ජෝං බාස්ට ගිය මාධ්‍යවේදී ගරුත්වය !!
Posted on June 12th, 2017
තේජා ගොඩකන්දෙආරච්චි
2015 දී තමන්ට බලය ලබා ගැනීමේදී වත්මන් යහපාලන රජය ඉදිරියට ගෙන ආ එක් ප්රධානම කාරණයක් වූයේ මාධ්‍ය නිදහසයි. එමෙන්ම පසුගිය රජය සමයේදී මාධ්යවේදීන් ඝාතනය වූ අයුරුද වේදිකාවල සාකච්ඡා වූ සහ අදටත් තමන්ට අවශ්‍ය වෙලාවට ඉදිරියට ගන්නා වූ බරපතල සිදුවීම් විය. නමුත් මේ සියලු හඬා වැලපීම් අනිත් සියලුම කතන්දර වාගේම නිකම්ම චන්ද ගුණ්ඩු බව හෙලිදරව් වන්නට වූයේ යහපාලනය ආරම්භයේ සිටම අගමැති මෙන්ම සම කැබිනට් ප්රකාශක වන රාජිත සේනාරත්න ඇමතිවරයාද මාධ්යවේදීන් දිගින් දිගටම හෑල්ලුවට ලක් කරමින්ද, පාර්ලිමේන්තුවේදී පවා නම් ගම් සහිතව තර්ජනය කරමින්ද හැසිරෙන්නට වූ තැනය. ජනාධිපති නඟන අඳෝනාව වන්නේද මාධ්‍ය මගින් තමාව නිර්දය ලෙස විවේචනය කරනවාය යන්නයි. ඒ අතර 2016 දෙසැම්බරයේදී නාවුක හමුදාපති විසින් මාධ්යවේදියෙකුට පහර දුන් සිද්ධිය රට තුල හමාගිය මහා කුණාටුවක් බඳු විය. ඒ සම්බන්ධව කතාකල එවකට වරාය සහ නාවුක කටයුතු පිලිබඳ අමාත්‍ය අර්ජුන රණතුංගද මාධ්යවේදීන් යනු මුදලට කෑදර සහ මුදල් වෙනුවෙන් ඕනෑම දෙයක් කරන පිරිසක් ලෙස හැඟෙන අයුරින් අදහස් ප්රකාශ කලේය. ඔහු පමනක් නොවේ. අගමැතිවරයාද නිතරම මාධ්යවේදීන්ට අපහාස කලේ මාධ්යවේදීන් යනු ආහාර වේලකට පවා තම ආත්ම ගරුත්වය පාවා දෙන පිරිසක් ලෙස හුවා දක්වමිනි. රජයේ මාධ්‍ය හමුවීම් තුල මාධ්යවේදීන්ගේ බුද්ධිය අවතක්සේරුවට ලක් කරමින් කතා කිරීම, ඔවුන් අසන ප්රශ්නවලට පිලිතුරු නොදී නැගිට යාම වැනි සිද්ධීන් ඉතා සාමාන්‍ය දේ බවට පත්ව ඇත.
මාධ්‍ය නිසි පරිදි භාවිතා වේ නම් මාධ්‍ය යනු ජනතාව වෙත පොදුවේ කතා කරන්නට තිබෙන ක්රමවේදයයි. එබැවින් මාධ්‍ය හමුවකදී යමකු ප්රදර්ශනය කරන තම හැසිරීම තුල ආමන්ත්රනය කරනුයේ රටේ සිටින මුලු මහත් ජනතාව වෙතය. අනිත් අතට මාධ්යවේදීන් විසින් අසන ප්රශ්නද රටේ ජනතාව නියෝජනය වන ආකාරයේ ඒවා විය යුතුය. එනම් එම ප්රශ්නවල අන්තර්ගත වන තොරතුරු රටේ ජනතාවට දැන ගන්නට අවශ්‍ය සහ දැනගෙන වැඩක් ඇති සහ බලපෑමක් සහිත ප්රශ්න වීම අත්‍යවශ්‍ය වේ. මාධ්යවේදියෙකු අසන ප්රශ්නයකට දේශපාලකයෙකු – දේශපාලකයා යනු රටේ පාලන ප්රතිපත්ති ගැන වගකිව යුතු පුද්ගලයා නිසා – ලබාදෙන පිලිතුර තුල ජනතාවට දැනගන්නට අවශ්‍ය දේ පිලිබඳව ඔහු හෝ ඇය කෙතරම් වැදගත් කර සලකනවාද, එම ගැටලුව පිලිබඳ දේශපාලකයාගේ ප්රතිපත්තිය සහ බුද්ධි මට්ටම කුමක්ද යන කරුණු පැහැදිලිව ප්රතිබිම්බගත වේ. එසේ ප්රදර්ශනය වන දේශපාලකයාගේ අභ්යන්තරය හමුවේ එම තැනැත්තාව රටේ උත්තරීතරයට පත්කර යවන්නට තම පරම අයිතිය වන කතිරය භාවිතාකල ජනතාවට ලැජ්ජාවක් ඇතිවීම ආඩම්බරයක් ඇතිවීම අනිවාර්යයෙන්ම සිදුවනු ඇත.
මෙයට අදාලව සිදුවූ අලුත්ම සිදුවීම නම් පසුගිය බ්රහස්පතින්දා අමාත්‍ය ජෝන් අමරතුංග විසින් කැමරාව ඉදිරිපිට නැටූ නාඩගමයි. සිද්ධිය වත්තල කෙරවළපිටිය ප්රදේශයට කසල බැහැර කිරීම සම්බන්ධව ඇතිවූ ප්රශ්නයකි. එහිදී කුඩා රැස්වීමක්ද පැවැත්විනි. මෙම ප්රශ්නයට ඍජුව මුහුණ දෙන කෙරවළපිටිය ජනතාවගේ නියෝජිතයන් මෙම රැස්වීමට සහභාගි වූහ. එහිදී ඔවුහුද තම අදහස් ඇමතිවරයා වෙත ඉදිරිපත් කරන ලද්දේ ප්රවේගකාරී විලාශයකිනි. මන්ද එම ප්රශ්නය බෙහෙවින් බරපතලය. පෙනෙන්නට තිබූ ආකාරයට එතැනදී ඇමතිවරයාට තම කෝපය පාලනය කරගෙන, එම ප්රශ්නයට යම් විසඳුමක් ලබා දෙන්නට පියවර ගන්නා බවට ජනතාවට පොරොන්දුවන්නට සිදුවිනි. නමුත් මෙතැන වැදගත් දෙයක් තිබේ. යම් ප්රශ්නයකට විසඳුම් ලබාදෙන බවට මේ දේශපාලකයන්විසින් දෙන පොරොන්දු නම් අපට දැකලාම ඇතිවෙලා යයි කිවහැක. අපේ අත්දැකීමේ හැටියට ඒවා නිකම්ම ඒ ඒ වෙලාවට ගැලවීමට දෙන පිලිතුරු මිසෙක ප්රශ්න විසඳීමේ සැබෑ උවමනාවෙන් අවංකව කරන යමක් නොවේ.
ඉතින් කෙරවළපිටිය ජනතා නියෝජිතයන්ගේ ප්රශ්න හමුවේ ‘ලෙල්ලටම තදවී‘ සිටි ඇමතිවරයා එතැනින් ඉවත්ව යන්නට එලියට බසිනවිට මාධ්යවේදීන්ද පැමින නැගුවේ එම ප්රශ්නමය. එවිට තවදුරටත් තම කෝපය පාලනය කරගත නොහුනු ඇමතිවරයා ඉතා පහත් වචන මාලාවකින් මාධ්යවේදීන්ට බැණ වැදුනේය. ඔහු පිටතට දැමුවේ අර ජනහමුවේ නියෝජිතයන්හට කියාගන්නට බැරිවූ වචන කට්ටලය බව ඉතාම පැහැදිලිය. රටේ අවධානයට ලක්වුනේ ඇමතිවරයා පැවසූ දේ පමනක් වුවත් මෙතැනදී ඇමතිවරයාගේ කායාරක්ෂකයන් යයි කිවහැකි පිරිසක්ද අසංවර භාෂාවකින් මාධ්යවේදීන්ට බැණ වැදුනහ. එම වීඩියෝ පට ප්රචාරය කලහොත් හොඳ පාඩමක් උගන්වන බවට ඔහු පැවසීය. නමුත් කැමරාවන් උදුරාගෙන එහි සේයාපට විනාශ කිරීමට කිසිවකු උත්සාහකලේ නැත. ඇයි? හොඳටද නරකටද කියා දන්නේ ඔවුන්මය. තමන්ට ජනතාව ලවා කරවා ගන්නට අවශ්‍ය වූ කාරිය, එනම් කතිරය ගසා ගැනීම දැන් කෙරී ඇති බැවින් ‘උන් මොනව හිතා ගත්තම අපට මොකද‘ කියා සිතුවාද නැතිනම් මේ කෝපය පිපිරීම ප්රසිද්ධියට පත් කිරීම තුල අනිත් අයටත් පාඩමක් උගන්වන්න සිතුවාද කියා නොදනිමු.
මේ ගැන රන්ජන් රාමනායක ඇමතිවරයා අදහස් ප්රකාශකර තිබුනේ මෙසේය. ‘ජෝන් අමරතුංග වැනි ‘පරිණත‘ දේශපාලකයෙකු මෙසේ හැසිරීම අශෝභන සහ අනුමතකල නොහැකි‘ බවයි. මේ එක දේශපාලකයෙකුටවත් තමන්ට ඕනෑ ආකාරයට හැසිරෙන්නට රන්ජන්ගේ හෝ වෙනත් අයෙකුගේ අනුමැතිය අවශ්‍ය නැත. රන්ජන් මේ බව පැවසුවේ සුපුරුදු පරිදි මාධ්යවේදීන් 26 ක් මරා දැමූ බවට පසුගිය රජයට දොස් පවරන අතරය. මෙම වරදේ බර අඩු කිරීමේ වෑයමක්ද ඒ තුල තිබිනි. මාධ්යවේදීන් මරා දැමීම සම්බන්ධ චෝදනාවෙන් නම් පසුගිය රජයට පමනක් නොව කිසිම රජයකට ගැලවෙන්නට නොහැකිය.ඒ අනුව බැලූවිට මොන රජය බලයට ආවත් මාධ්යවේදීන් යම් කොටසකට අපලය. ‘ජෝන් අමරතුංග අමාත්යවරයා තම පියාගේ වයසේ බවත්, තමන් කියන දේට සමහර වෙලාවට තම පියාටත් මල පනින බවත්, ඕවා ඔය තරම් ගණන් ගත යුතු නැති බවත්‘ සුජීව සේනාසිංහ ඇමතිවරයාගේ අදහස විය. මෙය වයස පිලිබඳ ප්රශ්නයක් නම් ඇමති ජෝන් අමරතුංගද විශ්රාම නොගන්නේ ඇයි? මෙවන් ‘මල පනින‘ වයසේ උන්දලා ඇමතිකම්වල තබා ගෙන නඩත්තු කිරීම නිසා රට තුල අමාත්යංශ විෂය පථයේ කටයුතු අඩාලව යනවා පමනක් නොව නැති නාස්ති වී යන්නේ මහජන මුදල්ය.
රන්ජන් රාමනායකට අනුව ජෝන් අමරතුංග යනු ‘පරිණත‘ දේශපාලකයෙකි. ‘පරිණත‘ යන වචනයේ අර්ථය ගැන මෙය කියවන ඔබ සිතිය යුතුය. එම වචනය තුල බොහෝ ඇසූ පිරූ තැන් ඇති, මේරූ නුවණක් ඇති, මනා පලපුරුද්දක් සහ විෂය දැනුමක් ඇති, මනා හික්මීමක් සහ දරා ගැනීමේ හැකියාවක් ඇති යන ගුණාංග අන්තර්ගත වේ.
1940 මැයි මස 21 වන දා උපන් ජෝන් අමරතුංග වයසින් නම් මෝරා ඇති අයෙකි. ඔහු එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තේ 1956 දී බව කියති. ඔහුගේ වයස හෝ වසර 61 ක් පැරණි එජාප සාමාජිකත්වය තිබුනාය කියා මොහු ‘පරිණත‘ දේශපාලකයෙකු ලෙස හැඳින්විය හැකිද? ඔහුගේ කියුම් කෙරුම් තුල පරිණත බවක් කොයි කලෙකවත් රැඳී තිබුනේ නැත. ඔහු පමනක් නොව බොහෝ දේශපාලකයන් තම දේශපාලන දිවියට සම්පූර්ණ වූ වසර ගණන් ඉදිරියට දමා ගනිමින් මහජන මුදලින් උත්සව පවත්වා එම උත්සව මාධ්යවේදීන් ලවාම ආවරණය කරගෙන තමන් පරිණත දේශපාලකයින් ලෙස ජනතාවගෙන් සැලකුම් ලබා ගන්නට යුහුසුලු වෙති. මෙම පරිණත බවේ සැබෑ මුහුණත පෙනෙන්නේ මාධ්යවේදීන් ඉදිරියේ ජනතාව පෙලන ප්රශ්නයකට උත්තර බඳින්නට ඔවුන්ට සිදු වූ විට ය.
වත්මන් ජනාධිපතිද වසර 50 ක දේශපාලන ඉතිහාසයක් ඇති පරිණත දේශපාලකයෙකු කියා පැවසුවත් රටේ ජනාධිපති ලෙස ඔහු කරන කියන දේ දුටු කල්හි සාමාජිකත්වයේ පැරණිකම වත් එම පරිණත බව හා ගැලපී යන්නේ නැත. එසේ නම් ඔහු තමන් දේශපාලකයෙකු ලෙස හැදී වැඩුන පක්ෂයට මෙසේ ඉහඳ තබන්නේ නැත. ඕනෑම දෙයක් පත්තරෙන් දකින තුරු නොදන්නා ඔහු කවුරුන් හෝ පැමින කියනකම් රටේ අඩුපාඩු මොනවාද, වෙන්නේ මොනවාදැයි නොදනී. ජනාධිපති වන ඔහු පෙර විසූ ගජබා රජු මෙන් රෑට රෑට වෙස් වලාගෙන ගෙවල් ගානේ ගොස් ප්රශ්න සොයාගත යුතුය කියා මින් අදහස් නොකරමු. නමුත් ඒ කියන පරිණත බව ඔස්සේ රටේ නොවිසඳී තිබෙන ප්රශ්න වටහාගෙන ඒවා විසඳීමට නිවැරදි මග තෝරා ගැනීමට සහය ලබාගත හැකි පිරිසක් තෝරා ගැනීමේ දක්ෂතාවය ඔහු වෙත තිබිය යුතුය. එමෙන්ම තමන් ඔය කියන විදියට පත්තර, ප්රවෘත්ති බලනවා නම් ඒවායේ තිබෙන වැදගත් කරුණු ඔහුගේ අවධානයට ලක්විය යුතු නොවේද? එසේ නැතිව තමන්ට එල්ලවන විවේචන දෙස බලා ‘මට පත්තරවලින් ගහනවා!ගහනවා!’ කියමින් නාසයෙන් ඇඬුවාට වැඩක් නැත. මේ විවේචන අතර ඇති ධනාත්මක විවේචනවලට අවංක ප්රතිපත්තියකින් යුතුව නිසි ප්රතිචාර දක්වයි නම් වැඩකට නැති විවේචන මැදහත් සිතින් ගෙන ඉවත ලිය හැක. පරිණත බව යනු එයයි. එසේ නැතිව පාට පාට ටී ෂර්ට්ස් අන්දවා ගැලපෙන කැප් තොප්පි දමාගෙන සිදු කරන බොළඳ මාධ්‍ය සංදර්ශන මගින් පෙන්වන්නේ පරිණත බව නොව ජනාධිපතිවරයාගේ නොමේරූ බුද්ධියයි.
අප රටේ දේශපාලකයන් පමනක් නොව මාධ්යවේදීන්ද පරිණත විය යුතුය. එදා ජෝන් අමරතුංග ඇමතිවරයා ප්රදර්ශනයකල ආවේගශීලී සහ පහත් හැසිරීම වැනි දේ නොව උපහාසාත්මක වචනවලින් සහ සිනහවන් මගින් තමන් වෙත එල්ලවන ප්රහාරයන්, චරිත ඝාතනයන් හඳුනාගෙන එසේ මාධ්යවේදීන් සැහැල්ලුවට ලක් කිරීමට ඉඩ නොතැබීම පරිණත මාධ්යවේදියාගේ වගකීම වේ.
මෙවන් තුට්ටු දෙකේ සදර්ශන පසුපස යාමෙන් සිදුවන්නේ රටේ ජනතාවට බලපාන සැබෑ ප්රශ්න යට යාමයි. හොඳම උදාහරණය නම් අද වන විට සියලු පක්ෂ, මාධ්යවේදීන් සහ බහුතර ජනතාව කතා කරන්නේ ජෝන් අමරතුංගගේ ශබ්ද කෝෂය ගැන මිස කෙරවළපිටියේ කසල ප්රශ්නය ගැන නොවේ. 2016 දෙසැම්බරයේදී හම්බන්තොට වරායේදී සිදු වූයේද මෙයයි. අවසානයේ නාවක හමුදාපති සහ මාධ්‍ය අතර හබය දෙස රටම බලා සිටියදී රජය තමන්ට ඕනෑ පරිදි වැඩේ කර ගත්තේය. එබැවින් රජයකට මෙවන් කෝලම්කරුවන්ගේ සේවය ඉතා ප්රයෝජනවත්ය.
පසුගිය කාලය තුලම රටේ වරින්වර මතුවූ ප්රශ්න සියල්ලම මෙසේ තවත් ප්රශ්නවලින්ම යටවී ගියා මිස එකක්වත් විසඳුන බවක් ඔබට මතක තිබේද? මෙම ප්රශ්නවලින් ඍජුව බලපෑමක් එල්ල නොවන කාණ්ඩයේ ජනතාව ඊලඟ ප්රශ්නයේ එල්ලෙද්දී ප්රශ්නයේ පල විපාක විඳින්නට ඉතිරි වූයේ ඉන් බැටකෑ අසරණයන්ය.
අරණායක, කොස්ගම, මිරියබැද්ද, මීතොටමුල්ල ජනතාව මෙන්ම අදටත් මොලයේ සෛලවල ක්රියාකාරිත්වය පරීක්ෂා කිරීම සඳහා පෙට් ස්කෑන් වාර්තා ලබාගැනීමට රුපියල් ලක්ෂ එකහමාරක් දෙකක් ගෙවාගෙන පුද්ගලික රෝහල්වලට බඩ ගෑමට සිදුව ඇති රෝගී ජනතාවට සිදුව ඇත්තේද එකම සන්තෑසියකි. පුදුමය කියන්නේ මෙවන් අවශ්යතාවනට පෙරමුණ ගෙන ජනතාවගෙන්ම මුදල් ආධාර එක් රැස් කරන (කාගේ ලේබලය යටතේ පාර්සල් කෙරුනත් මේ සෑම සතයක් සඳහාම ඔවුන් මහජනතාවට වගකිව යුතුය) මාධ්‍ය ආයතනවලට පසුවිපරම් සහ පසු ඇගයීම් කොටස අමතකව ගොස් ඔවුන්ද ජනතාවට අලුත් ප්රශ්න මවාදී ජනතාව ඒ ඔස්සේ ඇදගෙන යාමය.
මේ මූලික අවශ්යතා සියල්ලටම පෙර රටේ ප්රමුඛතාවය දියයුතු ක්රමෝපායී අවශ්යතාවයක් ඇත. ඒ ජනතාව තුල නිවැරදි දේශපාලන දැක්මක් ඇති කිරීමය. මෙහි වගකීම පැවරෙනුයේ පාට කණ්නාඩි තුලින් නැතිව තම සැබෑ දෙනෙතින් ලෝකය දැකීමට සමත්වන පරිණත මාධ්යවේදියාමය.
June 12th, 2017 at 2:36 am
John Mara is traitor chief die hard catholic token Buddhist Bay Gal Karaya Batalande Wadakaya pol pot ponil
wickramaSinhalakiller’s number one catholic buddy. John mara’s Sinhalese Buddhist murdering activities is
evident in Batalande Commission report. Sinhalaya famous for being modayas easily duped. So viagara man
is rampant in destroying Buddhism, Buddhists, Sri Lanka and Sinhalese race.
When catholic run UNPatriotic
party ruling Sri Lanka he becomes second in command after religion of convenience man token Buddhist die hard
catholic Batalande Wadakaya. On another note, Batalande Wadakaya keeping mum about the us visit for medical
treatments. Has the cancer in Mother Lanka Batlande Wadakaya got one himself? Sincerely hope cancer in Mother
Lanka will get one to suffer immensely in this life, for the crimes he committed/committing against the Sinhalese, Sri Lanka and Buddhism to please his ardent supporters traitor tamils, mussies and the catholic west. Traitor YAMA
PALLAN – A CURSE ON MOTHER LANKA!