ජනවාරි 08 මෝඩයාගේ කැරැල්ලක් ද?
Posted on December 7th, 2015
-ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය මහින්ද පතිරණ යුතුකම සංවාද කවය
ලංකාවෙත් ඉන්නෙ මෙහෙම හිතන අය. මොවුන් යම් දෙයක් හුදකලා කරල අරගෙන, ඒ වටා තිබෙන අතුරු සෙසු දැනුම් සලකන්නේ නැතුව නිගමනවලට එනවා. බලන්න විශ්වවිද්‍යාල ආචාර්වරු බහුතරයක් මහින්ද එළවන්න පාරට බැස්ස විදිය. ඔවුන්ට හැකියාවක් නැ මේ රට නිදහසින් පසු මුහුණ දෙමින් සිටි අර්බුදය හා මහින්ද රජය විසින් ඉන් මිදීමට ගත් දැවැන්ත උත්සාහය එකට තියල තේරුම් ගන්න. ඔවුන් මහින්ද වෙනමත් මහින්දට හිමි වූ සෑම අතින් ම කුණු වූ රට වෙනමත් තියල තේරුම් ගත්තා. අනික ඔවුන්ට බැරි වුණා රනිල් ආවොත් මොන විදියේ ආර්ථික මොඩලයක් ක්‍රියාත්මක කරයි ද කියලවත් හිතන්න. පූර්ණ නවලිබරල්වාදය දැන් යල්පැනපු එකක්. ඒත් රනිල් නවලිබරල් ගැත්තෙක් කියල දැන දැනත් ඔහුගෙන් රටේ සමාජ සුබසාධනයට එල්ල විය හැකි දැවැන්න බලපෑම ගැන තක්සේරු කරන්න මේ ආචාර්වරුන්ට හැකියාව තිබුණෙ නැහැ. මේ ගොඩක් ආචාර්යවරු ශිෂ්‍ය කාලෙදි කෑව වාමංශික තෙල් නිසා කිසියම් මතුපිට සමාජවාදයක් නියෝජනය කරන අය. ඒත් අඩුම තරමින් ඔවුන්ට බැරි වුණා තමන් දක්ෂිණාංශික ද වාමාංශික ද කියලවත් තීරණය කරගන්න.
අයවැය නිසා අද රටේ සෑම ස්ථරයක් ම දැඩි අසහනයට පත් කරල උද්ඝෝෂණ කරන තැනට රට තල්ලු කළේ මේ ඇකඩමික් බුද්ධිමතුන්. හැබැයි අපේ ගම්වල මිනිසුන් තාම තීරණ ගන්නේ ව්‍යවහාරික බුද්ධියෙන්. ඔවුන්ට පුළුවන් සමස්තය දිහා බලල වඩාත් හොඳ තීරණයක් ගන්න. ඒකයි ජනාධිපතවරණයේ දී මහින්දගේ ප්‍රශ්න තිබිලත් ඔවුන් මහින්ද ව තෝරගන්න යොමු වුනේ. ඒ කියන්නේ අද රට පත්වෙලා තිබෙන අර්බුද සියල්ල ගැමියා තමන්ගේ ඉවෙන් ම එදා තේරුම් ගත්තා. අව්‍යාජ බුද්ධිය විසින් ව්‍යාජ උගත්කම පරයා ගිය කදිම අවස්ථාවක් ඒක. උගත්කම සැක කරන්න.
-ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය මහින්ද පතිරණ
Word count: 430 |
යුතුකම සංවාද කවය
December 8th, 2015 at 11:48 am
“ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය මහින්ද පතිරණ THUMANI!!!”
“අයවැය නිසා අද රටේ සෑම ස්ථරයක් ම දැඩි අසහනයට පත් කරල උද්ඝෝෂණ කරන තැනට රට තල්ලු කළේ මේ ඇකඩමික් බුද්ධිමතුන්. හැබැයි අපේ ගම්වල මිනිසුන් තාම තීරණ ගන්නේ ව්‍යවහාරික බුද්ධියෙන්. ඔවුන්ට පුළුවන් සමස්තය දිහා බලල වඩාත් හොඳ තීරණයක් ගන්න. ඒකයි ජනාධිපතවරණයේ දී මහින්දගේ ප්‍රශ්න තිබිලත් ඔවුන් මහින්ද ව තෝරගන්න යොමු වුනේ. ඒ කියන්නේ අද රට පත්වෙලා තිබෙන අර්බුද සියල්ල ගැමියා තමන්ගේ ඉවෙන් ම එදා තේරුම් ගත්තා. අව්‍යාජ බුද්ධිය විසින් ව්‍යාජ උගත්කම පරයා ගිය කදිම අවස්ථාවක් ඒක. උගත්කම සැක කරන්න.
?????????Oba thumage den rate thibennawoo thathway ihatha vigrahayeng kadimata suluweng penwadeema gena mama pudgalikawa isthuthiya saha gaurawaya puda karami.
Obathumakiya ethi paridi VISWA VIDYALAYE PANDITHA KOOK LA KALA EMA PAAPA KARMAYATA,BUDU WADANA PARIDI-DHITTA,DHAMMA,VEDANEEYA KARMAYA MEMA KELEHIGUNA NODATH PAAHARAYANTA PALA DENAWA!!! SATHYAYAI!!!! ETHTHAI!!!!!
December 8th, 2015 at 2:41 pm
ජනවාරි 8 මෝඩයා ගේ කැරැල්ලක් වන්නේ කෙසේ ද ? මේ දිනය නියම කලේ මෝඩයෙක් ද ? කිසිවෙක් කැරලි ගැසුවේත් නැත.
එහෙත් මේ දිනයේ ඉලෙක්‍ෂන් එක නිසා නිසා අපට හොඳක් නොවුනු බවත්, රට පසුපසට ගිය බව සත්‍යයකි. මෙය අමුම අමු මෝඩ ඉලෙක්‍ෂන් එකක් බව ඇත්තයි.
ඒ නිසා “ජනවාරි 8 මෝඩයාගේ ඉලෙක්‍ෂන් එක ” කියා ඔබේ ටොපිච් එක වෙනස් කල යුතුය.