රට රැකි මහින්ද හා රට පාවාදෙන රනිල්
Posted on July 21st, 2015
නලින් ද සිල්වා
සියළු විජාතික බලවේගවලට අවශ්‍ය මහින්ද රාජපක්‍ෂ පැරදවීම ය. මහින්ද නැති ශ්‍රි ල නි පක්‍ෂයක් නැති බව දහස් වරක් පෙනී ගොස් ඇත. අද ඇත්තේ ශ්‍රී ල නි ප හෝ එ ජ නි ස හෝ මැතිවරණ ව්‍යාපාරයක් නොව මහින්ද මැතිවරණ ව්‍යාපාරයකි. බටහිරයන්ට අවශ්‍ය ඊනියා මහින්ද රෙජිමය පැරදවීම ය. ඒ ඔවුන්ගේ ලංකා වසන්තය ය. ඔවුන්ට මහින්ද රාජපක්‍ෂ මහතා පැරදවීමට අවශ්‍ය වී ඇත්තේ තම අභිමතය පරිදි ක්‍රියා නොකර ඔහු විසින් දෙමළ ත්‍රස්තවාදය පරාජය කරනු ලැබීම නිසා ය. බටහිරයන්ගේ සුවච කීකරු ගැත්තා වූ ද බටහිරයන්ට අවශ්‍ය ආකාරයට දෙමළ ජාතිවාදයට කප්පන් දී සිංහල ජාතිකත්වය හා රටේ ස්වෛරීභාවය නැති කිරීමට සැදී පැහැදී සිටින්නාවූ ද රනිල් කියන්නේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් මහින්දගේ අනාගතය නැති කළ යුතු ය. එහෙත් ඔහු සැබවින් ම කියන්නේ බටහිරයන් වෙනුවෙන් මහින්ද නැති කළ යුතු බව ය. චම්පක වැන්නෝ මහින්ද ගෙදර යැවීමෙන් සෑහීමකට පත් නොවෙති.
එහෙත් මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීමේ දී ඔවුන් විසින් ශ්‍රී ල නි පක්‍ෂය ද ඝාතනය කෙරිණි. එහි ප්‍රතිඵලය වූයේ මහින්ද නැවත බලයට පත්කිරීමේ ව්‍යාපාරය ජනතාව විසින් මෙහෙයවනු ලැබීම ය. එව බලව වැනි සංවිධාන ජනමාධ්‍යවලින් ප්‍රසිද්ධියක් ලබා නොදුන්න ද මහින්ද නැති රට මැයෙන් සම්මන්ත්‍රණ සංවිධාන කෙළේ ය. නුගේගොඩ රැස්වීම විසින් මේ ජනතා බලය කරළියට ගෙනෙනු ලැබිණි. ඒ අතර භික්‍ෂූන් වහන්සේ පැරණි සිංහල සිරිත අනුව යමින් මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් බෝධි පූජා පවත්වමින් ඔහු ආරක්‍ෂා කරගනිමින් ඉතිහාසය යළි නිර්මාණය කළහ. මෛත්‍රිපාලට ඒ දරාගත නොහැකි විය. ඔහුට අකමැත්තෙන් වුවත් මහින්ද රාජපක්‍ෂට මැතිවරණයේ දී ශ්‍රී ල නි ප අපේක්‍ෂකත්වය දීමට සිදු විය.
මෛත්‍රිපාල සිරිසේන පසුගිය දා විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්දට අගමැතිකම නොදෙන බව පැහැදිලිව ප්‍රකාශ කර ඇත. මෛත්‍රිපාල සිරිසේන විසින් කරන ලද විශේෂ ප්‍රකාශයෙහි තවත් කරුණු කිහිපයක් අඩංගු විණි. තමා මහින්ද රාජපක්‍ෂට ජනවාරි 8 වැනි දාට පෙර තිබූ විරුද්ධත්වය එසේ ම පවතින බව ප්‍රකාශ කෙළේ ය. ශ්‍රී ල නි ප (සංධානය) ජයග්‍රහණය කළහොත් අගමැතිකම දීමට පක්‍ෂයේ ජ්‍යෙෂ්ටයන් සිටින බව කීවේ ය. තමා මහින්ද රාජපක්‍ෂට අගමැති අපේක්‍ෂකත්වයවත් කණ්ඩායමේ නායකත්වයවත් දී නැති බව එකහෙළා කියා සිටියේ ය. තමා ජනවාරි 8 වැනි දා ජයග්‍රහණය ඉදිරියට ගෙන යෑමට බැඳී සිටින බව කීවේ ය. මහින්ද රාජපක්‍ෂට සංධානයෙන් තරග කිරීමට ඉඩ දුන්නේ සංධාන නායකයන් සියයට සියයක් ම එසේ කරන ලෙස ඉල්ලා සිටි නිසාත්, ශ්‍රී ල නි පක්‍ෂයේ සියයට අනුනවයක් ම ඉල්ලා සිටි නිසාත් යැයි කීවේ ය. එහෙත් තමා මහින්දට විරුද්ධ බවත් ජනවාරි 8 වැනි දා මෙන් ම මැතිවරණයේ දී ද මහින්ද රාජපක්‍ෂ පරදින බවත් කීවේ ය. තමා රනිල් ආරක්‍ෂා කිරීමට පාර්ලිමේන්තුව විසුරුවා හැරි බව ද කීවේ ය. මෛත්‍රිපාල ද්‍රෝහියකු පමණක් නොව නිවටයෙක් ද වෙයි.
ඒ ඉතා පැහැදිලිව ම ද්වේශ සහගත ප්‍රකාශයක් විය. පක්‍ෂයේ සභාපති පක්‍ෂයෙන් තරග කරන අපේක්‍ෂකයකු අරභයා එවැනි ප්‍රකාශයක් මින් පෙර කිසිම පක්‍ෂයක සභාපතිවරයකු කර ඇතැයි සිතිය නො හැකි ය. මේ ප්‍රකාශය විජාතික බලවේගවල අවශ්‍යතාව පරිදි කරන ලද්දක් බව පැහැදිලි ය. එහෙත් ඒ ප්‍රකාශයෙහි පෞද්ගලික විරුද්ධතාව ද වෙයි. අද විජාතික බලවේගවලට අවශ්‍ය මහින්ද රාජපක්‍ෂගේ දේශපාලන ජීවිතය අවසන් කිරීම ය. හැකිනම් පෞද්ගලික ජීවිතය ද අවසන් කිරීම ය. විශේෂයෙන් ම බටහිරයෝ තමන්ට අවනත නොවන ජාතික දේශපාලන නායකයන් පරළොව යැවීමට කටයුතු කරති. පසුගිය කාලයේ අරාබි රටවල අපි ඒ බව අත් දුටුවෙමු.
ජනවාරි 8 වැනි දා මෙරට තාවකාලික ප්‍රතිවිප්ලවයක් ඇතිවිණි. එදින රටේ ජාතිකත්වය පික්පොකට් සොර මුළක් විසින් ඊනියා යහපාලනයක් මගින් යට ගසන ලදී. එහි දී බටහිරයෝ හා ඉන්දීයයෝ රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේන යොදා ගත්හ. රනිල් වික්‍රමසිංහ දන්නා විප්ලවයක් නැත. ඔහු රට ජාතික මගින් ඉවතට දැමූ ප්‍රතිවිප්ලවය විප්ලවයක් ලෙස හඳුන්වයි. මේ ප්‍රතිවිප්ලවය අගොස්තු 17 වැනිදා පරාජයට පත්වන බව බටහිරයෝ ද ඉන්දීයයෝ ද දනිති. වෙන් ව තරග කිරීමට සිටි පක්‍ෂ කිහිපයක් එකතු වී හදිසියේ අලියා ලකුණ යටතේ සංධානයක් පිහිටුවා ගත්තේ අගොස්තු 17 වැනි දා පරාජය බටහිරයන්ට හා ඉන්දියයන් හා අනෙක් විජාතික බලවේගවලට වැටහෙන බැවිනි.
අගොස්තු 17 වැනි දා පරාජය විසින් ම මෛත්‍රිපාලට තම පක්‍ෂයට විරුද්ධව ද්‍රෝහී ප්‍රකාශය කිරීමට බල කෙරී ඇත. මෛත්‍රිපාල (බටහිරයන්) එමගින් බලාපොරෙත්තු වූයේ සංධානයට ඡන්දය දීමට සිටින ඡන්දදායකයන් තැතිගන්වා ඔවුන් ඡන්දය දීමෙන් වළක්වාලීම ය. එය ඉතා සුළු ප්‍රමාණයකින් නාගරික ප්‍රදේශවල සාර්ථක වී ඇත. ඉංගිරිසින්ට සිංහල ගැමි මනස නො තේරෙයි. මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රකාශය නාගරික නොවන ප්‍රදේශවල සංධානයට වාසි සහගත වී ඇත. අගමැතිකම මහින්දට නොදෙන බව කීමෙන් සිරිසේන ගැමි ඡන්දදායකයන් සංධානය වෙතට තල්ලු කිරීමට සමත් වී ඇත. අද ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට ද වඩා සාමාන්‍ය ඡන්දදායකයන් කතා කරන්නේ මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ල නි පක්‍ෂයෙන් නෙරපීම ගැන ය.
සෝලංගආරච්චි මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් අධිකරණයට ගොස් ශ්‍රී ල නි පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවැත්වීමට විරුද්ධව වාරණ නියෝගයක් ගැනීමෙන් සාමාන්‍ය ඡන්දදායකයන් තවත් සංධානය දෙසට ගමන් කරවා ඇත. මෛත්‍රිපාල කෙසේ නමුත් තම ශ්‍රී ල නි ප සභාපතිත්වය රැක ගැනීමට කටයුතු කරන බව එමගින් පැහැදිලි වී ඇත. අගමැති කමට කෑදර වී පක්‍ෂයට විරුද්ධව කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේන අද පක්‍ෂ සභාපතිත්වය රැක ගැනීමට පක්‍ෂයට තව තවත් ද්‍රෝහි කම් කරයි. මහින්ද ගෙදර යැවීමට කතා කළ මෛත්‍රිපාල සිරිසේන ගෙදර යැවීමට අද ඡන්දදායකයෝ කතා කරති.
සංධානයට තුනෙන් දෙකක බහුතරයක් ලබා දී මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනැවිත් ඡන්දදායකයන්ගේ බලාපොරොත්තුව ඉටු කළ හැකි ද යන්න අද සාකච්ඡා වෙමින් පවතියි. අගමැති කම යනු තමා යමකුට දෙන තෑග්ගක් නොවන බව මෛත්‍රිපාල සිරිසේන තේරුම් ගන්නේ කවදා ද? ඔහුට රිසි කෙනකුට අගමැති කම දිය හැකි නො වේ. විශේෂයෙන් ම සංධානයේ ජයග්‍රහණයකින් පසුව මෛත්‍රිපාලට තමන්ට රිසි ලෙස කටයුතු කිරීමට නොහැකි වනු ඇත. ප්‍රතිවිප්ලවය අවසන් වීමෙන් පසු මෛත්‍රිපාලට ගෙදර යෑමට සිදුවහොත් එය ඉතිහාසයේ දරුණු ම සරදමක් වනු ඇත.
අද කළ යුතු කාර්යයන් දෙකක් වෙයි. ජනතා ව්‍යාපාරය ප්‍රධාන වශයෙන් ම මෙහෙයවනු ලැබුයේ භික්‍ෂූන් වහන්සේ ප්‍රමුඛ සිංහල බෞද්ධයන් විසිනි. ඒ ව්‍යාපාරය එසේ ම පවත්වාගෙන යා යුතු ය. ඒ මෙරට සංස්කෘතිය ය, මෙරට ඉතිහාසය ය, මෙරට සම්ප්‍රදාය ය. මහින්ද ව්‍යාපාරයේ එක් කොටසක් රැස්වීම් සම්මන්ත්‍රණ ආදී වශයෙන් බටහිර දේශපාලන සම්ප්‍රදාය අනුව කෙරී ගෙන යා යුතු අතර අනෙක් කොටස සිංහල බෞද්ධ සම්ප්‍රදාය අනුව භික්‍ෂූන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පන්සල් ආශ්‍රිතව දිගට ම කෙරී ගෙන යා යුතු ය.
අප දෙවනුව මතක තබාගත යුතු කරුණ නම් මහින්ද මතවාදීන්ට පමණක් මනාප ලබා දීම ය. එමගින් රනිල් හෝ මහින්ද නොවන වෙනත් අයකු හෝ අගමැති කර නැවතත් පික්පොකට් ආණ්ඩුවක් බලයට පත්කිරීමට මෛත්‍රිපාලට කිසිම ඉඩක් නොදී සිටීමට හැකි ය. මනාප ලබා දිය යුත්තේ කාහට ද යන්න මැතිවරණ ව්‍යාපාරයේ දී හෙළිදරවු කෙරෙනු ඇත. අප අගමැති කළ යුත්තේ රට රැකි හා රට රකින මහින්ද මිස රට දෙමළ ජාතිවාදයට පාවා දෙන බටහිර ගැති රනිල් නො වේ.
නලින් ද සිල්වා
2015 ජූලි 21
July 21st, 2015 at 3:04 pm
Sorting problems with MS looks secondary to me at this stage Nalin. Battle has started on the election campaign & the most important goal should be to get as many seats as possible to get a two third. That itself will put the MS issue an insignificant one. PM issue can be addressed later. Do all to get a two third majority not banking on the masses you see at the rallies. Get a young professional brigade to work on CB Bond, Security to the country (with LTTE chaps with cyanide,LTTE white van at Mirihana & RP Premadasa stadium incident) etc. Let them work overtime & expose the threat to our country.Ranawaka now is spreading that MR brought the election forward because the CB was bankrupt.
Give wide coverage to CB present status.
Rather than fighting against the BBS, give them all you can to spread the security issue to the country far & wide.
July 21st, 2015 at 8:40 pm
“Spread the security issue” that’s the most important as Charith says Prof Nalin. Yes it’s scary when you look at it properly. All the incidents happened one after another is a grave concern for the safety of our President Mahinda Rajapksa. When JVP and other traitors barking like stray dogs to reduce the security for MR we have to think twice why and who’s behind these. LTTE is already showing their presence in here and abroad. This UNP Govt is inviting these elements to Sri Lanka and giving them freedom to move and do anything without proper checks. In the meantime these Tamils are saying that they will remove Police and other Forces from the North if they come to power. Sambandan is telling that he will have own rule in North and East etc. We should not stand idle because we saw what happened under UNP rule during the war. These UNP traitors were responsible for many young deaths in this country in the past. Youths should not forget all this. They shouldn’t be hoodwinked again with their Bogus promises and lies.
UNP is a party for rich.They work as per the wishes of America,India and other western countries. These are the countries which helped LTTE during thirty years of war. The reason they are against Mahinda is for ending the war nothing else. How can people forget what Ranil and Choura did to our country and also Premadasa,JR and other traitors in the UNP. Killer Prabakaran was “Mr. to these leaders and Ranil was his friend taking photographs and having meals together. This guy shouldn’t be allowed to take back power because we will not have a country to call home if that happens.
July 22nd, 2015 at 3:24 am
Unpatriotic party is
Anti Sinhalese
Anti Buddhist
Anti Sri Lankan.
Yet a lot of Sinhalese (Asinhalese) support them. Traitor catholic chief did the biggest robbery
in the country’s history.He gave his tiger buddy hitler malapaharan barrel man the reigns to run
north and east while killing Jaathiya Vinashakarana Party’s (JVP) youth at Batalande. Then his uncle thambi mudiyanselage
jr signed 13 to break up the country. Then came the lk premadasa. Just like the previous thambi mudiyanse he was brutal
(to Sinhalese youth only). Then he sent 600 policemen in the east to ltte bullet. Also thambi mudiyanse sacked 40,000 state employees. Still people vote for these low lives! What more damage these low lives have to do the country, the Sinhalese race and Buddhism before these Asinhalese stop supporting these traitors?
Can you believe any other race on this planet will do that?
Only the Asinhalese can do it. So they keep coming back. Asinhalese think only people in villages and the poor have to support UPFA. So UNPatritoic party promote tamils and mussies and get into power. Don’t have to do anything to the Asinhalese. Only thing they expect is do bad things to the country, Buddhism and the Sinhalese. Asinhalese are happily vote for the Unpatriotic party!