ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65වන සංවත්සරය 3
Posted on August 28th, 2016
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි
අතිගරු එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක චරිතය මුල සිට අගටත්, අගසිට මුලටත්, පියවරින් පියවර හැදෑරීම, තුලින් ලැබෙන දැනුමේ අගය ඉතා ඉහලය. . ජනතාවට සේවය කිරීමට රාජ්‍ය බලය තමා අතට එනතෙක් බලාසිටින නායකයෙකු නොවූ එතුමා ඉතා වැඩි කාලයක් ජනතාවගේ ශුභ සිදධීන් සඳහා අදාල වන ව්‍යාපෘතීන් ගනනාවක්ම නිර්මාණය කලේ ඉංග්‍රීසි පාලන සමය තුල එම පාලන රාමුවට බද්ධව බව ඉතිහාසය අපට පෙන්වා දෙයි
එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක නම්වූ සුර නිර්මාණයට ඉටු කිරීමට පැවරී තිබුණේ, ඉහල අධ්‍යාපනයක් ලබාගෙන සමාජ පදනමක් ගොඩනංවා ගැනීම හා ඒ සමාජබලවේගය උපයෝගී කරගෙන, සිංහල ජාතියටත් බෞද්ධ සංස්කෘතියටත් රටටත් බලපාන විනාශකාරී තත්වයන් නිමා කොට සියලුම ජන කොටස් වලට ජීවත්වීමට හිතකර රටක් නිර්මාණය කිරීමටය.
ඒ කටයුත්ත ඉටුකිරීම සදහා ඇවැසි සෑම දෙයක්ම එතුමාට ලබාදී තිබුණ අතර, එතුමා ඒ හැම දෙයක්ම මනාව කළමනාකරමින් දේශපාලන පිටියටද අවතීර්ණ විය. මෙතුමා, තමා සිටින්නේ කොතනද? ඒ සීමාව තුල තමාට කලභැකි දේවල් මොනවාදැයි මනාව හඳුනාගනිමින්, ඒ ඒ කාර්යයන් නිම කරමින්, ඉදිරියටම ගමන් කල පුද්ගලයෙක් විය. රටේ ගැටළු යනු මේ රටේ ජීවත්වෙන ජනතාවගේ ගැටළු බව එතුමා මැනවින් දැන සිටියහ. ඒ නිසා ජනතාවගේ ගැටළු ජනතාවටම විසඳාගත හැකි පාලන ක්‍රමයක් නිර්මාණය කිරීමටද වෙහෙසුනහ. පවතින යටත් විජිත පාලනරාමුව තුල, ජනතාවට ඔවුන්ගේ කාර්යයන් විසඳා ගැනීමේ පහසුම ක්‍රමය ගම්සභා හා පලාත් පාලන ආයතන ගොඩනංවා ඒවායේ පාලනය ඒ ඒ ගම්වල ජනතාවට පවරාදීම බවද අවබෝධ කරගෙන සිටියහ.මෙතුමා, මේ කටයුත්තේදී ඉතා උද්යෝගීමත්ව, දිවා රෑ වෙහෙස නොබලා කටයුතු කල අයෙකි. මේ අනුව වර්ෂ 1925 දෙසැම්බර් මස 16 වෙනිදා, ආතර් වී දියෙස් හා ඩී. එච්. එස්. නානායක්කාර යන මහත්වරුන්ගේ පුරෝගාමිත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේදී පවත්වන ලද, “සමස්ත ලංකා ගම්සභා සම්මේලනය”ටද බද්ධ වෙමින් වර්ෂ 1929 වර්ෂයේදී එම සංවිධානයේ සභාපති ධුරය හොඹවමින් ග්‍රාමීය සංවර්ධනයට නවතම ජවයක් ලබාදුන්නේය.
වර්ෂ 1931දී හා වර්ෂ 1936දී එතුමා රාජ්‍ය මන්ත්‍රණ සභාවට වේයන්ගොඩ ආසනය වෙනුවෙන් නිතරගයෙන් පතවූ අතර, සෞඛ්‍ය හා පලාත් පාලන ඇමතිවරයා ලෙස කටයුතු කලේද එතුමාය. මේ කාලය තුලදී, ලංකාවේ පලාත්පාලන කටයුතුවල මහා පෙරලියක් සිදුකරමින්, මෙරට ගම්වාසීන්ගේ, සුභ සිද්ධිය සඳහා කල මෙහෙවර අමරණීය වේ.
ඒ තුලින් රැකී රක්ෂා නොමැති අයට රැකී රක්ෂා ලබාදීමේ ක්‍රමවේදයක්ද ඇතිකල අතර, ඊට අමතරව, මාතෘදාරක අභිවෘදි කටයුතු, ග්‍රාමීය ආයුර්වේද බෙහෙත්ශාලා පිහිටුවා ජනතාවගේ සෞඛ්‍ය තත්වය නගා සිටවීම, වැනි කටයුතු සිදුකරමින් අනාගත නිදහස් ලංකාවේ පාලනයන් සිදුකරන ආකාරය සම්බන්ධව ජනතාව පුරුදු පුහුණු කරමින් ජන විඤ්ඤාණය ඉහල තලයකට ඔසවා තබන්නට එතුමාට හැකි විය.
සමස්ත ලංකා ගම්සභා සම්මේලනයට වසර 25ක් පිරෙන අවස්ථාවේදී, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා එම සම්මේලනයේ, සභාපතිවරයාද වූ අතරම රටේ සෞඛ්‍ය ඇමතිවරයා හා පලාත් පාලන ඇමතිවරයාද විය. එම සම්මේලනය අමතා බණ්ඩාරනායක මහතා මෙසේ සිය අදහස් පලකරන ලදී.
“පුරවැසියෙකු වශයෙනුත්, ගම්සභා සාමාජිකයෙකු වශයෙනුත්, ගම්සභාපතිවරයෙකු වශයෙනුත්, රාජ්‍ය මන්ත්‍රණසභාවේ මන්ත්‍රීවරයෙකු වශයෙනුත්, පලාත්පාලන ඇමති වශයෙනුත්, අවුරුදු කීපයක්ම මේ සම්මේලනයට මැදිහත්ව ක්රියාකරන්නට ලැබීම, විශාල ආඩම්භරයකි. සම්මේලනයේ කටයුතු වලට මැදිහත්වෙන්නට යෙදුන මේ දීර්ඝ කාලය තුල අපේ ස්වතන්ත්රක්රමය ප්රදේශාණ්ඩුක්රමයේ වැඩි දියුණුව සඳහා යම් ආධාරයක් කිරීමට මට පුළුවන් වී තිබේනම් එය මාගේ රට වෙනුවෙන් කරන ලද, ඉතාමත් වැදගත් සේවයක් ලෙස සලකමි. මේ සේවය අවංක ලෙසත් හිතවත් ලෙසත් හැකිතරම් හොඳටත් ඉටුකිරීමට ඉදිරිපත්වීමි.”
(අපේ සටහන: ඉහත සටහන් කරන ලද්දේ, බණ්ඩාරනායක මහතා, සිය ජීවිතයේ මහත් වෙහෙසක් දරා, යටත්විජිත පාලකයින්ගේ යකඩ සපත්තුවට පෑගී සිටි ජනතාවට සිය ගම්වල දෙෙනික කටයුතු නිදහසේ කරගෙන යෑමට මං විවර කරදීමට පලාත්පාලන ක්‍රමය හඳුන්වාදීමට හැකිවීම නිසා ඇතිවූ සතුට විසින් මුදාහල උදාන වාක්‍ය පෙලයි. වර්තමානයේ, වසර 65ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සර සභාවට පැමිණෙන එතුමාට අද දකින්නට ඇත්තේ කුමක්ද? ඒ අන් කිසිවක් නොව,
“නිදහස් ලංකාවේ, විධායක ජනාධිපති ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයාගේ හං සෙරප්පුවෙන් පාගා ගෙන වසරකට අදික කාලයක් අකර්මන්‍ය කරන ලද පලාත්පාලන පද්ධතියයි. පොඩ්ඩක් සිතන්න; ඔබට සිතෙන්නේ මොනවදැයි බලන්න. හැකිනම් අපටත් කියන්න.)
August 29th, 2016 at 5:58 am
බන්ඩව ඉන්දියානු අදිරදයත් ඉන්දියානු පරපෝසිතයනුත් විසින් මිලට ගෙන ගොනාට අන්ඳවා වෙල්ල හැලිය උඩින් තියන තුරු රටටත් සින්හලන්ටත් යම් සේවයක් කලේය. සිරිසේන මෙන් මේ ජඩයාද 1951දී කලේ සිරිසේන 2015 කලදේමය.
Banda did some service to the Sinhala until he was bought by the Indian empire and Indian colonial parasites and pu on the pedestal.. He did what Sirisena did in 2015 in 1951.
August 30th, 2016 at 2:30 am
It is high time that a new political party is created. The symbol can be the ‘mal pohottuwa’ as just prior to the general election, a new political party was registered under this symbol. All those SLFPers who are totally fed up with this treacherous yahapalayana government can then join this new political party.
It is best to do this as soon as possible in order to get ready for the local government elections, to counter the treacherous OMP Act, to counter VAT increases, to counter the low prices offered to rice farmers, tea growers, rubber growers, to counter any attempt to provide any more powers to provincial councils than they have at present especially police, land or fiscal powers and to prevent the illegal merger of the North and the East and any attempt to change the unitary status of the country via unwanted constitutional changes, to counter the signing of ETCA, to counter the building of the Hanuman Bridge, to ensure that no Sri Lankan Forces member is harassed by setting up of hybrid courts or even domestic courts and to safeguard Sri Lankan armed forces from bogus war crimes charges to be produced via the OMP.
Also to counter the wide ranging privatization of state assets programme of the UNP which envisages privatising even healthcare, water, electricity etc., to ensure that the rice farmer is empowered and not destroyed as this yahapalanaya government is doing and to ensure that 2600 years of rice farming is not destroyed, to ensure that other crop growers get a fair deal for their produce, to encourage local industries and companies by taxing imports, to create and empower and rehabilitate local industries like the Valachchanai paper plant, Puttlam, and KKS cement factories, Kanthale and Pelawatta sugar factories, to build new tyre producing factories, to build new fish tin canning factories, to build new fruit juice, jam producing factories, to create a more efficient food storage and transport to market system including proper storage and refrigeration of vegetables, fruits etc., to encourage local companies by taxing imports, to encourage school leavers to take up vocational training programmes and to create a vocational training to youth employment creation programme where youth are helped to start up their own SMEs, to change our diet from a wheat based diet to a rice based diet, to encourage farmers to produce our own milk by encouraging the dairy industry and to build factories to produce our own powdered milk etc.
Unless a new party is formed now, all those people opposed to this treacherous yahapalanaya government will have nowhere to turn and nowhere to go and if the disaffected SLFPers do not take up this opportunity to form a new party, others definitely will. Also once the yahapalanaya commits all treacherous acts possible and betrays the country , it will be too late to form new political parties since there will not be a country left to govern after all the treacherous acts are completed by this yahapalanaya government.
August 30th, 2016 at 2:30 am
Sri Lanka’s future will depend on whether a new party is formed now or not by the disaffected SLFPers. It is now or never. There is no point forming new parties once this treacherous yahapalanaya government has finished committing all the treacherous deeds they are committing at present like more powers given to provincial councils inclusive of land, police and fiscal powers and illegally merging the North and the East, charging our brave Sri Lankan Forces with bogus war crimes using hybrid or even domestic courts, privatizing everything, destroying 2600 years of rice farming, signing ETCA, building the Hanuman bridge etc.
Once all this is done there will not be a Sri Lanka left to govern. Therefore it is imperative that a new political party is formed now before it is too late for Sri Lanka when it will be of no point complaining once all the treacherous acts are committed and completed.