ශ්රේෂ්ඨ ජනතා නායකත්වයකින් මිල පාලන ‘කිරි තේ’ ආර්ථිකයට
Posted on June 12th, 2015

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට

රට අයාලේය, සංවර්ධනය ඇනහිටය, ආර්ථිකය නන්නත්තාරය, සතොසේ දුකසේය, රැපියල කඞා වැටේ, රනිල් නොයිවසිල්ලෙනි, ජනතාව පශ්චාත්තාපයෙනි, ජනපති ඇදවී ඇත, යුඇම්පි ය සමග ගිවිසුම් නැතැයි බේගල් ඇද බාමින් ප්‍රසිද්ධ කථාවක එන උපදේශිත බලලෙකුගේ (proverbial cat) තැනට පත්වී ඇත.

සෙසු ලෝකය අභ්‍යවකාශයේ වාණිජ සංචාරයට සැරසෙනකල අපි බයිසිකලේ යමු. කොටස් වෙළදපොල පිස්සු බූතයෙක් පදවන අහස්යාත්‍රාවක් මෙන් ලම්බාකාරව පොලවට පහත්වෙමින් (nosedive) පවතී. අත්‍යවශ්‍ය භාණ්ඞ මිල රැපියල අවපාතනයවීමට සමගාමිව අහස උසට වැඞිවන දිනය වැඞි ඇතක නොවේ.

ලෝකයේ සැමදාම ඉහලම තැනක වැජබුන ශ්‍රී ලංකාව අද අසරණය. වැඞ බැරි ටාසන්ලා අතට රට පාලනය පත්වී අගමැතිකම ඇතුඵ මුඵ ඇමති මංඞලයම පික්පොකට් ගසා ඇත.

මුඵ ලෝකයම අප රටට ගරැකලේ මහින්ද රාජපක්‍ෂ, සිරිමා හා එස් ඞබ් ආර් ඞි බන්ඞාරනායක ශ්‍රීමතානණ් වැනි ශ්‍රේෂ්ඨ ජනතා නායකත්වයක් තිබූ සමයන්හිදීය. ඒ  අප රට කිසිම ජාතියකට පක්‍ෂග්‍රාහී නොවී (non-align) අනෙකුත් ජාතින් සමග සම තත්වයක ක්‍රියාකල බැවිනි. ලෝකයේ සෑම බල පුඵවන්කාර රටක්ම අපට ගෙෳරව කල අතර ඔවුන් හැකි සෑම අවස්ථාවකම අපට උදව් උපකාරද කලහ. සිරිමා බන්ඞාරනායක සමයේ අපට නොයෙකුත් ජාතින්ගෙන් ත්‍යග ලෙස පිරිනැමුනු කර්මාන්තශාලා බහුතරයත් සුවිශාල සම්මන්ත්‍රණ ශාලාවත් එයට උදාහරණය.

අප රටට සුද්දා 1948 ඊනියා නිදහස ලබාදෙනවිට ඔවුන්  ත්‍රිකුණාමලයේ ‘චයිනා බේ’ නාවික කඳවුරත් (ත්‍රිකුණමලය වරායත් සමඟ) කටුනායක ගුවන් හමුදා කඳවුරත් (ගුවනේ තොටුපලත් සමඟ) ඔවුන් බාරයේම තබාගත්හ. ඞි එස්ට වත් කොතලාවලට වත් මේ දෙකෙන් එකක්වත් ලබාගැනීමට සුද්දා සමග එකඟත්වයකට පැමිනීමට නොහැකි විය. ඔවුන්ට ඒවා ලබාගැනීමට එතරම් අවශ්‍යතාවක්ද නොතිබුනි. නමුත් 1956 දී බලයට පැමිනි එස් ඞබ් ආර් ඞී  මේ ජාතික මර්මස්ථාන වලින් ඔවුන් ඉවත්නොවුව හොත් උපරිම හමුදා බලය යොදාඒවා පවරාගන්නා බවට කල තර්ජනය නිකම්ම නිකම් වචන වලට පමනක් සීමානොවූවක් බව එස් ඞබ් ආර් ඞී ගේ තරම හොදින් දත් සුද්දා වහාම ඒ ජාතික වැදගත් කමකින් යුත් ස්ථාන අපට බාරදී  අප රටින්ද සදහටම පිටවිය. රටකට අඞම්බරය ගෙනදුන්, ජනතාවගේ ආදරයට හා ගෙෳරවයට පාත්‍රවූ ජනතා නායකයින්ගේ ගති පැවතුම් ඒසේය.

මහින්ද ත්‍රස්තවාදය මුලිනුපටා දැමීමට කල මානුෂීය මෙහෙයුම හා එහි අවසාන දිනකීපයේ මිලිබෑන්ඞව හා කෘෂ්ණෙව්ව (එංගලන්තයේ හා ප්‍රංශයේ විදේශ ඇමතියන්) ඇඹිලිපිටියටම ගෙන්නවා හිස් අතින් ආපසු හරවා ඇරිය අන්දම අසා අපට ගෙනදුන්නේ අසීමිත වින්දනයක් හා අභිමානයකි. යකෙකුටවත් බයනැති මහින්ද අපවත් මුඵ රටමත් රැකගත්තේ මැනිකක් රකිනා ලෙසිනි. එවැන්නෙකුගේ සෙවනේ ලැබුන රැකවරණය නැවත අපට කවදා ලැබේවිද?

එංගලන්තේ රැජිණගේ (මැය ලංකාවට රැජිණක් නොවේ, අපව ඒ කරැමෙනුත් ගලවාගත්තේ 1972 සිරිමා බන්ඞාරනායක මැතිනිය නිකම්ම නිකන් ලංකාවක්ව තිබුනු රට ‘ශ්‍රී ලංකා ජනරජය’ බවට පත්කිරීමෙනි) මේස් නැති අත ඇල්ලුව උජාරැව රටට කියන නායකත්වය ඉහත සඳහන් සිංහල නායක නායිකාවන් ස්පර්ශ කල මේ දෙරණ මත කෙසේවත් තැබිය හැකිද? අපි පසුගිය ජනවාරි අටවනදා චන්දයට පෙර ‘අමු’ කාලවත් ඉන්න ඇති.

සමාජයට අඞුවක් නැතිව ඊරිසියාව, වෛරය, ක්‍රෝධය පමනක් බෙදන යහපාලන නැලක් රඟනා විකාර දෙස බලාසිටින ලෝකයාගේ හාස්‍යයට පමනක් ලක්වීමට අපි කුමක් හෝ සමුහ අකුසලයක් කල ජාතියක් වෙන්න ඇති. ජනපති හා අගමැති දෙදෙනාම වෛරය ගුරැකොට මොකක්දෝ පාලනය කරයි. මොවුන් දෙදෙනා රාජ්‍යය විචාරය හැර අනෙක් සියඵ දෙයක්ම කිරීමට වෙර දරනු පෙනේ.  එකිනෙකා පරයා මොවුන් දෙදෙනා ඊර්ෂ්‍ය පරවශ ක්‍රෝධය නම් සමාජයට යහමින් බෙදනා බව පැහැදිලිය. මහින්දට ලඟ එන මැතිවරණයට නාම යෝජනාවත් නොදෙන බව පැවසීමෙන් එය මොනවට පැහැදිලි වේ. නාම යෝජනා ලැබීමට සුදුසුද යන්න තීරණය වන්නේ පක්‍ෂයේ මාධ්‍යම කාරක සභාවෙනි (හෝ එමගින් පත්කල අනු කමිටුවකිනි). විනීත දේශපාලනක් ක්‍රියාත්මකවන වෙනත් රටකනම් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ විමසීමකින් තොරව මෙවැනි ප්‍රලාප පැවසීමම  දෝශාභියෝගී වරදකි.

මොවුන් දෙදෙනාගේ දේශපාලන සුසංයෝගය යක්‍ෂයා විසින් අවීචි මහා නිරයේදි ගලපා කටුඉඹුලක් මතදී අතපැන් වත්කර කර, ‘යමපාලනය’ දෑවැදද කොට දීමෙන් සිදුකල එකක්ම විය යුතුය. ‘තෙපි මහින්ද රාජපක්‍ෂනම්වු අයෙක් රාජ්‍යය කරන ලංකාද්වීපයට ගොස් එතුමා තලා පෙලා හැකිනම් දඟයේද දමා සැනසියව්, මුඵ නිරයටම හිරිහැරයක් වු අයෙක් මෙහෙන් චුතවි ගොස් ලංකාවේ දේශපාලන පක්‍ෂයක අනුශාසකත්වයට පත්වී ඇත. අවශ්‍යවූ විටක ඇයගෙන්ද උපදෙස් ගනිව්’ යයි යක්‍ෂයාගෙන් ලැබූ හිර ඔවදන් මොවුන් එලෙසින්ම පිළිපදිනා සේය.

මුසාවන් වපුරා දිනාගත් පුටුව රකිමින්, තම නොහැකියාව ක්‍රියාවෙන්ම රටට පෙන්වමින්, පාලන මිලකට කිරිතේ හා ආප්ප දෙන අර්ථික නියාමනයක් හදාරා ඇති බහුබූතයන් කරනා රටකට මේ විසි එක්වන සියවසේ තරඟකාරි ලෝකයේ කොතරම් දුරක් යාහැකිද? පරිප්පු මිල පාලනය කරගන්න බැරි යහපාලනයට රැපියල පාලනය ගැන කුමන කතාද?

අප අතින් පසුගිය ජනවාරි අටවනදා සිදුවූ බරපතල වරද නිවැරදි කරගන්න අවස්ථාවක් ලඟදීම උදාවේවි. එදිනට අපි  අපේ ඥාතින්, මිත්‍රුයින් හා අසල්වැසියන් සියඵ  දෙනාම සමඟ සූදානම්ව සිටිමු.

 

ඔබට සුභ පැතුම්

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට

2015  ජූනි 12 වන දා

3 Responses to “ශ්රේෂ්ඨ ජනතා නායකත්වයකින් මිල පාලන ‘කිරි තේ’ ආර්ථිකයට”

  1. Kumari Says:

    I fully agree with the writer. I worry for the elections now, the puppet hasn’t announced the dates yet. UNP is famous for postponing elections. When they know their imminent defeat, they will do anything to hold on to the pick pocketed positions.

  2. Christie Says:

    Namaste: The writer lives in a Western country and is cunningly avoid India. It is Indians who have and are still screwing us. Last Friday Indian army wiped out almost a thousand people while they are sleeping. Nothing in the Western news papers. Jai Hind

  3. Kumari Says:

    I checked some information on Sirimawo’s efforts in bringing a settlement between the Indo-China dispute in early 60’s. If you refer to “Selected Letters by Bertrand Russell – Volume 2”, he mentions of this great lady as it was one of rare occasions in world history where another leader’s personal involvement helped avoid a major war. She truly was great. If not for her, Sinhalese Buddhist would have lost their identity with the bullet that killed her husband.

    Regarding Christie’s comment. This is one of the reasons why people living in the west don’t watch news whether it is BBC, FOX, CNN or SKY. They tell you only what they want you to know, not the full picture.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress