වන්නි මෙහෙයුම රුවන්ඩා සහ සර්බියාවේ ජන සංහාරයට සමානයි – බැන් කී මූන්
Posted on September 11th, 2016

කීර්ති වර්ණකුලසූරිය උපුටා ගැන්ම දිවයින

එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් මෙරටට පැමිණියේය. ඔහු ශ්‍රී ලංකාව සම්බන්ධ යහපත් වාර්තාවක්‌ දෙන බවට ප්‍රචාරයක්‌ද දියත් විය. එහෙත් සිදු වූයේ කුමක්‌ද?

කොළඹ හිල්ටන් හෝටලයේ පැවැත් වූ දේශනයකදී බැන් කී මූන් වන්නි මෙහෙයුම රුවන්ඩාවේ සහ සර්බියාවේ සිදු වූ ජාති සංහාරයට සම කළේය.

බැන් කී මූන් මේ බව පවසන විට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සහ අමාත්‍ය මහින්ද සමරසිංහද එම දේශනයට සහභාගි විය.

එහෙත් වන්නි මෙහෙයුම රුවන්ඩාවේ සිදු වූ විශාල මිනිස්‌ සංහාරයට සම වූයේ කෙසේදැයි කිසිවකුත් විමසුවේ නැත.

රුවන්ඩාවේ දස ලක්‍ෂයක්‌ ඝාතනය විය. වන්නි මෙහෙයුමින් දස ලක්‍ෂයක්‌ ඝාතනය වූයේද?

බැන් කී මූන් සිය දේශනයෙන් අනියම් ලෙස පැවසුවේ ශ්‍රී ලංකාවේද ජාති සංහාරයක්‌ සිදු වූ බව නොවේද? එසේම බැන් කී මූන් ශ්‍රී ලංකාවට පැමිණෙන විට තම දූත කණ්‌ඩායමට ජිනීවා මානව හිමිකම් නියෝජ්‍ය කොමසාරිස්‌වරියද ගෙන ආවේය.

කොළඹ එක්‌සත් ජාතීන්ගේ බලධාරීහු ඇය බැන් කී මූන් සමග පැමිණීමේ සිද්ධිය වසන් කළහ. සෑම දෙනාම බැන් කී මූන් ගැන අවධානය යොමු කළා මිස නියෝජ්‍ය මහ කොමසාරිස්‌වරිය ගැන විමර්ශනයක්‌ කළේ නැත.

මේ පසුබිම මැද ශ්‍රී ලංකා රජය මානව හිමිකම් උල්ලංඝනය වීම ගැන යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කිරීමට පෙර බැන් කී මූන් සිය තීන්දුව ප්‍රකාශ කර තිබුණි. ඒ ශ්‍රී ලංකාව රුවන්ඩා සහ සර්බියාවේ මෙන් යුද අපරාධ සිදු කර ඇති බවයි.

මෙය ඉතාම බරපතළ කරුණකි. බැන් කී මූන් ශ්‍රී ලංකාව සම්බන්ධව පූර්ව නිගමනයක්‌ ගත්තේ කෙසේද? ජිනීවා යෝජනා මත ශ්‍රී ලංකාව යුද අපරාධ පිළිබඳ විමර්ශනයක්‌ කිරීමට පෙර එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ශ්‍රී ලංකාවේ වන්නි මෙහෙයුම රුවන්ඩාවේ ජන සංහාරයට සම කළේය. රුවන්ඩාවේ සිදු වූයේ හුටු රජය වාර්ගික ටුට්‌සි ජනතාව සමූල ඝාතනය කිරීමයි.

එහෙත් මෙරට සිදු වූයේ කොටි ත්‍රස්‌තවාදීන්ට එරෙහිව හමුදාව යුද වැදීම මිස ද්‍රවිඩ ජනතාව සමූල ඝාතනය කිරීම නොවේ.

බැන් කී මූන් මෙරටට පැමිණීමත් සමග අපේ අඳබාල මාධ්‍ය පාර්ශ්ව අත්පොළසන් දෙමින් මෙන්න පිළිගන්න බැන් කී මූන්. ඔහු අපි ගැන හොඳ වාර්තා දෙනවා. ජාතිවාදීන් ඔහුට ගරහනවා යෑයි කියා සිටියහ. එහෙත් සිදු වූයේ කුමක්‌ද?

බැන් කී මූන් ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවට නිව්යෝර්ක්‌ සිට තීන්දු කර මෙරටට පැමිණ එය ප්‍රකාශ කිරීම සිදු කර ඇත.

එසේම මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් තම 2 වැනියා වූ කේට්‌ ගිල්මෝර්ව මහලේකම් බැන් කී මූන් සමග මෙරටට එව්වේ මන්ද?

මේ ගැන රජයේ යාන්ත්‍රණය නිහඬ වී සිටි.

බැන් කී මූන් කොළඹ ගාලුමුවදොර හෝටලයේදී පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී “මම ඩබල් ගේම්” ගහන්නේ නැතැයි කීවේය. එහෙත් ඔහු ශ්‍රී ලංකාව සම්බන්ධ අනුගමනය කළේ ඩබල් ගේමක්‌ හෙවත් දෙබිඩි පිළිවෙතක්‌ ක්‍රියා කිරීමයි.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් වූ බැන් කී මූන් නැට වෙන්නේ ඇමරිකාවට අවශ්‍ය පරිදිය.

ජිනීවා යෝජනාව 2015 ඔක්‌තෝබර් 1 දා අනුමත වීමෙන් පසු 2016 සැප්තැම්බර් 1 දා බැන් කී මූන් එම යෝජනාව ගැන ශ්‍රී ලංකාවේදී සිය නිගමනය ප්‍රකාශයට පත් කරනු ලැබීය.

මෙය ශ්‍රී ලංකාවට එරෙහිව සිදු වූ ෙද්‍රdaහී ක්‍රියාදාමයකි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බව පවසමින් බැන් කී මූන් මුලින්ම දරුස්‌මාන් මණ්‌ඩලය පත් කළේය.

එය තමාට උපදෙස්‌ ලබා ගැනීමට පත්කළ මණ්‌ඩලයක්‌ බව බැන් කී මූන් පැවසීය. එහෙත් එම මණ්‌ඩලයේ වාර්තාව ජීනීවා මානව හිමිකම් කවුන්සිලයට යෑවීමට බැන් කී මූන් ක්‍රියා කළේය. ඒ අනුව ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලය පත්විය.

මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් එම පරීක්‍ෂණ මණ්‌ඩලයේ වාර්තාව මත පැවසුවේ ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල වී ඇති බවයි.

එම චෝදනා මෙරටට පැමිණි බැන් කී මූන් තහවුරු කරමින් වන්නි මෙහෙයුම රුවන්ඩා ජාති සංහාරයට සම කළේය.

මින් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ යන කියමන සනාථ වේ.

මේ අනුව බැන් කී මූන්ගේ ප්‍රකාශය යහපත් වාර්තාවක්‌ද? එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ හා ඇමරිකාවේ න්‍යාය පත්‍රය ගැන මෙලෝ දෙයක්‌ නොදන්නා මෙරටේ මාධ්‍ය අඳ බාලයන් දැන් කළ යුත්තේ අත්පොළසන් දීමයි.

ඒ ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ කළ බවට විශේෂ අධිකරණයට පෙර බැන් කී මූන් තීන්දු කිරීම නිසාය.

කීර්ති වර්ණකුලසූරිය

 

2 Responses to “වන්නි මෙහෙයුම රුවන්ඩා සහ සර්බියාවේ ජන සංහාරයට සමානයි – බැන් කී මූන්”

  1. Christie Says:

    කීර්ති:

    මූන් ඉන්දියානු අදිරදය කාශ්මීරයේ කරන සමූල ගාතනයන් ගැන වැඩි කතා නැත.

    මූන් එයගෙ බෑනගේ සෙල්ලම තමයි අපට දෙන්නෙ.

    බෑනා කෙන්යාවේ කරන්නේද ඉන්දියානු අදිරදයට හා පරපෝසිතයනට උදව් කිරීමය.

  2. plumblossom Says:

    The UNSG Ban Ki Moon’s Outrageous, Total and Utter Lies With no Proof Whatsoever Regarding the Sri Lankan Conflict during His Speech in Colombo, Sri Lanka, is Insulting to the People of Sri Lanka

    The UNSG Ban Ki Moon’s statement that ‘thousands of civilians died in the last stages of the conflict in Sri Lanka’ at a speech Ban Ki Moon gave in Colombo, Sri Lanka on the 2nd September, 2016 is a total and utter lie, is outrageously wrong and an extreme insult to all the victims of the brutal terrorist group the Liberation Tigers of Tamil Eelam (LTTE). If Ban Ki Moon makes such outrageous statements, it is better he has any proof whatsoever to show for it. His utter lie is totally deplorable, is condemnable and an insult to the people of Sri Lanka and the Armed Forces of Sri Lanka.

    Sri Lanka has had 26 years of conflict from 1983-2009. In this period (inclusive of the first, the middle and the last stages of the war), it is the Liberation Tigers of Tamil Eelam (LTTE) terrorist group who massacred over 47,000 mainly Sri Lankan Armed Forces members and also civilians.

    The LTTE massacred over 35,000 Sri Lankan Armed Forces members, Police Force members and Civil Defense Force members over 6000-7000 overwhelmingly Sinhala but also Muslim civilians, 1,253 Indian Peacekeeping Forces (IPKF) members, over 2,000 Tamil Armed Group members who supported the Government of Sri Lanka and who were against the LTTE, around 3,000 Tamil civilians and all this add upto 47,000. Around 35,000 LTTE terrorists are estimated to have perished too. In all around 84,000 in total have perished in total in the war.

    As you can see it is the brutal LTTE terrorists who massacred over 47,000 mainly Sri Lankan Armed Forces members, Police Force members, Civil Defense Force members in over 26 years of war. Over 23,000 Sri Lankan Armed Forces members are today both temporarily and permanently disabled due to the war. Over 13,000 Sri Lankan Armed Forces members are permanently disabled due to the war. Over 156,000 Sri Lankan Armed Forces members have been injured due to the war. Over 6,000-7,000 overwhelmingly Sinhala but also Muslim civilians have been massacred by the LTTE terrorists in the war of over 26 years. Ban Ki Moon is insulting all these civilians who perished at the hands of the LTTE terrorists. Ban Ki Moon is also insulting all the over 35,000 Sri Lankan Armed Forces members, Police Force members and Civil Defense Force members who perished at the hands of the LTTE terrorists.

    If Ban Ki Moon can prove the above statistics wrong, please do so. Otherwise please do not insult the Armed Forces of Sri Lanka and the thousands of Sri Lankan citizens who were massacred by the LTTE terrorists for over 26 years. Thankfully the Sri Lankan civil war is at an end.

    Regarding Ban Ki Moon’s deplorable statement further, the UN did absolutely nothing while the LTTE terrorist group recruited over 20,000 child soldiers, all Tamil youth, as attested by UNICEF itself which stated in 2007 that perhaps the LTTE has recruited over 20,000 young persons under the age of 18 years into its cadre between 1983-2007 inclusive.

    The LTTE terrorist group also ethnically cleansed the entire Sinhala and Muslim population of the Northern Province, of over 65,000 Sinhala people and over 75,000 Muslim people of the Northern Province in the 1980s and the 1990s. The LTTE also ethnically cleansed the entire Sinhala population of the Batticaloa District in the East of over 25,000 Sinhala people. The UN did absolutely nothing then too.

    Today, the Sinhala people and their descendants of over 135,000 are yet to be resettled in the North and in the Batticaloa District and Muslims of over 115,000 are yet to be resettled in the North. Uptil 2012, of the above number, around 32,000 Sinhala people and around 32,000 Muslims has been resettled in the North.

    The LTTE was notorious for its horrific terror tactics such as large scale bomb attacks and the use of suicide bombers in carrying out hundreds of attacks against mainly Sinhala civilians and the country’s leadership, horrific attacks against Sinhala civilians using IED devices, claymore mines and bombs, the massacre of Sinhala villagers in their villages in the North Central, Eastern, Northern and North Western Provinces, the coerced recruitment or abduction of Tamil youth and children for recruitment as child soldiers, forced money collection from Tamils with threats to life in case of non-compliance, attacks on Sri Lanka’s economic infrastructure such as the Central Bank of Sri Lanka (CBSL), Sri Lanka’s the then only international airport, oil storage facilities, hotels, planes, buses, trains etc. ethnic cleansing of Sinhalese and Muslims from the North and East of Sri Lanka, the assassination of Indian Prime Minister Rajiv Gandhi, the systematic assassination of over 120 noteworthy Sri Lankan politicians, civil servants, senior military and police officers, prelates, activists, academics, journalists and other professionals who were assassinated by the LTTE who were but a few of the hundreds of assassinations carried out by the LTTE, including the former Sri Lankan Foreign Minister Lakshman Kadirgamar.

    My plea to Ban Ki Moon is to leave Sri Lanka alone and for the UN to stop supporting once and for all, the brutal terrorists group the LTTE at least now. The UN has continuously supported the brutal terrorist group the LTTE while it massacred over 47,000 as shown above for over 26 years.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress