දැන්වීම් පුවරු ප‍්‍රදර්ශනය කිරීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට අයවිය යුතු රුපියල් කෝටි 50ක් අයකරගෙන නැත. වහාම පරීක්ෂණයක් කරන්න. – CGR – 2016.09.07
Posted on September 7th, 2016
ප‍්‍රධාන ලේකම් All Ceylon Railway Employees’ General Union
අධ්‍යක්ෂ,
දූෂණ මර්ධන කමිටු කාර්යාලය,
නවම් මාවත,
කොළඹ.
දැන්වීම් පුවරු ප‍්‍රදර්ශනය කිරීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට අයවිය යුතු රුපියල් කෝටි 50ක් අයකරගෙන නැත. වහාම පරීක්ෂණයක් කරන්න. – CGR – 2016.09.07
දුම්රිය ජාලය තුල වෙලඳ දැන්වීම් ප‍්‍රදර්ශනය කිරීම වෙනුවෙන් ස්කෙලින් හෝලිඩින්ස් පෞද්ගලික සමාගම දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 530 ක් ගෙවිය යුතු වුවත්, ගෙවා ඇත්තේ රුපියල් මිලියන 24 ක් වන අතර, හිඟ මුදල වන රුපියල් මිලියන 506 ක් අයකර ගැනීමට දුම්රිය බලධාරීන් අදාල කාල සීමාව තුලදී කටයුතු නොකිරීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවී ඇති පාඩුව රුපියල් කෝටි 50කට අධික බව පෙන්වා දෙමු.
2011 දෙසැම්බර් මස -01 වන දින සිට දුම්රිය ජාලය තුල වෙලඳ දැන්වීම් ප‍්‍රදර්ශනය සඳහා ස්කෙලින් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගම සමග ගිවිසුම් අත්සන් කර ඇති අතර, අදාල බදු මුදල් නොගෙවීම නිසා ගිවිසුම අවලංගු කර ඇතත්, හිඟ බදු මුදල් අය කර ගැනීමට දුම්රිය බලධාරීන් කටයුතු කර නැත.
ද්වීපාර්ශ්විකව අත්සන් කර ඇති මෙම ගිවිසුම අහෝසි කළ පමණින්, දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවීී ඇති පාඩුව මකා ගැනීමට නොහැකි වන බව පෙන්වා දෙන අතර, දුමිරිය දෙපාර්තමේන්තුවට ලැබිය යුතු සියළු මුදල් ජනතාව වෙනුවෙන් ලැබිය යුතු රාජ්‍ය මුදල් වන බැවින් එම මුදල් අය කර ගැනීම දුම්රිය බලධාරීන්ගේ වගකීමක් වන බවද පෙන්වා දෙමු.රාජ්‍ය මුදල් අයකරගැනීම සම්බන්ධයෙන් වන දුම්රිය බලධාරීන්ගේ රාජකාරීමය වගකීම නිසි පරිදි ඉටු වී නොමැති බව මින් පෙනී යන කරුණකි.
ජාතික ප‍්‍රවාහන පද්ධතියේ ප‍්‍රමුඛ කාර්යයක් ඉටු කරනු ලබන දුම්රිය සේවය වාර්ෂිකව පාඩු ලබන ආයතනයක් බවට පත්ව ඇත්තේ, මගී ජනතාව වෙනුවෙන් අවම සේවයක් හෝ ලබා දීම නිසා නොව, දුම්රිය දෙපාර්තමේන්තුවට ආදායම් ලැබෙන මාර්ග දුම්රිය දෙපාර්තමේන්තුව විසින්ම අවහිර කරගෙන ඇති නිසා බව අවධාරණයෙන් පෙන්වා දෙන අතර, දුම්රිය බලධාරීන් මෙන්ම ප‍්‍රවාහන අමාත්‍යාංශ බලධාරීන් මේ සම්බන්ධයෙන් වගකිව යුතු බවද පෙන්වා දෙමු.
දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබිය යුතු මේසා විශාල මුදලක් අය කර ගැනීමට, තම රාජකාරි වගකීම ඉටුනොකළ කිසිවෙකු වෙතොත් ඔවුන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙසත් අදාල සමාගම දුම්රිය දෙපාර්තමේන්තුවට නොගෙවා ඇති මුදල් අය කර දීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසත් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු.
ස්තූතියි,
මෙයට විශවාසී
එස්.පී.විතානගේ
ප‍්‍රධාන ලේකම් සම්බන්ධීකරණය – 071-4953060