ඇවිලුන ගිණි මැද වැයෙන වීණා !!
Posted on June 11th, 2016
තේජා ගොඩකන්දෙආරච්චි
සමස්ත ශ්රී ලාංකික ජනතාවම යලිත් වරක් තිගැස්මට පත්කල මහා විනාශයක් යලිදු සිදුවිය. කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ආයුධ ගබඩාව පුපුරා ගිය අතර, එම ස්ථානය වටා කිලෝමීටරයක පමන දුරකින් පිහිටි භූමියම සුන්බුන් බවට පත්විය. එමෙන්ම එහි බලපෑම ඊටත් වඩා බොහෝ දුරට යනතුරු දක්නට ලැබිනි. මේ සම්බන්ධව මාධ්‍ය තුලින් විවිධ අදහස් ගලා ගියේය.
රජයට විරුද්ධ පිරිස් මේ සිද්ධියේ වගකීම රජය පිට පටවන්නට පියවර ගත් අතර සුපුරුදු පරිදිම රජයට පක්ෂපාතී පිරිස් මේ සිදුවීමත් රාජපක්ෂවරුන්ගේ ගිණුමටම බැර කරන්නට උත්සාහ ගනු පෙනුනි. මේ සියලු කතාබහ මැද සේනාධිනායකයා වූ ජනාධිපති සහ ආරක්ෂක ලේකම්වරයා දින 2 ක් පමන ගතවන තුරු දකින්නටවත් සිටියේ නැත. ජනාධිපතිට නම් පුවත්පතකින්වත් මෙය දැන ගන්නට නොලැබුනා වන්නට පිලිවන. අවසන දින දෙකකට පසු ආරක්ෂක ලේකම්වරයා කට ඇරියේය. ඔහු පැවසුවේ හමුදාවේ ගිනි නිවන අභ්යාසයකදී මෙය සිදු වූ බවයි. කඳවුරේ තිබුනේ මුලින් තිබූ ආයුධ ප්රමාණයෙන් සියයට දහයක් පමනක් බවත්, හානි වූ නිවෙස් ගණන 75 ක් පමන බවත්,මේ තුල ජීවිත හානි එකකට වඩා වාර්තා නොවී ජනතාව ගලවා ගත හැකි වීම වාසනාවක් බවත් ඔහුගෙන් කියැවිනි. නමුත් මේ දිවි ගලවාගත් ‘වාසනාවන්තයින්‘ බලන්නට යාමට ඔහුට අවශ්යතාවයක් නොවීය.
මෙය නම් ජීවිත කාලයටම ඇසූ අපූරු අභ්යාසයකි ! මේ අඳබාල ප්රකාශය ගැන මාධ්යවේදීන් විසින් රජයෙන් විමසූ විට මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වී සිටි ඇමතිවරුන්ගේ දිව පැටලුනු, ගොලුවුනු බව දක්නට තිබිනි. ඔවුන් වැටුන අමාරුවෙන් ගොඩ ගන්නට වහාම ඉදිරිපත් වූ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති කරු පරණවිතාන ” ඔබ තුමන්ලා අහන ප්රශ්ණවලට මොනව හරි කියන්න ඕනනේ. ඒ නිසා කියන්න ඇති ” යනුවෙන් පැවසීය. මෙම පිලිතුර ඇමති රාජිත සේනාරත්න ද තහවුරු කලේය. දින 2 ක් ගතවීත් මේ ගැන කැබිනට් මණ්ඩලය තුල සාකච්ඡා වුන බවක් හෝ ආරක්ෂක ලේකම්වරයා කුමක් කියන්නට යන්නේද හෝ ඔවුන් කිසිවකු නොදැන සිටි බව මෙයින් තහවුරු විය. සම්මුතියක් ගැන කියූවත් රජයේ බෙදී වෙන්වී ඇති හුදෙකලාමය ස්භාවය මෙයින් පැහැදිලි වේ. මෙවන් ප්රකාශ සහ පිලිතුරුවලින් පිළිබිඹු වන්නේ රජයේ වගකිවයුත්තන්ගේ ඇති මන්දබුද්ධික බවද එසේත් නැත්නම් ජනතාව සහ මාධ්යවේදීන් සම්බන්ධව ඔවුන් තුල ඇති සෝපාහාසී ආකල්පයද යන්න සිතාගත නොහැක. මෙය පමණක් නොවේ. ශ්රී ලංකාවට එකපිට බල පෑ මහා විපත්වලින් ජනතාව දහස් ගණන් අනාථව සිටියදී ඇමතිවරුන් විසින් මිල දී ගන්නට සැරසෙන සුඛෝපභෝගී වාහන පිලිබඳවද රාජිත සේනාරත්න පිලිතුරු දුන්නේ ඉතාම ලැජ්ජා නැති, දරදඬු පිලිවෙතකිනි.
ඒ අතර උතුරු පලාතේ දේශපාලකයින් මේ සිදුවීම පිට දමා ලහි ලහියේ උතුරේ හමුදා කඳවුරු ඉවත් කරවා ගැන්මට කැස කවති.
කෙසේ වුවද මෙවන් විපතකදී මූලික වගකීම පැවරෙනුයේ රජයටය. එබැවින් ආරක්ෂක ඇමතිවරයා සහ ලේකම්වරයා ජනතාව වෙත විවෘත විය යුතුය.
ඒ මේ අතට චෝදනා එල්ල වන පරිදි යහපාලනකාරයින් සමග තරහට ගෝඨාභය රාජපක්ෂ මෙය කෙරෙව්වත්, රජයේ සැඟවුන න්යාය පත්රය අනුව රජය විසින්ම මෙම අපරාධය කෙරෙව්වත් මෙහි ඵල විපාක භුක්ති විඳින්නේ සාමාන්‍ය ජනතාවම පමනි. අනික ඔය කියන ආකාරයට රාජපක්ෂවරුන් මීට සම්බන්ධනම් ඉන් පිළිබිඹු වන්නේත් රජයේ ආරක්ෂක විදි විධානවල ඇති දුර්වල බවයි. ජනතාවට සිදු වූ ව්යසනයේ බර සැහැල්ලු කරන්නට එය නිදහසට කරුණක් නොවේ.
කරුණාසේන හෙට්ටිආරච්චි කියන පරිදි පණ බේරුන ජනතාව වාසනාවන්තය. එසේ නැතිනම් සිදුව ඇති විනාශයේ හැටියට මිනිසුන්ගේ පණනල ඉතිරි වීම ලොකු දෙයකි.
ඒ විනාශයට හසුව සුන්බුන්ව ගිය, හානි වුන නිවෙස්වල දර්ශන රූපවාහිනී නාලිකා තුලින් දක්නට ලැබින. එම දසුන් ඕනෑම කෙනෙකුගේ හද කම්පා කරවයි. කෙනෙකු හැදී වැඩී, අධ්යාපනයක් ලබා, රැකියාවක් ලබාගෙන, විවාහ වී දරුමල්ලන් හදාගෙන නිවසක් සදාගෙන තැම්පත් වීම අප සමාජයේ සාමාන්‍ය පිලිවෙතයි. මැති ඇමතිලාට මෙන් මේ මිනිසුන්ට ධන උල්පත් ගලා එන්නේ නැත. නිවාස ණයක් ගෙන නිවසක් සාදාගෙන, වාරික ක්රමයට ගෙවීමට ගෘහ භාණ්ඩ, විදුලි උපකරණ ටිකක් ගන්නේ යම් ප්රමිතියකින් යුතු ජීවිතයක් ගෙවීමටය. ඒ අතර තම දරුවන්ට අධ්යාපනය ලබා දෙන්නටද ඔවුහු මහත් කැපවීම් කරති. තම ණය වාරික ගෙවාගෙන, දිනෙන් දින වැඩිවන ජීවන වියදමත් දරාගෙන, තම දරුවන්වත් මේ ණය චක්රයෙන් එගොඩ කිරීමේ අදිටනින් කටයුතු කරන මේ ජනතවට, තම ජීවිත මුල සිට ඇරඹීම තබා, අර රූප රාමුවල දුටු පරිදි සුන්බුන් වලට යටව, මිරිකී දුහුවිලි වැකුන ඒවා වෙනුවට අලුත් පාසල් පාවහන් යුගලක්වත් මිල දී ගැනීම පවා පහසු කාර්යයක් නොවේ. මේ ජීවිත පිලිබඳ අපේ දේශපාලකයින්ට වැටහෙනවාදැයි සැක සහිතය. කෙනෙකුගේ පණනල ඉතිරි වූ විට ‘ඉතිරි ටික කොහොම හරි කර ගන්න බැරිදැ යි ‘ කියා ගැලවෙන්නට ඔවුන්ට හැකිද? ඉතා අසීරුම කොටස ඒ ඉතිරි ටික කර ගැන්මය.
මැයි මස මැද දී ඇති වූ ජල ගැලීම් හා නාය යාම්වලින් විපතට පත් වූ ජනතාව ගැන කතා කල ජෝන් අමරතුංග ඇමතිවරයා “ගං වතුරට කැඩිච්ච ගෙයක් හදාගන්න අපි රු. 10,000/- ක් දෙනවා” යි ආඩම්බරයෙන් පැවසීය. නිසැකවම වයස නිසා ඔහුට මතක තිබෙනු ඇත්තේ තමා තරුණ කාලයේ තිබූ ගණන් හිලව් වන්නට ඇත.නැතිනම් ඉතින් රු. 10,000/- කින් අද කාලයේ ගඩොල් පේලි 2 ක් වත් බැඳගන්නට හැකිද යන්න ගැන ඔහුට වැටහීමක් තිබිය යුතුය. කල යුතු හොඳම දේ මෙවන් මතකය පිලිබඳ ආබාධ වලින් පෙලෙන දේශපාලකයන් විශ්රාම ගැන්වීමය. එය ඔවුන්ගේ ත්, රජයේ ත් සෞඛ්යයට හිතකර වන්නේ සැබැවින්ම මෙවන් පුද්ගලයින්ට ඇමතිකමේ වැටුප්, ආරක්ෂාව, නිල නිවාස, යාන වාහන ආදී වරප්රසාද සපයමින් ඔවුන්ව නඩත්තු කිරීම නිකම්ම මුදල් අපතේ හැරීමක් මෙන්ම රාජ්‍ය මුදල් අවභාවිතාවක් ද වන හෙයිනි. මන්ද මේ නාස්ති වන මුදල් වලට ඍජුව හෝ වක්රාකාරව දායක වන්නේ රටේ මහජනතාවයි. ආපදාවලට ලක්ව අසරණවන ජනතාවද ඊට අයත්ය.
රජය මගින් අනිවාර්යයෙන්ම මේ අගතියට පත් පිරිස්වලට වන්දි ගෙවනු ඇත. නමුත් මෙම අලාභ තක්සේරු කරන්නේ කෙසේද? එබැවින් සාමාන්යයෙන් මෙවන් අවස්ථාවකදී වන්දි මුදලක් හිමි වන්නේ යම් පොදු ගණනය කිරීමක් ඔස්සේය. මේ මුදලින් තමන් ගෙවූ මුල් ජීවිතයට යලි පිවිසෙන්නට හැකි අය මෙන්ම නොහැකි පරිදි ප්රමාණවත් නොවන අයත් සිටිති. මන්ද යමෙකු තම නිවෙස ඉදිකරන්නේ, යම් භාණ්ඩයක් මිල දී ගන්නේ තමාට හැකි ඉහලම ප්රමිතියෙනි. නමුත් පොදු මිණුම් දඬු අනුව එම ප්රමිතිය පවත්වාගෙන යාම අසීරු කරුණක් බව පැහැදිලිය.
නමුත් මේ සම්බන්ධව නම් රජය පාර්ශ්වයෙන් කරන්නට දෙයකුත් නැත.
එබැවින් පණ බේරුන අය ‘වාසනාවන්තයැ‘යි නිකම්ම කටට ආවාට කීම හොඳ දෙයක් නොවේ. භෟෙතිකමය වටිනාකම්වලට හුරුවුන සමාජයක හුස්ම පොදක වටිනාකම දෙවන තැනට වැටෙන්නේ නිතැතින්මය. විපත සිදුවන ඇසිල්ලේ තම පණ බේරා ගැන්මට පලායන මිනිසුන්ගේ නිවාස කොල්ල කෑමට තවත් පිරිසක් පෙලඹෙන්නේ එහෙයිනි. තමන්ට සිදු වූ විපතේ ප්රමාණයත්, තම ජීවිත යලිත් මුල සිට ඇරඹීමේදී මුහුණ දෙන්නට සිදුවන අසීරුතාත් ඔවුන්ට වැටහෙන්නේ සිද්ධියේ කම්පනය පහව ගිය ඉනික්බිතිය.
ඊලඟට මෙවන් ජනතාව සම්බන්ධව ආපදා අධාර සැපයීමේ ක්රමවේදය අපි මාධ්‍ය තුලින් දකිමු. මෙසේ ආධාර සපයන බොහෝ දෙනෙකු තුල ‘අනුකම්පාව‘ මිස ‘සහානුකම්පාව‘ ඇති බවක් නොපෙනේ. දැන් දැන් මාධ්‍ය තුලින් දේශපාලකයන් මුල්ව ‘විපතට පත් ජනතාවට ආධාර බෙදා දෙන උත්සව‘ පවත්වනු පෙනෙයි. විශේෂයෙන් කුඩා දරුවන් පෝලිමේ පැමිණ තම සපත්තු කූට්ටම හෝ පොත්පත් රැගෙන එය තම අතට පත් කරන දේශපාලකයාට වැඳ නමස්කාරකරමින් යන අයුරු මාධ්‍ය ඔස්සේ අප නෙත ගැටේ.
මෙසේ ආපදාවලට ලක්වන ජනතාවට ආධාර ලබාදීම මාධ්‍ය හෝ දේශපාලන සංදර්ශනයක් බවට පත් කරන්නේ ඇයි? මේ ආපදා, විපත්වලට මුහුණ දීමට ඔවුන්ට සිදුවුනේ තම වරදක් නිසා නොවේ. ඊට ඔවුන් වගකිවයුතු නැත. මෙවන් වින්දිත පිරිස්වලට අවශ්‍ය සහය සැපයීම මහජන නියෝජිතයින්ගේ වගකීමක් විනා එය දුක්බර මූණක් ආයාසයෙන් මවාගෙන, තම ආනුභාවයෙන් මහා විශාල දෙයක් කරන පරිදි උත්සව පවත්වමින් කල යුත්තක් නොවේ. මෙවන් සිදුවීමක් නිසා කෙනෙකුගේ පණ බේරීම වාසනාවක් යයි කෙනෙකු සිතනවානම්, ඒ වාසනාව පණ බේරුනු පුද්ගලයාට ප්රායෝගිකව හැඟෙන පරිදි ඔවුන් හා එක්ව යලි ඒ ජීවිත පෙර සිටි තත්වයට ගෙන ඒමට කටයුතු කරනවා මිස තම ප්රසිද්ධිය තකා ආධාර මලු බෙදමින් ඒ මල්ල සඳහා ඔවුන්ගේ කොන්ද පාත් කරවීම එතරම් සුදුසු නැත.
මැයි මස සිදු වූ ජල ගැලීම් සහ නාය යාම් ද, ජුනි මස කොස්ගම සිදු දූ පිපිරීමද යන දෙකම ආපදාවන්ය. එකක් ස්වභාවික ආපදාවක් වන අතර අනෙක මිනිස් ක්රියාකාරකම් නිසා සිදු වූ ආපදාවකි. නමුත් ඒ ආකාරයේ ස්වභාවික ආදාවලට මුල් වූ හේතු විශ්ලේෂණය කලහොත් ඊට මුල් වී ඇත්නේද නොසුදුසු මනුෂ්‍ය ක්රියාකාරකම් බව වටහා ගත හැක. අනවසර ඉදිකිරීම්, වන විනාශයන්, වැලි ගොඩ දැමීම් වැනි එ වේලේ ලාභය බලමින් හා ප්රතිවිපාක පිලිබඳ නොතකමින් ආත්මාර්ථකාමී සහ අනර්ථකාරී ලෙස සිදු කරන මනුෂ්‍ය ක්රියාකාරකම් බොහෝවිට මෙවන් විපත්වලට මුල් වෙයි. මෙම තත්වයට වගකිව යුතු අප රටේ දේශපාලකයින් බව මහජනතාවට රහසක් නොවේ. අවසන මේ සියල්ලේ විපාකවල ගොදුරු වන්නේ සාමාන්‍ය ජනතාවයි.
දැන් ඉතින් මේ සියලුම වින්දිතයන්ට සාධාරණ වන පරිදි වන්දි ගෙවීමට රජයට සිදුවනු ඇත. නමුත් ඒ සියල්ල තිබියදී ඇමති මණ්ඩලයේ 30 දෙනෙකුට රු. කෝටි 117.5 ක වාහන ගෙන්වීමට රජය විසින් පරිපූරක ඇස්තමේන්තුවක් මගින් අනුමත කරගෙන ඇත. මේ සම්බන්ධව මහජනතාව තුලින් නැගී ආ විරෝධය හමුවේ එම ක්රියාව, ආපදාවන්ට ලක් වූ ජනතාවට වන්දි ගෙවා අවසන් වන තුරු අත්හිටුවීමට අගමැතිවරයා නියෝග කල බව දැන ගන්නට ලැබිනි. නමුත් මේ ඇමතිවරුන්ට වාහන නොමැති බවත්, ඔවුන් ගමන් කරන වාහන සමහරක් කුලී පදනම මත ලබාගත් ඒවා බවත් පෙරදින පැවති මාධ්‍ය හමුවේදී අකිල විරාජ් ඇමතිවරයා පැවසීය. එමෙන්ම රාජිත සේනාරත්න ඇමතිවරයාද මෙය සාධාරණීකරනය කලේය. ‘ඇමතිවරුන්ට ගමන් බිමන් තිබෙනවා. ඔවුන්ට මේ නිකම් අබලන් වන වාහන වල යන්න බැහැ.’ ඒ ඔහුගේ හේතු දැක්වීමයි. එසේ නම් ක්ෂේත්‍ර වැඩ වල යෙදෙන රජයේ නිලධාරීන් ඒ ගමන් යන්නේ කෙලෙසද? මේ ඇමතිලා ෆෝ වීල් ඩ්රයිව් ඇතුලු අනිකුත් නවීන අංගෝපාංග සහිත වාහන ඉල්ලන්නේ සාමාන්‍ය වාහනයක යාමට නොහැකි අබලන් මාර්ග තිබෙන නිසාය. ඊට පිලිතුර, මාර්ග පද්ධතිය සංවර්ධනය කරනු වෙනුවට එහි යා හැකි වාහන ගෙන්වීමයි. රාජිත ඇතුලු ඇමතිලාගේ ප්රශ්ණ විසඳන ක්රමවේදය මෙය විය හැකිය. මේ මේ අමාත්යංශ සහ මේ මේ ඇමතිවරු සිටිනවා යයි අපට මතක් වූයේ ද වාහන අනුමත වූ ඇමතිවරුන්ගේ ලැයිස්තුව දුටු විටය. සමහරවිට ඔවුන් මෙතෙක් වැඩ නොකලේ වාහන නැති නිසාද යන සැකයක් මතුවේ.
ඒ අනුව සිතාගත හැක්කේ මේ තාවකාලික අත්හිටුවීම වැඩි දුරකට නොයන බවය. මන්ද එයත් සමහරවිට ජනතාගේ ඇවිලුනු කෝපාවේගය හමුවේ ලබාදුන් ‘මොකක් හෝ විසඳුමක්‘ විය හැකි බැවිනි.
මේ අතර ජනාධිපතිවරයා මේ කිසිදු සිදුවීමක් ගැන වගේ වගක් නැතිව විශේෂයෙන් ඇනවුම්කල ටී ෂර්ට් සහ කැප් තොප්පි ඇඳගෙන ලෝක සාගර දිනයට ගොඩබිම පා ගමන් යයි. තම ජනාධිපති මන්දිරය ජනතාවට ප්රදර්ශනය කරයි.
කෙසේ වුවද මේ සියලු ආරවුල් හා වෙනත් අනවශ්‍ය ප්රමුඛතා මැද්දේ පසුපසට තල්ලු වන්නේ ආපදාවලට ලක් වූ ජනතාවගේ මූලික අවශ්යතාවන්ය. මීරියබැද්දේ මිනිසුන්ගේ ප්රශ්ණවලට තවමත් පිලිතුරු ලැබී නැත. අරණායක ජනතාව ගැන කවර කතාද? කොස්ගම ජනතාවටත් තව කොපමන කලක් දුකසේ තැන් තැන්වල සිටින්නට වේ දැයි නොදනී. සමහරවිට ඇඳිවත පමනක් ඉතිරි වූ ඔවුන් මාධ්‍ය තුලින් දකින්නේ ‘අසරණ‘ යන වචනයත් සමගය. මෙසේ හරි හමන් වහලක් හිසට නැතිව, ආධාර මගින් යැපෙන්නට බල කරන ජීවන රටාව තුල ආත්ම ශක්තියෙන් හීන වූ පරපුරක් බිහිවීම නම් වැලැක්විය නොහැකි වනු ඇත. විපත වූ ඇසිල්ලේ රටේම ජනතාව උපකාරයේ හස්තය දිගු කලත්, තම ජීවන බරත් කර තබාගෙන අසීරු ගමනක යෙදෙන ඔවුන්ටත් එය හැමදාටම කල නොහැකිය.
ඉන්පසු හිමි හිමින් කාටත් අමතකව යන මේ මිනිසුන් වෙතට ගොස් “එදා ඔබේ පණ බේරීම කොතරම් වාසනාවන්තදැ” යි ඇසුවොත් කුමන අන්දමේ පිලිතුරක් ලැබෙනු ඇත්දැයි ආරක්ෂක ලේකම්වරයාට සහතික විය හැකිද?
ඒ අතර සැබැවින්ම වාසනාවන්ත වූ මැති ඇමතිවරුන් ඊලඟ මැතිවරණ සමයේදී තම සැප වාහනවල නැග, ඇඟ තලා ගන්නේ නැතිව ෆෝ වීල් යොදාගෙන, කබල් පාරවල්වල සුන්බුන් උඩින් ගොස් ‘අපි බලයට ආවම ඔබ තුමන්ලාගේ ප්රශ්ණ සියල්ල විසඳනවා ‘ යි කියමින්, දෑත් එක්කර වැඳ ඡන්දය ඉල්ලනු ඇත !
June 11th, 2016 at 10:02 pm
It is high time our stupid voters including myself realize about the true color of a politician and decide next time intelligently.We need a new set of young polticians to lead the country not these old habitual goats who acts like king of kings. We don’t need gangsters, drug dealers, murderers, con men in the Parliament anymore. The old sick guys should be sent on retirement. Children shouldn’t be allowed
in this parliament because of the way these polticians behave. They use bad language and behave in such a way that no child can learn anything good from such behavior. Country has become a drug and Thugs paradise because of these two evil dictators who runs this land as if they own it. One is eating with fork and spoons and the other one with his bare hands. While these two sending us to to hell their mentor one eyed queen roaming around the globe on our account dine and wine together with their white masters planning the next move. I hope people In this country will come to their senses and take action to oust this wicked Trio soon.