ඒ හොරත්, මේ හොරත් හැර තවත් හොරු සිටිත්ද?
Posted on August 14th, 2017

ජනමාධ් නිවේදනයයි පූජ් වකමුල්ලේ උදිත හිමි ලේකම් ජාතික භික්ෂු පෙරමුණ.

     යහපාලන ආණ්ඩුවේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙන තවත් මහා සොරකමක් මේ වන විට රට හමුවේ හෙළිදරව් වී ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස විදෙස් ඇමතිව සිිටි හා ඊට පෙර මුදල් ඇමතිව සිටි රවී කරුණානායක මහතා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. ඇමතිවරයෙකුට දූෂණ චෝදනා ඇතිවිට ධුරයෙන් ඉල්ලා අස්වී පරික්‍ෂණවලට සාධාරණය ඉටුකිරීම මහත්මා දේශපාලනය වුවත් රවී කරුණානායක මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඒ මහාත්මා දේශපාලනය පෙන්වා නැත.

සිදු වූයේ ජනතාවාදී දේශපාලන පක්ෂ හා ජනතාවත්, මාධ්‍යයත්, කෝප් කමිටුව, දූෂණ විරෝධී හඬ, වෘත්තීය සමිති, හා ජාතික භික්‍ෂු පෙරමුණ වැනි බලපෑම් කණ්ඩායම් බොහෝ වෙහෙසදරා කළ නොනවතින අරගලයක ප‍්‍රතිඵලයක් ලෙස ඉල්ලා අස්වීමට සිදුවූවා මිස මහත්මයෙකු මහාත්මාකම පෙන්වීමක් නොවේ. ආණ්ඩුව හා ධනපති කල්ලි කණ්ඩායම් සියල්ල සමගින් ඇතැම් මාධ්‍ය උත්සාහ කළේ මේ මහබැංකු සොරකම වසන් කර හොරු රැකිීමටයි. 

            පසුගිය ආණ්ඩුවේ සොරකම්වලට නම් දරා ඇති පිරිස් මේ කි‍්‍රයාදාමයට සම්මාදන් වූයේ ”දැන් ඉතිං උඹලත් අපි වගේම එක මල්ලෙ පොල් ” කියන න්‍යායට අනුවයි. එසේ නොවී බැඳුම්කර සිද්ධියෙන් රටට, මහජනතාවට සිදුකර ඇති අලාභය ගැන කම්පාවෙන් නොවේ.

            කෙසේ වෙතත් මහජන ධනය විලිලැජ්ජාවකින් තොරව හොරාකන හොරු රැලක් හෙළිදරව් වෙමින් තිබීම පින් ඇති මහත්තුරුයැයි වන්දනාමාන කරමින් සිටි ජනතාවට හොඳ පාඩමකි. එහෙයින් ජනතාවගේ පැත්තේ සිට අපට අසන්නට ඇත්තේ ඒ හොරත්, මේ හොරත් හැර තවත් හොරු සිටිත්ද? කියාය. ආණ්ඩුව යහපාලන නම්, පාලකයින් යහපාලකයින් නම් ”උතුම් මාතෘ භූමිය” ගැන කියවන ජනාධිපතිතුමා හා ”ලිච්ඡවි පාලනයක්” ගැන කියවන අගමැතිතුමා, තව දුරටත් හොරු රකිනවද? නැද්ද? කියා වහාම ජනතාව වෙනුවෙන් උත්තර බැඳිය යුතු බව අප අවධාරණය කරනු කැමැත්තෙමු.         

ස්තූතියි.

 

මෙයට,

පූජ් වකමුල්ලේ උදිත හිමි

ලේකම් 

ජාතික භික්ෂු පෙරමුණ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress