘හෙට චන්ද්‍රකාගේ හැටි කාට කාටත් බලා ගන්න පුළුවන්. හෙට අයවැය පරද්දනවා. එහෙම නොකලොත් මං බණ්ඩාරණායකගේ දුවෙක් නොවෙයි’ කියාය.
මේ සඳහා වන විශේෂ සාකච්චාවක් විපක්ෂයේ සියළු දේශපාලන පක්ෂ අතර මේ වන විට කොළඹදී පැවැත්වෙන්නේ යයිද දැනගන්නට ඇත.
Leave a Reply
You must be logged in to post a comment.
Disclaimer: The comments contained within this website are personal reflection only and do not necessarily reflect the views of the LankaWeb. LankaWeb.com offers the contents of this website without charge, but does not necessarily endorse the views and opinions expressed within. Neither the LankaWeb nor the individual authors of any material on this Web site accept responsibility for any loss or damage, however caused (including through negligence), which you may directly or indirectly suffer arising out of your use of or reliance on information contained on or accessed through this Web site.
All views and opinions presented in this article are solely those of the surfer and do not necessarily represent those of LankaWeb.com.
This entry was posted
on Sunday, November 23rd, 2014.
You can follow any responses to this entry through the RSS 2.0 feed.
You can skip to the end and leave a response.
November 23rd, 2014 at 5:14 am
The opposition cannot muster sufficient numbers to defeat the budget. They may need a lesson in mathematics. CBK’s high emphasis on SWRD Bandaranaike doesn’t cut the mustard today. For good or bad Bandaranaikes are irrelevant today in national decision making.