“සිංහලයේ රණහඬ” “බලු සිංහයෙකු” බවට පත්වීම
Posted on July 23rd, 2015
-Jana-Ananda -යුතුකම පාඨක ලිපියකි
![](http://4.bp.blogspot.com/-eGSZ5jHCbpM/Va4-gjge6cI/AAAAAAAADlc/UI2LjC8GxXI/s400/cc.jpg)
බලය වෙනුවෙන් ඕනෑම පාවාදීමක් කරන බලලෝභියෙකු සහ රාජිත-එස්බී-හකීම්-මර්වින් ආදීන් මෙන් දේශපාලන අවස්ථාවාදියෙකු බවට අද පත්ව ඇති චම්පකගේ මේ මහින්ද විරෝධය ඇති වීමට ප්‍රමුඛ හේතුව කුමක්දැයි පළමුව විමසා බලමු. 2005 ජනාධිපතිවරණයේදී “මහින්ද චින්තනය” පිටපත් කළේ චම්පකය. ඔහු මැතිවරණ ජයග්‍රහණයෙන් පසු බලාපොරොත්තු වූයේ අගමැති වීමටය. මුල් කාලයේදී නිතරම මහින්ද වටා භ්‍රමනය වෙමින් සිටි මොහුගේ යටි අරමුණු වටහාගත් මහින්ද විසින් මොහුව ටිකෙන්-ටික කොන් කළ නිසා මොහු මහින්ද සමඟ විරසකභාවයට පත්විය. එමෙන්ම සන්ධානයේ ජ්‍යෙෂ්ඨයන් අතර තමන් නිකන්ම නිකමෙකු බවට පත්වෙමින් සිටීමත්, ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය අභියස තමන්ගේ අගමැතිවීමේ බලාපොරොත්තුව හීනයක් බවට පත්වෙමින් ඇති බවත් වටහාගත් චම්පක ඉන් පසු සන්ධානය තුළ සිටිමින්ම සන්ධානය බිඳවන්නට උත්සාහ කළේය. ඉන් පසු ඔහුගේ ඉලක්කය වූයේ ජනාධිපතිවරණයෙන් පසු මහින්ද රාජපක්ෂ මැදමූලනේම නතර කොට, මහින්ද හිතවාදීන් ශ්‍රීලනිපයෙන් අතු ගා දමා, ශ්‍රීලනිපයේ ලේකම් බවට පත්වී 2020 ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් නොවන බවට ප්‍රකාශ කර ඇති නිසා ඊළඟ ජනාධිපතිවරනයේදී ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂකයා බවට පත්වීමටය.
එහෙත් 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාදය වූවද, මොහුගේ කුමන්ත්‍රණය මල් ඵල නොගත්තේ විමල්-උදය-දිනේෂ්-වාසු ප්‍රමුඛ සන්ධානයේ නායකකාරකාදීන් ද, ශ්‍රීලනිපයේ මහින්දහිතවාදීන් ද මහින්ද රාජපක්ෂ මහතාව නැවත දේශපාලන කරලියට කැඳවාගෙන පැමිණීම නිසාය. කිසිවෙකුත් නොසිතූ, නොපැතූ ලෙස සිදුවූ මහින්ද රාජපක්ෂගේ පුනරාගමණය නිසා චම්පකගේ දේශපාලන යටිසූත්තරය උඩු-යටිකුරු වන්නට විය. මහින්ද රාජපක්ෂ සන්ධානයෙන් තරඟ කරන බව ප්‍රකාශ වීමත් සමඟ තක්කු-මුක්කු වී සිටි චම්පිකට විකල්ප හතරක් ඉතිරි විය. එනම්, තමන් හෙල උරුමය වශයෙන් තනිව තරඟ කිරීම හෝ මහින්ද යටතේ සන්ධානයෙන් තරඟ කිරීම හෝ මහින්ද විරෝධී මෛත්‍රීපාල සිරිසේන හිතවාදීන් සමඟ නව පක්ෂයකින් තරඟ කිරීම හෝ එජාපයෙන් තරඟ කිරීම හෝ ය.හෙල උරුමය වශයෙන් තනිව තරඟ කළහොත් එකදු ආසනයක්වත් තමන්ට නොලැබෙන බව වටහා ගැනීමට තරම් චම්පක නූගතෙකු නොවන නිසා ඔහු පළමු විකල්පය අත හැරියේය. දෙවන විකල්පය වූ මහින්ද යටතේ සන්ධානයෙන් තරඟ කළහොත් ඔවුන්ට සන්ධානයේ පාක්ෂිකයන්ගේ මනාපය කෙසේ වෙතත් හූ හඬට පාත්‍ර වීම නිසැක නිසා දෙවන විකල්පයත් අත හැරීමට සිදු විය. තෙවැනි විකල්පයත් අත හැරදැමීමට සිදුවූයේ මහින්ද විරෝධී මෛත්‍රීපාල සිරිසේන හිතවාදීන් සමඟ නව පක්ෂයකින් තරඟ කළහොත් ආසන 10-15ක් අතර ගණනකට වඩා තමන්ට ලබාගත නොහැකි බව වටහාගත් නිසාවෙනි. වඩාත් වාසිදායකවන්නේ තමන් ඇතුලුව රාජිත, අර්ජුන, හිරුනිකා, නාවින්න, වර්නසිංහ, පරණවිතාන ආදීන් එජාපයෙන් පාර්ලිමේන්තුවට රිංගවා ගැනීමත්, සෝලන්ග, තිලන්ග, දුමින්ද, එස්බී, මල්ෂා, කත්‍රිආරච්චි ආදීන් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට රිංගවා ගැනීමත්, ශිරාල්, මලිත්, ජීවන්, රෙජිනෝල්ඩ්, පවුසි, අමුණුගම, මුස්තාපා, රජීව් ආදීන් සන්ධානයේ ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට ඇතුල් කරගැනීමත්, ඕමල්පේ සෝභිත-රතන-ජයම්පති-එම්.කේ.ඩී.එස්-උස්වැටකෙයියාව ආදීන් එජාප ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට ඇතුල් කරගැනීම බවත්, එමගින් තමන්ගේ මෛත්‍රී හිතවාදී පාර්ශවයට ආසන 20-25ක් පමණ කොටා ගත හැකි බවට චම්පකගේ අදහස විය.
මීළඟ ආණ්ඩුවේ අගමැතිවරයා බිහි කරන්නේ, තමන් ඇතුළු පිරිස බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවට නම් කර ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පසුගිය දිනෙක ප්‍රකාශ කළේ මේ හේතුව නිසාය. මේ ප්‍රකාශය මගින් ඔවුන්ගේ ඉදිරි කුමන්ත්‍රණය නමැති බළලා මල්ලෙන් එළියට පැන ඇත. මොවුන්ගේ මීලඟ ඉලක්කය වන්නේ මීලඟ පාර්ලිමේන්තුවට මෛත්‍රීපාල හිතවාදී මන්ත්‍රීවරුන් 20-25ක් අතර ප්‍රමාණයක් මහජන මනාපයෙන් සහ ජාතික ලැයිස්තුවෙන් පත්කර, රනිල් වික්‍රමසිංහව අගමැති කරවීමේ තීරක බලය බවට ඔවුන් පත්වී, යම් තීරනාත්මක අවස්ථාවකදී එම සහයෝගය ඉවත් කරගෙන, පාර්ලිමේන්තුවේ පුටු පෙරැලියක් මගින් තමන්ගේ මන්ත්‍රීවරයෙකු අගමැති ලෙසට පත්කර ගැනීමය.
එහෙත් මෙතෙක් ජාති ද්‍රෝහියෙකු ලෙස හංවඩු ගැසූ, නූතන දොන් ජුවන් ලෙස අන්වර්ථ නාමයකින් අපහාසයට ලක්කළ රනිල් සමඟත්, බෙදුම්වාදීන් ලෙස හැඳින්වූ බාහු, සාලි, මනෝ ආදීන් සමඟත්, මුස්ලිම් මූලධර්මවාදීන් ලෙස හංවඩු ගැසූ හකීම් සහ මුජිබර් රහ්මන් සමඟත් චම්පක තම සහුර්දයා වන රතන හිමි සමඟින් එකම වේදිකාවක ලැග සිටිනු දකිනා විට සිතට ඇතිවන ජුගුප්සාජනක හැඟීම් නම් ලිඛිත භාෂාවෙන් පළ කළ නොහැකි නිසා, ධර්මිෂ්ඨ රාජ්‍යයක් ගැන වැදි බණ දෙසා පැමිණි ඔවුන් අද දිනයේදී තමන් විසින් කරන්නේ කෙතරම් බලලෝභී ජඩ දේශපාලනයක්ද කියා ඔවුන්ගේම හර්ද සාක්ෂියෙන් විමසාගතහොත් වඩා හොඳයැයි සිතමි.
මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් හා රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටින යහපාලන නඩයෙන් මා ඉල්ලා සිටින්නේ මෛත්‍රීපාල සිරිසේනගේ න්‍යායාචාර්යවරයෙකු බවට පත්ව ඇති “චම්පිකගේ 30 වසරක් පටසෝඝතගාමීව” පොත කියවන්නැයි කියාය. මේ ස්‌වයංලිඛිත චරිතාපදානයේ ඔහු සඳහන් කර ඇති කරුණුත්, අද දිනයේ ඔහු සඳහන් කරන කරුණුත් සසඳා බැලීමේදී සිනහ යන්නේ අධෝමුඛයෙන්ය. එය කියවීමෙන්ම අද යහපාලනය සමඟ නිරුවතින් ලගින චම්පික කුමන ආකාරයේ දිව දෙකේ කබරයෙක්දැයි ඔබටම වටහාගත හැකිවනු ඇත.
2015 මැයි මස 24 වනදා ලංකාදීප පුවත්පතේ “උතුරු නැගෙනහිර කොටින්ට පාවා දෙන ‘පීටොම්ස්‘ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මහින්ද රාජපක්ෂ අගමැති විදියටය” යි පවසන චම්පකයන් තමාගේ ‘පටිසෝතගාමීව තිස් වසක්’ කෘතියේ සඳහන් කරන්නේ “රටම අවදි කිරීම අපේ පරමාර්ථය වූ අතර, දහස් ගණන් ක‍්‍රියාකාරීන් රටපුරා පන්සල් හා සේවා ස්ථාන කරා පිටත් කරවීමු. තුන්වන දිනය වනවිට ජ.වි.පෙ ආණ්ඩුවෙන් එළියට ආ අතර, වෙනම උපවාසයක් ආරම්භ කළේය. කපටි චන්ද්‍රිකා සුනාමි සහන මණ්ඩල යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනාවේ අගමැති මහින්ද හරහාය. ඒ එතුමා වෙතට ජාතික බලවේගවල වෛරය තල්ලූ කර හරින්නටය” යනුවෙනි. තව දුරටත් එම පුවත්පතටම ඔහු පවසන්නේ
‘පටිසෝතගාමීව තිස් වසක්’ කෘතියේ තවත් එක් පරිච්ඡේදයක ඔහු සඳහන් කරන්නේ තමන් ආර්.ප්‍රේමදාස මහතාව බලයෙන් ඉවත් කිරීමට මහත් කැපකිරීමක් කළ බවත්, එතුමාගේ මරණය සැලවීමත් සමඟම තමාගේ හිතට සතුටක් ඇතිවූ බවත්, එහෙත් ආර්.ප්‍රේමදාස මහතා වැනි නිර්-ප්‍රභූ චරිතයක් පිළිබඳව එසේ කටයුතු කිරීම පිළිබඳව තමන් අද දිනයේදී (2010දී) කණගාටුවන බවත්ය.
ආර්.ප්‍රේමදාස සාධකයේදී මෙන්ම, තමන්ගේ බලලෝභය නිසා 2015 දී තම රටට අත්කළ ඉරණම පිළිබඳව තමන්ගේ මරණ මංචකයේදී හෝ චම්පකට කණගාටු වීමට සිදුවනු නියතය.එමෙන්ම 2000-2005 කාලයේදී “සිංහලයේ රණහඬ” ලෙස හැඳින්වූ චම්පකයන්, අද දිනයේදී නරින් ද, කොටින් ද, ඔටුවන් ද, රතු අලින් ද, කහ බළල්ලු ද සමඟින් එකම වේදිකාවක “බලු සිංහයෙකු” සේ ලැග සිටීම පිළිබඳව සිතට ඇති වන මහත් වූ පහන් සංවේගය නිසාම අවසාන වශයෙන් මෙලෙස සඳහන් කරන්නෙමි. “චම්පකයෙනි, තම මතු අරමුණු වෙනුවෙන් රටම අවුල් ජාලයක් බවට පත් නොකොට, මතු ජීවිත කාලයම පටිසෝතගාමීව සිටින්නේ නම් එය තම උපන් බිමට කරනා මහඟු මෙහෙවරක් වන්නේමය.”
July 24th, 2015 at 2:53 am
This Pa.Cha.Ranawaka was one of the front line commanders in the .’Halal issue and author ma incidents.Now it is very clear who’s plans were being carried out to break the Muslims away from Mahinda in the upcoming election.
Sc heaming bastered he is.