නොනගතය
Posted on April 15th, 2015
නලින් ද සිල්වා
අවුරුදු දවස්වල රූපවාහිනී නාලිකා මගින් විවිධ පඬියෝ විවිධ කතා කියති. බොහෝ පඬියන්ට ද පඬි නිවේදකයන්ට ද අනුව මේ ගෙවී යන්නේ සිංහල දෙමළ අලුත් අවුරුද්දකි. ඇතැම්හු තම පඬි බව තවත් ප්‍රදර්ශනය කරමින් සිංහල දමිළ අවුරුද්දක් ගැන කියවති. මෙරට උගත් යැයි සම්මත සිංහල බෞද්ධයනට සිංහල බෞද්ධ චින්තනය ගෑවීවත් නැත. ඔවුහු අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර පවත්වති. නොනගතයට පන්සල් යති. එහෙත් ඔවුන් බොහෝ දෙනකුට තවමත් නොනගතය යනු නැකැත් නැති වෙලාවකි.
තරමක් පඬි වූවෝ සුබ මූර්ති නැති වෙලාවක් යැයි කියති. නොනගතය යන්න හා නැකැත් නැත යන්න අතර යම් සම්බන්ධයක් ගොඩනගා ගත හැකි වුව ද සුබ මූර්තිය යන්නෙන් නොනගත යන්න බිඳ ගන්නේ කෙසේ දැයි ඔවුහු නො කියති. කෙසේ වෙතත් තමිල්නාඩුවේ මේ දිනවල පවත්වන අවුරුද්දක් නැති බව පඬියෝ නො කියති. මෙය සිංහල දෙමළ අවුරුද්දක් වී ඇත්තේ සුද්දන්ගේ නිවාඩු ප්‍රශ්නයක ප්‍රතිඵලයක් ලෙස ය.
බොහෝ පඬියන්ට සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යෑම හෝ රේවති නැකතින් අස්විද නැකතට යෑම හෝ දිරවා ගත නො හැකි ය. ඔවුන්ට අනුව සූර්යයා චලනය නො වෙයි. ඔවුන් කියන්නේ චලනය වන්නේ පෘථිවිය බව ය. මේ පඬියෝ සාපේක්ෂ චලිතය ගැන නො දනිති. ජ්‍යෙතිෂය මූලික වශයෙන් පදනම් වන්නේ පෘථිවියට සාපේක්ෂව ග්‍රහයන්ගේ චලිතය මත ය. නිරපේක්ෂ චලිතයක් නොමැති බැවින් ඒ ඒ කාර්යයට අවශ්‍ය අන්දමට සාපේක්ෂ චලිතය ගැනීමට සිදුවෙයි. පංචෙන්ද්‍රිය ගෝචර ලෝකයක් ගැන පමණක් විශ්වාස කරන පඬියන්ට සූර්යයාගේ චලිතය හැරෙන්නට පෘථිවියේ චලිතයක් දැකගත හැකි ද? බටහිර විද්‍යාවේ පෘථිවියේ චලිතය යනු වියුක්ත දැනුමකි. එහෙත් පඬියෝ එය ආනුභවික දැනුමක් ලෙස සලකති.
සිංහල බෞද්ධයෝ බුදුදහම විද්‍යාත්මක යැයි කීමට කැමති වෙති. ඔවුහු බුදුන් වහන්සේ ලෝකයේ පහළ වූ පළමු විද්‍යාඥයන් වහන්සේ යැයි කියති. එහෙත් එකදු සිංහල බෞද්ධයකුට හරිහමන් විද්‍යාඥයකු වීමට නොහැකි වී ඇත්තේ ඇයි දැයි තේරුම් කර නොදෙති. ඔවුහු කාළාම සූත්‍රය ගැන පුරසාරම් දොඩවති. ඒ සූත්‍රයෙන් විද්‍යාත්මක ක්‍රමයක් කියැවෙතැයි ඔවුහු කියති. අබෞද්ධ කාලෝ ෆොන්සේකා ද එසේ කියයි. ඔහුට කාළාම සූත්‍රයෙහි දෙවැනි කොටස ලෙස මා විසින් හැඳින්වෙන්න තරමක් තේරුම් ගැනීමට අවුරුදු විසිපහක් පමණ ගත වී ඇත. ඇතැම් සිංහල බෞද්ධයන් සිය ජීවිතයෙහි කිසි දිනෙක ඒ තේරුම් නොගනු ඇත.
බටහිර විද්‍යාවේ කෙරෙන්නේ පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම් තේරුම් ගැනීමට පංචෙන්ද්‍රිය ගෝචර නොවන කතන්දර ගෙතීම ය. එය බුදුන්වහන්සේගේ ක්‍රමය නො වේ. උන්වහන්සේ සියල්ල පසක් කළහ. ඒ පසක් කිරීම හෙවත් ප්රත්යක්ෂය සාමාන්‍ය ප්යථග්ජනයන්ගේ ප්රත්යක්ෂය නො වේ. නිවන ප්රත්යක්ෂ කිරීම යනු පෘථග්ජනයන් නිර්මාණය කරන දැනුම් අසත්‍ය බව ප්රත්යක්ෂ කිරීම යැයි මම සිතමි. පෘථග්ජන දැනුම් නොදැනුම් බවට පත්කිරීම යැයි සිතමි. එහෙත් පෘථග්ජනයන් ලෙස ජීවත්වීමේ දී අපට මේ බොරු දැනුම් අවශ්‍ය වෙයි. අපේ ප්‍රධාන ම බොරුව මා යන්න ය. එහෙත් අපි ඒ බොරුව විශ්වාස කරමු.
පෘථග්ජනයන්ගේ ප්රත්යක්ෂ දෙයාකාරයකි. එක් ආකාරයක් අප සියළු දෙනාට ම පොදු ය. එහි දී පංචෙන්ද්‍රියන් ද මනස ද යොදා ගැනෙයි. අනෙක් ආකාරයේ මනස පමණක් යොදා ගැනෙයි. ඒ සඳහා මනස දියුණු කළ යුතු ය. එහි දී පංචෙන්ද්‍රිය යොදා නො ගැනෙයි. බුදුන් වහන්සේගේ හා රහතන් වහන්සේගේ මනස දියුණු කිරීම යනු මනස ද බොරුවක් බව පසක් කිරීම ය. අපි ඒ ගැන නොව පෘථග්ජන මනස දියුණු කිරීම ගැන පමණක් සළකමු. පැරණි ජ්‍යොතිෂවේදීන් හා සෘෂිවරුන් එසේ මනස දියුණු කිරීමෙන් විවිධ දේ පසක් කර ඇති බව පැහැදිලි ය. කොපර්නිකස්ට පෙර පැරැන්නෝ පෘථිවිය සූර්යයා වටා චලනය වන බව ද පසක් කර ගත්හ. එහෙත් ඔවුහු එය නිරපේක්ෂ චලිතයක් නොවන බව ද පසක ් කරගෙන සිටියහ.
ඒ අතර පැරුන්නෝ අහස ද නැකැත්වලට (සිංහල ක්‍රමය) හෝ රාශිවලට (බටහිර ආසියාවෙන් භාරතයට ලැබුණු ක්‍රමය) හෝ බෙදුහ. එ අහසෙහි සූර්යයා චලනය වන අන්දමත් එක් නැකතකින් තවත් නැකතකට හෝ එක් රාශියකින් තවත් රාශියකට
සංක්රමණයවීමත් ඔවුහු දුටුවෝ ය. සූර්යයා මින රාශියෙන් මේෂ රාශියට යෑම ද එවැන්නකි. සූර්යයා යනු ලක්ෂ්‍යයක් නො වේ. එය ද්විමානයෙහි ප්රක්ෂෙපණය වන්නේ තැටියක් ලෙස ය. මේ තැටියට රාශි දෙකක් හෝ නැකැත් දෙකක් හෝ වෙන් කරන රේඛාව පසුකිරීමට පැය තිස්දෙකක් ගත වෙයි. බටහිර ක්‍රමයට නම් හෝරා දොළොසක් සහ මිනිත්තු හතළිස්අටක් ගත වෙයි. නොනගතය ලෙස සැලකෙන්නේ මේ කාල පරිච්ඡෙදයයි.
එය නොනගතය වන්නේ නැකැත් නැතිවීමක් නිසා නොව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට මුළුමණින් පැමිණ නැති නිසා ය. පැරණි සෙල්ලිපිවල අගත අනගත නමින් ව්‍යවහාරයක් වෙයි. අගත යනු පැමිණීම ය. අනාගත යනු නො පැමිණීම ය. ලෙන් විහාර පූජා කෙරුණේ සතර දිශාවෙන් පැමිණි නොපැමිණි භික්ෂූන් වහන්සේට ය. අගත අනගත චතුදිශ සගස්ස යනු පැරණි ව්‍යවහාරය විය. අනගත නොවීම හෙවත් න අනගත යන්න නොනගත වී ඇතැයි සිතමි.
දැනට අවුරුදු විසිහයකට පෙර විදුසර විද්‍යා සංග්‍රහය සමග පැවති සාකච්්ඡාවක දී මා ප්‍රකාශ කළ අදහස් සමග පළ වූ චිත්‍රයක් මේ සමග වෙයි. එය නිවැරදි යැයි මම නො කියමි. එය මගේ නිර්මාණයකි. එහෙත් නොනගතය යනු නැකැත් නැති බවට කෙරී ඇති නිර්මාණය විශ්වාස කරන පඬියන් අවුරුදු විසිපහකට පසුවත් විවිධ ජනමාධ්‍ය මගින් මා එය ප්‍රචාරය කර තිබියදීත් ඒ අදහස් සත පහකටවත් මායිම් නොකරන්නේ ජාතිය ද අවුරුදු ගණනාවක් තිස්සේ නොනගත කාලයක පසුවෙන බැවින් ද? නැතහොත් ජාතිය මා වැරදි මත ප්‍රකාශ කරන්නකු ලෙස හඳුනාගෙන ඇති බැවින් ද?
නලින් ද සිල්වා
April 15th, 2015 at 10:26 am
ප්‍රිය නලින් මහතානෙනි!!
ඔබගේ බෞද්ද ධර්මයගැන දැනීම දුර්වල නිසා බුදුසසුන වෙනුවෙන් ධර්මයගැන ලිවීම නවත්වනමෙන් ඉතා ආදරයෙන් ඉල්වසිටිමු.
1. ජ්‍යෙතිෂය මූලික වශයෙන් පදනම් වන්නේ පෘථිවියට සාපේක්ෂව ග්‍රහයන්ගේ චලිතය මත ය. නිරපේක්ෂ චලිතයක් නොමැති බැවින් ඒ ඒ කාර්යයට අවශ්‍ය අන්දමට සාපේක්ෂ චලිතය ගැනීමට සිදුවෙයි. ඔවුන්ට අනුව සූර්යයා චලනය නො වෙයි. ඔවුන් කියන්නේ චලනය වන්නේ පෘථිවිය බව ය. මේ පඬියෝ සාපේක්ෂ චලිතය ගැන නො දනිති.-COMMENT සාපේක්ෂ චලිතය ගෑන දෑනගත්තත් ජ්‍යෙතිෂය මූලික වශයෙන් පදනම් වන්නේ පෘථිවියට සාපේක්ෂව ග්‍රහයන්ගේ චලිතය බව දෑනගත්තත් සමහරු එය පිලිනොගන්නෙ එයින් ලබගන්නා අනාවෑකියන් ගෑන විශ්වාසයක් තෑබිය නොහෙකි නිසාය.
2. එහෙත් එකදු සිංහල බෞද්ධයකුට හරිහමන් විද්‍යාඥයකු වීමට නොහැකි වී ඇත්තේ ඇයි දැයි තේරුම් කර නොදෙති. -COMMENT මෙය ද නලින් විසින් නිර්මාණය දුෂ්ටාත්මක පට්ටපල් බොරුවකි. මා දන්නා පමන ලන්ඩනයේ පමනක් ගාල්ලෙ මහින්ද විද්‍යලයෙන් උගත් බෞද්ධ, සිංහල දන්ත වෛද්‍ය විද්‍යාව, පිලිබද මහාචාර්යවරුන් දෙදෙනෙක්ද තොලන්ගමුව මද්‍යමහා විද්‍යාලයෙන් ඉගෙනගත් මහාචාර්යවරයෙක්ද ඔහුගේ දුව පෑරිසියේ සොබොන් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෙකු වෑඩ කරන අතර ලෝක ප්‍රසිද්ධ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසින්හ ලන්ඩන් අසල නගරය ක ජීවත්වේ. ලන්ඩනයේ සිංහල බෞද්ධ වෛද්‍ය විශේෂඥයින් හා ඉංජිනේරු විශේෂඥ සියගණනක් පමන ජීවත්වේ. ලන්ඩනයේ පමනක් නොව මුලු එන්ගලන්තයේද සිංහල බෞද්ධ විද්‍යාඥයින් සහ විශේෂඥයින් ඉන්ඩියානුන්ටහා සාපේක්ෂසමාන ප්‍රමානයක් ඈත. නලින් මහතා යන්තමින් ලන්ඩනයේ සිට තමගේ පශ්චාත් උපාදිය අටවාහත් පලියට බෞද්ධ, සිංහලයින් ගෑරෙහිම යුතුනෑත.
3. බටහිර විද්‍යාවේ කෙරෙන්නේ පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම් තේරුම් ගැනීමට පංචෙන්ද්‍රිය ගෝචර නොවන කතන්දර ගෙතීම ය.COMMENTමෙය සත්‍යයක් නො වේ. විද්‍යාව සෑම විටම පර්යේෂණාත්මක අත්දැකීම් මත පදනම් වේ. මෙය කතන්දර ගෙතීමක් නොවේ ය
4. නිවන ප්රත්යක්ෂ කිරීම යනු පෘථග්ජනයන් නිර්මාණය කරන දැනුම් අසත්‍ය බව ප්රත්යක්ෂ කිරීම යැයි මම සිතමි.-COMMENT මෙය ධර්මය වෑරදි ලෙස අවබෝද කිරීමකි. පටිච්ච් සමුප්පාදයේ විස්තරකර ඇති පරිදි නිවන ප්රත්යක්ෂ කිරීම යනු අවිද්‍යාව නෑති කිරීමයි. අවිද්‍යාව නෑති කිරීම විභන්ඟ පාළියේ දැක්වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝද කිරීමයි.
අවිද්‍යාව හේතුකොටගෙන පංචෙන්ද්‍රිය සහ මනසින් ඇතිකරනලද පින් සහ පව් අන්තර්ගත සන්ඛාර ධර්මයන් හේතුකොටගෙන ව්ඤ්ඤාණ ඇතිවේ. අවිද්‍යාව නෑති වු තැන පින් සහ පව් අන්තර්ගත සන්ඛාර ධර්මයන් ඇතිනොවේන නිසා ව්ඤ්ඤාණක්ද ඇතිනොවේ. ව්ඤ්ඤාණක් ඇතිනොවීමෙන් නාම-රූපයක් ද ඇති නොවේ. මේ ආකරයට නිවන ප්රත්යක්ෂ කිරීමට යමෙකුට හැකිවේ
5. එහෙත් පෘථග්ජනයන් ලෙස ජීවත්වීමේ දී අපට මේ බොරු දැනුම් අවශ්‍ය වෙයි. අපේ ප්‍රධාන ම බොරුව මා යන්න ය. එහෙත් අපි ඒ බොරුව විශ්වාස කරමු -COMMENT මා යන්න බොරුව වක් නොව පෘථග්ජනයන් හට නිරායාසයෙන් තණ්හාව නිසා ඇතිවන උපදාන දෘෂ්ටියයි. මෙය සම්පූර්නයෙන්ම තණ්හාව නිසා ඇතිවන වැරදි හැඟිමයි. පෘථග්ජනයන් ලෙස ජීවත්වීමේ දී අපට මේ බොරු දැනුම් අවශ්‍ය නිසා හිතෙන් විශ්වාස කිරීමක් නොවේ. පටිච්ච් සමුප්පාද ධර්මය නලින් විසින් සම්පූරනයෙන් කෙලේසා ඇත.
6. අවුරුදු විසිපහකට පසුවත් විවිධ ජනමාධ්‍ය මගින් මා එය ප්‍රචාරය කර තිබියදීත් ඒ අදහස් සත පහකටවත් මායිම් නොකරන්නේ ජාතිය ද අවුරුදු ගණනාවක් තිස්සේ නොනගත කාලයක පසුවෙන බැවින් ද? නැතහොත් ජාතිය මා වැරදි මත ප්‍රකාශ කරන්නකු ලෙස හඳුනාගෙන ඇති බැවින් ද? COMMENT ඔබගේ අදහස් සත පහකටවත් මායිම් නොකරන්නේ ජාතිය ඔබ වැරදි මත ප්‍රකාශ කරන්නකු ලෙස හඳුනාගෙන ඇති බැවින් නි..
April 15th, 2015 at 1:49 pm
මෙහි මාතෘකාව නොනගතය යන්නයි. මේ ගැන නලින් ගේ අදහස ප්‍රථමවරට දැනගතිමි. එය ඉතා අගනේය. ස්තුතියි.
රාශි ක්‍රමය ඉන්දියාවට පැමිණියේ බටහිර ආසියාවෙන් යයි නලින් පවසයි. එහෙත් ජ්යෝශිතයේ දසා , පොරොන් දම් හැරෙන්නට නැකැත්වල වැඩි භාවිතයක් නැත. මේ ලෙසම සිංහලයාත් නැතිවී යයි ද ? ඔබතුමාගේ ආදරණීය රජු මෙය ඉක්මන් කළ බව තේරුම් නොගැනීම ගැන කණගාටුව්මි. කෙසේ වෙතත් නැකැත් බ්ටහිර ආසියාවෙන් ආබවට කරුණාකර මතුදිනයක සාක්ෂි සඳහන් කරන්නේ නම් මැනවි. මා සිතා සිටියේ නැකත් (අස්විද, බෙරණ, කැති… වශයෙන් ) ගැනෙන් නේ තාරකාවන් (සූර්යයන්) ලෙසයි. ඒ එකකට කිසියම් අවකාශ බෙදීමක් කළා විය හැකැයි ද සිතුවෙමි. එහෙත් ඔබතුමාගේ අදහස ඉතාම තර්කානුකූලය.
“බොහෝ පඬියන්ට සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යෑම හෝ රේවති නැකතින් අස්විද නැකතට යෑම හෝ දිරවා ගත නො හැකි ය. ඔවුන්ට අනුව සූර්යයා චලනය නො වෙයි. ඔවුන් කියන්නේ චලනය වන්නේ පෘථිවිය බව ය. මේ පඬියෝ සාපේක්ෂ චලිතය ගැන නො දනිති. ” – ඇත්ත. මොවුන් පඬියෝනොව මෝඩයෝය.
කාලාම සූත්‍රය ගැරහීම අබෞද්ධ අධමයන් කරගෙන යති. කාලාම සූත්‍රය කිවුවේ කාලාමයන්ට මිස සිංහලයන්ට නොවන බව සියලුම සිංහලයෝ මතකතබාගත යුතුය. මේ ගැන බික්ඛුබෝධි හාමුදුරුවන් ගේ පැහැදිලිකිරීම සියලු දෙනා ( Neela Maha Yodha ඇතුලුව) කියවිය යුතුය. ගොන් සිල්වා, ලොරෙන්සෝ ප්‍රධාන මේ වෙබ් අඩවියට අරක්ගත් මාරයින් ගේ මේ ගැරහීම ගැන මෙහි සැරිසරන හෙල බොදුවෝ නිහඞ ඇයි ? නලින්ට බැනවැදීමට ඉක්මන්වූ Neela Maha Yodha ටවත් මේ ගැන කැක්කුමක් නැද්ද ? මුන් එල්ටීටීඊ කාරයින් බවත් ජනප්‍රිය වීමට රජුට දැනට දොස්නොකියන බවත් නොතේරෙයිද ?
