මෛත්‍රිට රටේ බලයක් නැහැ
Posted on July 12th, 2015
නලින් ද සිල්වා
රනිල් පසුගිය දා පවත්වන ලද එ ජා ප සම්මේලනයේ දී විජිතපුර සටන ගැන සඳහන් කර ඇත. එය තවත් පස්දුන් කතාවකි. පස්දුන් කෝරළයෙන් පස්දීම ගැන රනිල් කළ කතාව බොහෝ දෙනාට මතක ඇතැයි සිතමි. රනිල්ට අනුව මෛත්‍රිපාල එ ජා පක්‍ෂයට විජිතපුර සටන දිනා දී ඇත. ඔහු මෙතෙක් ඒ බවක් කීවේ නැත. රනිල් කීවේ ඊනියා ජාතික ආණ්ඩු කතාවකි. එහෙත් දැන් ඔහු ප්‍රසිද්ධියේ කියන්නේ මෛත්‍රිපාල තමන්ට පික්පොකට් ආණ්ඩුවක් ලබාදීමට කටයුතු කළ බව ය.
එකල අප විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන් ලෙස සිටිය දී ජනප්‍රිය වූ ගීයක කොටසක් සුළු සංශෝධනයක් සහිත ව මෙසේ ප්‍රකාශ කළ හැකි ය.
විජිතපුර සටනට
ගොස් එන මෙතේ පාලට
හිතුනා නාන්නට
ගොසින් පැන්නා නරා වළකට
අද මෛත්‍රිපාල නාගෙන ඇත. රනිල් සිතා සිටින්නේ අනුරාධපුර සටන හෙවත් මහා මැතිවරණය ජයගැනීමට ය. එහෙත් මෛත්‍රිපාල නැතිව රනිල්ට ජයගත හැකි මැතිවරණයක් නැත. අද ද මෛත්‍රිපාල ආධාර කරන්නේ රනිල්ට ය. එහෙත් ඒ තේරුම් කිරීමට පෙර රනිල්ගේ නොතේරුම් කම ගැන වචනයක් කිව යුතු ය. ගැමුණු කුමර් විජිතපුර සටන මෙහෙයවූයේ රට ආක්‍රමණය කළ එළාරට විරුද්ධව ය. රනිල්ගේ හා මෛත්‍රිපාලගේ ඊනියා විජිතපුර සටන රට එක්සේසත් කළ මහින්දට විරුද්ධව ය. රනිල් සිතා සිටින්නේ විජිතපුර සටන රට එක්සේසත් කිරීමට විරුද්ධව කළ බව ද?
මෛත්‍රිපාල ගැන සතපහක විශ්වාසයක් තැබිය නො හැකි බව අපි කිහිප වතාවක් ම කියා ඇත්තෙමු. අගොස්තු 18 වැනි දාට පසුව ඔහු කරන්නේ කුමක් ද යන්න දන්නේ ටික දෙනෙකි. ඔහු රනිල් නැවතත් පික්පොකට් අගමැති කිරීමට බලා සිටියි. ඔහු අද ශ්‍රී ල නි ප සභාපති වුවත් ඒ නමට පමණ ය. අද ශ්‍රී ල නි ප විධායක සභා රැස්වීමක් පැවැත්වුවහොත් නාගෙන සිටින ඔහුගේ සභාපතිකම නැතිවනු ඇත.
එහෙත් ඒ අතර ඔහු මහින්දට ආධාර කළ අයට නාමයෝජනා දීමට තදින් විරුද්ධ වෙයි. සමන්මලී සකලසූරිය වැනි අයට නාමයෝජනා දිමට විරුද්ධ වන්නේ ඔහු ය. ඔහු සූදානම් වන්නේ අගොස්තු 18 වැනි දාට පසුව තමන්ට අවනත කර ගත හැකි මන්ත්‍රීවරුන් පිරිසක් සංධානයෙන් පත්කර ගැනීමට ය. අද වන විට කිසිම ජනබලයක් නැතිව නාගෙන සිටින මෛත්‍රිපාලට සංධාන නායකයන් යටවිය යුතු නො වේ. නාමයෝජනා ලබා දීමේ දී රටේ බලයක් නැති මෛත්‍රිපාල සංධානය විසින් නොසලකා හරිනු ලැබිය යුතු ය.
නලින් ද සිල්වා
015 ජූලි 12
July 12th, 2015 at 1:17 am
දේශප්‍රේමී ආචාර්ය නලින් මැතිතුමනි, මේ ඊට කාලයයි; අවස්ථාවයි. ඔබට අවශ්‍යව ඇති කදිම අවස්ථාව උදාවී ඇත. රනිල් ප්‍රමුඛ බටහිර ගැති රට පවා දෙන්නන් දුර්මුඛ කර, ඔවුන් පාර්ලිමේන්තුව තුලම නිරුවත් කර සිංහල ජාතිකත්වය පාර්ලිමේන්තුවේ රජකරවීමට මේ අවස්ථාවයි; කාලයයි. ඔබතුමාගේ සැබෑ දේශප්‍රේමී හඬ පාර්ලිමේන්තුව තුල ගිගුම් දියයුතු කාලයයි. දැන් ඉතින් මාධ්‍ය තුලින් නැගූ හඬ හොඳටම ප්‍රමාණවත්. රට බෙර ගැනීමට ඒ අත්‍යාවශ්‍ය හඬ පාර්ලිමේන්තුවට ගෙන යායුතුය. ඔබගේ ස්ථාවරය ගැන ප්‍රකාශයක් කර ඔබතුමා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යෑමට දුන් අවස්ථාව බාරගන්න ලෙස ජාත්‍යාලයෙන් යුතුව ඉල්ලා සිටිමි. රනිල් ප්‍රමුඛ බොහෝ දේශපාලුවන් සිතන්නේ ඔබ මුල්ලකට වී බෙරිහන් දෙන අගුටුමිට්ටේකු ලෙසිනි. පාර්ලිමේන්තුවට ගොස් ඔවුන්ගේ අගුටුමිටි බවත් ඔබතුමාගේ යෝධ නැණ හැකියාවත් පෙන්වියයුතු අවස්ථාවයි. කේවට්ටයන් එලවා දැමීමට කාලයයි. කොටින්ට එරෙහිව යුධ පෙරමුණට යාමට නොහැකි වූ ඔබට ඊටත් වඩා හොඳින් කලයුතු වූ සටනට යෑමට අවස්ථාව ලැබී ඇත. කාලය එලඹී ඇත. අපේ රට ගලවා ගැනීමට ඔබතුමාට යෝධ ශක්තියත් දිර්ගයුෂත් පතමි.
July 12th, 2015 at 3:55 am
“එහෙත් ඒ අතර ඔහු මහින්දට ආධාර කළ අයට නාමයෝජනා දීමට තදින් විරුද්ධ වෙයි. සමන්මලී සකලසූරිය වැනි අයට නාමයෝජනා දිමට විරුද්ධ වන්නේ ඔහු ය. ”
– එතකොට කුඩු දුමින්දට ටිකට් එක දෙන්න මිනිහා පුල් ට්‍රයි ? ආයිත් පරණ සෙල්ලමම පටන් ගන්නා බවට මටනම් සැකයක් නැහැ. අපිට යනැන මංනැහැ. ඔබතුමා පාර්ලිමේන්තුවට යා යුතුමයි. නැත්තම් ලොක්කා ආයිත් පිස්සු නටයි.