යක්ෂයා ශබ්ද නඟා සිනාසුනේය
Posted on March 16th, 2015
වෛද්‍ය රුවන් එම් ජයතුංග
එක්තරා යුගයක
ආගම් නොමැති කාලයක් තිබුණි
එකල මිනිසුන් සහෝදරත්වයෙන් ජීවත් වූහ
මෙය දුටු යක්ෂයා කිපුනේය
මිනිසුන් සාමයෙන් සහෝදරත්වයෙන් ජීවත් වීම
යක්ෂයා දිනෙන් දින දුර්වළ කිරීමක් විය
මිනිස් වර්ගයාගෙන් මානුශික ගුණාංග අතුරුදහන් කිරීමට
යක්ෂයා ආගම් නිපදවන ලදි
ඉක්බිති යක්ෂයා ආගම් මිනිසුන් වෙත දමා ගැසීය
ආගම් නිසා දෑස් අන්ධව ගිය මිනිසුන්
කෝළහාල කර ගත්හ
ආගමේ නාමයෙන් තම අසල්වාසියා
පරි පීඩනයට ලක් කළහ
ආගමේ නාමයෙන් මහාජන සංහාර කළහ
ආගමේ නාමයෙන් බෙලි කපා දැමූහ
ආගමේ නාමයෙන් සමූහ දූෂණ කළහ
මේ දුටු යක්ෂයා ශබ්ද නඟා සිනාසුනේය
March 16th, 2015 at 3:19 pm
සියල්ල මවු දෙවියන්වහන්සේ තම ලොකුම මැවීම විනාශ කරණ යක්ෂයාත් මැව්වේ අමුකැ විලද දැන් දෙවියන්වහන්සේ යකා -පස්සෙන් යන්නේය අය්යෝ සර්වබලධාරියාට ගිය කලක්
යහපාලනය ක් ගෙනයාමට සිටි දෙය්යෝ දැන් යක්ෂයාට යටවී සිටී
March 17th, 2015 at 3:51 pm
යක්ශයා ගමමහගේ රවටවා ගෙදර උයන දේ සොරාකෑවේය. එහෙත් එක්දිනක බඩගින්නේ ඉඳලාම ඇතිවී සිටි ගමරාල ජීවිත ආසාව අත් හැර හදිසියේම් ඇවිත් “යකෙක් කන්න බඩගිනියි” කීය. යක්ශයාගේ බිය නිසා යක්ශයා පරාජයට පත්වී ගමරාලට වහලෙක් විය.