ශ්‍රී ලං නි පක්ෂ සභාපතිත්වයේ වෙනසක් වන ලකුණු: පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති ධුර නැවතත් මහින්ද රාජපක්ෂට
Posted on July 12th, 2015
Courtesy Helabima.lk
ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත්ව යාමට සිරිසේන ජනාධිපතිවරයාට සිදුවී ඇති බව වාර්තා වෙයි. චන්ද්‍රිකා ඇතුළු විදේශ බලවේගයන්ගේ තාඩන පීඩන වලට ලක් වෙමින් සිටින වත්මන් ජනාධිපතිවරයාට නිර්පාක්ෂිකව කටයුතු කරන ලෙස විදේශ රටවලින් උපදේශ ලැබී ඇති අතර නාමයෝජනා බාරදුන් පසු ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් හා එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකත්වයෙන් ඉවත්ව නිර්පාක්ෂික ජනාධිපතිවරෙක් ලෙස කටයුතු කිරීමට සියල්ල සුදානම් වෙමින් පවතී.
එලඹෙන 17 අනුරාධපුරයෙන් ආරම්භවන එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රචාරක සමුළුවේදී මහින්ද රාජපක්ෂ මැතිතුමන් හා වත්මන් ජනපති තුමන් එකම වේදිකාවකට ගෙන ඒමට සැලසුම් කොට තිබෙන අතර ඊට පෙර මෙම නායකත්වයන්ගෙන් සමුගැනීමට කටයුතු යොදා ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය නැවතත් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට හිමිවන අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකත්වයද මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට හිමිවනු ඇති බව වාර්තා වෙයි. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත්ව යාමට සිරිසේන ජනාධිපතිවරයාට සිදුවී ඇති බව වාර්තා වෙයි. චන්ද්‍රිකා ඇතුළු විදේශ බලවේගයන්ගේ තාඩන පීඩන වලට ලක් වෙමින් සිටින වත්මන් ජනාධිපතිවරයාට නිර්පාක්ෂිකව කටයුතු කරන ලෙස විදේශ රටවලින් උපදේශ ලැබී ඇති අතර නාමයෝජනා බාරදුන් පසු ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් හා එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකත්වයෙන් ඉවත්ව නිර්පාක්ෂික ජනාධිපතිවරෙක් ලෙස කටයුතු කිරීමට සියල්ල සුදානම් වෙමින් පවතී. එලඹෙන 17 අනුරාධපුරයෙන් ආරම්භවන එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රචාරක සමුළුවේදී මහින්ද රාජපක්ෂ මැතිතුමන් හා වත්මන් ජනපති තුමන් එකම වේදිකාවකට ගෙන ඒමට සැලසුම් කොට තිබෙන අතර ඊට පෙර මෙම නායකත්වයන්ගෙන් සමුගැනීමට කටයුතු යොදා ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය නැවතත් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට හිමිවන අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකත්වයද මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට හිමිවනු ඇති බව වාර්තා වෙයි.
July 13th, 2015 at 3:00 am
“නිර්පාක්ෂික පඹයකු ලෙස” වශයෙන් නිවැරදි විය යුතුය.