ආදායම් බදු පනත හා අර්ථසාධක අරමුදලට බදු පැනවීම සම්බන්ධයෙන් කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් 2017.09.03 වැනිදා පෙ.ව. 10.30ට, බොරැල්ල, නාමෙල් මාලිනී පුංචි තියටර් ශාලාවේ පැවැත්වූ මාධ්‍ය හමුවේ වාර්තාව.
Posted on September 3rd, 2017
කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව සහෝදරයා,
මේ පනත ශ්‍රම බලකායේ සැලකිය යුතු ව්‍යූහාත්මක වෙනස්කම් සිදු කරන පනතක්. ඒ වගේම මේ පනත නීති විරෝධී ලෙස, ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස සම්මත කරන්න යන පනතක්.
මේ පනත ගැසට් කළේ පසුගිය මාර්තු මාසයේ. ආදායම් බදු ගැන විශේෂ අවධානයක් යොමු කර තිඛෙනවා. ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක වුණේ බි්‍රතාන්‍ය ආකෘතිය මූලික කර ගත් බදු ක්‍රමයක්. බදු සම්බන්ධයෙන් යම් ගැටලූවක් මතු වුණොත් බි්‍රතාන්‍යයේ පූර්වාදර්ශ, බි්‍රතාන්‍යයේ නඩු තීන්දු පූර්වාදර්ශ ලෙස භාවිතයට ගත්තා. නමුත් මේ පනත මගින් මෙතෙක් තිබුණු බදු ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කර තිඛෙනවා.
ඒ වගේම බදු එකතු කිරීම පෞද්ගලිකකරණය කිරීමට අවශ්‍ය ඉඩ හදාගෙන තිඛෙනවා. බදු එකතු කිරීමේ zවෙනත් නිලධාරීන්Z ගැන සඳහන් වෙනවා. ඒ වගේම ආදායම් බදු කොමසාරිස්වරයා සතු බලතල වෙනත් පුද්ගලයන්ට හෝ වෙනත් සමාගම්වලට පවරන්න ඉඩකඩ හදාගෙන තිඛෙනවා. මේකෙන් පැහැදිලි වෙනවා බදු එකතු කිරීම අවුට්සෝස් කරන්න, එහෙමත් නැත්නම් දෙපාර්තමේන්තුවේ නොවන පෞද්ගලික අංශයේ පුද්ගලයන් සහ ආයතන සම්බන්ධ කර ගන්න අවශ්‍ය ඉඩකඩ නිර්මාණයකර තිඛෙනවා.
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට මෙතෙක් පනවා තිබුණු 12% බද්ද 14% දක්වා වැඩි කර තිඛෙනවා. අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය, කෘෂිකර්මාන්තය සහ ආනයනය ආශ්‍රිත මහා පරිමාණ සමාගම්වලට විශාල බදු සහන ලබා දී තිඛෙනවා. උදාහරණයක් විදියට කිසියම් පුද්ගලයෙක් මල් වගාවක් කළොත් ඔහුට 24%ක බද්දක් වදිද්දී ඒකම කරන මහා පරිමාණ සමාගමකින් අය කරන්නේ 14%ක බද්දක්.
උපයන විට බද්ද 4% සිට 24% දක්වා පරාසයකින් පනවා තිඛෙනවා. අවුරුද්දකට රුපියල් ලක්ෂ හයක්, ඒ කියන්නේ මාසයකට රුපියල් 50,000ක් ගන්න අයට 4%ක බද්දක් අය කරනවා. මේ ආදායම් මට්ටම 50,000 ඉඳලා ලක්ෂය දක්වා වැඩි කරනවා කියලා ආණ්ඩුව කියනවා, නමුත් ඊට ප්‍රවාහන දීමනා වගේ ඒවත් ඇතුළත් කර තිඛෙනවා. විශේෂයෙන්ම වෘත්තිකයන්ට විශාල බද්දක් පනවා තිඛෙනවා.
ලංකාවේ වෘත්තිකයන්ගේ ආදායම මත බදු පනවද්දී, විදේශ රටක ශ්‍රමිකයෙක් ලංකාවට ඇවිත් රැකියාවක් කළොත් ඔහු බදුවලින් නිදහස් කර තිඛෙනවා. ඒ කියන්නේ ලංකාවේ වෘත්තිකයන්ට බදු පනවන අතරේ එට්කා ගිවිසුම හරහා එන ඉන්දියානු ශ්‍රමිකයන්ට බදු නිදහසක් ලබා දී තිඛෙනවා. එට්කා ගිවිසුමට අදාළ පසුබිමත් මේ පනත හරහා හදා ගන්නයි මේ උත්සාහ කරන්නේ. මේකෙන් වෙන්න ඉඩ තිඛෙන දේ තමයි, වෘත්තිකයන් රට හැර යාම. ඒ විතරක් නොවෙයි, විදේශගත ලාංකිකයන් මෙහෙට එවන ඔවුන්ගේ ආදායමටත් බදු පනවා තිඛෙනවා. පවුල් පිටින් රට අතහැරලා යන්න කියලයි මේ කියන්නේ.
ඒ විතරක් නොවෙයි, කලාකරුවන්ටත් විශාල වශයෙන් බදු පනවා තිඛෙනවා. මීට පෙර පොත් ප්‍රකාශකයන්ට, නාට්‍ය නිෂ්පාදකයන්ට, චිත්‍රපට නිෂ්පාදකයන්ට, කලා නිර්මාණවලට බදු නිදහසක් දී තිබුණා. දැන් ඒ සියල්ල බද්දට යටත් කරලා. ඒක කලා ක්ෂේත්‍රයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරයක්.
මේ පනතේ තිඛෙන අනෙක් බරපතළම ප්‍රශ්නය තමයි සේවක අර්ථසාධක අරමුදල මත දෙවරක් බදු පැනවීම. මේ අරමුදලේ මුදල් ආයෝජනය කරලා ලැඛෙන ආදායම මත 14%ක බද්දක් පනවා තිඛෙනවා. ඒ විතරක් නොවෙයි, රැකියාවෙන් විශ්‍රාම ගිහිල්ලා අර්ථසාධක අරමුදලේ තමන්ට හිමි මුදල ලබා ගනිද්දී ඊටත් බදු අය කරනවා. මොන පදනමක් යටතේද? මේ විදියට දෙවරක් බදු අය කරන්නේ?
ආණ්ඩුව කියනවා, දැන් බදු අය කිරීම 80ඃ20 තියෙන්නේ, ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවගෙන් 80%ක් බදු අය කරද්දී ධනවතුන්ගෙන් 20%යි අය කරන්නේ. මේක 60ඃ40ට ගේනවා කියලා ආණ්ඩුව කියනවා. එහෙම කරනවා නම්, වැට් බද්ද අඩු කරන්න මේ පනතින් යෝජනා කරන්න ඕන. භාණ්ඩ හා සේවා මත පනවා තිඛෙන වෙනත් බදු අඩු කරන්න යෝජනා කර තිඛෙන්න ඕන. නමුත් එහෙම යෝජනා නෑ. මේ පනත ක්‍රියාත්මක කළොත් පාරිභෝගිකයන් මත තව තවත් බර පැටවෙනවා.
ඒ වගේම මේ පනත ගෙන්න හදන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී විදියට. මංගල සමරවීර ඇමතිවරයා කියනවා පනතට සංශෝධන 111ක් තියෙනවා කියලා. සංශෝධන 111ක් තියෙනවා නම්, ඒවා ඇතුළත් කළාට පස්සේ ඒක අලූත්ම පනතක්. මේ ගොල්ලෝ මේ සෙල්ලම දිගටම කරනවා. පනතේ බාගයක් කලින් දාලා, උසාවි යන්න ඉඩ දීලා, ඉතිරි බාගේ සංශෝධන විදියට ගේනවා.
මේ පනත සම්මත වුණොත් වෘත්තිකයන් ඉවරයි, කලාකරුවන් ඉවරයි, අර්ථසාධක අරමුදල, භාරකාර අරමුදල මත බදු පැනවෙනවා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ක්ෂේත්‍ර ගණනාවකින් පලවා හැරනවා, සාමාන්‍ය ජනතාව මත විශාල බරක් පැටවෙනවා. ඒ නිසා මේ පනතට විරුද්ධ විය යුතුයි.ZZ
කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව සහෝදරයාට අමතරව මෙම මාධ්‍ය හමුවට කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක කමිටුව වෙනුවෙන් ධම්මික මුණසිංහ, විශ්‍රාම වැටුප සුරැකීමේ සේවක සංගමයේ ජාතික සංවිධායක ජනක තුෂාර, ඒකාබද්ද කෝස්ට් සේවක සංගමයේ සභාපති රංජිත් රත්නසිරි, ඒකාබද්ධ සියැට් සේවක සංගමයේ ලේකම් විපුල කුමාරද සහභාගි වූහ.