හෙදියකගේ අනුවේදනීය දිනපොත
Posted on December 15th, 2015
වෛද්‍ය රුවන් එම් ජයතුංග
ලක්බිම පුවත්පතේ සතිපතා හෙදියකගේ අනුවේදනීය දිනපොත නමින් ළිපි මාලාවක් පළ විය. මෙම ළිපි ලියන ලද්දේ කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසාය. මේ කතාව හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා ගැන නොවේ. වෙනත් හෙද නිලධාරිනියක වූ අසෝකා මිස් ගැනය.
හලාවත රෝහලේ ශල්‍යාගාරයේ හෙද නිලධාරිනියක වූ අසෝකා මිස් සැරය . නමුත් හදවතින් කරුණාවන්ත අයෙකි. එකල ඇය අවිවාහකය. ඇය නිතරම බිසිය.
අසෝකා මිස් ශල්‍යකර්ම වලට ලක් කරන ලද රෝගීන් හා ඔවුනට ශල්‍යාගාරයේ ලබා දුන් ඖෂධ පිළිබඳව විස්තර සටහන් පොතක් තියාගෙන සිටියාය. එය විශාල ප්‍රමාණයේ සී ආර් පොතකි. එය නිතරම ශල්‍යාගාරයේ මේසයක් මත තිබුණි. දිනපතා මේ පොතේ ලිවීම සටහන් තැබීම ඇය කළාය.
වරක් මම ලක්බිම පුවත් පතෙන් හෙදියකගේ අනුවේදනීය දිනපොත යන ලිපියේ හෙඩිම කපා ගම් ගා අසෝකා මිස් ගේ සී ආර් පොතේ ඇලවූයෙමි. ශල්‍යාගාරයට ආ ගිය වෛද්‍යවරු එය දැක සිනාසුනෝය. මේ බව නොදත් අසෝකා මිස් දිගටම සී ආර් පොතේ තම රාජකාරිය කළාය. නමුත් හදිසියේ ඇය එය දුටු අතර තමන් ගේ පොත හෙදියකගේ අනුවේදනීය දිනපොත යනුවෙන් නම් කරන ලද තැනැත්තාට පොදුවේ බැණ වැදුනාය. මම කට වසාගෙන සිටියෙමි. නමුත් ස්වල්ප මොහොතකින් ඇයගේ තරහව නිවී යන ලදි.
අසෝකා මිස් අපට තේ හදන්නීය. ඇය සාදන ඉඟුරු තේ ඉතා රසවත් ය. අසෝකා මිස් කොහොම රසට ඉඟුරු තේ හදනවාද මන්දා යැයි වරක් තරුණ වෛද්‍යවරියක් ඇසුවායමම ඇයට (කොලොප්පමක් ලෙස) පැවසුවේ අසෝකා මිස් ඉඟුරු හපා (කටින් විකා) තේ එකට දමන නිසා රස එන බවයි. ඉන් පසුව ඇය ඉඟුරු තේ බීම නැවැත්තුවාය. පසුව අප කරන ලද්දේ විහිලුවක් බව පැවසීමෙන් පසු ඇය යලිත් ඉඟුරු තේ බීම ඇරඹුවාය.
පසු කාලයක මට අසෝකා මිස් හලාවත රෝහලේදී හමු වූ අතර ඒ වන විට ඇය හෙද සොහොයුරියක ලෙස උසස්වීමක් ලබා සිටියාය.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
December 15th, 2015 at 8:09 pm
Ruwan,
You have been very naughty. May we please have some more with more secrets of yourself (much more naughtier and private) ?