ඉදිරියේ දී එන ‘අභ්‍යන්තර පරීක්ෂණය‘ – එය නීත්‍යනුකූල ද?
Posted on September 5th, 2015
දර්ශන් වීරසේකර
ශ‍්‍රී ලංකාවේ ත‍්‍රස්තවාදී යුද්ධයේ අන්තිම පියවරයන් ගත් සමයේ දී සිදුවූවා යැයි කියන යුධ අපරාධ සම්බන්ධව අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව ශ‍්‍රී ලංකාවේ දේශීය ජාතික පුවත්පත් කීපයකම මෑතක දී වාර්තා කරනු ලැබීය. ඉහත සඳහන් අභ්‍යන්තර පරීක්ෂණ සාධාරණීයකරණය කිරීම වස්, නව විදෙස් ඇමති වන ගරු මංගල සමරවීර මහතා ඉදිරිපත් කර තබූ අදහස් කීපයක් පසු ගිය දින වල දේශීය පුවත්පත් කීපයකම වාර්තා කර තිබුණි.
මගේ මතයට අනුව නම්, මෙවැනි අභ්‍යන්තර පරීක්ෂණයක් මේ අවස්ථාවේ දී දියත් කිරීම වැදගත් කරුණු දෙකක් නිසා නීත්‍යානුකූල නොවන බව මෙහිලා ප‍්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මුලින්ම මේ ගැන සඳහන් කරන විට යුධ අපරාධ ගැන දැනටමත් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා ඇත.
(උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිෂන් සභාව (LLRC)
එමෙන්ම මෙම උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිෂන් සභා :ඛඛඍක්* වාර්තාවෙන් වැරදි නැතහොත් සම්පුර්ණ නැත යන්න මුලින් ස්ථිර කර ගැනීමට පෙරාතුව මේ සිද්ධීන් සම්බන්ධවම වෙනත් නවතම පරීක්ෂණයක් පැවැත්වීම නීති විරෝධී නැතහොත්, අනවශ්‍ය ක‍්‍රියාමාර්ගයක් ලෙස සැලකිය හැක. දෙවැනි කරුණ වන්නේ විදෙස් ඇමති මංගල සමරවීර මහතා විසින් මෙම නව අභ්‍යන්තර පරීක්ෂණය ස්ථාපිත කිරීමට ඉදිරිපත් කර ඇති කරුණු සැලකිල්ලට ගත හැකි වන්නේ නම් තර්කානුකූලව බලන විට එහි නිදොස් විය යුතු දෝෂ කීපයක්ම ඇත.
මහජනතාව දැනටමත් මේ සම්බන්ධව අවබෝධයකින් සිටිනවාද නැද්ද යන ප‍්‍රශ්නයට පිළිතුරු වශයෙන් ඉහත සඳහන් කරුණු දෙක ගැන කෙටියෙන් හෝ විස්තරයක් කිරීම සුදුසු යැයි මට හැෙඟ්. ඉදිරි සති දෙක තුනේ දී නැතහොත් මාස දෙක තුනේ දී මෙම වැදගත් ප‍්‍රශ්න ගැන මිට වඩා සීරුවෙන් සාකච්චා ආදිය පැවැත්වේ යැයි මා ප‍්‍රර්ථනා කරමි. එසේ කිරීමෙන් මෙම යෝජිත අභ්‍යන්තර පරීක්ෂණය තුළින් අපේ රටට හතුරුකම් කරන අයවලූන් විසින් මෙම පරීක්ෂණය හරහා වැරදි අර්ථකතන දෙමින් කළ හැකි බරපතල හානි වලක්වා ගත හැකි වනු ඇත.
1. උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ (LLRC) අවසාන නිගමනයන් වැරදි හෝ ප‍්‍රමාණවත් නොවන බව ස්ථාපිත නොකර අලූත් අභ්‍යන්තර පරීක්ෂණයක් දියත් කිරීම නීත්‍යානුකූල නොවන්නකි.
ඉහත සඳහන් පරීක්ෂණය සම්බන්ධව මාගේ තර්කය පදනම් වී ඇත්තේ කාරණා තුනක් මතය. මුලින්ම සියලූම නිල රාජ්‍ය තන්ත‍්‍රයේ ක‍්‍රියාමාර්ගයන් සියල්ලම කෙරෙන්නේ හරි ආකාරව, ඉතා කාර්යක්ෂම ලෙස මෙන්ම, ඉතා අවංක බාවයකින් යුක්තවය. උදාහරණයක් ලෙස ශ‍්‍රී ලංකා සාක්ෂි ආඥා පනතේ 114 වගන්තියට අනුව උසාවියක පිළිගැනෙන්නේ නීතිමය හා නිල අණපනත් බහුල මෙන්ම නිතිපතා ක‍්‍රියාවට නංවන බවය.
උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිෂන් සභාව (LLRC) හිටපු ජනාධිපතිවරයෙක් විසින්, අප රටේ නීතියට අනුව ස්ථාපිත කරන ලද්දකි. එම නිසා ඉගෙනගත් පාඩම් හා සංහිදියා කොමිසමට අදාල පනත නීත්‍යානුකූල පනතක් බැවින් ඉහත සඳහන් ආඥාවෙන් ද ආවරණය වී ඇත. මේ ගැන සැක පළ කරන ඕනෑම කෙනෙක් මුලින්ම කළ යුත්තේ මෙම පූර්ව නිගමනයන් වැරදි බව ඔප්පු කළ යුතු වන අතර ඉන් අදහස් වන්නේ ප‍්‍රබල පිළිගත හැකි හේතූන් ඉදිරිපත් කිරීමය.
දෙවනුව මෙම උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිෂන් සභාව (LLRC) පුර්ණ අවසාන වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර, වාර්තාව මෙන්ම එය පදනම් වූ සියලූම සාක්ෂි මෙන්ම, එම සාක්ෂි දුන් අයගේ දිවුරුම් ප‍්‍රකාශන ද ඇතුලත් ලිපි ගොනු මහජනතාවගේ පරික්ෂාව සඳහා සුරක්ෂිතව තබා ඇත.
එම නිසා උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිෂන් සභාව (LLRC) ඔවුන්ගේ අවසාන නිගමන වලට පදනම් වූ ඇහෙන් දුටු සාක්ෂි ආදිය ගැන කිසිදෙයක් නොදන්නා බව හා මෙම කොමිසමේ නිගමනයන් වැරදි හෝ ප‍්‍රමාණවත් නොවන බව කිසිම කෙනෙකුට කිව නොහැක. තවද, උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිෂන් සභාව(LLRC) වැරදුනු තැන් හෝ වැරදි නිගමනයන් වලට පත් වූ අවස්ථාවන් ඇති බව සඳහන් කරන්නේ නම් එවැනි අය, එවැනි තැන් කෙලින්ම පෙන්වා දීම යුතුකමක් වනු ඇත.
(ත‍්‍රස්තවාදී යුද්ධයේ අවසාන කොටස් වල දී එවකට පැවති ශ‍්‍රී ලංකා රජය විසින් සෙවිල්ලක් බැලිල්ලකින් තොරව සිවිල් ජනතාව මරා දැමු බවට සමහර ජාත්‍යන්තර සංවිධාන වලින් කළ චෝදනා වලට හොඳ පිළිතුරක් වනුයේ, උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිෂන් සභාව(LLRC) විසින් සියලූම සාක්ෂි ඉතා හොදින් මෙන්ම අපක්ෂපාති ලෙස එනම්, පැවති රජයේ කිසිම ඇගිලි ගැහීමකින් තොරව කළ විමර්ශනයන්ට අනුව එක්තරා විශේෂිත වූ අවස්ථාවන් හතක් හැර එනම්, එම විශේෂිත අවස්ථාවන් හත තව දුරටත් විමර්ශනය කළ යුතු බව සඳහන් කොට ඇතත් ඉතිරි සියලූ චෝදනා පදනම් විරහිත බව කිසිම සැකයකින් තොරව ඔප්පු කර ඇති බව පැහැදිලිව වාර්තා කොට ඇත.*
අවසාන වශයෙන් මෙහි ලා සඳහන් කළ යුතු වන්නේ එදා පැවති රජය මෙම අහිංසක සිවිල් ජනතා ඝාතනය කිරීමේ චෝදනා ගැන ගැඹුරින් මෙන්ම නීත්‍යානුකූල ලෙසත් සොයා බැලීම සඳහා එකසත් ජාතීන්ගේ මණ්ඩලය පවා පිළිගත්තා වූ ජාත්‍යන්තර මට්ටමේ යුධ අපරාධ ගැන නීති විශේෂඥයන් දෙපළක් වූ ශ‍්‍රීමත් ඩෙස්මන් ද සිල්වා මහතා හා මහාචාර්ය ඬේවිඞ් එම් කේ‍්‍රන් මහතා යන අය පත් කරන ලදී. මේ දෙපළට එවක පැවති මහින්ද රාජපක්ෂ රජය විසින් ආරාධනා කරන ලද්දේ සියලූ චෝදනා ගැන විමසා සොයා බලා ස්වාධින මෙන්ම අපක්ෂපාතීි වාර්තාවක් ඉදිරිපත් කිරීමටය.
සෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව අහිංසක සිවිල් ජනතාව ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධව ඔවුන්ගේ අවසාන නිගමනය වූයේ රජය විසින් උවමනාවෙන් ම ඉලක්ක කොට මෙවැනි සිවිල් ජනතාව මරා දැමීමේ සිද්ධීන් වෙනුවට යුද්ධයක් පැවැත්වෙන අවස්ථාවක දී රජයත් එමෙන්ම පොදු හතුරා වූ ත‍්‍රස්තවාදීන්ගේ ක‍්‍රියාකාරකම් නිසා ඇති වූ ජිවිත හානි හැර අනිකුත් සියලූම ඉලක්ක ගත මිනීමැරීමේ චෝදනා වලින් පැවති රජය නිර්දෝශී බවය. තවදුරටත් මෙම ජාත්‍යන්තර විනිසුරුවන් පැවසූයේ,
‘මෙම අවාසනාවන්ත අය ත‍්‍රස්තවාදීන්ගේ අමානුශික ක‍්‍රියාකාරිත්වයන් නිසාම හානියට පත් වූ අය සේ සැලකීමට සිදු වී ඇති අතර එයට ප‍්‍රධාන හේතුව ලෙස මෙම කොටි ත‍්‍රස්තවාදීන් නිතරම යුධ නීති හා සාමාන්‍ය මානුෂික ක‍්‍රියාකාරිත්වයන් අනුව ක‍්‍රියා නොකිරීම නිසා ජාත්‍යන්තර මානුෂික නීිතිය(IHL) පවා බොහෝ විට උල්ලංඝනය කර තිබූ බව පැහැදිලිව නිරීක්ෂණය කිරීමට හැකි වූ බැවින් මෙම මරණ වල සම්පුර්ණ වගකීම ත‍්‍රස්තවාදීන් භාර ගත යුතු බවයි.’
පැහැදිලිව පෙනෙන ආකාරයටම මෙම නීතිමය විශේෂඥයන්ගේ වාර්තාවන් උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිෂන් සභා (LLRC) වාර්තාව තහවුරු කිරීමක් වන්නේය.
සාරාංශයක් කොට ගත් විට අපට කිව හැක්කේ උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිෂන් සභාව :(LLRC) ඔවුන්ගේ යුතුකම් හරි ආකාරව, ඉතා කාර්යක්ෂම මෙන්ම ඉතා අවංක බවින් යුක්තව ඉටු කර ඇති බවයි. උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිෂන් සභාව (LLRC) ඔවුන්ගේ කටයුතු සඳහා පදනම් කරගත්තා වූ සාක්ෂි සියල්ලම මහජනතාවට ඕනෑම වෙලාවක ලබා ගත හැකි පරිදි සංරක්ෂණය කර ඇත. එම නිසා ඕනෑම කෙනෙකුට උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිෂන් සභාව(LLRC) කොමිසම විවේචනය කිරීමට අවශ්‍ය නම් ඉහත සඳහන් වූ සාක්ෂි මත පදනම් වී එසේ කර හැක.
මා දැනුවත්ව නම්, වත්මන් රජය මෙතෙක් කිසිම අවස්ථාවක උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ (LLRC) නිගමනයන් වැරදි හෝ අසම්පුර්ණ බවට කියවෙන කිසිම නිල වාර්තාවක් හෝ විවේචනයක් කර නැත. අවසාන වශයෙන් සඳහන් කළ යුතු වන්නේ අදාල නීති විශේෂඥන්ගේ නිවැරදිබාවය ගැන කිසිම දෝෂාරෝපණයක් කිසිවෙකුට කිරීමට නොහැකි වන්නේ, ඔවුන් දෙපළම මීට පෙර එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ වෙනත් රටවල යුධ අපරාධ පිලිබඳ විමර්ශනයන්හි දී මොවුන් දෙපළම කටයුතු කර ඇති බැවින්් උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිෂන් සභාව (LLRC) විසින් ඉදිරිපත් කර ඇති සාක්ෂි සහිත වාර්තාවන් මොවුන් ද සනාථ කිරීම ගැන කිසිවෙක් විවේචනය කිරීම නුසුදුස්සකි.
ඉහත කරුණු සලකා බැලීමේ දී අපට නිගමනය කර හැක්කේ උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිෂන් සභාව (LLRC) අදටත් වලංගු බවය. මේ තත්වය යටතේ අලූතින් මිනිස් ඝාතන හෝ යුධ අපරාධ ගැන විමර්ශන අරඹීමට කිසිම නීත්‍යානුකූල අවස්ථාවක් නොමැත. එම නිසා මෙවැනි නව විමර්ශනයක් නුසුදුසු මෙන්ම නීති විරෝධී ද වනු ඇත.
පසුගිය රජයේ ප‍්‍රතිපත්ති අනුගමනය කළ යුතුය කියා හෝ නව රජයට නව ප‍්‍රතිපත්ති සම්පාදනය කර ගත නොහැකී කියා ද ඒවාට අවශ්‍ය කරන නීත්‍යානුකූල ක‍්‍රියාමාර්ග සම්පාදනය කර ගැනීමට නොහැකි කියා ද මා පැහැදිලිවම යෝජනා නොකරමි. මාගේ මතයට අනුව නව රජයකට පසුගිය රජයේ ප‍්‍රතිපත්ති හෝ පනත් වෙනස් කිරීමට අවශ්‍ය නම් එය හේතු දක්වමින් නීත්‍යානුකූල ලෙස කළ යුතුය.
2. අභ්‍යන්තර පරීක්ෂණයකට මූලික පදනම මෙයයි.
ඉහත කරුණු සම්බන්ධයෙන් විදෙස් ඇමති මංගල සමරවීර මහතා ප‍්‍රකාශ කර මෑතක දී පළ වූ පුවත් පත් ලිපිය හැකිතරම් දුරට නිවැරදි රජයේ මතය බව සැලකීමට මා කැමැත්තෙමි.
දේශීය ඉංග‍්‍රීසි පුවත් පතක් වන ‘ඬේලි මිරර්(අ*’ පත‍්‍රයේ විදේශ ඇමති සමරවීර මහතා කියූ දෙයක් උපුටා දක්වමින් සැප්තැම්බර් මාසය වන විට මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා විමර්ශනය කිරීමට කටයුතු කරනු ලැබේ (ප‍්‍රකාශය 2015 මැයි 8*
‘යුධ සමයේ අන්තිම අවස්ථා වල දී මරණයට පත් වූ සිවිල් ජනතාවගේ සංඛ්‍යාව 40,000 ක් වුවත් එසේත් නැත්නම් 1,000 ක් වුවත් ප‍්‍රශ්නයක් නැත, වැදගත් වන්නේ අනිවාර්යෙන්ම අභ්‍යන්තර විමර්ශනයක් තුළින් මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා සාක්ෂි සහිතව විනාශ කර දැමීමය.’
මේ අතර දී දිවයින පුවත් පතේ 2015 මැයි 8 වන දින පළ වූ ආකාරයට සිරස්තලය වුයේ ‘මංගලටත් සත්‍ය ස්ථාපිත කළ යුතුයි’ යන්නයි. ඔහු මෙසේ ද පැවසීය,
‘පසුගිය රජයට මුහුණ දීමට සිදු වූ යුධ අපරාධ චෝදනා සම්බන්ධව සිහි බුද්ධියෙන් කටයුතු නොකළේය. තවද, එම රජය මෙම යුධ අපරාධ කළ අයවලූන් වැරදි බව සාක්ෂි සහිතව ඔප්පු නොකර ඒ වෙනුවට එවැනි අයට මඩ ගැසීමේ ව්‍යාපාරයක් ගෙන ගියේය.’
මට තේරුම් ගත හැකි තරම් දුරට මංගල සමරවීර මහතාගේ තර්කය වන්නේ මෙයයි, යුද්ධයේ අන්තිම කාල සිමාව අතරතුරේ දී පැවති රජය විසින් යුධ අපරාධ කරපු බවට විවිධ අය චෝදනා කර තිබුණි. එමෙන්ම මෙම චෝදනා පැවතීම ගැන බොරු හෝ වැරදි බව ඔප්පු කිරීමට අභ්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය වී තිබුණි.
අභ්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාවය සඳහා මෙම රජය ඉදිරිපත් කරන්නේ ඉහත සඳහන් කරුණ නම්, එහි ඇති බරපතල වැරැුද්ද තේරුම් ගැනීමට තර්ක ශාස්ත‍්‍රය උගත් විශේෂඥයෝ අවශ්‍ය නැත. සමරවීර මහතා යෝජනා කරන්නේ ශ‍්‍රී ලංකාවේ යුධ අපරාධ සිදු නොවූ බව සනාථ කිරීමට අභ්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවයි. වෙනත් වචන වලින් කියන්නේ නම් නිෂේධාර්තයක් ඔප්පු කිරීමටය.
නිෂේධාර්තයක් ඔප්පු කිරීම කිසිම තර්කයකට අනුව කිසිම විදියකින් නොකළ හැකි දෙයක් බව කවුරුත් හොඳින් දන්නා කරුණකි. යම් කිසි දෙයක් සිදු නොවූ බව ඔප්පු කිරීම පිණිස සාක්ෂි ඉදිරිපත් කළ ද අදාල තර්කය වැරදි බව ඔප්පු කිරීම පිණිස යම් කිසි විවේචකයෙකුට යම් කිසි වැදගත් කරුණක් අමතක කොට ඇති බවට කරුණු ඉදිරිපත් කර හැක.
මොහොතකට මාතෘකාවෙන් පිට පනින්නේ නම්, ඇමරිකානුවන් විසින් ඉරාකය ආක‍්‍රමණය කළ සමයේ දී ඔවුන් මෙම ‘ නිෂේධාර්තයක් ඔප්පු කිරීම’ යන තර්කය ඉතා සාර්ථක ලෙස පාවිච්චි කළේය. එදා ඇමරිකාව ඉරාක රජයට චෝදනා කළේ, ඔවුන් වෙත මහා පරිමාණයෙන් මානවයා සමූල ඝාතනය කළ හැකි ආයුධ (න්‍යෂ්ටික අවි* ඇති බව දිගින් දිගටම පැවසුවත්, එය එසේ නොවන බවට ඉරාක රජය කෙතරම් කරුණු ඉදිරිපත් කළත් ඒවා කිසිවක් ගණනකට නොගෙන කටයුතු කරමින් ඇමරිකාව මෙම අභූත චෝදනාව ඉරාකය ආක‍්‍රමණය කිරීමට පාවිච්චි කළේය.
නැවත අපි මංගල සමරවීර මහතා දෙසට හැරෙමු. ගරු මංගල සමරවීර මහතා ඉරාකය වැනි ආක‍්‍රමණකාරී තත්වයක් ශ‍්‍රී ලංකාවේ සිදු කර වීමට උත්සහ කරනවා යැයි මා කිසිසේත් යෝජනා නොකරමි. මාගේ අදහසට අනුව විදේශ ඇමති තුමාගේ අභ්‍යන්තර පරීක්ෂණය ගැන අදහස් එක එක්කෙනා බිලි බෑ ගැනීමේ සංග‍්‍රාමයකට මෙය හරවා ගැනීමේ ඉඩකඩ ඇති බවය. ඒ කියන්නේ මෙවැනි විවෘත ස්වභාවයකින් යුත් විමර්ශනයක දී ඒ තුළින් යම් විශ්ෂිත වූ සැක කරුවෙක් හෝ සැක කරුවන් ඇත්නම් ඔවුන්ට එරෙහිව යම් දෝෂාරෝපණයක් කළ හැකි අපරාධ ඇත්නම් සාක්ෂි සොයා ගෙන ඒ තුළින් දැඩි ක‍්‍රියාමාර්ග ගැනීමයි.
සාමාන්‍යයෙන් යම් පැමිණිලි කරුවෙක් යම් කිසි චූදිතයෙකුට එරෙහිව පැමිණිල්ලක් කරන විට ඔහු එම චූදිතයාට එරෙහිව යම් කිසි පිළිගත හැකි සාක්ෂි ප‍්‍රමාණයක් ඉදිරිපත් කිරීමට බැඳී සිටි. උදාහරණයක් ලෙස ශ නැමති පුද්ගලයෙක් ඞ නැමති පුද්ගලයට පහර දෙනු මා දුටුවා යැයි යම් අයෙක් පොලිස් නිලධාරියෙකුට ප‍්‍රකාශ කිරීමෙන් පමණක්ම ඞ ව අත් අඩංගුවට ගැනීමට හෝ යම් නීතිමය ක‍්‍රියාමාර්ගයක් ගැනීමට එම නිළධාරියාට නීති ප‍්‍රතිපාදන සැලසී නැත. එම නිලධාරියා මුලින්ම කළ යුත්තේ මෙම චෝදනාව ඉදිරිපත් කළ අය ඇත්ත කියන බවට බැලූ බැල්මට පිළිගත යුතු සාක්ෂි ඇතිදැයි සොයා බලා සැහීමකට පත් වීමය.
පෞද්ගලික පැමිණිලිකරුවෙක් ගැන කරුණු එසේ බැවින් රටක් ගැන සැලකීමේදී ද මෙම ක‍්‍රියා පටිපාටිය අදාල විය යුතු බව එසේත් නැත්නම් වඩාත් අදාල විය යුතු යැයි සැලකීම ඉතා සාධාරණය. එම නිසා යම් කිසි රටක යුධ අපරාධ සිදු වී ඇතැයි යම් පාර්ශවයක් චෝදනා කරන්නේ නම් ඊට පෙරාතුව ඔවුන් අදාල චෝදනාව ගැන නීත්‍යානුකූල පිළිගත හැකි සාක්ෂි ප‍්‍රමාණයක් ඉදිරිපත් කිරීම අනිවාර්යයෙන් සිදු විය යුතු ක‍්‍රියාමාර්ගයක් ලෙස සැලකිය යුතුය.
මේ කරුණු ගැන සැලකීමේ දී තව දුරටත් සාධාරණ යැයි සැලකෙන දෙයක් වන්නේ යම් කිසි රටකට එරෙහිව යුධ අපරාධ වැනි අති දරුණු මෙන්ම භයානක චෝදනා ඉදිරිපත් කිරීමේදී එම චෝදනා පැමිණිය යුත්තේ නිල වශයෙන් යම් වෙනත් රාජ්‍යයක් හරහා එකසත් ජාතීන්ගේ මණ්ඩලය හරහා හෝ එයට අනුබද්ධ යම් සංවිධානයක් හරහා විය යුතුමය.
(එක් පෞද්ගලික පුද්ගලයෙකුගේ හෝ යම් කිසි රාජ්‍ය නොවන සංවිධානයක :භඨධ* හෝ වචනය පමණක් සැලකිල්ලට ගෙන ස්වාධින රටකට එරෙහිව චෝදනා ගොනු කිරීම හෝ එවැනි චෝදනා පිළිගැනීම ඉතා අසාධාරණ යැයි සැලකිය යුතුය. පෞද්ගලික පුද්ගලයෙකුට හෝ රාජ්‍ය නොවන සංවිධානයකට යම් කිසි රටකට එරෙහිව මොන යම් හෝ චෝදනාවක් ඉදිරිපත් කිරීමට ඇත්නම් ඒ සඳහා ඔවුන්ට ප‍්‍රතිපාදන මිනිස් අයිතිවාසිකම් කවුන්සිලය සපයා දී ඇති අතර ඔවුන් පැමිණිලි කරන රටට ද මෙම චෝදනා වලට පිළිතුරු සැපයීමේ අයිතිය වෙනුවෙන් ප‍්‍රතිපාදන ද සපයා දී ඇති බව සැලකිල්ලට ගත යුතුය.*
ශ‍්‍රී ලංකාවට එරෙහිව යුධ අපරාධ චෝදනා දැනට එල්ල කරමින් සිටින පාර්ශවයන් හෝ පුදගලයන් කවුද? එමෙන්ම මෙවැනි අයවලූන්ගේ සාමාන්‍ය විශ්වසනීයත්වය හෝ පිළිගැනීම කුමක්ද? මා දන්නා තරමට (මෙම ප‍්‍රකාශය වැරදි නම් මාව නිවැරදි කරන්න* සැලකිල්ලට ගත හැකි චෝදනාවන් එල්ල වන මාධ්‍යයන් තුනක් ඇත.
1ග 2011 දී කරලියට ආ එකසත් ජාතීන්ගේ මණ්ඩලයේ මහලේකම් යටතේ පවතින වගකීම/වගවීම ගැන විශේෂඥ මණ්ඩලය (POE)
2ග 2013 මාර්තු මස දී මිනිස් අයිතිවාසිකම් කවුන්සිලයට, මහා කොමසාරිස් තුමිය විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව.
3ග 2013 සැප්තැම්බර් මස සහ 2014 මාර්තු මස කරලියට ආ ‘චැනල් ෆෝ‘ වීඩියෝ පට.
අපි මෙම එක් එක් මාධ්‍යයන් ගැන ගැඹුරින් කල්පනා කර බලමු. විශේෂඥ මණ්ඩලයේ වාර්තාව ඇතුලත් ලියවිල්ල (POE) මුලින්ම සකසනු ලැබුවේ එකසත් ජාතීන්ගේ මණ්ඩලයේ මහා ලේකම් වරයාගේ පෞද්ගලික පරිහරණය සඳහා වුවත් එය පසුව අනියම් මාර්ගයකින් මිනිස් අයිතිවාසිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන ලදී. ශ‍්‍රී ලංකාව මෙයට එරෙහිව එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ මහ සභාවේ දී කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොලැබුණේ, මෙම වාර්තාව එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ මහ සභාවේ හෝ මානව අය්යිතිවාසිකම් කවුන්සිලයේ වාර්තා වලට නිල වශයෙන් ඇතුලත් කර නොතිබීමයි. මේ අතර දී වැරදි ලෙස වාර්තා වූ සත්‍ය කරුණු වසන් කිරීම හා අතිශයෝක්තියන්ගෙන් පරිපුර්ණ වූ විශේෂඥයන්ගේ වාර්තාව (POE) අනිකුත් අය අතර මා ද විවිධ අවස්ථා වලදී විවිධ ස්ථාන වලදී සාකච්චාවට බඳුන් කර ඇත. මින් අදහස් වන්නේ මෙම විශේෂඥයන්ගේ වාර්තාව(POE) පරිපාටිමය මෙන්ම ස්වාධින මට්ටමෙන් ගත් විට වුවද ඇත්ත වශයෙන්ම පිළිගත හැකි චෝදනාමය මාර්ගයක් නොවන්නේය.
මීළඟට අපි මහකොමසාරිස් තුමියගේ වාර්තාව දෙසට අවධානය යොමු කරමු. මින් චෝදනා මාලාවක් ඉදිරිපත් වන්නේ දැනට පවතින (පසුගිය රජය තුලදී* නීති උල්ලංඝනය කිරීම හා එවකට යුද්ධ නීති උල්ලංඝනය කිරීම ගැනය. කාලය මදිකම නිසා මා මේ චෝදනා ගැන දීර්ඝ වශයෙන් සාකච්චා කිරීමට නොහැකි කම ගැන කණගාටු වෙමි. නමුත් මෙම මහකොමසාරිස් තුමිය අප රටේ යුද්ධය ගැන කතා කරද්දී නැවත නැවතත් කතා කරන්නේ අනවබෝධයකින් සම්පාදනය කරන ලද විශේෂඥයන්ගේ වාර්තාවේ :(POE) කොටස් උපුටා දක්වමින් දැනට පවතිනවා යැයි කියන නීති උල්ලංඝනය කිරීම ගැන පිළිගත හැකි සාක්ෂි හෝ ඒවා ලබා ගත් ක‍්‍රම සහ විධි ගැන කරුණු ඉදිරිපත් නොකිරීම ගැන මෙහිදී මතක් කිරීම ප‍්‍රමාණවත් යැයි හැෙඟ්.
දැන් ඉතිරිව ඇත්තේ චැනල් ෆෝ වීඩියෝ දර්ශන පමණි. මේ සම්බන්ධව මම, මාගේ විග‍්‍රහය කරුණු දෙකකට පමණක් සිමා කරමි. මුලින්ම ශ‍්‍රී ලංකා රජයේ දුෂිත ක‍්‍රියා මාර්ග ගැන විවේචනය කරන්නන් මෙම චැනල් ෆෝ වීඩියෝ දර්ශන ගැන අනේක වාරයක් කෑ ගසමින් අපේ රට දෝෂාරෝපණයට ලක් කළද, ඔවුන් කිසිම විටෙක මෙම සාවද්‍ය වීඩියෝ පට එකසත් ජාතීන්ගේ මණ්ඩලයේ කිසියම්ම සභාවකට උපක‍්‍රමශීිලිව ඉදිරිපත් කර නැති බැවින් ශ‍්‍රී ලංකාවට එවැනි පහත වීඩියෝ පට ගැන ජාත්‍යන්තර මට්ටමෙන් විරෝධතාවයක් හෝ කරුණු දැක්වීමක් කිරීමට ඉඩ ප‍්‍රස්ථාවක් ලැබී නැත.
(මේ අතර දී චැනල් ෆෝ ආයතනය තමන්ගේ වීඩියෝ පට එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ මිනිස් අයිතිවාසිකම් කවුන්සිලයේ සලසා ඇති පහසුකම් පාවිච්චියට ගන්නේ නම්, එහි ඇති පැමිණිලි පරිපාටි යාන්ත‍්‍රණය හරහා මේවා නිල වශයෙන්ම එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට ඉදිරිපත් කළ හැකි වුවත් මෙතෙක් දුරට එවැනි කිසියම්ම ක‍්‍රියාමාර්ගයක් ගෙන නැත.*
දෙවනුව සඳහන් කළ යුතු වන්නේ එංගලන්තය ඇතුළුව සියලූම සාධාරණ විවේචකයන්ගේ මතය වන්නේ චැනල් ෆෝ ආයතනයේ ක‍්‍රියාමාර්ගයන් වැදගත් ජනමාධ්‍යය ක්ෂේත‍්‍රය පිලිඹිබු නොකරන බවයි. උදාහරණයක් ලෙස ‘ලන්ඩන් ටයිම්ස්’ පුවත් පතේ ප‍්‍රශිද්ධ බි‍්‍රතාන්‍යය ජනමාධ්‍යය කරුවෙක් වන ඒ ඒ ජිල් මහතා, චැනල් ෆෝ ආයතනයට ඉදිරිපත් කර තිබු ‘කිලින්ග් ෆීල්ඞ්ස්’ යන වීඩියෝ පටය ගැන මෙසේ ලියයි.
‘චැනල් ෆෝ ආයතනය බොහෝ විට සමාජවාදී රට වල තහනම් කරන ලද සාහිත්‍යමය වැකි හා ජංගම දුරකථන හරහා කිසිම වගකීමකින් හෝ විභාග කිරීමකින් තොරව ආදුනිකයන් හරහා ගලා එන තොරතුරු සම්භාරයක් එක් රැුස් කරගෙන ඇත. මෙම ආයතනය ඉහත සඳහන් ආධුනිකයින් මඟින් ලැබූ තොරතුරු විකෘති කරන ලද හඩවල් සහිතව අඳුරු කරන ලද මුහුණු යොදා ගෙන නිර්නාමික මුලාශ‍්‍ර හරහා එන විවේචන මිශ‍්‍ර කරමින් කටයුතු කරන්නේ මානව අයිතිවාසිකම් ගැන කටයුතු කරන නීතිඥයන් ද සමඟය. එය ඉතා කුරිරු මෙන්ම පහත් එකක් විය. එය කම්පනයක් ද ඇති කරන්නක් විය. නමුත් එය කිසිසේත්ම නිවැරදි ජනමාධ්‍යය කරණයක් නොවීය. මෙම විඩියෝවෙහි එක තත්පරයක චිත‍්‍ර රමුවක්වත් චැනල් ෆෝ ආයතනයෙන් පටිගත කර නැත. ඇහෙන් දුටු සාක්ෂි යැයි කියා ගන්නා එකම සිද්ධියක්වත් නියම ජනමාධ්‍යය කරුවන් විසින් ඉදිරිපත් කොට නොමැත.’
නැවතත් කියන්නේ නම් ශ‍්‍රී ලංකාවට එරෙහිව ඇති ප‍්‍රධාන චෝදනා තුනේම අඩු පාඩු ඇත. විශේෂයෙන්ම විශේෂඥයන්ගෙ වාර්තාව (POE) හා මහකොමසාරිස් තුමියගේ අඩු පාඩුකම් මෙන්ම, සත්‍ය සිද්ධීන් වාර්තාකරණයේ ඇති වැරදි වසන් කිරීම් හා අතිශයෝක්තියන් දක්නට ඇත. දැනුවත්කමින් පරිපුර්ණ වූ විවේචකයන්ට අනුව චැනල් ෆෝ වීඩියෝ පට වැදගත් මෙන්ම ගෞරවනීය ජනමාධ්‍යය කරණයට ගැලපෙන මට්ටමකට කිසිසේත් පැමිණ නැත.
දැනට ශ‍්‍රී ලංකාවට එරෙහිව පෙළ ගස්වා ඇති සාක්ෂි කරුවන් හෝ සාක්ෂි වල විශ්වසනීයත්වය මෙසේය. එහෙත් නව විදෙස් ඇමති මංගල සමරවීර මහතාගේ අදහසට අනුව මෙම ව්‍යාජ සාක්ෂි කරුවන් හෝ සාක්ෂි සම්පුර්ණයෙන්ම ව්‍යාජ ඒවා බවට ඔප්පු කිරීම පිණිස ශ‍්‍රී ලංකා රජය විසින් නැවතත් අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතුය. නමුත් ගරු මංගල සමරවීර මහතාගේ හිතට වැදී නොමැති ප‍්‍රශ්නය වන්නේ ඉහත කී සාක්ෂි කරුවන්ට, ඔවුන්ගේ ශ‍්‍රී ලංකාවට එරෙහි චෝදනා ඔප්පු කිරීම සඳහා සාධාරණ ජනතාවට අංශු මාත‍්‍රයකින්වත් පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කර ඇති දැයි විමසා සිටීමය.
අවසාන වශයෙන්…
ඉදිරියේ දී ගැනීමට යෝජිත අභ්‍යන්තර පරීක්ෂණය නීති විරෝධීය. මෙයට හේතු වන්නේ,
1ග වත්මන් රජය තවමත් උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිෂන් සභා :ඛඛඍක්* වාර්තාවන් මෙතෙක් දුරට නිල වශයෙන් ප‍්‍රතික්ෂේප කිරීමක් හෝ මෙම වාර්තාවේ නිගමනයන් ඉවත ලා යුතු යැයි ප‍්‍රකාශ කොට නැත.
2ග ගරු සමරවීර මහතා රජය වෙනුවෙන් කතා කරන්නේ යැයි අපි නගමනය කරන්නේ නම්, වත්මන් රජය නව අභ්‍යන්තර පරීක්ෂණයකට මුල් වූ කාරණය අතිශයින්ම විහිළු සහගතය.
(දර්ශන් වීරසේකර මහතා නීතිඥවරයෙකි. ‘එකසත් ජාතීන්ගේ මණ්ඩලය ශ‍්‍රී ලංකාව කෲර ලෙස ලූහු බැඳීම හා එයට අවශ්‍ය කරන ප‍්‍රතිවිරුද්ධ ක‍්‍රියාමාර්ගයන් ’ යන ග‍්‍රන්ථයෙහි කතුවරයා ඔහුය. *
(ස්ටම්ෆර්ඞ් ලේක් – 2013*