Disclaimer: The comments contained within this website are personal reflection only and do not necessarily reflect the views of the LankaWeb. LankaWeb.com offers the contents of this website without charge, but does not necessarily endorse the views and opinions expressed within. Neither the LankaWeb nor the individual authors of any material on this Web site accept responsibility for any loss or damage, however caused (including through negligence), which you may directly or indirectly suffer arising out of your use of or reliance on information contained on or accessed through this Web site.
All views and opinions presented in this article are solely those of the surfer and do not necessarily represent those of LankaWeb.com.
This entry was posted
on Friday, June 5th, 2015.
You can follow any responses to this entry through the RSS 2.0 feed.
You can skip to the end and leave a response.
June 5th, 2015 at 7:36 pm
Namaste: ග්‍රහ ලෝක තරු අතරින් යනහැටි බලාගෙන ඉඳල සාත්තර කියන එක ඉන්දියානු ජඩවාදයෙන් ආපු දෙයක්. මූටත් හොඳ ගානක් හම්බුවෙලා වගෙයි.මහින්දගේ සාස්තර කාරයට වගේ. හරකුත් ග්‍රහ ලෝක අතරත් තියෙන එකතුව මොක්ක්ද? Jai Hind
June 6th, 2015 at 2:29 am
මෙවැනි බූවන් ගේ අවවාද ගනන් නොගෙන බිය නැතිව කටයුතු කිරීම ගැන සිංහල බෞද්ධයෙක් වශ්‍යෙන් මගේ ආචාරය.
මෙතුමා කළ යුත්තේ මේ කියන ගොන් වැඩ නොවේ. රටේ ධනය සූරාකමින් සුරසැප විඳින පැලැන්තිය නැති කිරීමයි. මීට වඩා පිනක් මොකක්ද ? එසේ කලහොත් රට නැවත වරක් යුක්ති ගරුක, ධාර්මික , නියම සිංහල බෞද්ධ ජීවන රටාවට හැරවෙනු ඇත.
දැන් මෙතුමා ගේ පක්‍ෂයේ ඉන්නේ මොන හොරු ද ? අපරාධ කාරයෝ ද ?
මර-වින් සිල්වා,දූගඳ සිල්වා, සිරිපාල සිල්වා ,ඇස්. බී දිසානා..සහ තව බොහෝඅයයි.
පලාත් සභා සහ ප්‍රාදේශීය සභා වල ලැගගෙන් ඉන්නේත් බූවෝයි. මීට වඩා තවත් අපල තිබේ ද ? කරුණාකර මහා කුසලයක් වන පලාත් සභා වහාම නැති කිරීම සිදුකරන්න. දශ ලක්‍ෂ යක් දුගී ජනයාට යහපතක් සිදුවනු ඇත.
ගොන් කුසලවලට නොගොස් රට දුරාචාර සතුරාගෙන්, දමිළ මිනීමරුවන් ගෙන් නිදහස් කරන්න.
සබ්බේ සත්ථා භවන්ති සුකිතත්ථා !
June 6th, 2015 at 2:38 am
සල්ලාලයන් අතින් කෙලෙසී නඩු නැතිව වැනසෙන අබිසරු ලියන්ගේ දරුවෝ
* දරුවන්ට සිදුවන අතවරයක් පිළිබඳව පැමිණිලි කිරීමට ගිය විටදී එම ලිංගික ශ්‍රමිකයින්ගෙන් ලිංගික අල්ලස් ගැනීමට ඇතැම් පාර්ශ්වයන් සැදී පැහැදී ඉන්නවා…
* අධිකරණය හමුවට ගියහොත් රැකියාව අනවශ්‍ය ලෙස ප්‍රසිද්ධියට පත්වෙනවා…
* දූෂණය වු දැරියන් බොහෝවිට නවතින්නෙ ගණිකා වෘත්තියෙන්…
මෙලොව ජනිත වන සෑම මනුෂ්‍යයෙකුට මෙන්ම සත්ත්වයෙකුටද උපතින්ම උරුම වන මූලික අයිතිවාසිකම් පවතී. සමාජයේ බොහෝ දෙනා විසින් වපර ඇසින් බලනු ලබන ලිංගික ශ්‍රමිකයින් හෙවත් ගණිකා වෘත්තියේ යෙදෙන්නන්ටද එම තත්ත්වය පොදු බව අමතුවෙන් කිව යුතු නොවේ.
එහෙත් ඉහළ පළැන්තියේ හෝ සාමාන්‍ය පංතියේ පුද්ගලයකුගේ ගැහැනු දරුවෙකුට ලිංගික අතවරයක් සිදු වූ විටදී එයට සම්බන්ධ පුද්ගකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන අයුරින් ලිංගික ශ්‍රමිකයෙකුගේ ගැහැනු දරුවෙකුට එවැනි අතවරයක් වූ විට නීතිය ක්‍රියාත්මක නොවන බව ලිංගික ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින එක්‌තරා සංවිධානයක සාමාජිකාවක අප හා දොඩමළු වෙමින් පසුගිය දා පැවැසුවාය.
මේ අයුරින් ලිංගික ශ්‍රමිකයින්ගේ පහස ලැබීමට පැමිණි ගැණුම්කරුවන් අතින් දූෂණය වූ විට ශ්‍රමිකයින්ගේ ගැහැනු දරුවන් 400 ක් පමණ දෙනා පිළිබඳව තම සංවිධානයට වාර්තා වී ඇති බව කී ඇය අවාසනාවකට මෙන් සාමාන්‍ය පුද්ගලයින්ට මෙන් ඔවුනට සිදුව ඇති ලිංගික අතවරයන්ට එරෙහිව නීතිය හමුවට යැමට එම දරුවන්ගේ මවුවරුන්ට නොහැකි බව අවධාරණය කළේය.
එයට හේතුව වී ඇත්තේ එවැනි අතවරයක් පිළිබඳව පැමිණිලි කිරීමට ගිය විටදී එම ලිංගික ශ්‍රමිකයින්ගෙන් ලිංගික අල්ලස් ගැනීමට ඇතැම් පාර්ශ්වයන් සැදී පැහැදී සිටීම නිසා බවත් අනෙක් අතට අධිකරණය හමුවට ගියහොත් ඔවුනගේ රැකියාව අනවශ්‍ය ලෙස ප්‍රසිද්ධියට පත්වීම නිසා ඔවුන් එවැනි පියවරකට යැමට බියක් දක්‌වන බව කාන්තා සංවිධාන ක්‍රියාකරිනිය පැවසුවාය.
මෙම තත්ත්වය මත ගැණුම්කරුවන් අතින් දූෂණය වන සිය ගැහැනු දරුවන්ට සාධාරණය ඉල්ලා නීතිය හමුවට යැමට ලිංගික ශ්‍රමිකයින් මැලිකමක් දක්‌වන බව ඇය කීවාය. මෙසේ දූෂණයට ලක් වූ ගැහැනු දරුවන් එම සිදුවීමට මුහුණ පා ඇත්තේ තම නිවෙස්‌වලදීය. බොහෝ විට පැල්පත් හා මුඩුක්‌කු නිවාස වාසස්‌ථානය කර ගත් ලිංගික ශ්‍රමිකයින්ගේ ගැහැනු දරුවන් මෙම තත්ත්වයට මුහුණ පානු ලබයි.
මෙවැනි දූෂණයට පත් වූ දරුවන් වැඩි වශයෙන් සිටිනුයේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල බව අනාවරණය වී තිබේ.
මෙහිදී එම ලිංගික ශ්‍රමිකයින් තම නිවසට ගැණුම්කරුවන් කැඳවා ගැනීම නිසා මෙවැනි තත්ත්වයක් උත්ගත වී තිබේ. මෙහි ඇති නරක ප්‍රතිඵලය නම් එසේ දූෂණයට ලක් වන ගැහැනු දරුවන්ද නිසි මඟ පෙන්වීමක් නොමැති වීමෙන් අනාගතයේදී ඔවුනගේ මවුවරුන්ගේ රැකියාවට යොමු වීමට ඉඩකඩ තිබීමයි.
මෙම ලිංගික ශ්‍රමිකයින්ගේ ගැහැනු දරුවන්ට සිදුවන අතවරයන්ට අමතරව ඇතැම් ලිංගික ශ්‍රමිකයින් සේවාව සපයනු ලබන මධ්‍යස්‌ථාන වැටලීමෙන් පසු එම ශ්‍රමිකයින්ව අත්අඩංගුවට ගෙන දරුනු අපරාධකරුවන්ටවත් සිදු නොකරන අයුරින් ඔවුනට පහර දෙමින් මාංචු දමා රැගෙන යැමට තරම් ඇතැම් නිලධාරීන් දරුණු වීමද තවත් ෙ€දවාචකයක් බව එම ක්‍රියාකාරිනිය පැවැසුවාය.
මෙහිදී කාන්තාවක් ශරීර පරීක්‍ෂාවකට ලක් කළ යුත්තේ සාමාන්‍යයෙන් කාත්නා පොලිස් නිලධාරිනියක් විසින් වුවද ලිංගික ශ්‍රමිකයින්ව අත්අඩංගුවට ගැනීම, පරීක්‍ෂා කිරීම මෙන්ම මාංචු දමා රැගෙන යැමේදී කිසිදු කාන්තා නිලධාරිනිය නොමැතිව පිරිමින් විසින් එය සිදු කරන අවස්‌ථා ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
ලිංගික ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම් කඩ වන අයුරින් ඇතැම් නිලධාරීන් විසින් මෙසේ කටයුතු කළද එම ශ්‍රමිකයින්ගේ පවුල් පසුබිම දැනගත් පසු හටගත් අනුකම්පාව හේතුවෙන් ඔවුනට ගෙවල් දොරවල් තනා දීමට තරම් කාරුණික වූ ගැණුම්කරුවන්ද සිටින බව අපට මෙහිදී දැනගන්නට ලැබිණි.
ඒ පිළිබඳව අපට තොරතුරු හෙළිදරව් කළ ඉහත කී ක්‍රියාකාරිනිය ප්‍රකාශ කර සිටියේ එසේ ලිංගික ශ්‍රමිකයින්ව ඇසුරු කිරීමෙන් පසු ඔවුනට අනුකම්පා කර නිවාස ඉදිකර දී ඇත්තේද සාමාන්‍ය පංතියේ මිනිසුන් බවයි. මෙම ශ්‍රමිකයින්ගේ සේවය ලබා ගන්නා සුපිරි පැලැන්තියේ පුද්ගලයන් ඔවුන්ව ලිංගික ශ්‍රමය සැපයීම සිදු කරනු ලබන මධ්‍යස්‌ථාන වෙත වැඩිපුර මුදලක් ලබා දී එම ශ්‍රමිකයින්ට සුළු මුදලක් ලබා දීම සිදු කරන බව කී ඇය එහෙත් එම ශ්‍රමිකයින්ගේ සේවය ලබාගත් ඇතැම් සංස්‌ථාවල සේවය කර විශ්‍රාම ගිය පුද්ගලයන් ඔවුනට නිවෙස් තනා දී මුදලින්ද ආධාර කරන බව අවධාරණය කළාය.
ලිංගික ශ්‍රමිකයින්ගේ සේවය ලබා ගැනීමට මධ්‍යස්‌ථාන වෙත පැමිණෙන ඇතැම් විවාහක උසස් නිලධාරීන් තමන්ට සේවය සැළසූ ලිංගික ශ්‍රමිකයින් සහ විවාහය ලියාපදිංචිකර වෙනම නිවාසවල වාසය කරන බව එම ක්‍රියාකාරිනිය පැවැසුවේ අප පුදුම කරවමිනි. එම නිලධාරීන් විවාහක බිරිය හා දරුවන් සමඟ තම නිවාසවල වාසය කරන අතරම ලිංගික ශ්‍රමිකයින් සමඟද හොර රහසේ විවාහ වී වෙනත් නිවාසවල වාසය කරන බව ඇය සඳහන් කළාය.
කරුණු කෙසේ වුවද මෙම ලිංගික ශ්‍රමය සපයනු ලබන ගැහැනු දරුවන්, තරුණියන් හා වියපත් කාන්තාවන්ද අනෙක් මිනිසුන් මෙන්ම ඇට මස් ලේ වලින් සැදුණු මනුෂ්‍යයින්ය. ඔවුන් සෑම කෙනෙකුගේම පිටුපස ලොකු කතාන්තරයද් පවතී. එක්‌කෝ ඔවුන් එම තත්ත්වයට පත්ව ඇත්තේ දුගී දුප්පත්කම නිසාය. නැතිනම් යහළුවෙකු හෝ ඥතියෙකු විසින් රැකියාවක් ලබාදෙන බව පවසා ලිංගික ශ්‍රමය සපයන මධ්‍යස්‌ථාන වෙත යොමු කිරීම හරහාය. තවත් සමහරුන් තම සැමියා විසින් බලහත්කාරයෙන් එම සේවයට තල්ලු කිරීම නිසාය. වියපත් කාත්වාවන් නම් ඔවුන්ගේ දරු මුණුබුරන්ගේ පෙළඹවීම මත ලිංගික ශ්‍රමය අලෙවි කිරීමට පෙළඹී තිබේ.
එහෙත් තවමත් සමාජයේ බොහෝ දෙනා මොවුන් දෙස බලනුයේ වපර ඇසිනි. නැතහොත් අමුතුම මිනිස් කොට්‌ඨාසයක් දෙස බලන අයුරිනි. එහෙත් ඔවුනගේ සේවය ලබා ගන්නා සමාජයේ ඉහල තැන්වල වැජඹෙන්නන්ගේ වරදක් ඉහත කී සමාජය නොදකී. මෙම ලිංගික ශ්‍රමිකයින් පමණක් සමාජයට හානිකර කොටසක් ලෙස ඇතැම්හු විවේචනය කරති. ඒ ඔවුන් එවැනි රැකියාවකට යොමු කරවන ලද ආර්ථික සමාජය හේතුන් පිළිබඳ නොදැනය.
කෙසේ වුවද ලොව පැරණිම රැකියාව සේ සැළැකෙන ලිංගික ශ්‍රමය විකිණීමට දායක වන ගැහැනු දරුවන් එච්.අයි.වී./ ඒඩ්ස් වැළඳෙන අයුරු එවැනි රෝග වැළඳීමෙන් වැළකී සිටින අයුරු, අනවශ්‍ය ගැබ් ගැනීම් හා ලිංගාශ්‍රිත රෝගී තත්ත්වයන් පිළිබඳව නිසි ලෙස දැනුවත් වී නොමැති බව අප හා පැවසූයේ ලිංගික ශ්‍රමිකයින්ගේ අයිතීන් වෙනුවෙන් කටයුතු කරන එක්‌තරා සංවිධානයක සභාපතිනියකි.
එහෙත් එම සංවිධානයට මෙම ලිංගික ශ්‍රමිකයින් සඳහා එවැනි සෞඛ්‍ය පණිවිඩ ලබා දීමේ ගැටලු හා බාධක පවතී. ඒ එම සංවිධානයට එසේ කිරීමට අවස්‌ථාවක් ලබා නොදීම හේතුවෙනි. ලිංගික ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින එම සංවිධානය වියපත් වියෙහි පසුවන ලිංගික ශ්‍රමිකයින් සඳහා සුබදාධන වැඩපිළිවෙලක් සැකසීමමද සැලැසුම් කර ඇති බව එහි සභාපතිනිය අප හා පැවසුවාය.
අවසන් වශයෙන් කිව යුතුව ඇත්තේ එච්.අයි.වී./ ඒඩ්ස් ඇතුළු ලිංගාශ්‍රිත රෝග සමාජය තුළ පැතිරීම වැළැක්‌වීමට නම් මෙවැනි සංවිධානයන්ද සෘජුවම එම රෝග මර්දන වැඩසටහන්වලට සහභාගි කරගෙන එම සංවිධානයන් හරහා ලිංගික ශ්‍රමිකයින්ව අදාළ රෝග පිළිබඳව දැනුවත් කිරීම සිදු කිරීම අනාගතයේ යහපත් ප්‍රතිඵල ගෙන දෙන පියවරක් වනු ඇති බවය.
ඒමන්ති මාරඹේ