ඉයන් වික්‍රමනායක හමුවීම
Posted on September 10th, 2017
වෛද්‍ය රුවන් එම් ජයතුංග
සිරිමාවෝ බන්ඩාරනායක රජයේ සොලිසිටර් ජෙනරාල්වරයා වූ ඉයන් වික්‍රමනායක මහතා 1971 කැරැල්ල මැඩලීමේ ලා විශේෂ කාර්යය භාරයක් කළේය. 1977ට පෙර යුගයේ දී අති බලවත් රාජ්‍ය නිලධාරියෙකු වූ ඉයන් වික්‍රමනායක මහතා හමුවී මාගේ 71 කැරැල්ල පොතට ඔහුගෙන් සාකච්ඡාවක් ලබා ගැනීම අත්‍යවශ්‍ය බව මම තීරණය කලේමි.
20/12/2008 දින පෙරවරුවේ මම ඉයන් වික්‍රමනායක මහතා ඔහුගේ නෑනා වන අයිරිස් මුතුක්‍රිෂ්ණා මහත්මියගේ ඇතුළු කෝට්ටේ නිවසේ දී හමු වූයෙමි. එදා ප්රතාපවත් හා බලවත් නිලධාරියෙක් වූ ඉයන් වික්‍රමනායක අද අසූ එක් හැවිරිදි මහල්ලෙකි. ඔහුගේ මතකය ක්‍රම ක්‍රමයෙන් වියැකී යමින් පවතියි. මෑතකදි ඔහු පෙලු ආඝාතය නිසා ඔහුගේ කටහ~ පැහැදිලි නැත. බලය යනු සදාකාලික ප්රපංචයක් නොවේ යන්න මා ඉදිරියේ සිටි කෙට්ටු මහළු මිනිසා තුලින් මා පසක් කළෙමි.
ඉයන් වික්‍රමනායක මහතා – (මේ මා විසින් ගත් චායාරූපයකි )
ඔහුට 1971 සිද්ධීන් බොහෝමයක් අමතකය. එහෙත් ඔහුට එක සිද්ධියක් මතක්ව තිබිනි. අසීරුවෙන් වචන ගලපා ඔහු මට එම සිද්ධිය පැවසීය. එම සිද්ධිය නම් 1971 කැරැල්ලට අසුවී යළි පුනරුත්ථාපනය වූ කැරළිකරුවෙක් පූර්ණකාලීනව ගොවි තැනට බැස්සේය. ඔහු විප්ලවකාරි දේශපාලන කටයුතු අත් හලේය. ඔහු තම ගොවිපලේ ප්‍රථම අස්වැන්නෙන් කොටසක් ගෙනවිත් ඉයන් වික්‍රමනායක මහතා හමුවී තම කෘතඥතාව පළ කිරීමට හේ අමතක නොකලේය.
ඉයන් ඇතැම් කැරළිකරුවන්ට පහර දුන් බව ඔවුන්ගේ ප්‍රකාශ වලින් සඳහන් වුනි එහෙත් ඔහු සමහරෙකුට මානුෂිකව සැලකීමටද අමතක නොකළේය. වෙඩි වැදී කපා දැමීමට නියමිතව තිබූ ලොකු අතුලගේ කකුල ඔහුගේ මැදිහත් වීම නිසා වෛද්‍ය ප්‍රතිකාර ලැබ සුව විය. ඔහු වෙළඳ ව්‍යාපාර හා වස්තු භංගත්වයට පත් වූ ඇට්ලස් බණ්ඩාරට ත්‍රී රෝද රථයක් ගැනීමට උපකාර කළේය. නීති සිසුවෙකු වූ මහින්ද ජයවර්ධන හෙවත් බුලට් මහින්දට යළි නීති වෘත්තිය කරගෙන යාමට සහය විය. එපමණක් නොව මහින්ද ජයවර්ධන, තම උසාවි කටයුතු වලදි සහායක නීතිඥයකු ලෙසට වැඩ කිරීමටද ඉඩ ප්‍රස්ථාව ලබා දුන්නේය.
වරක් මට පාලිත ශාම්දාස් ඉයන් ගැන කියූ යමක් සටහන් කරමි. පාලිත ශාම්දාස් අත්අඩංගුවට පත් වූයේ 1972 දීය. ඔහුව ඉයන් වික්‍රමනායක හමුවට පමුණුවන ලදී. ශාම්දාස් අත්අඩංගුවට පත් වන විට නැවති සිටියේ කොළඹ කුලී නිවසක තම අවිවාහක තරුණ සොයොයුරියන් දෙදෙනා සමඟය. නිවෙසේ සිටි තම නැගණියන් දෙදෙනා පාරට ඇද දමනු ඇතැයි බියක් ඔහු තුල ඇති විය. ඔහු ඉයන්ට තම සොයුරියන් දෙදෙනා ගැන කීවේය. ඔවුන්ගේ ආරක්ෂාවට ක්‍රියා කරන්නැයි ඉල්ලා සිටියේය. ඉයන් වහාම ගෙවල් හිමියා ගෙන්වා ගෙන තරුණියන් දෙදෙනා නිවසින් පිටමං නොකරන ලෙස දැන්වීය. ඉයන් විසින් කල සද්කාර්ය ගැන අද වුවද ඔහු ප්‍රශංසා මූඛයෙන් කථා කරයි.
ඔහුට බලය අයුතු ලෙස භාවිතා කිරීම ගැන චෝදනා තිබුණු බව සැබැයි. එහෙත් ඉයන් යනු තනිකරම කළු චරිතයක් නොවේ. ඔබගේ සාගරයක් මැද චිත්‍රපටයේ රඟපෑම විශිෂ්ඨ බව මා ඔහුට පැවසූ විට ඉයන්ගේ දෙනෙත් දිලිසුනේය. ඔහුගේ මුවගට සිනහවක් නැගිණි. අති විශාල බලයක් හිමි කරගෙන තිබු නමුදු ඉයන් වර්තමාන බලකාමින් මෙන් රාජ්‍ය දේපල සොරකමේ නොයෙදුනේය. අදටත් ඔහු ජීවත් වන්නේ තමන්ගේම නිවසක නොවේ.
1971 දි ඔහු සාධු චරිතයක් වී යැයි මම නොකියමි. එහෙත් 1971 කැරල්ලෙන් පසු යළි සමාජගත වීමට ඉඩ ලැබුණු කැරලිකරුවන් දෙස බලන විට 88/89 කැරළි සමයේ ඉයන් වික්‍රමනායක කෙනෙකු නොසිටීමේ අඩුව කැපී පෙනෙයි. එසේ සිටියා නම් 88/89 කැරළි වලට සහභාගී වූවන් අඩක් හෝ මේ වන වට යළි සමාජ ගතවී ජීවතුන් අතර ය. (මෙම සම්මුඛ සාකච්ඡාවෙන් වසරකට පමණ පසු ඉයන් වික්‍රමනායක මහතා අභාවයට පත් විය )
වෛද්‍ය රුවන් එම් ජයතුංග
September 10th, 2017 at 4:54 pm
“ප්රපංචයක්” වචනය සුදුසු ලෙස යෙදී ඇත්දැයි සැකයි. සොයා බලන්නේ නම් මැනවි.
“බලය” සාපේක්ෂ දෙයකි. ඉතා කුඩාවූ බලයක් යෝධ බලයකියි සිතා මහ ආඩම් බරයෙන් දුෂ්ඨ වැඩ කරන වෙබ් අඩවි ඇත්තෝ ද මෙය බලා අනිච්ඡය අවබෝධ කර ගතහොත් මැනවි.
September 12th, 2017 at 3:41 am
During 1971 jaathidhrohee vermins party’s (now these traitors sleep with the enemy who tortured and burnt
their brethren in tyres, headless corpses in rivers, junctions etc. Vermins of course! What elese you can call them?) insurgency Sri Lanka was ruled by a Sinhalese. During 80s Sri Lanka was ruled by traitor anti Buddhist, anti
Sinhalese, anti Sri Lankan catholic-run UNPatriotic party. Sinhalese insurgents had no mercy. So the catholic run
UNPatriotic party carried a successful Sinhalese cull! It looks like IW wasn’t in the Act. Contrast this with
catholic tigers of tamil drealam. They were given half the country by traitor chief die hard catholic token Buddhist
Mega Thief Bay Gal Karaya Batalande Wadakaya Cancer in Mother Lanka Pol Pot R@nil WickramaSinhalakiller.
This wolf in sheep’s clothing is a mega breaker of five precepts except the 4th precept. Maybe that’s why he has
this demented, perverted behaviour! You have to get pleasure from somewhere of course!