කොටි පරාජය කළ රාජපක්‍ෂලා සිංහල බෞද්ධකම නිසා බොදු බල සේනා කුමන්ත්‍රණයට පරාජය වූ හැටි…
Posted on July 8th, 2017
සී. ඒ. චන්ද්‍රප්‍රේම
සිංහලයා දුර්වල කර මුස්‌ලිම් පාර්ශවය
ශක්‌තිමත් කළ බොදු බල උපාය
මා ඉකුත් ජුනි 25 වැනිදා ඉරිදා දිවයිනේ “බොදුබල සේනාව ගැන අත්‍යවශ්‍ය සටහනක්” යන මැයෙන් ලියූ ලිපියට විශාල ප්‍රතිචාරයක් ලැබුණි. එම ලිපිය ලංකා සී නිවුස් වෙබ් අඩවිය විසින්ද දිවයින උපුටා දක්‌වමින් පළකර තිබූ අතර එහි පාඨකයෙක් “සශීමා” යන නම යටතේ පළකර තිබූ කමෙන්ටුවක් පහත දැක්‌වෙන පරිදි විය.
“මහින්ද ගෝඨා පවු අයියෝ බලාගෙන ගියාම පසුගිය ආණ්‌ඩුවේ බලය තිබිල තියෙන්නෙ චම්පික ගාවනේ. කොටි පරාජය කළ මහින්ද මහත්තයට චම්පිකට උඩින් යන්න බැරි වෙච්ච හැටි.”
උපහාසාත්මකව ලියා තිබුණද මේ කමෙන්ටුවේ අන්තර්ගතය සහතික ඇත්තය. කොටියා හමුවේ සිංහයන් වූ රාජපක්‍ෂවරුන් බොදුබල සේනාව යොදවා ජාතික හෙළ උරුමය කළ කුමන්ත්‍රණය හමුවේ පූස් පැටව් බවට පත්විය. බොදුබල සේනාවට එරෙහිව පියවර ගතහොත් මුළු භික්‍ෂු ප්‍රජාවම මහ පාරට බස්‌සන බවට චම්පික කළ තර්ජනය හමුවේ මහින්ද රාජපක්‍ෂ මහතා නිහඬ විය. බොදුබල සේනාවේ භික්‍ෂූන් වහන්සේලා මහ පාරේ ප්‍රචණ්‌ඩත්වයේ යෙදෙමින් ආණ්‌ඩුව අස්‌ථාවර කරන විට කොටි පරාජය කළ ගෝඨාභය රාජපක්‍ෂ මහතාවත් ඒ ගැන කිසිවක් කරන බවක් පෙනෙන්නට නොතිබුණි.
භික්‍ෂූන් වහන්සේලා යොදවා ජාතික හෙළ උරුමය කළ ඒ දුෂ්ට කුමන්ත්‍රණය හමුවේ රාජපක්‍ෂවරුන් අසරණ වූයේ ඔවුන්ගේ සිංහල බෞද්ධකම නිසාය. සිවුරටත් භික්‍ෂූන් වහන්සේලාටත් ඇති අසීමිත ගරුත්වය නිසාය. ජාතිකවාදී ව්‍යාපාරයට ඔවුන් තුළ වූ පිළිගැනීම නිසාය. 2012 දී බොදුබල සේනාව මුලින්ම වැඩ පටන්ගන්නා විට මේ රටේ තිබුණේ ඡේ. ආර්. ජයවර්ධන නැතිනම් ආර්. ප්‍රේමදාස වැනි එජාප නායකයකුගේ ආණ්‌ඩුවක් නම් ඒ සියලු සෙල්ලම් විනාඩි 15 න් අවසන්ය. ඥානසාර හිමි ඇතුළු භික්‍ෂූන් වහන්සේලා තත්පර ගණනක් ඇතුළත හිර කූඩුවේය. ඔවුන් සමග සිටි ගිහි පිරිස් බාගයක් පොලිසියෙන් ගුටි කා රෝහලේය. අනෙක් බාගය වැලිකඩය. එජාප කාලයේ විජාතික ආණ්‌ඩුවක් යටතේ භික්‍ෂූන් වහන්සේලා යොදවා ආණ්‌ඩුව අස්‌ථාවර කිරීමට ජාතික හෙළ උරුමය යෙදූ කුමන්ත්‍රණ සාර්ථක වන්නේ නැත. එවැනි කුමන්ත්‍රණ හරි ගියේ ජාතිකවාදී ආණ්‌ඩුවක් බලයේ සිටි නිසා පමණි.
2013 නොවැම්බර් 14 වැනිදා ඥානසාර හිමි ඇතුළු බොදුබල සේනාවේ පිරිසක් එජාපයේ සිරිකොත මූලස්‌ථානයට කඩා වැදුණු අවස්‌ථාවේදී ඒ භික්‍ෂූන් වහන්සේලාගේ සිවුරෙන් ඇද පහරදී සෙනග අතර හිරවූ ඥානසාර හිමිටද හොඳහැටි ගුටි ඇන මෙතන ලිවිය නොහැකි වෙනත් දේවල් ද කළ ආකාරය එතන සිටි පිරිස් පසුව තලු මරමින් මට කීවේය. එම සිද්ධියෙන් පසු එජාප පාක්‍ෂිකයන් “ගරුතර මහා සංඝරත්නයට පහර දුන්නා” යෑයි මතයක් රටේ අරගෙන යාමට බොදුබල සේනාව උත්සාහ ගත්තද එය කිසිවකුත් ගණන් ගත්තේ නැත. ගැටඹේ විහාරය වටේට කටු කම්බි ගැසීමත් සිරිකොත ආක්‍රමණය කිරීමට ආ භික්‍ෂූන් වහන්සේලාට පහර දීමත් එජාප ඡන්ද පදනමට එතරම් ප්‍රශ්නයක් වූයේ නැත. සිරිකොත මූලස්‌ථානයේ සිද්ධිය ගැන බොදුබල සේනාවේ අය අද වන තුරුත් කිසිවක් කතා නොකර සිටින්නේ ලැඡ්ජාවටය. ඉන්පසු කිසිදාක බොදුබල සේනාව සිරිකොත පැත්ත පළාතේ ගියේද නැත. 2013 දී බොදුබල සේනාවට ගුටි දුන් යූඑන්පිය ඒ සිද්ධියෙන් පසු ඡන්ද ජය ගැනීමට පටන්ගත් බවත් බො. බ. සේ ට පහර නොදුන් රාජපක්‍ෂවරුන් පරාජය වූ බවද සැලකිල්ලට ගත යුතුය.
මේ සියල්ලෙන්ම පෙනුණේ භික්‍ෂූන් වහන්සේලා යොදවා ප්‍රචණ්‌ඩ සිදුවීම් ඇතිකොට අස්‌ථාවර කළ හැක්‌කේ සිංහල බෞද්ධකමටත් කහ සිවුරටත් ගරු කරන ආණ්‌ඩුවක් පමණක් බවයි.
2012 දී බොදුබල සේනාවේ සෙල්ලම පටන්ගත් ගමන්ම චම්පික රණවක ඇමැතිකමිනුත් එක්‌සත් ජනතා නිදහස් සන්ධානයෙනුත් පලවා හැරියේ නම් ඒ සියලු සෙල්ලම් එකවර නවතිනු ඇත. 2007 දී පාර්ලිමේන්තුවේ හරි හමන් බහුතරයවත් නොතිබුණු අවස්‌ථාවක අනුර බණ්‌ඩාරනායක මංගල සමරවීර හා ශ්‍රීපති සූරියආරච්චි දෙවරක් නොසිතා ආණ්‌ඩුවෙන් ඉවත් කළ රාජපක්‍ෂවරුන්ට 2012 පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් තිබියදීත් චම්පික රණවක හා අතුරලියේ රතන හිමි ආණ්‌ඩු පක්‍ෂයෙන් නෙරපා දැමීමට නොහැකි වූයේ ඇයි?
ඒ අන් කිසිවක් නිසා නොව රාජපක්‍ෂවරුන් ජාතිකවාදී ව්‍යාපාරයේම කොටස්‌කරුවන් වූ නිසාය. අනුර බණ්‌ඩාරනායකලා, මංගල සමරවීරලාට වඩා ජාතිකවාදී ව්‍යාපාරය රාජපක්‍ෂ ආණ්‌ඩුවේ ෙඓන්ද්‍රීය කොටසක් ලෙස ඔවුන් සැලකූ නිසාය. ඒ අතර වැදගත්ම කාරණය වූයේ අනුර බණ්‌ඩාරනායකලා, මංගල සමරවීරලා රාජපක්‍ෂ ආණ්‌ඩුවට විරුද්ධව එජාපය, දෙමළ ජාතික සන්ධානය හා මුස්‌ලිම් දේශපාලන පක්‍ෂ සමග කුමන්ත්‍රණය කළත් ජාතිකවාදී දේශපාලන පක්‍ෂයක් වන ජාතික හෙළ උරුමය එවැන්නක් කිසිදාක නොකරාවි යෑයි රාජපක්‍ෂවරුන් තුළ තිබූ අචල විශ්වාසය නිසාය.
බොදුබල සේනාවේ භික්‍ෂූන් ඉදිරියට දමාගෙන රට පුරා ප්‍රචණ්‌ඩ ක්‍රියා ඇති කරන කොට රාජපක්‍ෂවරුන් සිවුරට තිබූ ගරුත්වය නිසා හැම විටම බැලුවේ මේවාට යූඑන්පී ආකාරයට ප්‍රතිචාර දක්‌වන්නේ නැතුව භික්‍ෂූන් වහන්සේලාට කතාකොට “ශේප්” න්‍යායෙන් ප්‍රශ්න විසඳීමටයි. ඒ කාලයේදී මේ සිදුවුණ ක්‍රියාදාමය මා ඉතා හොඳින් නිරීක්‍ෂණය කෙරුවෙමි. කුමක් හෝ ප්‍රචණ්‌ඩකාරී ක්‍රියාවක් සිදුවූ විට රාජපක්‍ෂවරුන් ඒ මේ අත දුවා භික්‍ෂූන් වහන්සේලාට කතාකොට ප්‍රශ්නය “ශේප්” කරයි. බොදුබල සේනාවද උපක්‍රමශීලීව ඒ ශේප් න්‍යාය සාර්ථක වූ බවක් පෙන්වීමට කෙටි කලක් නිහඬව සිටී. ඉන්පසු නැවතත් කලබලයක් ඇතිකරනු ලැබේ. එහිදී නැවතත් රාජපක්‍ෂවරුන් ශේප් න්‍යාය ක්‍රියාත්මක කරයි. යළිත් ටික කලකට ප්‍රචණ්‌ඩ සිදුවීම් යට යයි. 2012 ත් 2014 ත් අතර රාජපක්‍ෂවරුන්ට එරෙහිව මුස්‌ලිම් හා ක්‍රිස්‌තියානි ප්‍රජාවත් පෙළගස්‌වනු ලැබුවේ ඒ ආකාරයට ගිය “වට” කීපයකිනි.
බොදුබල සේනාව හා ඥානසාර හිමි සමග ජාතික හෙළ උරුමයට කිසිදු සම්බන්ධයක් නැතැයි කියමින් චම්පික රණවක පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක කොටසක් රූපවාහිනී නාලිකා වල පසුගියදා විකාශනය විය. එහිදී චම්පික පවසා සිටියේ ඥානසාර හිමි මුලදී ජාතික හෙළ උරුමයේ සාමාජිකයෙකු වී සිටි අතර උන්වහන්සේ 2004 පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹ දිස්‌ත්‍රික්‌කයට ජාතික හෙළ උරුමයේ අපේක්‍ෂකයෙකු හැටියට ඡන්දය ඉල්ලා පරාජය වූ බවයි. එතනින් පසු උන් වහන්සේ ජාතික හෙළ උරුමයේ කටයුතු වලින් ඉවත් වූ බවත් 2005 ජනාධිපතිවරණයේදී ඥානසාර හිමි රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්‌වූ බවත් 2010 දී උන්වහන්සේ සරත් ෆොන්සේකා මහතාට සහයෝගය දැක්‌වූ බවත් 2015 දී ඥානසාර හිමි මහින්ද රාජපක්‍ෂ මහතාට සහයෝගය දැක්‌වූ බවත් ඒ සෑම අවස්‌ථාවකදීම උන් වහන්සේ සිටියේ ජාතික හෙළ උරුමය සමග නොව ඔවුන්ට විරුද්ධ පිලේ බවත්ය. චම්පිකගේ මේ විස්‌තර කිරීමෙන් අතිශයින්ම වැදගත් කරුණක් එළියට පනී. සෑම සිංහල බෞද්ධයකුම තමන්ගෙන්ම අසාගත යුතු ප්‍රශ්නය වන්නේ 2005 දීත් 2010 දීත් 2015 අගෝස්‌තු පාර්ලිමේන්තු මැතිවරණයේදීත් මහින්ද රාජපක්‍ෂ මහතාට විරුද්ධව වැඩකරපු ඥානසාර හිමි 2015 ජනාධිපතිවරණයේදී පමණක් මහින්ද රාජපක්‍ෂට සහයෝගය දැක්‌වීමට ඉදිරිපත් වූයේ මන්ද යන්නයි. මෙතන ක්‍රියාත්මක වූයේ “ගස කැපීමට ගස යටට යැමේ” උපක්‍රමය නොවේ දැයි සියලු දෙනාම කල්පනා කර බැලිය යුතුය.
