මාධ්‍ය මගින් චරිත ඝාතනය කළ 17 හැවිරිදි සිසුවා ගැන මහින්ද මැතිඳුන්ගෙන් ප්‍රකාශයක්!
Posted on September 28th, 2015

උපුටා ගැන්ම  www.mahinda.info

සේයා දැරියව අමානුෂික ලෙස දූෂණය කිරීම ගැන සැක පිට 17 හැවිරිදි පාසල් සිසුවෙක්ව අත් අඩංගුවට ගැනුණි. පසුව ඒ සිසුවා නොව වෙනෙකෙකු අපරාධකරු බවට අනාවරණය විය. ඒ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා අදහස් දැක්වූයේ මෙලෙසයි.

වත්මන් යහපාලන ආණ්ඩුව මගින් මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ගෙන යන්නේත් එවැනිම ක්‍රමවේදයකි. මාධ්‍ය යොදාගෙන හිතෙන හිතෙන බොරු බේගල් කියමින් මඩ ගසන අතර පසුව ඒවා ව්‍යාජ චෝදනා බව ඔප්පු වෙයි. එවිට මාධ්‍ය යොදාගෙන දඬුවම් ලබා දී අවසන්.

17 හැවිරිදි පාසල් සිසුවාව අත් අඩංගුවට ගැනීම ගැන, අදාල නියම අපරාධකරුව අත් අඩංගුවට ගැනීමට පෙර දසුන් වානගුරු නැමැති අප හිතවත් මහතෙක් සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ ලිපියක් පහතින් ඔබ හා බෙදා ගන්නෙමු.

———————————-

සේයාගේ මරණයට ප්‍රථමයෙන් පියා ආපරාධකරුවා යැයි මාධ්‍ය විසින් ප්‍රචාරය කළේය. විශේෂයෙන් ***** එසැණ පුවත් , සහ **** FM වෙබ් අඩවි වලින් ප්‍රචාරය කළේ පියා මිට පෙරත් ළමා අපචාරයක් සම්බන්ධයෙන් වරද කරුවෙක්ව දඩුවම් ලැබුවෙක් යන්නය. අපද ඒ පිළිබද වැඩි විශ්වාසයක් තබා ගත්තේ රටේ වගකිවයුතු මාධ්‍ය ආයතන දෙකක් එම පුවත ප්‍රචාරණය කළ නිසාය. සේයාගේ පියාගේ පෙර වැරද්දක් තිබීම වෙනම කරුණකි, නමුත් සේයා නම් අහිංසක මල් කැකුළ තලා දැමීම ගැන පියාට චෝදනා එල්ලවීමෙන් පසු ඔහුගේ පෙර වැරැද්ද මුළු රටක්ම දැනගත්තේය.

දෙවනුව මාධ්‍ය වාර්තා කල පුවත වුවේ මවගේ අනියම් සම්බන්ධතාවක් පවතින බවත් එම අනියම් පෙම්වතා විසින් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවත් තවත් වෙබ් අඩවි කිහිපයක් මගින්ම උලුප්පුවා පුවත් පළ කළේය. මිය ගිය සේයාට අමතරව තවත් දරුවන් දෙදෙනෙකුගේ මවක් වූ ඇයට ලංකාවේ මාධ්‍ය වල පිහිටෙන් දින කිහිපයකදී **වියක් යන විරුදාවලිය ලැබුණි.

තෙවනුව අසළ නිවසක අවූරුදු 17 ක පාසල් දරුවෙක් වෙත සැකය යොමු වීමත් සමග ඔහුව අත්අඩංගුවට ගෙන ඔහුගේ පරිගණකය ගෙන පරික්ෂා කිරීමේදී එහි නිල් චිත්‍රපට විශාල සංඛාවක් ඇති බවත්(එම නිසා ඔහු සේයාගේ මරණයට වගකිවයුතු බවත්) හැගෙන අයුරින් විශාල වශයෙන් මාධ්‍ය ප්‍රචාරයක් ලබාදීමට ලංකාවේ තුප්පහි මාධ්‍ය කටයුතු කළේය. එහළින් සදහන් කළ ***** එසැණ පුවත් , සහ ** FM වෙබ් අඩවිත් **** News ඇතුළු තවත් බොහෝ මාධ්‍ය නාලිකා, පුවත්පත් සහ වෙබ් අඩවි මගින් අදාළ දරුවාගේ නිල් චිත්‍රපට පුවත විශේෂ පුවත් ලෙස නිතර නිතර ප්‍රචාරණය කළේ මාධ්‍ය සදාචාරයේ ”අ” යන්නවත් නොදන්න තුප්පහි මාධ්‍ය ආයතන පරිදෙන්මය.

