DIABOLICAL LIES OF MANGALA SAMARAWEERA මංගල සමරවීරගේ ටොන් පච 
Posted on August 14th, 2015

චන්ද්‍රපාල හිටිහමිල්ලාගේ

මෑතකදීද  පුවත්පත් සාකච්චාවක් හමුවේ මංගල සමරවීර ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර සිටියේ මහින්ද රාජපක්ෂ මහතාගේ ඩොලර් බිලියන 16 ක් පිටරට  බැංකුවල සඟවා  ඇතිබවත් තමා  ඒ පිළිබඳව සොයා බලන මෙන් ලෝක බංකුවෙන් සහ තවත් රටවල් හතරකින් ඉල්ලා ඇති බවත්ය.

මෙය පසුගිය වසර පහ පුරාම ලංකාවේ සංවර්ධනය සඳහා  ආයෝජනය කරනලද මුදලට සමාන මුදලකි. මෙතරම් විශාල මුදල් කන්දරාවක් සොරාගත්තේනම් මහින්ද රාජපක්ෂ මහතා විශ්වකර්මයෙක්‌ විය යුතුය . එසේ සොරාගත්තේනම් කිසියම් ක්‍රමයක්ද තිබියුතුය.

ඒ පිලිබඳ නොපවසා  ජනනායෙකුට මෙවැනි අභූත චෝදනා නැගීම ඉතාමත් නින්දිත ක්‍රියාවකි.  එසේම මංගල සමරවීර සිතා සිටින්නේ සමාන්‍ය මහජනතාව ඉතා පහසුවෙන් රවටියහැකි හරකුන් වශයනි. ලෝක බැංකුව යනු සිය සාමාජික රටවලට දිගුකාලීන ප්‍රාග්ධන ණය ලබාදෙන ආයතනයකි එහි කිසිම පුද්ගලික ගිණුම් නොමැති අතර එයට කිසිවෙකුගේ පුද්ගලික ගිණුම් සොයා බැලීම සඳහාද කිසිම අයිතියක්ද  නැත.

එසේම අනික් රටවලින් එබඳු ඉල්ලීමක් කලේනම් ඒ පිළිබඳ ලිඛිත ශාක්ෂි තිබියුතුය. මෙසේ අනුන්ගේ චරිත ඝාතනය සඳහා ප්‍රසිද්ධියේ ගල්පැලෙන බොරු දෙසාබාන මෙබඳු අමනයන් දේශපාලනයේ හතර මායිමකටවත් ලංනොකිරීමට ප්‍රබුද්ධ මහජනතාව වගබලාගත යුතුය.

 

 

2 Responses to “DIABOLICAL LIES OF MANGALA SAMARAWEERA මංගල සමරවීරගේ ටොන් පච ”

  1. Christie Says:

    ඉන්දියානු ජඩයින්ට සින්හල අපි සක්කිලි (Dalit)යන්ය . උන් එදාත් අදත් අපේ සතුරාය. එක්වන්න මහින්ද වටා රොක්වන්න ඉන්දියානු ජඩයන්ට හා ජඩවාදයට එරෙහිව නැගී සිටින්න
    For Indian Imperialists we are Dalits. Indians are our enemies todaya and yesterday. Unite with Mahinda and stand up to Indian Empire and Indian imperialism.

  2. sarathk Says:

    ලංකා දු පුතුනි අප මෙය දත යුතුය
    නිමකළ යුතුය යමපාලන පර රජය
    රැක ගන්නට අපේ හෙලබොදු රට සමය
    සෙන් පති මහින්දට චන්දය දිය යුතුය

    උපතින් මෝඩයෙකු බඳු වූ රනිල් හොරා
    මහ බැංකුවට කල මගඩිය මුදල් ගරා
    නිමකරවන්න සිංහල ජාතියම මරා
    අර අදිනවා පරගැති ගති හිසින් දරා

    නැණවත් සියලු ලක් වැසියනි දැනගන්න
    රනිල්- චන්ද්‍රිකා උගුලෙන් ගැලවෙන්න
    එක්සත් සිහල බොදු ගති රට රැක ගන්න
    රට රැකි මහින්දට යලි චන්දය දෙන්න

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress