හින්ද රෑ වැටුණු වළේ දවල් වැටීම
Posted on July 4th, 2015
නලින් ද සිල්වා
ශ්‍රී ල නි පක්‍ෂයේ සාමාජිකයකු ලෙස එහි හිටපු සභාපතිවරයකු ලෙස මහින්ද රාජපක්‍ෂට එක්සත් ජනතා සංධානයෙන් මැතිවරණයේ දී තරග කිරීමට ඉල්ලීමට අයිතියක් වෙයි. ඔහු අපේක්‍ෂකයකු ලෙස තෝරාගන්නේ ද නැද්ද යන්න අදාළ මණ්ඩලවල කාර්යයකි. මෙහි දී සිදු වී ඇත්තේ මෛත්‍රිපාල ප්‍රජාතන්ත්‍ර විරෝධීව බටහිරයන්ට ඉන්දීයයන්ට හා මෙරට විජාතික බලවේගවලට යට වී මහින්දට තරග කිරීමට ඉඩ නොදීමට ගත් තීරණය ජනතා බලය හමුවේ අකුළා ගැනීම ය. එය විජාතික බලවේග පරදවා ජාතිකත්ව බලවේග ලැබූ ජයග්‍රහණයක් බව නිසැක ය. එහෙත් ඒ අයිතියක් තහවුරු කිරීමක් බව අමතක නොකළ යුතු ය.
මෛත්‍රිපාල මේ තීරණයේ කොපමණ කලක් සිටි දැයි අපි නො දනිමු. ඒ තීරණය වනු ඇත්තේ ජාතික හා විජාතික බලවේගවල බල තුලනය අනුව ය. ජනවාරි 8 වැනි දා විජාතික බලවේග සුලු ජයක් ලැබූ බව පැහැදිලි ය. ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් සමූහ වශයෙන් මෛත්‍රිපාල පසුපස ගියේ එබැවිනි. මහින්දට ඒ හේතුවෙන් ම ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපතිත්වය ද අත්හැරීමට සිදු විය. එහෙත් ඉන්පසු ජාතික බලවේග ක්‍රමයෙන් ශක්තිමත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස පාර්ලිමේන්තුවේ ද බල තුලනයේ වෙනසක් සිදු විය. මෛත්‍රිපාල කණ්ඩායම පරදවා මහින්ද කණ්ඩායම ඉදිරියට පැමිණියේ ය. අද මෛත්‍රිපාල මහින්දට සංධානයෙන් තරග කිරීමට ඉඩ දෙන්නේ පාර්ලිමේන්තුව තුළ හා පිටත සිදු වූ මේ වෙනස්කම් හේතුවෙනි.
එහෙත් ඒ තාවකාලික ය. යම් අයුරකින් විජාතික බලවේග, විශේෂයෙන් ම තානාපති හා ඔත්තු සේවා ඇතුළු විදේශීය විජාතික බලවේග, මෛත්‍රිපාලට කරන බලපෑම් දැඩි කළහොත් මෛත්‍රිපාල වෙනස් වීමට ඉඩ ඇත. මෛත්‍රිපාල උදේට කියන දේ බලපෑම් අනුව හවසට වෙනස් කර ගන්නා තැනැත්තෙකි. එබැවින් කළ යුතු ප්‍රධානම කාර්යය නම් ජාතික බලවේග තව තවත් ශක්තිමත් කිරීම ය. විජාතික බලවේගවලට හිස එසවීමට කිසිම ඉඩක් නොදිය යුතු ය.
එහෙත් අප අමතක නොකළ යුතු කරුණු කිහිපයක් ඇත. මහින්ද අගමැති අපේක්‍ෂකයා ලෙස හෝ කණ්ඩායමේ නායකයා ලෙස හෝ නම් කිරීමට මෛත්‍රිපාල සූදානම් නැත. ඔහුගේ තර්කය පසුගිය මැතිවරණවල දී ශ්‍රී ල නි ප අගමැති අපේක්‍ෂකයකු නම් කර නැති බව ය. එහෙත් ඒ මැතිවරණ වල දී පක්‍ෂ නායකයා හෝ සුදුස්සකු අගමැති අපේක්‍ෂක ලෙස හඳුනා ගැනීමක් විය. අද පක්‍ෂයේ නායකයා මෛත්‍රිපාල ය. ඔහු අගමැති අපේක්‍ෂකයා නොවන බව පැහැදිලි ය. එසේ නම් අගමැතිකමට සුදුස්සා කවු ද? මෛත්‍රිපාල විජාතික බලවේගවලට පොරොන්දු වී ඇත්තේ රනිල් අගමැති කරන බවට ය. ඔහු ඒ පොරොන්දුවෙන් මිදෙන්නේ කෙසේ ද?
මෛත්‍රිපාලට ජනාධිපති බලතල යොදා ගනිමින් ජනවාරි 9 වැනි දා කළාක් මෙන් පාර්ලිමේන්තුවේ වැඩි බලයක් නැතත් රනිල් අගමැති ලෙස පත්කිරීමට හැකි ය. සංධාන මන්ත්‍රීවරුන්ට ඇමතිකම් හා වෙනත් තනතුරු වරප්‍රසාද ලබා දෙමින් මෛත්‍රිපාලට ඔවුන් තම පිළට එකතු කර ගත හැකි ය. මෛත්‍රිපාලට ජනාධිපති බලතල යොදා ගනිමින් මහින්දට අගමැතිකම නොව ඇමතිකමක්වත් නොදී සිටිය හැකි ය. මහින්ද රෑ වැටුණු වළේ දවල් වැටෙන්නට යන්නේ ද?
මෛත්‍රිපාල කණ්ඩායම තනිව ම තරග කෙළේ නම් ඔවුන්ට මන්ත්‍රීවරුන් පස්දෙනකුවත් පත්කරගැනීමට නොහැකි වීමට තිබිණි. එහෙත් දැන් මෛත්‍රිපාලට මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් ලැබෙන අතර මහින්ද කණ්ඩායමෙන් තරග කර පාර්ලිමේන්තුවට යෑමට සිටි පිරිසකට ඒ අහිමිවනු ඇත. මෛත්‍රිපාල මහින්දට තරග කිරීමට ඉඩ දීමෙන් වැඩි වාසි ලබන්නේ මෛත්‍රිපාල ය.
මේ අතර බටහිරයන් වෙනත් දේ කල්පනා කරනු ඇත. ඔවුන් මහින්දට බලයට පත්වීමට ඉඩ දේ යැයි සිතිය නො හැකි ය. ඔවුන්ගේ ලංකා වසන්තය මින් ඉදිරියට කෙසේ ක්‍රියාත්මක වේ ද යන්න ගැන බොහෝ දෙනාට ප්‍රශ්නයක් නො වේ. සමහරුන් මේ නූල් සූත්තර අදින්නේ රනිල් දිගට ම අගමැති ලෙස ක්‍රියා කළහොත් තම ජීවිතවලට අනතුරක් වේ ය යන්න ගැන මිස රට ගැන බලා නො වේ.
මේ උගුල්වලින් බේරීමට ජාතික බලවේග වහා වැඩ පිළිවෙළක් සකස් කළ යුතු ය. ඒ වැඩ පිළිවෙළ ගැන අවබෝධයක් සැකැස්මක් නොමැතිව ජීවිත භයෙන් මෛත්‍රිපාල මහින්ද එකතු කිරීම රටට යහපතක් අත්කර නොදෙනු ඇත.
නලින් ද සිල්වා
2015 ජූලි 04
July 4th, 2015 at 2:44 am
සිරා කිසි ලෙසකින් වත් විශ්වාස කල නොහැකි දුර්වල චරිතයක්. එ් හින්ද මහින්ද ට අගමැති වෙන්න නම් එජනි සංධානය දිනල පමනක් මදි සියලු ම එජනි සංධාන මංත්‍රි වරු මහින්දට සියයට සියයක් පක්‍ෂපාතී විය යුතුයි. එ් කියන්නෙ එජනි සංධානයෙ මැතිවරණය මෙහෙය වන්නෙ මහින්ද නෙවෙයි නම් අගමැති අපේක්‍ෂ ක මහින්ද නෙවෙයි නම් ‘සියලු’ මංත්‍රි වරු මහින්ද ට පක්‍ෂපාති වෙයි කියල හිතන්න බැහැ. එජනි සංධානයෙන් තරඟ කරන වාලෙ තරඟ කිරිමෙන් පලක් නැහැ. මොකද නලින් කියනව වගේ සිරා ට ලෙහෙසියෙන් ම පුලුවන් මහින්දගෙ මංත්‍රි වරු ටික දෙනෙකුට අැමතිකම් දීල උන්ගෙ සහාය රනිල් ට අරන් දීල රනිල අගමැති කොරන්න. එතකොට මහින්ද මොනව කරන්නද? මියෙම්වා රැකෙම්වා මහින්ද වෙනම පක්‍ෂයකින් තරඟ කිරීම තමයි කාටත් යහපත්.
July 4th, 2015 at 4:16 am
තව පය කීපයක් ඇතුලත මයිත්ත්රී මහින්ද කපනවාමය්
July 4th, 2015 at 4:44 am
Everything depends on who else get nominations. US, UK and India will do their best to fool Mahinda and get his support to win elections for Ranil. After all Ranil is their chosen one.
July 4th, 2015 at 6:30 am
Depends on what Indian Empire and Indian Colonial Parasites will do, they still got time.
July 4th, 2015 at 6:58 am
That is very true, MS is a mere puppet pulled around by Ranil & Chandrika to the whims & fancies of the India,US & West.
He is a traitor to bow down to their demands as he is under obligation to them ,who would not, getting the country’s Presidency on a platter,he might never have dreamt in his whole life & not broke a sweat for that.
If MR is not going to win with so large number of seats, it is clear Ranil becoming the PM under the guidance of a National Govt. On one hand therefore we should get all other forces on board be JHU,JVP or BBS etc.We should be shrewd enough to bring them together against the UNP SLMC TNA. This is a threat from India US not going to go away in a few years time,so it is equally important to groom our next leader,should get Gota into the politics somehow.He should be nominated by the national list & made a minister to give him the necessary experience.
July 4th, 2015 at 7:28 am
mahinda come from kurunegala . sath korala people can go against bad kings like sri vikrama . so they all will vote for u
July 4th, 2015 at 7:21 pm
“සමහරුන් මේ නූල් සූත්තර අදින්නේ රනිල් දිගට ම අගමැති ලෙස ක්‍රියා කළහොත් තම ජීවිතවලට අනතුරක් වේ ය යන්න ගැන මිස රට ගැන බලා නො වේ.
මේ උගුල්වලින් බේරීමට ජාතික බලවේග වහා වැඩ පිළිවෙළක් සකස් කළ යුතු ය. ඒ වැඩ පිළිවෙළ ගැන අවබෝධයක් සැකැස්මක් නොමැතිව ජීවිත භයෙන් මෛත්‍රිපාල මහින්ද එකතු කිරීම රටට යහපතක් අත්කර නොදෙනු ඇත. “
This is the truth. I would use the word “බොහෝ දෙනා” instead of “සමහරුන්”.
We are yet to see a real “ජාතික බලවේග” but a shadowy manipulations to save self interests.
July 4th, 2015 at 7:25 pm
Agree with charithsls, we must use MR rather than letting him use us. It is therefore important to bring all “ජාතික බලවේග” together, forgetting the past. BBS can play a big part of it by even getting some Tamil votes.