2015 ජනවාරි 8 ජනාධිපතිවරණයේදී ඥානසාර හිමි මහින්ද රාජපක්‍ෂ මහතාට සහයෝගය දෙනවා යෑයි ප්‍රසිද්ධියේ කීවද සැබවින්ම සිදුවූයේ වෙනත් දෙයකි. ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ක්‍රියාකාරිකයකු වන අශෝක අබේගුණසේකර මහතා “යුග පෙරළිය” නමැති තමාගේ කෘතියේ පෙන්වා දී ඇති පරිදි ඥානසාර හිමි මහින්ද රාජපක්‍ෂ මහතාට සහයෝගය දෙන බව ප්‍රසිද්ධියේ කියමින් සිටි වකවානුවේම මහින්ද පරාජය කිරීම සඳහා චම්පිකව සිංහල බෞද්ධ අපේක්‍ෂකයෙකු හැටියට ඉදිරිපත් කොට ප්‍රතිවාදියකුට ජය ගැනීමට මග පෑදීමට ජාතික හෙළ උරුමය සාකච්ඡා කරමින් සිටි අවස්‌ථාවේදී ඔවුන්ගේ එම වැඩපිළිවෙළට පූර්ණ ලෙස සහයෝගය දැක්‌වීමට බොදුබල සේනාවද සූදානම් වී සිටි බවයි. 2014 ජුනි 22 වැනිදා ඒෂියන් මිරර් වෙබ් අඩවියේද බොදු බල සේනාව චම්පික රණවකව ජනාධිපති කළ යුතු බවත් සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටින්නේ චම්පික රණවක පමණක් බවත් කියමින් සමාජ ජාලා ව්‍යාපාරයක් ඒ වනවිටත් ආරම්භ කර තිබෙන බවට ද ප්‍රවෘත්තියක් පළ කළේය. ඉතින් මෙහිදී ඥානසාර හිමි 2015 ජනවාරියේදී මහින්ද රාජපක්‍ෂ මහතාට සහයෝගය පළකිරීමෙන් බලාපොරොත්තු වූයේ ඔහුව පරාජය කිරීම මිස දිනවීම නොවේය යන්න පැහැදිලිය. මුස්‌ලිම් හා ක්‍රිස්‌තියානි පිරිස් වලට හතර අතේ පහරදී එසේ පහරදුන් මැරයන් “අපි සිටින්නේ මහින්ද සමග යෑයි” කී විට මුස්‌ලිම් හා ක්‍රිස්‌තියානි ඡන්ද දායකයන් ඉබේටම නවතින්නේ අනෙක් පැත්තේය. ජාතික හෙළ උරුමය 2014 බොදුබල සේනාවට දුන් කොන්ත්‍රාත්තුව එයයි.
2012-2014 කාල පරිච්ඡේදය තුළ බොදු බල සේනාව රාජපක්‍ෂ ආණ්‌ඩුව අස්‌ථාවර කෙරුවේ මුස්‌ලිම් හා ක්‍රිස්‌තියානි පිරිස්‌වලට පහරදී ඔවුන් රාජපක්‍ෂ ආණ්‌ඩුවට විරුද්ධව පෙළගැස්‌වීමෙනි. ඒ සඳහා බොදු බල සේනාව රාජපක්‍ෂ ආණ්‌ඩුවේ අනුග්‍රහය යටතේ වැඩ කරන බව පෙන්වීම අත්‍යාවශ්‍ය සාධකයක් විය. මේ සඳහා ඔවුන් විවිධ සූක්‍ෂම උපක්‍රම භාවිතා කළේය. රාජපක්‍ෂවරුන්ට සමීප සම්බන්ධකම් තිබෙන ජ්‍යෙෂ්ඨ භික්‍ෂූන් වහන්සේ නමක් වන කිරම විමලජෝති හිමියන් තම ව්‍යාපාරයට එක් කර ගෙන ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සෘජුව කතා කළ හැකි සංඝපිතෘවරයෙක්‌ද මේ ව්‍යාපාරයට සහභාගී කරවා ගන්නා ලදී. ඔවුන් මහා පාරේ ප්‍රචණ්‌ඩත්වයේ යෙදෙන විට නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද කිරීමට නැතිනම් අත්හිටුවා ගැනීමට එවන් මැදිහත්වීම් ද බෙහෙවින් උපකාරී විය. ජාතික හෙළ උරුමය තුළ උදය ගම්මන්පිල සාධකයද මෙහිදී වැදගත් විය. චම්පික කුමන්ත්‍රණකරුවෙකු වුවත් උදය අවංක ජාතිමාමක සිංහලයෙකු බව රාජපක්‍ෂවරුන් විශ්වාස කළේය.
උදය හා කිරම විමලජෝති හිsමියන්ට බොදුබල සේනාව සමඟ සම්බන්ධකම් තිබුණු නිසා ඒ හරහා මේ ප්‍රචණ්‌ඩකාරීන් “ෂේප්’ කරගෙන ‘බැලන්ස්’ කරගත හැකි බවට රාජපක්‌ෂවරුන්ගේ විශ්වාසයක් තිබුණේය. ඇත්තටම නිදාගෙන සිටින පුද්ගලයකු ඇහැරීමට හැකි වුවත් බොරුවට නිදාගෙන සිටින අයකු ඇහැර විය නොහැකිය යන කියමන සත්‍යයක් කරමින් බොදුබල සේනාව ශේප් කිරීම හෝ බැලන්ස් කිරීම සාර්ථක වූයේ නැත. අවුරුදු 2 ක් තිස්‌සේ මේ ප්‍රචණ්‌ඩත්වය බැලන්ස් කිරීමත් ශේප් කිරීමත් එහාට මෙහාට ගිය පසු සියල්ල සිදුවී හමාර විය. උදය ගම්මන්පිලද තමා මූලාරම්භයේ සිටම සිටි දේශපාලන පක්‌ෂය වූ ජාතික හෙළ උරුමය සමග අවසාන මොහොත දක්‌වා සිට හෙළ උරුමය යහපාලනයට යන විටද ඔවුන් සමග අකැමැත්තෙන් ගොස් බැරිම තැන පක්‌ෂය කඩාගෙන නැවතත් රාජපක්ෂවරුන් හා ජාතිකවාදී ව්‍යාපාරය වෙතට පැමිණියේය. ජාතික හෙළ උරුමය තුළ උදය ගම්මන්පිල සිටීමද බොදුබල සේනාව සම්බන්ධයෙන් රාජපක්‌ෂවරුන් ෂේප් න්‍යාය අනුගමනය කිරීමට ප්‍රධාන හේතුවක් විය.
අලුත්ගම සිද්ධිය වන විට අවශ්‍ය කාරණා ටික සියල්ලම ඉටුවී තිබුණි. ඊට පසුව ජාතික හෙළ උරුමය වඩා විවෘත ආකාරයට රාජපක්‍ෂවරුන් පරාජය කිරීමේ කුමන්ත්‍රණය දියත් කරනු ලැබීය. මේ අදියරේදී ඉදිරියට දමනු ලැබුවේ අතුරලියේ රතන හිමි ප්‍රමුඛ පිවිතුරු හෙටක් සංවිධානයයි. අවසාන මොහොත දක්‌වාම ජාතික හෙළ උරුමය රාජපක්‍ෂවරුන් සමග සිටිමින් බොදුබල සේනාවට පමණක් නොව පිවිතුරු හෙටක් වැනි වෙනත් සංවිධානවලටද ආවරණය සැපයීය. මුස්‌ලිම් හා ක්‍රිස්‌තියානි ඡන්ද අනෙක් පැත්තට යෑවීමෙන් පසු මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්‍ෂකයා හැටියට එළියට ගැනීමටත් ජාතික හෙළ උරුමය කටයුතු කළ හැටි අශෝක අබේගුණසේකරගේ “යුග පෙරළිය” කෘතියේ සඳහන්ව ඇත. එජාප ඡන්ද දෙමළ ඡන්ද, මුස්‌ලිම් ඡන්ද හා ක්‍රිස්‌තියානි ඡන්ද යන සියල්ල පෙළ ගැස්‌වීමෙන් පසු සිංහල ඡන්ද ලබා ගැනීමට මාදුළුවාවේ සෝභිත හිමි මෛත්‍රිපාල සිරිසේන හා චම්පික රණවක එයට එකතු වීමෙන් යහපාලන මාර සේනාව සම්පූර්ණ විය.
මේ සියල්ලටම කේන්ද්‍රීය පුද්ගලයෙකු හැටියට ඥානසාර හිමිද සිටී. රාජපක්‍ෂවරුන්ගේ ජාතිකවාදී ආණ්‌ඩුව පරාජය කොට සුළු ජාතීන් හා විදේශීය බලවතුන්ගේ පදයට නටන ආණ්‌ඩුවක් ගෙන ඒමට හැකි වන්නේ ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාද ඒ ව්‍යාපෘතියට හවුල් කර ගැනීමෙන් බව විදේශීය බලවතුන් සෑහෙන කලකට පෙර අවබෝධ කරගෙන සිටි ආකාරය මම කලින් ලිපියේ විස්‌තර කෙරුවෙමි. මෙවැනි ව්‍යාපෘතියක් සඳහා ඥානසාර හිමි වැනි භික්‍ෂූන් වහන්සේලාද අත්‍යාවශ්‍ය සාධකයක් විය. උන් වහන්සේට එක මතයක් කියා දෙයක් නොමැති අතර අවශ්‍ය දේ ලැබෙනවානම් කොයි පැත්තත් එකය. 2002 එජාප ආණ්‌ඩු කාලයේ සටන් විරාම ගිවිසුම ඇතුළුව රනිල් වික්‍රමසිංහ මහතා ගත් පියවරයන් වලට එරෙහිව නැගී ආ බලවේගය වූයේ ජාතික හෙළ උරුමයයි. ඒ නිසා 2004 දී ජාතික හෙළ උරුමයෙන් ඡන්දය ඉල්ලූ අයෙක් 2005 දී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දෙන තත්ත්වයක සිටිය නොහැක. නමුත් ඥානසාර හිමිට ඒවා ප්‍රශ්න නොවීය. 2012 ඥානසාර හිමි ඇතුළු පිරිස නෝර්වේ රාජ්‍යයෙන් නැවත පැමිණි පසු උන් වහන්සේ සංහිඳියාව හා බලය බෙදීම වෙනුවෙන් රාජිත සේනාරත්න මහතා සමග එක්‌වී බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ භික්‍ෂූන් වහන්සේලා 1000 කගේ සහභාගීත්වයෙන් සම්මන්ත්‍රණයක් සංවිධානය කිරීමට යොදාගෙන සිටි හැටි මම පසුගිය ලිපියේ පැහැදිලි කෙරුවෙමි. මේ වැඩපිළිවෙළ සැලසුම් කරමින් සිටි අවස්‌ථාවේදී රාජිත සේනාරත්න මහතාද මවිතයට පත් කරමින් ඥානසාර හිමි බලය බෙදීමේ හා සංහිඳියාවේ සම්මන්ත්‍රණය අතහැර හලාල් විරෝධී ව්‍යාපාරයට එක් විය. ඒ හෙළ උරුමයෙන් ලැබුණු කැඳවීමක් මත විය යුතුය.
