රනිල් රට රවටන මහින්ද පවසන වැටුප් වැඩිවීම ගැන පැහැදිළි කිරීමක්.
Posted on August 3rd, 2015

උපුටාගැණීම www.mahinda.info

පහත දැක්වෙන්නේ වැටුප් වැඩි කිරීමේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාව විවේචනය කරමින් එජාප ඡන්ද රැස්වීමකදී රනිල් වික්‍රමසිංහ මහතා කරන ලද ප්‍රකාශයකුයි.

එම වීඩියෝවේ කියවෙන ප්‍රධාන කාරනා 4 ක් ගැන බලමු.

 

[1]. අගෝස්තු 17 වැනිදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ආවොත් රු 10000 දීමනාව රජයේ සේවකයන්ගේ වැටුපට එකතු කරන බවත් එවිට අවම වැටුප රු 32000 ක් බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

(i). රු 10000 කින් වැටුප වැඩි කිරීම පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ පොදු අපේක්ෂකයා විසින් පොරොන්දු වූවක්. (The salaries of public servants will be raised by Rs 10,000 a month. source: colombotelegraph.com 2014/12/20) වැටුප රු 10000 කින් වැඩි කරන බව පොරොන්දු වුවත් සිදුවූයේ අමතර රු 10000 ක දීමනාවක් එකතු කිරීමයි. එම රු 10000 දීමනාවවත් යහපාලන ආණ්ඩුවෙන් නිසි ආකාරයෙන් ගෙවා නෑ. එහිදී සිදුවූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ අයවැයෙන් වැඩි කර ඉකුත් දෙසැම්බරයේ සිට ලබා දුන් රු 3000 ට ඉතිරිය එකතු කිරීම පමණයි. මූලාශ්‍රය.

(ii). යහපාලන ආණ්ඩුවෙන් ජනතාව බලාපොරොත්තු වූයේ මහින්ද රාජපක්ෂ මහතා 2014 අයවැයෙන් ලබා දුන් වැටුප් වර්ධක වලට අමතරව එම රු 10000 ලැබෙන බවයි. නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ අයවැයේ වැටුප් වර්ධක යෝජනා යහපාලන ආණ්ඩුවෙන් අවලංගු කරනු ලැබුවා. මූලාශ්‍රය.

(iii). එජාපයේ හර්ෂ ද සිල්වා මහතා පවසන පරිදි රාජ්‍ය සේවකයෙකු අතට ලබන අවම වැටුප (මූලික වැටුප නොවේ) රු 30,400 ක්. source: www.dailynews.lk එසේනම් ඉහත වීඩියෝවේ අවම වැටුප රු 32,000 ක් කරන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසන අතර, ඉදිරි අවුරුදු 5 ටම එජාපයට බලය ලැබුණොත් අවම වැටුප වැඩි වන්නේ යන්තම් රු 1,600 ක් පමණයි.

(iv). ඒ අතර ජේෂ්ඨ පුරවැසියන්ට ගෙවන රු 2000 ක වැඩිහිටි දීමනාව ගෙවීමට යහපාලන ආණ්ඩුවට නොහැකි වුණා. මූලාශ්‍රය.

(v). රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ලබා දීමට තීරණය කර ඇති විශේෂ දීමනාව හමුදාවන් වෙත ලබා නොදීමට යහපාලන ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. මූලාශ්‍රය.

 

[2]. මහින්ද රාජපක්ෂ මහතා අවම වැටුප රු 25000 කරන බවත් එවිට රු 6000 ක් අඩු වෙන බවත් රනිල් වික්‍රමසිංහ මහතා රනිල් පවසයි.

(i). එය සම්පූර්ණ අසත්‍යයක්. එක්සත් ජනතා නිදහස් සංධාන ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන්නේ මෙලෙසයි.

රාජ්‍ය සේවකයකුගේ අවම මුලික වැටුප රු. 25,000 දක්වා වැඩි කරන්නෙමු. මේ අනුව 1:4.25 අනුපාතයට රාජ්‍ය අංශයේ සියලු ශ්‍රේණි සඳහා වැටුප් සංශෝධනයන් සිදුවනු ඇත. මීට අමතරව දැනට ගෙවන ජීවන වියදම් දීමනාව රුපියල් 10,000 දක්වා වැඩි කෙරේ. වැඩි විස්තර: එ.ජ.නි.ස. ප්‍රතිපත්ති ප්‍රකාශනය 28 පිටුව

මූලික වැටුප” යනු ඕනෑම රජයේ සේවකයෙක් ලබන දීමනා රහිත දළ වැටුපයි. අවම මූලික වැටුප” යනු රාජ්‍ය සේවයේ පහලතම තලයේදී ලබන එම දීමනා රජිත දළ වැටුපයි. වර්තමානයේ පහලතම තලයේ රාජ්‍ය සේවකයෙක් ලබන අවම මූලික වැටුප වන්නේ රු. 11,730. source: salary.lk එසේනම් අවම මූලික වැටුප 25,000 කිරීම යනු අර 11,730 ක අවම මූලික වැටුප 25,000 දක්වා වැඩි කිරීමයි. එයට දීමනා එකතු වූ පසු එය 35,000 දක්වා වැඩි වෙනවා. අවම වැටුප එසේ ඉහල යද්දී ඊට ඉහල වැටුප් තල වල සිට උපරිම වැටුප වන 72818 දක්වා සියලුම වැටුප් ශ්‍රේණි අදාල අනුපාතයන්ට අනුව ඊට වඩා වැඩි අගයකින් ඉහල යනවා.

(ii). අවුරුදු 10 ක් නොකළ දේ දැන් කරන්න කතා කරන්නේ ඇයි යනුවෙන් එක්සත් ජාතික පාක්ෂිකයින් අහන්න පුලුවන්. 2006 ට පෙර කනිෂ්ඨ සේවකයෙක්‌ගේ මාසික වැටුප රු. 7,900 යි. 2006 වසරේදී 6/2006 කියන චක්‍ර ලේඛයෙන් මෙම මාසික වැටුප රු. 11,730 දක්‌වා වැඩි කළා. එයට අනෙකුත් දීමනාත් එකතු වූ විට අවම මාසික වැටුප රු. 25,000 දක්‌වා වැඩි කරන්න කටයුතු කරලා තියෙනවා.

මහින්ද රාජපක්‍ෂ මහතා පොරොන්දු පොරොන්දු වී තිබෙන්නේ රාජ්‍ය සේවකයන් දැනට ලබන රුපියල් 11,730 ක්‌ වූ අවම වැටුප රුපියල් 25,000 ක්‌ කර ජීවන වියදම් දීමනා ඇතුළු අනෙකුත් දීමනා රුපියල් 10,000 ත් සමග රු. 35000 ක්‌ කිරීමටයි.

 

[3]. හමුදා විශ්‍රාම වැටුප් සංශෝධනය කර ඒ ගැන අනුමැතිය ගැනීමට මැතිවරණ කොමසාරිස්ට එවලා තිබෙන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මැතිවරණ කොමසාරිස් තුමාට නියමිත වන්නේ මැතිවරණ වලට අදාල දෑ ගැන කටයුතු කිරීමයි. නමුත් යහපාලනය නිසා විශ්‍රාම වැටුප් අනුමත කිරීමත් මැතිවරණ කොමසාරිස්ට බාර වෙයි.

එදා පුරප්පාඩුව තිබූ සෞඛ්‍ය ඇමති කමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව පත් කිරීම ඡන්ද අල්ලසක් යැයි පැවසුවා. (මාස 6 ක් ඇතුළත මහින්ද රාජපක්ෂ මැතිතුමාට එරෙහිව අඩුම තරමින් අල්ලස් කොමිසමට යාමට හෝ හැකි වුණ එකම චෝදනාව එයයි). එහෙත් ඡන්දයක් ප්‍රකාශ කළ පසුව විශ්‍රාම වැටුප් වැඩි කිරීම ප්‍රකාශ කිරීම ඡන්ද අල්ලස් නොවන බව පෙනෙයි.

 

[4]. පුද්ගලික අංශයේ සේවකයන්ගේ මූලික වැටුප රු 10,000 ක් කළ බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙයත් පට්ට පල් බොරුවකි. පුද්ගලික අංශයේ සේවකයන්ගේ අවම මූලික වැටුප තවමත් රු 7900 යි.

The minimum monthly wage in the private sectors covered by wage boards was 6,900 rupees plus an extra allowance of 1,000 rupees, for a total of 7,900 rupees. source: salary.lk

 

පොරොන්දු නිසියාකාරයෙන් ඉටු කරන්නේ කවුදැයි දැන් මධ්‍යස්ථ ජනතාව කල්පනා කරාවි. මීට දසක ගණනාවකට පෙර සිටම අපේ රටේ මැතිවරණ වලදී ආකර්ශනීයම පොරොන්දු 3 ක් තිබුණා.
1. යුද්ධය අවසන් කිරීම
2. පාරට තාර දැමීම
3. ගමට විදුලිය දීම.
ඒ පොරොන්දු තුන ඇත්තටම ඉටු කර ඒවා තවදුරටත් කිසිදු පක්ෂයක් තම මැතිවරණ ප්‍රකාශ වලට ඇතුළත් නොකරන තැනට පත් කළේ කවුදැයි සිතා බලන්න.

ඊගාවට එජාපය ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව පොරොන්දු ඉටු කරන හැටි පහත රූප සටහනේ දැක්වෙනවා. ඉතින් ඔවුන්ගේ පොරොන්දු විශ්වාස කිරීම හෝ නොකිරීම සහෘද ඔබට බාර කරමු.
100-day-lie[1]

එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනය පවතින්නේ බොරුව තුළයි. ඉහත දක්වපු ආකාරයේ වැටුප් වර්ධක ආදී බරපතල කාරණා ඕන නෑ…, උදාහරණ ලෙස ප්‍රාථමිකම කාරණාව වන ඔවුන්ගේ පක්ෂ ලාංඡනය ගත්තත් ඒකෙත් තියෙන්නේ බොරුවයි.
unp-logoදළ තියෙන එකාට කියන්නේ ඇතා” කියලයි. ඉතින් ඇතෙක්ගේ පින්තූරයක් ලාංඡනය ලෙස යොදා ගන්නා ඔවුන් එය ජනතාවට බොරු කරමින් හඳුවන්නේ අලියා” යනුවෙනුයි.

යාලුවන්ටත් දැනගන්නට Share කරන්න.

One Response to “රනිල් රට රවටන මහින්ද පවසන වැටුප් වැඩිවීම ගැන පැහැදිළි කිරීමක්.”

  1. ranjit Says:

    Good one but it should be read by ordinary poor people for them to understand more about these UNP liars and what they did during past six months. They will hoodwink the people day by day to get votes but I hope they will not buy those lies and give them the vote. People have now realized the truth and Aug 17th they will give the correct answer to these UNP liars. Educate the poor with these kind of articles. They should know the truth before they decide.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress