මම වෛද්‍ය අධ්‍යාපනය ලැබුවේ යූක්‍රයිනයේ විනිට්සා වෛද්‍ය පීඨයේය. වර්තමානයේ මෙය Vinnitsa National Medical University යනුවෙන් හැඳින්වේ. මෙම ආයතනය ආරම්භ කරන ලද්දේ 1921 වසරේදීය.
1930 වන විට සෝවියට් දේශයේ වෛද්‍යවරු පුහුණු කිරීම අතින් විනිට්සා වෛද්‍ය පීඨය නමක් දිනා ගැනීමට හැකි විය. දෙවන ලෝක යුද සමයේ විනිට්සා වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ වෛද්‍යවරු විශාල ප්‍රමානයක් යුද පෙරමුණ ආශ්‍රිතව සේවය කළහ.
1979 දී ලෝකයේ විවිධ රට වලින් විද්‍ය විද්‍යාව ඉගෙන ගැනීමට විනිට්සා වෛද්‍ය පීඨයට පැමිණියහ. මා මෙහි ඉගෙන ගත් කාලයේ (1986 -1993 ) ලෝකයේ රටවල් එකසිය ගනනක සිසු සිසුවියන් විනිට්සා වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූහ. එම නිසා වෛද්‍යවරු පුහුණු කිරීම අතින් විනිට්සා වෛද්‍ය පීඨය අන්තර්ජාතික වශයෙන් විශාල වැඩ කොටසක් ඉටු කොට තිබේ.
වර්තමානයේ ඇමරිකාව, කැනඩාව, එංගලන්තය , ජර්මනිය , ඉශ්‍රායලය , නෝර්වේ ,ඕස්ටේරලියාව යන බටහිර රටවල මෙන්ම අප්‍රිකාවේ ආසියාවේ ලතින් ඇමරිකාවේ රටවල විනිට්සා වෛද්‍ය පීඨයේ ආදි සිසු සිසුවියන් විශාල ප්‍රමානයක් සේවය කරති.
ලංකාවේ යුද ගැටුම් උත්සන්නව තිබූ 1980 -2000 කාල වල උතුරු මැද පළාතේ රෝහල්වලද අනුරාධපුර , පොලොන්නරු රෝහල් වල විනිට්සා වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ වෛද්‍යවරු අමිල සේවයක් කළහ. නමුත් ඔවුන් විසින් ක්‍රියාන්විතයේ යෙදී සිටි හමුදාවන් සඳහා කරන ලද සේවය මෙතෙක් ඇගයීමකට පවා ලක් වී නැත.
යූක්‍රයිනයේ විනිට්සා වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබා ලෝකයේ විවිධ රෝහල් වල සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරු සමහරක්
වෛද්‍ය අසේල වික්‍රමසිංහ – ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි රෝහලක සේවය කරයි
වෛද්‍ය කේතිසන් නක්කුනම් -ඕස්ටේරලියාවේ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි
වෛද්‍ය මන්සූර් – නවසීලන්තයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි
වෛද්‍ය ප්‍රසානී ජයමහ -ඕස්ටේරලියාවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන්නීය
වෛද්‍ය යමුනා අලස් -ඕස්ටේරලියාවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන්නීය
වෛද්‍ය අනුජා ගුනවර්ධන -ඕස්ටේරලියාවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන්නීය
වෛද්‍ය ධම්මික රත්නායක -දකුණු අප්‍රිකාවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි
වෛද්‍ය සී ලබේරත්න -කැනඩාවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි
වෛද්‍ය වික්ටර් මෙන්ඩිස්- එංගලන්තයේ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි
යූක්‍රයිනයේ විනිට්සා වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබා ලංකාවේ රෝහල් වල සේවය කරන විශේෂඥ වෛද්‍යවරු සමහරක්
අධිකරණ විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් – කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී (රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවේ)
ශල්‍ය වෛද්‍ය විශේෂඥ කීත් චැප්මන් – හලාවත රෝහලේ හිටපු ශල්‍ය වෛද්‍ය විශේෂඥ
විශේෂඥ නිර්වින්දන වෛද්‍ය නිල්මිනී වීජේසූරිය – කොලඹ ජාතික රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය
විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ධනංජය වෛද්‍යරත්න – මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය
ලෝකයේ විවිධ රටවල් වලින් පැමිණ යූක්‍රයිනයේ විනිට්සා වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය අධ්‍යාපනය ලැබූ නවක දොස්තරවරු