ජ.වි.පේ ඝාතකයන්ට නොබියව මුහුණ දුන් වෛද්‍යවරිය
Posted on April 19th, 2017
වෛද්‍ය රුවන් එම් ජයතුංග
වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන ගැන නව පරපුර නොදන්නවා විය හැකිය. එසේම තරුණ වෛද්‍යවරුන් ද වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන ගැන නොදන්නවා විය හැකිය.
ග්ලැඩිස් ජයවර්ධන යනු විශේෂඥ කායික වෛද්‍යවරියක් පමණක් නොව ලංකාව විසින් බිහි කරන ලද දුබල වර්ගයේ ශාස්ත්‍රාලයීය කතකි. ඇය අධ්‍යාපනය ලබන්නේ කොලඹ කාන්තා විද්‍යාලයෙනි. ඉන්පසු කොලඹ වෛද්‍ය පීඨයට තේරෙන ඇය සාර්ථව වෛද්‍ය උපාධිය නිම කරන්නීය. වෛද්‍යවරියක් වීමෙන් පසු වැඩිදුර අධ්‍යාපනයේ යෙදෙන ඇය ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් Parasitology විෂය හදාරා එම විෂයට ආචාර්‍ය උපාධියක් ලබා ගත්තාය. Parasitology විෂයට ආචාර්‍ය උපාධියක් ලබාගත් ප්‍රථම ලාංකික කාන්තාව වූයේද වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධනයි.
ලන්ඩන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ලංකාවට පැමිනීමෙන් පසු වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන වෛද්‍ය පරියේෂණ ආයතනයේ සභාපතිනිය ලෙස පත්වීම් ලැබුවාය.
වෛද්‍ය පරියේෂණ ආයතනයේ සේවය කිරීමෙන් පසුව දී ඇය රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිනිය ලෙස පත් කරනු ලැබීය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය පවා ලැබුනු විජනලයේදී ළමුන්ට ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරන ජීවනී නම් මුඛ සජලන ප්‍රතිකාරය සඳහා භාවිතා කරන ඖෂධය නිපදවන්නේ ඇයගේ සමයේදීය. මෙම දියර ඖෂධය නිසා ළමුන් දස දහස් ගනනකගේ ජීවිත බේරා ගැනීමට ඇය සම්මාදම් වූවාය.
1988- 98 කාලයේදී ජවිපෙ විසින් ඉන්දියානු ඖෂධ තහනමක් පැනවීය. මේ නිසා දරුණු ඖෂධ හිඟයක් රෝහල් වල ඇති විය. මෙයින් පහර වැදුනේ දිළිඳු ජනතාවටය. මිලෙන් අඩුමුත් ඉන්දියානු ඖෂධ තහනම් නිසා දුප්පත් රෝගීන්ට විශාල මුදල් ප්‍රමාණයක් වැය කොට ඇමරිකාව , එක්සත් රාජධානිය, ජර්මනිය වැනි ධනපති රටවල් විසින් නිපදවන ඖෂධ පුද්ගලික ඔසුහල් වලින් ගැනීමට සිදු විය.
රේගුවේ රජයේ රෝහල් වලට බෙදීමට ගෙනා ඉන්දියානු ඖෂධ කන්ටේනර් ගොඩ ගැසී තිබුනද ජවිපෙ මරණ තර්ජන වලට බිය වූ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ නිලධාරීන් මේ ඖෂධ රේගුවෙන් මුදවා ගැනිමට ගියේ නැත. වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධනට ජවිපෙ මිනීමරුවන් ගෙන් තර්ජන එල්ල වෙමින් තිබුනි. ඉතා හොඳ රැකියාවක් , හොඳ ජීවන තත්වයක් ලබා ගැනීම සඳහා ඉතා පහසුවෙන් බටහිර රටකට යාමේ හැකියාව තිබුනද ඇය ලංකාවේ නැවතී ජනතාවට සේවය කලාය.
ජවිපෙ මරණ තර්ජන වලට බිය නොවූ වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන දුප්පත් රෝගීන් ගේ යහපත වෙනුවෙන් ඖෂධ රේගුවෙන් මුදවා ගැනිමට කටයුතු කලාය. මේ නිසා ජ.වි.පෙ ඝාතකයන් විසින් වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන 1989 සැප්තැම්බර් මස 12 දින ඉතා නිහින ලෙස මරා දමනු ලැබීය. ඇයව මරා දැමීම මගින් අත්පත් කරගත් විමුක්තියක් නැතත් මේ කුරිරු ඝාතනය නිසා අන්තර්ජාතික කීර්තියට ලක්වූ උගත් කාන්තාවක් ලංකාවට අහිමි විය.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
April 19th, 2017 at 6:25 pm
J V P is the Indian terrorist arm of Sinhalese.
April 25th, 2017 at 4:09 am
Having committed such heinous crimes these bastards are still trying to come to power. The joke is that there are still people who listen to these murderers.