පරිගණකයේ නිල් චිත්‍රපට තිබු පමණින් ඔහු වරදකරුවෙක් වන්නේනම් ලංකාවේ තරුණයන්ගේ 98% ක්ම අත්අඩංගුවට ගෙන වෙනම දුපතක් මිලදීගෙන එහි සිර මැදිරි සාදා සිර කළ යුතුය. දැන් එම තරුණයාත් වැරදි නැත වෙනත් පුද්ගලයෙක් ගැන සැකයයි පොලිසිය සහ මාධ්‍ය වාර්තා කරයි. නිවැරදිම පුද්ගලයා කව්දැයි යන්න නිවැරදිව සොයාගන්නාතුරු සැකකරුවන් ගැන මාධ්‍ය වාර්තා ප්‍රසිද්ධ කිරීම නොකළ යුතුය යන්න පොලිසියට විසින් ස්වයන් පාලනයක් සහ සදාචාරයක් තිබිය යුතුය, නැතහොත් මාධ්‍ය වලට සදාචාරයක් තිබිය යුතුය අවාසනාවට ඒ දෙකටම එය නොමැතිවීම මුලිකම වැරැද්දයි.

සේයා අවාසනාවන්ත ලෙස මිය ගොසින් අවසන්ය, ඇයගේ ඝාතනයට වගකිවයුතු සැබෑ අපරාධකරුවන්ට උපරිම දඩුවම දිය යුතුය ඒ ගැන තර්කයක් නැත. නමුත් ලංකාවේ තුප්පහි මාධ්‍ය සහ එහෙ මෙහෙ අතගාමින් ඉන්න පොලිසිය විසින් හෙට මෙය ලියන මාත්, මෙය කියවන ඔබත් මෙම අපරාධයට හසුකර පුවතක් පළ කළහොත් එය ගැන පුදුම වීමට අවශ්‍ය නොවේ. ඒතරම් ලංකාවේ මාධ්‍ය හොදය. මිය ගිය සේයාගේ අනෙක් සහෝදරන් දෙදෙනාට සිය පියා බාල අපරාධකරුවෙක්, සිය මව **වියක් ලෙස ලංකාවේ මාධ්‍ය විරුදාවලිය ලබාදී තිබේ.

අවූරුදු 17ක තරුණයාගේ පරිගණකයේ නිල් චිත්‍රපටි කථාවෙන් හෙට ඔහුට මහමගට බැසීමට නොහැකි තත්වයක් උදා කොට තවත් සියදිවි නසා ගැනීමේ අවදානමක් නිර්මාණය කොට ඇත. එයටද ස්තුතිවන්ත විය යුත්තේ ලංකාවේ මාධ්‍යටයි.!!!

අනිත් අයටත් බලන්නට SHARE කරන්න.

One Response to “මාධ්‍ය මගින් චරිත ඝාතනය කළ 17 හැවිරිදි සිසුවා ගැන මහින්ද මැතිඳුන්ගෙන් ප්‍රකාශයක්!”

  1. NAK Says:

    This law regarding blue films is seriously flawed. While it is freely avialable in the internet and can come in to one’s house,holding one responsible for viewing it is some what rediculous. Especially when free Wi-Fi is available!
    It is like smoking in public! Manufacture or sale of cigarettes is perfectly legal while smoking in undefined public places is an offence.
    If the government is unable to regulate the internet properly and ban raw sex web sites,they should concider banning internet altogether until they find a way to control the content of internet for the sake of our children.
    Internet has to be the main reason for this deluge of sex crimes on minors as there was no such crimes before the internet was freely availabe.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress