යහපාලන මහබැංකු බැඳුම්කර මංකොල්ලය සරල සිංහලෙන් කියාදුන් ආචාර්ය නාලක ගොඩහේවා හිරේ
Posted on December 7th, 2015
යටියන ප්‍රදීප් කුමාර-යුතුකම සංවාද කවය
දින 100 ආණ්ඩුවේ මහ බැංකු හොරකමට නම් ගෑවුනු මහ බැංකු අධිපතිවාරයා මෙන්ම ඔහුව ආරක්ෂා කළ මුදල් ඇමතිවරයයා සිරිසේන ජනාධිපතිවරයාගේ හදිසි පාර්ලිමේන්තු විසිරුවා හැරීම හරහා බේරාගත් අතර පසුව අලුත් ආණ්ඩුවේද ඒ තනතුරුවලින්ම පිදීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේ බීරි අලින්ට වීණා වැයුවාට වැඩක් නැති බව පසක් කරමිනි.
බැඳුම්කර මගඩිය හරහා දැනට රජයට සිදුවී ඇති පාඩුව රුපියල් කෝටි හත්දහස් පන්සියයක් (රුපියල් කෝටි 7500 ) ආසන්න ගණනක් දක්වා වැඩිවී තිබේ. එමෙන්ම එම පාඩුව දිනපතා වර්ධනය වෙමින් පැටව් ගසමින් පවතී.
හොරකමට දූෂණටට විරුද්ධ යැයි මහා ඝෝෂාවක් කරමින් බලයට පැමිණි වික්‍රමසිංහ – සිරිසේන ආණ්ඩුව තුලින්ම ඉතිහාසයේ සිදුකළ දැවැන්තම මංකොල්ලය සිදුවීම දෛවෝපගත සිදුවීමකි. එයත් රනිල් වික්‍රමසිංහ මහතා විසින් සුජුව පත් කළ තම ඒජන්තයා වූ මහ බැංකු අධිපතිවරයා ,මුදල් ඇමතිවරයා පැටලී තිබීමත් ඒ සිදුවීම හරහා මහ මැතිවරණයට කලින් පැවති ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන විස්වාස භංගයෙන් ඔහු ගලවාගැනීමට ආණ්ඩුව විසුරුවා හැරි මෛත්‍රීපාල සිරිසේන මහතා සෘජුවම මැදිහත්වීමත් එහි දෛවොපගතබව තවත් තීව්ර කරයි. සිරිසේන මහතාගේම වචනයෙන් කිවහොත් එදා (දින 200 ක් පමණ පැවති) දින 100 ආණ්ඩුව විසුරුවා නොඇහරියේ නම් මේ බැඳුම්කර ගැටලුව අරභයා රනිල් වික්‍රමසිංහ මහතා ලොකු අකරතැබ්බයක වැටෙන්නට ඉඩ තිබිණ.
පසුගිය මහ මැතිවරණ වේදිකාවේදී මේ පිලිබඳ නැගුණු චෝදානාවලට පිළිතුරු දුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ බලයට පත් විගස ඒ පිළිබඳ නැවත පරීක්ෂණ අරඹන බවයි. සමහර විට ඒ කලින් මෙන් සිරිකොතට සෘජුව සම්බන්ධ නීතිඥයන්ගෙන් යුත් කමිටුවකින් වන්නට බැරි නැතැයි එකල සිතුණි. නමුත් ප්රශ්නය වන්නේ මංකොල්ලයට වසරක් පිරෙන්නට ආසන්නව තිබියදීත් අ පිලිබඳ හාවක් හූවක් නොමැති වීමයි.
ඒ වෙනුවට ඒ පිළිබඳ ජනතා අවධානයට ලක් කල විනිමය හා සුරැකුම්පත් කොමිෂමේ සභාවේ හිටපු සභාපතිවරයකු වන ආචාර්ය නාලක ගොඩහවා මහතා ලක්ෂ 50 ක අනුග්‍රාහකත්වයක් ලබාදීම සම්බන්ධ කාරණයකට රනිල් වික්‍රමසිංහ මහතාගේ සෘජු මෙහෙයවීම මත ක්‍රියාත්මක වන්නේ යැයි කියන මූල්‍ය අපරාධ විමර්ශන අංශයය මගින් අත්අඩංගුවට ගෙන හිරේ දමා තිබේ.
ආචාර්ය නාලක ගොඩහේවා නොව ඕනෑම අයෙකුට නීතිය ක්‍රියාත්මක වන්නේ නම් එය ප්‍රශ්නයක් නොවේ. නමුත් මෙහි ගැටලුව වන්නේ මහ දවල් සිදුවූ ලක්ෂ 750,000 මගඩිය පිලිබඳ හාවක් හූවක් නැතිව ඔවුන්ට තව තවත් වරදාන පුදද්දී ඒ ගණන් සමග සැසඳීමේදී සොච්චම් ගණුදෙණු පිළිබඳ මේ ක්‍රියාත්මක වන්නේ සැබෑ සාධාරණයද එසේත් නැත්නම් යහපාලන ආණ්ඩුවට එරෙහිව ඔවුන් දරන මතය නිහඬ කිරීමේ ත්‍රාඩ උත්සාහයක්ද යන්නයි.
ආචාර්‍ය් ගොඩහේවා මහතා මහබැංකු මංකොල්ලය පිළිබඳ සිදුකළ මේ පැහැදිළි කිරීම මොහොතක් අසන්න…
December 8th, 2015 at 4:45 am
Chief of securities Exchange is an honourable job similar to the Central Bank governor’s job.
If h has used this 5 million Rs money for any other purpose it is a crime. If he has done that , regardless of the amount, it is the same crime as the alleged crime done by the Governor.
Problem is leaders of our country has completely lost moral SHAME.
We have Presidents who lie shamelessly or exaggerate.
We have Presidents who appoint brothers to big jobs without qualifications and be proud of it.
We have ministers who are so fat , like going to burst.
We have ministers who shamelessly appoint his brother to the biggest post under him.
We have MPs who constantly use vulgar words and we have his followers who support it.
We have web sites openly promoting hypocrisy.
SHAME!
December 9th, 2015 at 9:35 am
lorenzo cant respond to this because he cant read sinhala, otherwise we would have got a bit of his ‘wisdom’
December 9th, 2015 at 1:52 pm
බැඳුම්කරවල ආයෝජනය කළ කෝටි 295ක් අතුරුදන්
රසී වීරසිංහ
2009 වසරේදී ලංකා විදුලිබල මණ්ඩලයේ අර්ථසාධක අරමුදල් වශයෙන් රැස්ව තිබූ මුදලින් පෞද්ගලික සමාගමක් හරහා භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කර තිබූ රුපියල් කෝටි දෙසිය අනූපහකට අධික මුදල් ප්‍රමාණයක් මහ බැංකුවේ ගිණුම් ප්‍රකාශවල නොපැවතීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඊයේ (9 දා) රහස් පොලිසියට පැමිණිලි කර තිබේ.මහ බැංකුවේ 2014.12.31 දින ගිණුම් ප්‍රකාශවලට අනුව එම මුදල් එහි නොපවතින බවට හෙළිවීමෙන් පසු මේ පිළිබඳව දීර්ඝ වශයෙන් පරීක්ෂා කිරීම් සිදුවී ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ 2009 වසරේදී අදාළ පෞද්ගලික සමාගම හරහා භාණ්ඩාගාර බැඳුම්කරවල සිදුකර ඇතැයි පවසන ලංවිම අර්ථසාධක අරමුදල් ආයෝජන 2009 වසරේදී එම සමාගම විසින් මහ බැංකුවෙන් ලබාගෙන විකිණීමට කටයුතු කර ඇති බවය. මේ සඳහා ලංවිමෙන් කිසිදු අනුමැතියක් ලබාගෙන නොමැත.
මෙම ආයෝජනයන් සම්බන්ධයෙන් කරුණු සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා විසින් කළ නියෝගයකට අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර විගණන ශාඛාව විසින් පැවැත්වූ විශේෂ විමර්ශනයකින් මෙම කරුණු අනාවරණය වී තිබේ.