මෛත්‍රීගේ ජනාධිපතිකමට කෙලවන්න කල කුමන්ත්‍රණය මෙන්න
Posted on July 12th, 2015
Lankanewsweb.today
අද එක්සත් ජාතික පක්ෂයට එක්වුනු රාජිත සේනාරත්න,එස්.ඩි.එස් ගුණවර්ධන හා අනුර කුමාර දිසානායක එම කුමන්ත්‍රණය විව්ධ අකාරයට සම්බන්ධ වි සිටි අය වන තර එම කුමන්ත්රණයේ මහා මොළකරු ලෙස රනිල් සමග කටයුතු කර ඇත්තේ මංගල සමරවිර බවද අනාවරණය වි තිබේ.
මෙම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන රාජිතගෙන් ප්‍රශ්ණ කර එති අතර එහිදි දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවු බවද වාර්තා වේ.
මහින්ද රජපක්ෂ යලිත් මැතිවරණයට ඉදිරිපත් විම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට පසුගිය දිනක අග්‍රාමාත්‍යවරයා හමුවිමට ගිය අනුර කුමාරට රනිල් මෙම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් යම් කතාවක් කියා තිබේන අතර පසුව අනුර ඒ පිළිබඳව ප්‍රසිද්ධ මාධ්‍ය හරහාද ප්‍රකාශයක් කර තිබේ.
යම් හෙයකින් එජාපය,ශ්‍රිලනිපය හා මහින්ද පාර්ශවය වෙන වෙනම මැතිවරණයට තරග කලේනම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝජනය කරන ශ්‍රිලනීපයට ලක්ෂ 10 ක උපරිම ඡන්ද ප්‍රමාණයක් පමණක් ලබාගැනිමට සිදුවන බවත් එවිට ජනවාරි 8 වැනිදා ජයග්‍රහණය එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ සන්ධානයේ ජයක් ලෙස අර්ථ ගන්වා ජනපති කොන් කිරිමට මෙම කුමන්ත්රණකාරී කටයුතු කරමින් සිට තිබේ. ඒ හරහා මෛත්‍රීට එල්ල වන පිඩනය හමුවේ ඔහුගේ ජනාධිපති ධුරයට තට්ටු කිරිමට මෙම කුමන්ත්‍රණය දියත් කර තිබේ.