මානව හිමිකම් වාර්තාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිතට නඬු පවරයි
Posted on September 24th, 2015
ජාතික සංවිධාන එකමුතුවේ සභාපති මණ්ඩල සාමාජික ආචාර්ය ගුණදාස අමරසේකර
ජාතික සංවිධාන එකමුතුවේ සභාපති මණ්ඩල සාමාජික ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත සුබිනේ නන්දි මහතාට විරුද්ධව කොළඹ දිස්ත‍්‍රික් උසාවියේදී අද දින නඬුවක් පවරන ලදි. එම පැමිණිල්ල මගින් ඔහු කියා සිටින්නේ එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය සහ ජාත්‍යන්තර නීතියේ සාමාන්‍ය මූලධර්ම උල්ලංගණය කතරමින් හිටපු මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලෙ මහත්මිය ක‍්‍රියාකොට ඇති බැවින් සහ එම නීතිවිරෝධී ක‍්‍රියා පටිපාටිය මත සිදුවූ විමර්ශනයක වාර්තාව වර්ථමාන කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කිරීම නීත්‍යානුකූල නොවන බවය. එක්සත් ජාතීන්ගේ සංවිධානය නීතිමය පුද්ගලයෙකු ලෙස ඊට වගකිවයුතු වුවත් ශ‍්‍රී ලංකාවේ අධිකරණ බල ප‍්‍රදේශයට යටත් වන්නේ නිත්‍ය නියෝජිතයා බැවින් ඔහුට එරෙහිව නඬු පවරන බව ආචාර්ය ගුණදාස අමරසේකර මහතා කියා සිටියේය.