හත්දවසේ දානය — වෙසක් නිමිත්තෙනි
Posted on May 20th, 2016
ධර්මසිරි සෙනෙවිරත්න
අම්මා මලා මම පුරුවේ කල පව ට
නිම්මා නැති දුකකි උහුලනු බැරිය ම ට
පෙම්මා සිතින් හත් දවසේ දානය ට
සෙ ව් වා නොකළ යුතු කලයුතු දේ හෙ ට ට
දානෙට කියා ගෙන ආ අමු මස් ගොඩ කි
මේ දැක මගේ හිත තුල නැගුන පැ නය කි
දෙවියනි තවම ගතවුයේ දින හත කි
වළ තුල දැමු මිනිය තව අමු මස් ගොඩ කි
මවගේ මිනිය ඇතිවිට අමු මස් ලෙසි නී
දානෙට කපන්නේ අමු මස් මොන හිති නී
පවපින නොවේ මිනිසත් කම ගැන හිතු නී
විසදා දෙන්න මෙය බගවත් හිමි සඳු නී
——– —–
කුසතුල සොහොන් හදනා වියරු මිනිසු නී
දන්වන තෙක් නැවත දානය කල් දැ මු නී