April 15th, 2015 at 1:52 pm
කාලාම සූත්‍රය ගැරහීමගැන බික්ඛුබෝධි හාමුදුරුවන් ගේ පැහැදිලිකිරීම
http://www.accesstoinsight.org/lib/authors/bodhi/bps-essay_09.html
April 15th, 2015 at 2:47 pm
Independent
What we are interested in the following section in Kalama Sutta
The comfortable fit between Buddhism and empirical science has been facilitated by several canonical teachings, of which one of the most important is the “Kalama Sutra.”
“Do not go upon what has been acquired by repeated hearing; nor upon tradition; nor upon rumor; nor upon what is in a scripture; nor upon surmise; nor upon an axiom; nor upon specious reasoning; nor upon a bias towards a notion that has been pondered over; nor upon another’s seeming ability; nor upon the consideration, ‘The monk is our teacher.’ Rather, when you yourselves know that these things are good; these things are not blamable; undertaken and observed, these things lead to benefit and happiness, then and only then enter into and abide in them.”
This teaching is widely (and appropriately) seen as supporting free inquiry and an absence of rigid dogma, an attitude entirely open to empirical verification and thus, consistent with science.
The whole Buddhist teaching is based on realization of the dhamma by individuals by knowledge gain through personal experience rather than reliance on the authority of sacred text or the teachings of avowed masters, because its orientation is empirical rather than theoretical.
Buddhism offers a well established doctrine, that is less a belief system than a series of postulates claiming to provide insight into the nature of human beings and into the world where they operate.(Abidhamma and Paticca Samuppada)
My comments to Nalin is about Paticca Samuppada and Nalin’s attempt to rewrite it to suit his understanding.(Bending the truth to suit his faith what ever it is.)
April 15th, 2015 at 3:00 pm
NMY,
My point is ( Bikkhubodhi explains this in detail) , the statement “Do not go upon . ………into and abide in them.” is used to abuse the pillars of Buddhism such as Nibbana, Craving ( which are noble truths ) by people of other religions, purposely and deliberately. The statement was given to Kalamas , not to SInhalas who already have accepted Buddhism as the right teaching.
April 15th, 2015 at 3:56 pm
Independent
Buddhism as a doctrine should be common to all. Even though Buddha has given specific sermons to suit the specific audience, the basic doctrine should be the same.
April 15th, 2015 at 4:15 pm
NMY,
Buddhism is beyond all doctrines. It is a religion.
Whilst “Ehipasskio” being a quality of Dhamma, which means come and see, those Evil LTTErs have no right to question its validity to Sinhala people from “Outside”. Any fool is welcome to “visit and see”, not to criticize from “outside”.
When you are in there, you follow the vinaya rules for the lay folk don’t kill, don’t steal, don’t lie , don’t go after other people’s women, don’t drink wine , and investigate Buddha’s words. It is fine.
Anyway , please read the Bikkhu Bodhi’s writing with full mindfulness.
April 15th, 2015 at 4:32 pm
NMY,
Context is important. For example Abhidhamma is not in Suttas. It was expounded to Matru Divya Rajaya (Buddha’s mother in heaven). But normal Buddhist try to “practice” Abhidhamma , which is not for practicing at all by humans. By doing so they completely miss out. Meditate everyday for years with zero result or go mad. This is why Nalin’s “Pattapal Boru theory” has some truth in it.
When Avijja is expelled , “all pattapal boru” including “sakkaaya ditthi” goes with it. Which you too said in a your way.
To expel Avijja one has to be awake all the time, understand how kamma in action in this very moment, how sankaras are created here and now by this body and mind.
April 15th, 2015 at 4:36 pm
Do not go upon what has been acquired by REPEATED HEARING; nor upon tradition; nor upon rumor; nor upon what is in a scripture; nor upon surmise; nor upon an axiom; nor upon specious reasoning; nor upon a bias towards a notion that has been pondered over; nor upon another’s seeming ability; nor upon the consideration, ‘The monk is our teacher.’ Rather, when you yourselves know that these things are good; these things are not blamable; undertaken and OBSERVED, these things lead to benefit and happiness, then and only then enter into and abide in them.
This has been my guiding principle since I came to know this when I was 19. I have this pasted above my bed and read it every morning. Slightly different but the same thing.
Special emphasis on REPEATED HEARING and OBSERVED.
It has business applications too. This is used by a certain Christian sect in a developed country to bring people back to church by PRUING the unbelievable parts in the BIBLE. Rebranding their church as a PATH OF QUESTIONING AND DISCOVERY TOGETHER.
If this is used to to abuse the pillars of Buddhism such as Nibbana, Craving ( which are “noble truths” ), that is the whole PURPOSE of this kalama sutra.
Such QUESTIONING leads to Buddhism being brought back to its ORIGINCAL PRINCIPLES.
I think the purpose of Buddhism is for EVERYONE to find his or her OWN noble truths and noble paths upon reasoning. Not following. Buddhism is all about REINVENTING THE WHEEL not repeating the 5 percepts.
Each of us has to PAVE our OWN path through this clutter of worldwide BS jungle using the kalama sutra as a ground clearing weapon.
April 16th, 2015 at 2:01 am
Lorenzo,
I believe you haven’t pasted the correct “sutta” near your bed.
Kalama Sutta goes like this.
(The criterion for rejection)
4. “It is proper for you, Kalamas, to doubt, to be uncertain; uncertainty has arisen in you about what is doubtful. Come, Kalamas. Do not go upon what has been acquired by repeated hearing; nor upon tradition; nor upon rumor; nor upon what is in a scripture; nor upon surmise; nor upon an axiom; nor upon specious reasoning; nor upon a bias towards a notion that has been pondered over; nor upon another’s seeming ability; nor upon the consideration, ‘The monk is our teacher.’ Kalamas, when you yourselves know: ‘These things are bad; these things are blamable; these things are censured by the wise; undertaken and observed, these things lead to harm and ill,’ abandon them.
(Greed, hate, and delusion)
5. “What do you think, Kalamas? Does greed appear in a man for his benefit or harm?” — “For his harm, venerable sir.” — “Kalamas, being given to greed, and being overwhelmed and vanquished mentally by greed, this man takes life, steals, commits adultery, and tells lies; he prompts another too, to do likewise. Will that be long for his harm and ill?” — “Yes, venerable sir.”
6. “What do you think, Kalamas? Does hate appear in a man for his benefit or harm?” — “For his harm, venerable sir.” — “Kalamas, being given to hate, and being overwhelmed and vanquished mentally by hate, this man takes life, steals, commits adultery, and tells lies; he prompts another too, to do likewise. Will that be long for his harm and ill?” — “Yes, venerable sir.”
7. “What do you think, Kalamas? Does delusion appear in a man for his benefit or harm?” — “For his harm, venerable sir.” — “Kalamas, being given to delusion, and being overwhelmed and vanquished mentally by delusion, this man takes life, steals, commits adultery, and tells lies; he prompts another too, to do likewise. Will that be long for his harm and ill?” — “Yes, venerable sir.”
8. “What do you think, Kalamas? Are these things good or bad?” — “Bad, venerable sir” — “Blamable or not blamable?” — “Blamable, venerable sir.” — “Censured or praised by the wise?” — “Censured, venerable sir.” — “Undertaken and observed, do these things lead to harm and ill, or not? Or how does it strike you?” — “Undertaken and observed, these things lead to harm and ill. Thus it strikes us here.”
9. “Therefore, did we say, Kalamas, what was said thus, ‘Come Kalamas. Do not go upon what has been acquired by repeated hearing; nor upon tradition; nor upon rumor; nor upon what is in a scripture; nor upon surmise; nor upon an axiom; nor upon specious reasoning; nor upon a bias towards a notion that has been pondered over; nor upon another’s seeming ability; nor upon the consideration, “The monk is our teacher.” Kalamas, when you yourselves know: “These things are bad; these things are blamable; these things are censured by the wise; undertaken and observed, these things lead to harm and ill,” abandon them.’
(The criterion for acceptance)
10. “Come, Kalamas. Do not go upon what has been acquired by repeated hearing; nor upon tradition; nor upon rumor; nor upon what is in a scripture; nor upon surmise; nor upon an axiom; nor upon specious reasoning; nor upon a bias towards a notion that has been pondered over; nor upon another’s seeming ability; nor upon the consideration, ‘The monk is our teacher.’ Kalamas, when you yourselves know: ‘These things are good; these things are not blamable; these things are praised by the wise; undertaken and observed, these things lead to benefit and happiness,’ enter on and abide in them.
(Absence of greed, hate, and delusion)
11. “What do you think, Kalamas? Does absence of greed appear in a man for his benefit or harm?” — “For his benefit, venerable sir.” — “Kalamas, being not given to greed, and being not overwhelmed and not vanquished mentally by greed, this man does not take life, does not steal, does not commit adultery, and does not tell lies; he prompts another too, to do likewise. Will that be long for his benefit and happiness?” — “Yes, venerable sir.”
12. “What do you think, Kalamas? Does absence of hate appear in a man for his benefit or harm?” — “For his benefit, venerable sir.” — “Kalamas, being not given to hate, and being not overwhelmed and not vanquished mentally by hate, this man does not take life, does not steal, does not commit adultery, and does not tell lies; he prompts another too, to do likewise. Will that be long for his benefit and happiness?” _ “Yes, venerable sir.”
13. “What do you think, Kalamas? Does absence of delusion appear in a man for his benefit or harm?” — “For his benefit, venerable sir.” — “Kalamas, being not given to delusion, and being not overwhelmed and not vanquished mentally by delusion, this man does not take life, does not steal, does not commit adultery, and does not tell lies; he prompts another too, to do likewise. Will that be long for his benefit and happiness?” _ “Yes, venerable sir.”
14. “What do you think, Kalamas? Are these things good or bad?” — “Good, venerable sir.” — “Blamable or not blamable?” — “Not blamable, venerable sir.” — “Censured or praised by the wise?” — “Praised, venerable sir.” — “Undertaken and observed, do these things lead to benefit and happiness, or not? Or how does it strike you?” — “Undertaken and observed, these things lead to benefit and happiness. Thus it strikes us here.”
15. “Therefore, did we say, Kalamas, what was said thus, ‘Come Kalamas. Do not go upon what has been acquired by repeated hearing; nor upon tradition; nor upon rumor; nor upon what is in a scripture; nor upon surmise; nor upon an axiom; nor upon specious reasoning; nor upon a bias towards a notion that has been pondered over; nor upon another’s seeming ability; nor upon the consideration, “The monk is our teacher.” Kalamas, when you yourselves know: “These things are bad; these things are blamable; these things are censured by the wise; undertaken and observed, these things lead to harm and ill,” abandon them.’
What you have done is you have accepted the criteria for rejection ! You have use your BIG brain to accept GREED.
Kalama Sutta is for you to keep it pasted in your brain and question your God (Allah) who has no compassion for animals, who created cripples to indiscriminately discriminate some people , who helps to wash away ANY sin etc. and that is the way to clutter the BS jungles. This is the whole purpose of Kalama Sutta
If you question Buddha’s teaching and found that Nibbaana is false, Craving is good , it is also OK with me and I recommend you should follow Kama Sutra. Please keep this on your bed.
Kalama Sutta is not the only sutta Buddha said. There are many more. Buddha did not invent Nibbaana. It is always there. Buddhism will be gone one day and darkness will govern the world until arrival of another Buddha. AT the moment one still need noble friendship to realise Nibbaana. One cannot find Nibbaana and understand the whole mass of suffering created by craving himself , his own way.
People can attack pillars of Buddhism. Lot of people did that in the past, even during Buddha’s time. But these pillars are the only truth in the world and indestructible, those who attack will destroy themselves.
Only thing I would like to request you is, pleas do not disturb when two Buddhist discuss Buddhism. We have a right to do so without terrorists attacking us with Kama Sutra.
April 16th, 2015 at 4:26 am
Namaste: We are fighting among ourselves, a sign of minority complex. Jai Hind
April 16th, 2015 at 5:08 am
Christie,
(Namaste: We are fighting among ourselves, a sign of minority complex. Jai Hind)
I agree also. Jai Lanka
April 16th, 2015 at 1:19 pm
Independent
Whenever Sinhala Buddhist scholars mention something in the internet Nalin goes berserk as if he got a bee in his bonnet. Nalin with his gallery of uneducated followers whole heartedly enjoy what Nalin says.
Story about mass of Photons (Light) is the same. The whole world knows that it has zero mass, but under certain exceptional circumstances it is considered to have some relative mass due to high energy. But He goes on and on and on to prove his point.
But the most dangerous thing is about his declaration that according to Buddhist philosophy the modern science is a diabolical lie (Pattapal Boru),
Not only that, he further concluded that නිවන ප්රත්යක්ෂ කිරීම යනු පෘථග්ජනයන් නිර්මාණය කරන දැනුම් අසත්‍ය බව ප්රත්යක්ෂ කිරීම යැයි මම සිතමි. (that Nibbana can be achieved through realisation of untrue nature of knowledge gain by us all pruthagjanas. This is diagonally opposing the Buddhist philosophy we know of.
This has been clearly discussed under Pratītyasamutpāda (dependent origination) in Buddhism and it says that Avijjapaccaya sankhara, sankharapaccaya vinnanam, vinnanampaccaya namarupam,
With Avijjā as a condition, Saṅkhāra arises
With Saṅkhāra as a condition, Viññāṇa arises
With Viññāṇa as a condition, Nāmarūpa arises
Pratītyasamutpāda further explains that one can come out of Avijja (Ignorance)Only through realisation of Four Noble Truths (knowing Dukkha, knowing the origination of Dukkha, knowing the cessation of Dukkha, knowing the way of practice leading to the cessation of Dukkha. Otherwise this will inevitably lead to sankhara (producing immoral and moral deeds) and then continuity of life through vinnana (six sense based consciousness), and Nama-rupa.
Read further on this subject
http://www.lankaweb.com/news/items/2015/04/05/is-it-dhanapalas-confusion-or-dr-nalin-de-silvas-confusion-who-considers-science-mathematics-and-large-parts-of-buddhism-as-patta-pal-boru/
Is it Dhanapala’s Confusion or Dr. Nalin de Silva’s confusion? Who considers Science, Mathematics and large parts of Buddhism as Patta-Pal-Boru”?
April 16th, 2015 at 2:07 pm
Independent
Buddhism more of a philosophy rather than a religion.
And Abhidhamma is the Higher Teaching of the Buddha. The Dhamma, embodied in the Sutta Piñaka, is the conventional teaching (vohàra desanà), and the Abhidhamma is the ultimate teaching (paramattha desanà). Late Venerable Nàrada Mahà Thera said in his book “A Manual of Abidhamma” to the wise truth-seekers, Abhidhamma is an indispensable guide and an intellectual treat. Without a knowledge of the Abhidhamma one at times finds it difficult to understand the real significance of some profound teachings of the Buddha. To develop Insight (Vipassanà) Abhidhamma is certainly very useful.
To profound thinkers, a slight indication is sufficient to discover great truths. According to some scholars, Abhidhamma is not a teaching of the Buddha, but is a later elaboration of scholastic monks. Tradition, however, attributes the nucleus of the Abhidhamma to the Buddha Himself
The principal topics (màtikà) of the advanced teaching such as moral states (kusalà dhammà), immoral states (akusalà dhamma) andindeterminate states (abyàkatà dhammà), etc., were taught by the Buddha to Venerable Sàriputta Thera, who subsequently elaborated them in the six books (Kathà- xiv vatthu being excluded) that comprise the Abhidhamma Piñaka. Whoever the great author or authors of the Abhidhamma may have been, it has to be admitted that he or they had intellectual genius comparable only to that of the Buddha. This is evident from the intricate and subtle Paññhàna Pakaraõa which minutely describes the various causal relations.
April 16th, 2015 at 2:59 pm
Lorenzo,
In fact Buddha has given verdict on people like you , 2600 years ago.
You have been reading Dhamma on the wall near your bed for 32 years. But understood it in the completely opposite way, when Buddha clearly said “Greed” is something to be rejected, you argue it is something to be accepted using Buddha’s earlier statement. You will never learn Dhamma this birth. Buddha has said.
Verse 64. The Ignorant Cannot Benefit From The Wise
Though all through life the fool
might wait upon the wise,
no more Dhamma can he sense
than spoon the taste of soup.
Explanation: The fool, even if he kept the company of a wise person intimately over a life-time, will not become aware of the nature of experience, just as a spoon will not know the taste of soup.
You don’t have to protect Buddhism. You can protect your Ealaam using your own religion. Leave it to us. We have done this for 2600 years.
April 16th, 2015 at 3:15 pm
Lorenzo,
In fact Buddha has given verdict on people like you , 2600 years ago.
You have been reading Dhamma on the wall near your bed for 32 years. But understood it in the completely opposite way, when Buddha clearly said “Greed” is something to be rejected, you argue it is something to be accepted using Buddha’s earlier statement. You will never learn Dhamma this birth. Buddha has said. Actually you are worse than Carlo Fonseka who is talking about Kalama Sutta for 25 years ( as Nalin has mentioned above)
Verse 64. The Ignorant Cannot Benefit From The Wise
Though all through life the fool
might wait upon the wise,
no more Dhamma can he sense
than spoon the taste of soup.
Explanation: The fool, even if he kept the company of a wise person intimately over a life-time, will not become aware of the nature of experience, just as a spoon will not know the taste of soup.
You don’t have to protect Buddhism. You can protect your Ealaam using your own religion. Leave it to us. We have done this for 2600 years. We will protect us and Buddhism from LTTErs for centuries to come.
April 16th, 2015 at 3:21 pm
NMY,
Thank you for comprehensive explanations. They make sense. Only thing is please do not hang on to your idea of Buddhism being a philosophy. It is not. It has everything for a person to learn and become a good individual to serve the society (including animals living with us). It is therefore the best religion now being attacked by FOOLS who cannot taste it.
Nalin is a widely misunderstood individual. I understand him and like his writing except his liking for MR.
April 16th, 2015 at 4:10 pm
Independent,
Thank you for the CONTEXT.
But it doesn’t change anything. What you pasted is the same without the first sentence.
We should NOT arrive at the same conclusions these people arrived at because the circumstances are different. The PURPOSE of the KS is to give that freedom.
If we arrive at the SAME conclusions these people arrived at, what is the point of KS?
So I will NOT take that DISCUSSION as of any GUIDE and stick to the ORIGINAL KS in its true spirit.
April 16th, 2015 at 4:18 pm
MNY,
Just one more thing. I think Nalin’s statement “නිවන ප්රත්යක්ෂ කිරීම යනු පෘථග්ජනයන් නිර්මාණය කරන දැනුම් අසත්‍ය බව ප්රත්යක්ෂ කිරීම යැයි මම සිතමි. ” is not diagonally opposite to Paticcha Samuppada.
Here he has clearly stated,
1. This is “his” thinking (meaning he knows it can be Pattapalboru too)
2. I would like to translate it as ” Realisation of Nibbaana is realisation that the knowledge created by “untrained worldlings” are false. Here Buddha has defined the “untrained worldling” different to what Nalin thinks. These are the people like Lorenzo, who have not understood ANY Buddhism. But Nalin idendities himself as a “පෘථග්ජන” , which is wrong. If so, all his talking too is Pattapalboru.
3. I am sure you are aware the meanings of Lokottara Chittas in Abhidhamma. (for eg Kamavachara Cittas are generated by humans and devas in Kama lokas.) “Lokattara” literally means “beyond the world”.
Even though the Yogavachara starts his effort in the “Loka” with intense mindfulness, he will pass on to Rupa Lokas, Arupa Lokas as he pregress on Samata practice and then beyond Lokas to realise Nibbaana.
Therefore Nalin’s statement has some truth in it. Indulged in Kama Sutra’s like Lorenzo, one can never even come close to the TRUTH and will be always generating “Pattapalboru” whether he thinks critically or circular way.