ත්‍රස්‌තවාදය දින සියය සහ ජාතික සංහිඳියාව
Posted on May 22nd, 2015
-රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් පී. වීරසේකර පාර්ලිමේන්තු මන්ත්‍රී දිගාමඩුල්ල දිස්‌ත්‍රික්‌කය.

අප ලක් මාතාව කඳුළින් නැහැවූ මෙවන් වූ ම්ලේච්ඡ ඝාතන වසරකට වරක් හෝ මතකයට නඟා ඔවුනට පිං පැමිණවීම ශිෂ්ට බෞද්ධයන්ගේ යුතුකමක් බැව් මා සිතමි. පූජ්‍ය හෑගොඩ විමලසාර හිමියන් ප්‍රධාන අහිංසක ළපටි සාමණේරවරුන් 37ක් අම්පාර අරන්තලාවේදී කපා කොටා ඝාතනය කළ සිද්ධිය අප මතකයට නැඟේ. සෑම වසකම ජුනි 02 දින අරන්තලාවේදී එම සංඝයා වහන්සේ මතක්‌කොට පිං පැමිණවීම කරනු ලැබේ.
අප මාතෘ භූමියේ, වසර ගණනාවක් තිස්‌සේ ත්‍රස්‌තවාදීන්ගෙන් මෙසේ ඝාතනයට ලක් වූ අහිංසක පිරිස දසදහස් ගණනකි. ත්‍රස්‌තවාදය යනු දේශපාලන අරමුණක් සාක්‌ෂාත් කිරීම සඳහා අහිංසක වැසියන් මරා දැමීම සහ දේපළ විනාශ කිරීමයි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන්ගේ දේශපාලන අරමුණ වූයේ කුමක්‌ද? උතුරේ වෙනම දෙමළ ඊළාම් රාජ්‍යයක් බිහිකිරීමයි. ඒ සඳහා වසර තිහක කාලයක් මුළුල්ලේ ඔවුන් විසින් ක්‍රමක්‍රමයෙන් උතුරේ වෙනම පොලීසියක්,උසාවි, බැංකු යනාදියෙන් සමන්විත වෙනම “රටක්”ගොඩනඟා තිබුණි. නමුත් මීට වසර 600 කට පමණ පෙර හයවැනි පරාක්‍රමබාහු රජතුමා තම පුත් සපුමල් කුමරා උතුරට යවා ආර්ය චක්‍රවර්ති නමැති ත්‍රස්‌තයා ඝාතනය කොට රට එක්‌සේසත් කළාසේ මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමා තම සහෝදර ගෝඨාභය සෙනවියා ඇතුළු රණවිරුවන් වන්නියට යවා ප්‍රභාකරන් නමැති ත්‍රස්‌තයා විනාශ කොට උතුර අත්පත්කොට රට නැවතත් “ඒකීය” බවට පත්කළ බැව් අප කවුරුත් දනිමු.
උක්‌ත කර්තව්‍යය ලෙහෙසි පහසු වූවක් නොවීය. ත්‍රස්‌තවාදය නිසා අහිමි වූ දේපළවල වටිනාකම කෝටි ප්‍රකෝටි ගණනින් ගණනය කළ හැකි වුවද ත්‍රස්‌තවාදීන් සමඟ සටන් කොට දේශය වෙනුවෙන් මියගිය 29000ක් රණවිරුවන්ගේ සහ ආබාධිත තත්ත්වයට පත් වූ 14000 කගේ ජීවිත වලට වටිනාකමක් දිය හැකි නොවේ. එය අමිල උත්තරීතර බැවිනි. ත්‍රස්‌තවාදයෙන් රට මුදා රට නැවතත් ඒකීය භාවයට පත් කිරීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවූයේ රණවිරුවන් පමණක් නොවේ. මහා සංඝයාවහන්සේලාද ඇතුළුව ත්‍රස්‌ත විරෝධී සමස්‌ත ලාංකික ජනතාව ද ඒ සඳහා විශාල කැපවීම් කළහ. එසේම ශ්‍රී මහා බෝධිය අභියස දිවි පිදුවාක් මෙන් අහිංසකයන් විශාල සංඛ්‍යාවක් ජීවිතයෙන් වන්දි ගෙවූහ.
දේශීය වශයෙන් ත්‍රස්‌තවාදය විනාශ කොට රට ඒකීයභාවයට පත් කළ ද දෙමළ ඩයස්‌පෝරාවේ සහ විදේශීය විවිධ දෙමළ ජාතිවාදී සංවිධානවල සිත්සතන්හි අප මාතෘභූමියේ උතුරේ වෙනම ඊළාම් රාජ්‍යයක් බිහි කිරීමේ සිහිනය තවම බොඳවී නොමැත. ඒ නිසාම පසුගිය රජය විසින් උතුරේ ත්‍රස්‌තවාදයට නැවත හිස එසවීමට නොදීම සඳහා විවිධ ක්‍රියා මාර්ගයන් ගනුලැබ තිබිණ. එයින් අහිංසක සාමාන්‍ය ද්‍රවිඩ ජනතාවට කිසිදු අවහිරයක් නොවූ නමුත් ත්‍රස්‌ත හිතැති පුද්ගලයන්ට සහ රාජ්‍ය නොවන සංවිධාන වලට තම දුෂ්ට අරමුණු ඉටුකර ගැනීමට නොහැකි විය.
කරුණු එසේ වුවද වර්තමාන ආණ්‌ඩුවේ මෙම ඊනියා දින සියය තුළ සිදුවී ඇත්තේ කුමක්‌ද? ත්‍රස්‌ත හිතැති යනට, දෙමළ ඩයස්‌පෝරාවට, ගෝලීය දෙමළ සංසදයට, සහ ද්‍රවිඩ සංධානයට තමන්ට යුද්ධයෙන් ලබාගත නොහැකිව තිබූ බොහෝ දේ පිඟානක් මත තබා පිරිනැමීමයි. අද උතුරට වෙනම දෙමළ ජාතික ගීයක් ගැයීමට අවසර දී ඇත. එහි අධිආරක්‌ෂක කලාපය ක්‍රමක්‍රමයෙන් සංකෝචනය කරමින් දෙමළ ජනතාව එම ප්‍රදේශ වල පදිංචි කිරීම ආරම්භ කොට ඇත. රාජ්‍ය බුද්ධි නිලධාරීන් කඳවුරු වලට සීමා කොට ඇත. දෙමළ තරුණ තරුණියන්ගේ සිත් දූෂ්‍ය කරවන සිංහලයන් කෙරෙහි වෛරය උත්පාදනය කරන පසුගිය ආණ්‌ඩුව විසින් තහනම් කොට තිබූ ටැමිල් නෙට් වෙබ් අඩවියේ එම තහනම ඉවත් කොට ඇත. ත්‍රස්‌ත හිතැති රාජ්‍ය නොවන සංවිධානවල පුද්ගලයන්ට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කොට ඇත. කොළඹ සිංහලයන් සමඟ ඉපදී, සිංහලයන් සමඟ පාසැල් ගොස්, සිංහලයන් සමඟ වසර 60 ක් ජීවත් වී උතුරේ ප්‍රධාන ඇමැති ලෙස පත්වි ගොස් සිංහලයාට උතුරේ ඉඩම් අයිතිය නැතැයි වහසිබස් දොඩන විග්නේෂ්වරම් නැමැත්තා අද උතුරු ප්‍රදේශය,තමන්ට අවශ්‍ය ලෙස පාලනය කරමින් සිටී. අද උතුර, නුදුරු අනාගතයේ දී වෙනම රාජ්‍යයක් කරා පියනඟන මාර්ගයට අවතීර්ණ වී ඇත්තේ එසේය. මීට දින කිහිපයකට පෙර ද්‍රවිඩ සංධානයේ මන්ත්‍රීවරුන් උතුරේදී යුද්ධයෙන් මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සැමරූ අයුරු පුවත්පතින් දුටුවෙමි. එසේම යාපනයේ විශ්වවිද්‍යාලයේදී මියගිය ත්‍රස්‌තයන්ට පහන් දැල්වූ බවද ඇසුවෙමි. මෙවන් තත්ත්වයකට ඉඩ දීම, රටේ ඒකීයභාවය වෙනුවෙන් දිවිදුන් රණවිරුවන් සහ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස අදට හරියට වසර 21 කට පෙර ඝාතනයට ලක් වූ අහිංසකයන්ද ඇතුළුව ත්‍රස්‌තවාදයෙන් ඝාතනය වූ දසදහස් ගණනක පිරිස අතිශයින් ගුණමකු ලෙස පාවාදීමක් නොවේද?
ළඟදීම ලංකාවේ ඇමරිකන් තානාපතිවරයා ලෙස පත්වීමට නියමිත උපුල් කෙෂාප් උතුරට පෙඩරල් ක්‍රමයක් හඳුන්වා දීම නිර්දේශ කොට ඇත. ඉන්දීය අගමැති මෝදි පවසා ඇත්තේ උතුරට “කෝපරේට් පෙඩරල්” ක්‍රමයක් අවශ්‍ය බවයි. විදේශිකයන් අපට මෙසේ උපදෙස් දීමට පෙළඹී ඇත්තේ කවර කරුණක් නිසාදැයි මට නොතේරෙයි. නමුත් මට තේරෙන එක් කරුණක් තිබේ. එනම් මෙම 19 වන ව්‍යවස්‌ථා සංශෝධනය තුළින් උතුරට එවැනි පෙඩරල් රාජ්‍යයක් ලබාදීමට තිබෙන සියලුම මාර්ගයන් ඉතා හොඳින් විවෘත කර දී ඇති බවයි. මෙය පුදුමයක් නොවන්නේ මෙම 19 වන සංශෝධනය සම්පාදනය කිරීමෙහිලා ඉදිරියෙන්ම සිටිනුයේ ද්‍රවිඩ සංධානයේ මන්ත්‍රී සුමන්තිරම් සහ වසර 2000 හේ දී “පැකේජය” ගෙනා නිතීඥයෙක් බැවිනි.
මෙම තත්ත්වය ඉදිරියේ රට තුළ විශාල ලේ ගැලීමකට වුවද මං පාදන්නක් විය හැක. මන්ද, දකුණේ ජනතාව උතුරේ පෙඩරල් ක්‍රමයකට හෝ ඊට සමාන ක්‍රමයකට අනිවාර්යයෙන්ම එරෙහි වන බැවිනි. උතුරට වෙනම රාජ්‍යයක් ඉල්ලීමේ ප්‍රධාන හේතුව ලෙස පෙන්වන්නේ දෙමළ ජාතියට සිංහල බහුතරයෙන් අසාධාරණයක් වන්නේය යන චෝදනාවයි. නමුත් අද ලංකාවේ දෙමළ ජනගහනයෙන් උතුරේ සිටින්නේ 48% ක් පමණි. ඉතිරි 52% ජීවත් වන්නේ සිංහල සහ මුස්‌ලිම් ජනයා අතරය.
අද කොළඹ ආර්ථිකය 80% ක් මෙහෙයවන්නේ දෙමළ හෝ මුස්‌ලිම් ජාතික ව්‍යාපාරිකයන් ය. කොළඹ සමහර පෙදෙස් මුළුමනින්ම “දෙමළ කරණය” වී ඇත. පෙරේදා මියගිය එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන් සැමරූ ද්‍රවිඩ සංධානයේ මන්ත්‍රීවරුන්ගෙන් බොහෝමයක් පදිංචි වී ඇත්තේ ද කොළඹ සුඛෝපභෝගී නිවෙස්‌වලය. එසේනම් සිංහලයන් විසින් දෙමළ ජනතාවට අසාධාරණයක් සිදුකර ඇද්ද? අද උතුර හැර අන් සියලුම පෙදෙස් වල රාජ්‍ය සේවයන්හි දෙමළ සහ මුස්‌ලිම් නිලධාරීන් විශාල සංඛ්‍යාවක් සේවය කරති. එහෙත් උතුරේ එකම සිංහල රාජ්‍ය සේවකයෙක් හෝ සිටිත්ද? මුලතිව් පෙදෙසේ රෝහලකට මීට මාස කිහිපයකට පෙර මාරු වී ගිය සිංහල හෙදියක් එහි දෙමළ සේවකයන්ගේ තර්ජන ගර්ජන හමුවේ රැකියාවද හැර දමා දැන් තම නිවසට වී සිටින අන්දම මා අසා ඇත්තෙමි. එසේනම් අද තම මාතෘභූමියේ අසාධාරණයට ගොදුරුවී ඇත්තේ කවුද?
උතුරට වෙනම රාජ්‍යයක් ලබාදීම සඳහා ගෙනයන තවත් කූට ක්‍රමවේදයක් දියත්කොට තිබේ. එනම් “ජාතික සංහිඳියාව” නමැති ක්‍රියාවලියයි. මේ තුළින් කෙරෙනුයේ සිංහල ජනතාව සුළු ජාතීන්ට සමසේ සැලකිය යුතු යෑයි මොරදීම මිස සුළු ජාතීන්ට බහුතරයට සමසේ සැලකිය යුතුය යන්න ඉගැන්වීම නොවේ. මෙම ක්‍රියාව තුළින්ද ලෝකයාට පෙන්වීමට තැත් කරන්නේ ලංකාවේ සුළුතරය සිංහලයාගේ ග්‍රහණයට ලක්‌ව ඇති බව වක්‍රව පෙන්වීමයි. වර්තමානයේ මෙම ඊනියා ව්‍යාපෘතියට නායකත්වය දෙනුයේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මියයි. ඒ ජාතික සමගිය/සංහිඳියාව උදෙසා පිහිටුවූ ජනාධිපති කාර්ය සාධක බළකාය තුළින්ය. “සිංහලයන්ගේ බල අධිකාරිය බිඳිය යුතු” යෑයි ද්‍රවිඩ සංවිධානය විසින් සංධානය කළ චෙල්වනායගම් ගුණසමරු උළෙලේ දී ප්‍රකාශ කළ චන්ද්‍රිකා මැතිනියගේ සභපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ “සංයුතිය” පිළිබඳව විමසීමේදී එම කමිටුවද සිංහලයාගෙන් සුළුතරයට අසාධාරණයක් වනවාය යන පණිවිඩය තවදුරටත් තහවුරු කිරීමට ගෙන ඇති දේශෙද්‍රdaහී ක්‍රියාවලියක් බැව් බොහෝදෙනාගේ මතයයි.
අද අම්පාරේ හද්දාපිටිසර ගම්මානයක පෙර පාසලක වුවද සිඟිති සිංහල දරු දැරියන්ට දෙමළ ගීතයක්/නැටුමක් උගන්වන අයුරු මා දැක ඇත්තෙමි. නමුත් යාපනයේ පෙරපාසලක හෝ පාසලක සිංහල ගීතයක් හෝ කවියක් දෙමළ දරුදැරියන්ට උගන්වනවාදැයි සොයා බලන මෙන් ඉහත කාර්යසාධක බළකායට දැන්වීමට කැමැත්තෙමි. ජාතික සංහිඳියාවේ ක්‍රියාවලිය එතැනින් ආරම්භ කරන්නේනම් කෙතරම් අගේද?
අද මතුවී ඇති එම අවාසනාවන්ත තත්ත්වය මගහැරීමට මා එක් යෝජනාවක් කිරීමට කැමැත්තෙමි. එනම් දෙමළ මුස්‌ලිම් ජනතාවට සිංහල බහුතරයෙන් අසාධාරණයක් සිදුවෙනවා යෑයි යන අසත්‍ය/මිථ්‍යාව දුරු කිරීමය. එය කළ හැක්‌කේ සිංහලයාට නොව සිංහලයන් අතර, කිසිඳු අවහිරයකින් තොරව සිංහලයන්ගේම උදවු උපකාරයෙන් සහ සහයෝගයෙන් තම ව්‍යාපාර කටයුතු සහ අනෙකුත් කටයුතු ඉතා සාමකාමීව සහ සාර්ථකව ගෙනයමින් සිංහලයන් අතර ජීවත් වන ද්‍රවිඩ සහ මුස්‌ලිම් සහෝදරයන්ටය. හෙට සිට සිංහල බහුතරය සියලුම ද්‍රවිඩ මුස්‌ලිම් ව්‍යාපාර සහ වෙළෙඳසල් වර්ජනය කළ හොත් සහ ද්‍රවිඩ සහ මුස්‌ලිම් සමාගම්වලින් ලබාගන්නා සේවය නතර කළෙහොත් ඇතිවෙන තත්ත්වය කෙබඳුවේද?
රටේ සාමය සංහිඳියාව ස්‌ථාපිත කොට අනාගතයේ දී මතුවිය හැකි මහත් වූ ව්‍යසනයකින් රට බේරාගැනීමට දෙමළ මුස්‌ලිම් ප්‍රභූවරුන් ඇතුළු සියලුම ව්‍යාපාරිකයන්ට සෘජුව මැදිහත් විය හැක. ඒ කෙසේදයත් ඔවුන් සියලුදෙනා එක්‌ව අද අප මෙසේ සතුටින් සාමයෙන් සිටිනුයේ සිංහලයන් අප වෙත දක්‌වන “සහෝදර” ආකල්පය නිසා බව ලෝකයාට විවෘතව පැවසීම තුළිනි. (එය අසත්‍යනම් හේතු කාරණා ද ඇතුළුව එය වුවද විවෘතව පැවසිය යුතු බව මගේ හැඟීමයි. මන්ද එවිට ඒ අඩුපාඩුව සංහිඳියාවේ නමින් අපට හදාගත හැකි බැවිනි.)
මෙම සත්‍යය දෙමළ මුස්‌ලිම් ජනතාවගේ මුවින්ම පිටවන විට ලෝකයාගේ දෑස් විවෘත වනු ඇත. 52% ක් දෙමළ ජනතාව සිංහලයන් සමඟ සුහදව වෙසෙත්නම් උතුරේ සිටින ඉතිරි 48% ට වෙනම රාජ්‍යයක් /පෙඩරල් ක්‍රමයක් අවශ්‍ය වන්නේ ඇයි දැයි ඔවුන් තුළ ප්‍රශ්නයක් මතුවනු ඇත. මීට දශක 3කට පමණ පෙර යාපනයෙන් පලවාහරිනු ලැබූ 25000ක සිංහලයන් සහ 15000ක මුස්‌ලිම් ජනතාව නැවත එහි පදිංචි කිරීම කෙතරම් සාධාරණ දැයි ඔවුන්ට සිතෙනු ඇත. එවිට දකුණේ සිංහලයන් දෙමළ සහෝදරයන්ට සලකන ආකාරයටම උතුරේ දෙමළ ජනතාව සිංහල සහ මුස්‌ලිම් සහෝදරයන්ට සැලකිය යුතුය, යන යථාර්ථය ඔවුන්ට පසක් වනු ඇත. මෙම කර්තව්‍යය යෝජනා කරන්නාක් මෙන් සරල නොවූවද එය එසේ කළ හැකිනම් එය ජාතික සංහිඳියාව සනාථ කිරීමට තබන්නා වූ පළමු පියවරක් නොවන්නේද?
-රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් පී. වීරසේකර
පාර්ලිමේන්තු මන්ත්‍රී
May 23rd, 2015 at 12:19 am
ඔබතුමාගේ පුද්ගලික අදහස් හැරෙන්නට දෙමල ප්‍රශ්නය සම් බන් ධව බොහෝ දුරට සත්‍යය ප්‍රකාශ කර ඇත.
අවසාන වාක්‍ය කිහිපයෙන් ඉතාම සරල විසඳුමක් ද දී ඇත. එහෙත් මේ විසඳුම ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද?
ඔබතුමා කියා ඇත්තේ සම්පූර්ණ සත්‍යය නම්, මේ විසඳුම ඉතාම පහසුය. එහෙත් ඔබ නොකී ඇත්තද ඇතිබැවින් මෙය කිරීම කිසිසේත්ම සිදු නොවේ.
අක්කෝධේන ජිනේ කෝධං
අසාධුං සාධුනා ජිනේ
ජිනේ කදරියං දානේන
සච්චේන අලිකවාදිනං යන බුද්ධ වචනය එවකට ජනපති ප්‍රසිද්ධ උත්සවයකදී කිවුවා මතකයි.
එහෙත් අපි මේ විධියට කටයුතු කලාද ?
මේ බුද්ධ වචනය අසත්‍යයක් යයි ඔබතුමා කියනවාද ?
මේ ගාථාවම මේ ජනපති තුමාත් කීවේ ය. තරමකට මේ විධියට කටයුතු කිරීමට උත්සාහද කලේය. හැබැයි උනේ මොකක්ද ?
May 23rd, 2015 at 6:24 am
Namaste: We were subjects of British-Indian colonialism and Imperialism from 1792 to 1948. Then we had a small break from 1948 to 56 and then from 2005 to 2015 Jan 8. Jai Hind.
People might think I am mad, but there are a few people who believes in what I say.