2012 දී නෝර්වේ ගමනින් පසු දොස්‌තර රාජිත සේනාරත්න මහතා හා කුමාර රූපසිංහ මහතා සමග සංහිඳියා සම්මන්ත්‍රණ පැවැත්වීමට සූදානම් වී සිටි ඥානසාර හිමි 2006-2007 කාලයේදී ජාතික හෙළ උරුමයේ කීමට ඒ කුමාර රූපසිංහ හා ඒ රාජිත සේනාරත්න මහතා විසින්ම සංවිධානය කරන ලද යුද විරෝධී පෙරමුණේ රැස්‌වීම් කඩාකප්පල් කිරීමටද සහභාගි වූයේය.
ගිහියෙකු වන රාජිත සේනාරත්න මහතා මා දන්නා කාලයේ සිටම ඉන්නේ එකම ස්‌ථාවරයකය. නමුත් භික්‍ෂූන් වහන්සේ කෙනෙකු වන ඥානසාර හිමි අද එක තැනකය. හෙට තව තැනකය. විදෙස් චරපුරුෂ සේවාවන්ද තම වුවමනාවන් ඉටුකර ගැනීම සඳහා යොදා ගන්නේ ද එවැනි චරිතය.
අද මුළු සිංහල ජාතියම අනතුරට වැටී ඇත්තේ ඥානසාර හිමි වැනි භික්‍ෂූන් වහන්සේලාගේ ක්‍රියාකාරීත්වය නිසාය. සිංහලයාව ඒ සිදුවූ වින්නැහියෙන් බේරා ගැනීමට අද අස්‌ගිරි පාර්ශ්වයට හා ෙත්‍රෙනිකායික මහ නාහිමිවරුන්ට ප්‍රකාශ පිට ප්‍රකාශ නිකුත් කිරීමට සිදු වී ඇත. ඒ ප්‍රකාශ වුවත් මේ ආණ්‌ඩුව ගණන් ගන්නා බවක් පෙනෙන්නට නැත. බොදු බල සේනාව හා ඥානසාර හිමි දෙමළ හා මුස්‌ලිම් ආධිපත්‍යය ගැන කියන කතා ඇත්ත නොවේදැයි ඒවා අසා සිටින අත්දැකීම් නැති අය සිතනු ඇත. නමුත් මෙයද උපක්‍රමයේ කොටසකි. විදෙස් බලවතුන් යම්කිසි ජාතියක් විනාශ කිරීමට එවා ඇති චර පුරුෂයන් සැමවිටම පෙනී සිටින්නේ ජාතිය බේරා ගැනීමට ආ පිරිස් වශයෙනි. ඔවුන් කතා කරන්නේ ඇති ප්‍රශ්න ගැන මිස නැති ප්‍රශ්න ගැන නොවේ. නමුත් ඔවුන්ගේ වැඩවල අවසන් ප්‍රතිඵලය වන්නේ සතුරා ශක්‌තිමත් වීමත් ජාතිය මකබෑවීමත්ය.
මෙයට හොඳම උදාහරණය වන්නේ බොදුබල සේනාවයි. ඔවුන් මුස්‌ලිම් මිනිසුන් ගෙනයන ආගමික අන්තවාදී ආක්‍රමණය ගැන කතා කරන විට හැමවිටම හම්බයෝ, තම්බියෝ, මරක්‌කලයෝ, යනාදී වචන භාවිතා කරයි. පරුෂ වචනද සමග මෙවැනි වදන් කියන විට ඇතමුන් සිතන්නේ ඥානසාර හිමි සිංහලයන් වෙනුවෙන් කතා කරන බවයි. නමුත් ඔවුන් 2012 සිට කළ හැම දෙයකින්ම සිදු වූයේ සිංහලයා දුර්වල වීමත්, මුස්‌ලිම් පාර්ශවය ශක්‌තිමත් කිරීමත් පමණි. සද්දය හා පරුෂ වචන වලින් සිංහලයන් ඉදිරියෙන් සිටියත් බලය වැඩි වූයේ මුස්‌ලිම් පාර්ශ්වයටය. ජාතික හෙළ උරුමය හා බොදු බල සේනාව එක්‌ව කළ කුමන්ත්‍රණයෙන් ජාතිකවාදී ආණ්‌ඩුවක් පරාජය වී සිංහලයන්ගේ සතුරන් ශක්‌තිමත් වී ඇත. මෙයට පිළියම වන්නේ තවත් සද්දය දමා තවත් පරුෂ වචන කීම නොවේ.
මෙයට එකම පිළියම නැවතත් මේ රටේ ජාතිකවාදී ආණ්‌ඩුවක් ඇති කිරීම පමණි. ජනවාරි 8 කුමන්ත්‍රණකරුවන් බොදුබල සේනාව යළිත් මහපාරට බස්‌සවා සද්දය හා පරුෂ වචනවලින් සිංහල පිරිසක් එක් කරගෙන ඡන්ද බෙදා මේ විජාතික ආණ්‌ඩුවේ පැවැත්ම තහවුරු කිරීමට මාන බලමින් සිටී. 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී බොදුබල සේනාව මහින්ද රාජපක්‍ෂ පාර්ශ්වයට විරුද්ධව ඡන්දය ඉල්ලුවේ ඒ තීරණාත්මක මොහොතේ ඡන්ද දාහක් හෝ කඩා යහපාලනය රැක ගැනීමට දායක වීමට නොවේද? ඒ දේ නැවතත් කිරීමට ඔවුන් මාන බලමින් සිටින මේ අවස්‌ථාවේදී සිංහලයා ඉතා බුද්ධිමත්ව කටයුතු නොකළොත් රටත් ජාතියත් බරපතල උවදුරකට ලක්‌වනු ඇත.
July 8th, 2017 at 4:28 pm
C.A.චන්ද්‍රප්‍රේම මහතා නැවත කියන්නේ ඥාණසාර හිමිගේ මුස්ලිම් විරෝධි ක්‍රියා නිසා මුස්ලිම් චන්ද රාජපක්‍ෂලා නොලැබුන බවත් එනිසා ඔවුන් පැරදුන බවත්ය.
එය අැත්තක්ද?
මේකත් අහන්න: මුස්ලිම්/දෙමල බහුතරය ඥාණසාර සාධකයට (2012) පෙර සිටම චන්දය දුන්නේ රාජපක්‍ෂලාට විරැද්ධවය. එය 2010 චන්ද සිතියම දිහා බැලූ විට ඉතා පැහැදිලිය. එනිසා චන්ද්‍රප්‍රේමගේ කතාව අපි පිළි නොගනිමු.
අැත්ත වශයෙන්ම 2015දී ජාතික වාදී රාජපක්‍ෂලා පැරදුනේ 2010 දී මහින්දට එක මිටට ලැබුන සිංහල චන්ද 2015 දී ඔවුන්ට නොලැබුන නිසා බව අපි අවධාරනයෙන් කියමු.
ඥාණසාර හිමි ජාති මාමකයෙකු වේවා ජග්ලර් කෙනෙකු වේවා මුසල්මනයාගේ අන්තවාදී පැට්ටික්කිරිය යුරෝපයෙන් එලියට පනින්න පෙර සිටම ඔහු සිංහලයා දැනුවත් කලේය. චම්පක සහ රතන මෙන් කුනු කූඩයට ඥාණසාර හිමි යන්නේ නම් එය ඔහුගේ දේසපාලන ක්‍රියා වල ප්‍රථිපලයය. නමුත් කුනු වතුර විසි කලාට බබා විසි කල යුතු නැත.
2020දි වෙන විකල්ප නැත. මහින්ද/ගෝටාද, චම්පක/රනිල්ද යන්න පමණය.
අාවේගයෙන් නොව බුද්ධියෙන් විමසා තීරනයක් ගැනීම ඔබ සතු කාරියය්.
සිංහලයනි, අපි සමගි වෙමු එක් වෙමු.
July 8th, 2017 at 5:29 pm
Thank you Chandraprema.
Mahinda lost because he lost Sinhala votes. Sinhala areas were comparatively neglected since 2010. In 2005 Mahinda won 61% of Sinhala votes. In 2015 it reduced to 58%. This is the main reason for this defeat. (In 2010 it was 68%).
However, BBS activities reduced Mahinda’s votes from minorities though not sufficient to defeat him.
The bigger question is 2019. Unless the Rajapaksa camp satisfies nationalist Sinhala interests, Sinhala votes will be sufficiently divided to deny one of them the victory. BBS or another group will contest on a strong nationalist platform. If Rajapaksas cannot match their nationalist promises, they have to forget about winning the election. Playing safe will only guarantee defeat.
These matters are important.
1. ETCA – will Rajapaksas repeal it if signed or discontinue it if not signed?
2. Devolution – will they give more devolution or not?
3. Will they save foremost place to Buddhism and lose almost all Hindu votes and most Muslim votes but gain Sinhala votes?
4. If it comes to that, will Rajapaksas promise to abrogate 13A? This has not been an election issue yet but it is a vote winner. If BBS contests alone, it has the freedom to garner these votes.
In 2004 UNP’s Sumpathipala was allegedly behind the JHU that denied UPFA an outright majority in parliament. But Mahinda did his numbers and came into an electoral pact with JHU on JHU’s conditions. Otherwise he would never have become president. Mahinda cannot enter into any agreement with BBS but he can make BBS irrelevant by matching its nationalist promises.
Blaming voters to be fools for dividing Sinhala votes is utterly foolish. Voters are the kingmakers. Even when they are wrong they are right. Give them their choice boldly and they will vote. Be timid and play politics with them, they will reject you.
July 8th, 2017 at 5:43 pm
What is important ? Rajapaksa’s election loss or complete dissaster Sinhala Bauddhaya facing since the already won 2010 election ?
“Mahinda cannot enter into any agreement with BBS but he can make BBS irrelevant by matching its nationalist promises.” A very intelligent way of putting it. Problem however is in fact the real nature is such that only possiblility is the reverse of the statement.
July 8th, 2017 at 9:02 pm
Both commentators above have clearly rejected the story that the 2015 loss is NOT DUE TO Muslim votes. This is very obvious.
Was there such thing as ” සිවුරටත් භික්‍ෂූන් වහන්සේලාටත් ඇති අසීමිත ගරුත්වය නිසාය” ?
1. When Sangha requested no street racing and street party in Kandy did Rajapaksa’s stop it because of සිවුරටත් භික්‍ෂූන් වහන්සේලාටත් ඇති අසීමිත ගරුත්වය ? ( Or at least tried to talk to භික්‍ෂූන් වහන්සේලා and “ශේප්” න්‍යායෙන් ප්‍රශ්න විසඳීමට ?)
2. When Sangha requested no kicking of of chief justice did they stop it because of සිවුරටත් භික්‍ෂූන් වහන්සේලාටත් ඇති අසීමිත ගරුත්වය ?
July 9th, 2017 at 3:16 pm
මට පෙනෙන හැටියට ඩොලර් වලට කහින දඹර අමිල, වටරැක විජිත වගේ මොහමඩ් නිකායෙ හිමිවරැ අතලොස්සක් අැරෙන්න අනෙක් සෑම හාමුදුරැකෙනෙක්ගෙම අද උත්සාහය වී තිබෙන්නෙ සිංහල බෞද්ධයා රැකීමය්.
හාමුදුරැවරැ ශ්‍රීලනිප හෝ එජාප හෝ රාජපක්ෂ හෝ වික්‍රමසිංහ වෙනුවෙන් පෙරමුනේ රාලලා නොවිය යුතුය්. රාජපක්ෂ හෝ වික්‍රමසිංහ සිංහල බෞද්ධ සංස්කෘතියට නිගරැ කරනවා නම් හෝ අවමන් කරනවා නම් සෑම හාමුදුරැ කෙනෙක්ම එසේ කරන්නාට එරෙහි විය යුතුය්. ඒදා හෙල උරැමෙට චන්දෙ දුන්න බොහෝ අයට අවශ්‍ය උනේ සිංහල බෞද්ධ සංස්කෘතිය රැක ගැනීමය්. අද පුද්ගල අභිමතාර්ථ නිසා හෙල උරැමෙ හෙල කරැමයක් වෙලා.
අද රටට අවශ්‍ය වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය රකින්න පොරොන්දු වෙන නායකයින් සහ සිංහල බෞද්ධ සංස්කෘතිය රකින පක්ෂ වෙනුවෙන් හාමුදුරැවරැ පෙනී සිටීමය්. අස්ගිරිය ප්‍රමුඛ සංඝ සභාව දැන් කරන්නේ එය බවය් මගේ වැටහීම.
July 9th, 2017 at 6:18 pm
The way forward has been stated by the Chief Prelates. How many political parties have endorsed them? None!
Doesn’t that seal the fate of the nation (or those political parties)? I sincerely wish Sinhala Buddhists will reject these useless political parties that are unable even at this stage to back the Sangha demands. They failed to bring this up and the least they can do is to put their weight behind. Even that is not happening. The danger is, if these parties don’t go bust, the nation will.
At 2019, Chief Prelates must unite or significant Buddhist organisations must unite and demand to know the stand of UNP, SLFP, JO and JVP on these demands. Support, Oppose or no comment (which is oppose). People must know it before they vote. If the JO does not positively support them, they don’t deserve Sinhala votes. Yes; it means a walkover for the UNP and the UNP is not different to the JO on this life-and-death matter anyway.
July 10th, 2017 at 9:43 pm
Dilrook, it is very unlikely there will be a Macron here. Meaning, either JO man or UNP man will be the President in 2019. The way things move, leading monks together will be compelled to choose the least harmful man for the Sinhala Buddhists. Hope Sinhalese by far will vote him just like Tamils and Muslims did for their leaders’ choice in toto.