කළු සල්ලි ගෝනිවල දාගෙන ලංකා බැංකුවෙන් පැන්නූ ජනාධිපතිවරණ ‘හංසයා’ පක්‍ෂයේ සභාපති අත්අඩංගුවේ..
Posted on October 9th, 2017
lanka C news
පොලිස් අපරාධ පරීක්‍ෂණ කොට්ඨාශය විසින් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ශලීල මුණසිංහ අත්අඩංගුවට ගෙන ඇත.
මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ විදෙස් රටක සිට මෙරට ලංකා බැංකු ශාඛාවකට විශාල මුදලක් ගෙන්වාගෙන එය මාරු කර ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මුල්‍ය විශුද්ධිකරණය යටතේය.
අදාල මුදල් තොගය ලිත්‍රො සභාපතිවරයා හා අත්අඩංගුවේ සිටින තවත් සැකකරුවකු සමග පැමිණ විශාල මුදල ගෝනිවල දමා රැගෙන යන ආකාරය ලංකා බැංකුවේ කැමරාවල සටහන්ව තිබී ඇත.
ශලීල මුණසිංහ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකගේ ලගම හිතවතකු වන අතර මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණය සඳහා ලබාදුන් හංසයා පක්ෂයේ සභාපතිවරයාද වෙයි.

October 9th, 2017 at 3:14 pm
මලකෙලියයි !!!.
මේවානම් ලෝකයේ කිසිම තැනක අසානැති අපකීර්තිමත් දූෂන සෝලියයි.
රටේ ජනාධිපතිගේ පක්ෂයේ ලොක්කා ජාත්යන්තර බැංකු කඩා අතට අසුවේයි
අපේ රටේ ජනාධිපති ඕස්ට්‍රේලියානු සමාගමකින් පගාගත්තැයි කියා ඒ කොම්පැනිය ජාත්‍යන්තර කොන්ත්රාත්තු ගැනීම තහනම් කරයි
රටේ මුදල් ඇමති රටේ ජාතික මහ බැංකුවේ ලොක්කත් එක්ක එකතුවී බිලියන්ගනනින් හොරාකයි
මේවගේ එවුන්ට චන්දය දුන් එවුන්ගේ ඔලුවල ගොමද තියෙනේ?????
ඒත් ඔය පූජනීය මල්වත්තේ මහ නායක හාමුදුරුවන් කියන විදියට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මෙතුමාට විශ්වාස නිසා රටත් කාල, පඩුහැලියත් බීල, ඉතුරුවෙලා තියනටිකත් විකුනල යනකන් අහක බලාගෙන හිටින්න
October 9th, 2017 at 3:29 pm
සම්පූර්ණ ඇත්ත ! ඉස්සෙල්ල එකාගේ සගයෝත් මිනීමරා, බිලියන් ගනන් හොරකම් කොට , සමහරු දැන් පෝරකේ. ඌට චන්දෙ දුන්න බූරුවෝ දැන් මහ මොල කාරයො මුන්ට දුන්න ගොන් තඩියො එක්ක සසැඳූ විට.
October 9th, 2017 at 4:01 pm
තායිවානයේ ෆා ඊස්ටන් ඉන්ටර්නැෂනල් බැංකුව සහ ලංකා බැංකුව එකක් බවත්, ගෝනි කියන්නේ කොම්පියුටර් වලට කියන සිංහල නම බවත් මෝඩ අපට ඉගැන්වූ උතුම් මාධ්‍ය වේදී ශුද්ධවන්ත උතුමන්ට අපේ උත්තමාචාරය !
තායිවාන් බැංකු මංකොල්ලයට ලිට්රෝ ගෑස් සභාපති රහස් පොලීසියට
තායිවානයේ ෆා ඊස්ටන් ඉන්ටර්නැෂනල් බැංකුවේ පරිගණක පද්ධතියට පිවිස මුදල් වංචා කිරීමේ සිද්ධියේ සැකකරුවකු වන ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ශලීල මුණසිංහ මහතා අද පස්වරුවේ රහස් පොලීසියට භාරවී ඇත.
ඒ ජනාධිපති නිතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා මාර්ගයෙනි.මෙම මුල්‍ය අපරාධය සම්බන්ධ වීඩියෝ සාක්ෂි අනුව කිසියම් පුද්ගලයකු ලංකා බැංකුවෙන් මුදල් විශාල ප්‍රමාණයක් රැගෙන ගිය බව තහවුරු වී තිබේ.මෙම මුල්‍ය අපරාධය සම්බන්ධයෙන් හිටපු යුධහමුදා ජ්‍යෙෂ්ඨ නිළධාරියකුගේ පුත්‍රයකුද දැනට පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.
October 9th, 2017 at 10:21 pm
තායිවාන් ගිණුම් හැක්‌කළැයි සැකපිට ලිට්‌රෝ සභාපති අත්අඩංගුවට – කට්‌ටියම එකතුවී ඩොලර් මිලියන 60ක් බැංකුවලින් ඇදලා
තායිවානයේ පෞද්ගලික බැංකුවක ගිණුම්වලට අනවසරයෙන් ඇතුළුවී (හැක්‌කර) එහි රහස්‍ය දත්ත වෙනස්‌කර ඩොලර් මිලියන ගණනක මූල්‍ය වංචාවක් කළැයි ලිට්‌රෝ ගෑස් සමාගමේ සභාපති ශලීල මුණසිංහ නමැත්තා අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (09 දා) සැකපිට අත්අඩංගුවට ගත්තේය.
අත්අඩංගුවට ගත් මුණසිංහ මහතා ඊයේ (09 දා) රාත්‍රි අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්‌ථානයට රැගෙන ගිය අතර මේ සම්බන්ධයෙන් ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට කටයුතු කර තිබිණි. අද (10 දා) මුණසිංහ මහතා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද පොලිස් මූලස්‌ථාන ආරංචි මාර්ග පැවසීය.
අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ සැකකාර මුණසිංහ මහතා සහ එම මහා පරිමාණ මුදල් වංචාවට සම්බන්ධ ඉන්දියන් ජාතිකයන් කිහිප දෙනකු ඇතුළු කණ්‌ඩායමක් වංචා කරන ලද මුදල් කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයකදී බෙදා ගෙන ඇති බවයි.
මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී වර්තමාන රජයේ විවිධ දූෂණ චෝදනා එල්ල වූ ප්‍රබල මන්ත්‍රීවරයකුගේ රැකවරණය ලබමින් එක්‌තරා විහාරස්‌ථානයක සැඟව සිටින බව පොලිසියට තොරතුරු ලැබී තිබිණි.
මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ හිටපු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියාගේ පුත්‍රයා හෙට (11 වැනිදා) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
තායිවානයේ µdඊස්‌ටන් ඉන්ටර්නැෂනල් බැංකුවේ ගිණුමකට අනවසරයෙන් ඇතුළු වී ඇති සංවිධානාත්මක කණ්‌ඩායමක් එහි තිබූ ඩොලර් මිලියන 60 කට අධික මුදලක් ලබාගෙන තිබිණි.
මෙම මුදල්වලින් ඩොලර් ලක්‍ෂ 25 ක් මෙරට රාජ්‍ය බැංකුවක ගනුදෙනුකරුවන් දෙදෙනකුගේ ගිණුම්වලට ද බැරවී තිබී පොලිසිය සොයාගත්තේය.
මෙසේ මෙරට බැංකුවක ගිණුමකට පැමිණි මුදල්වලින් ඩොලර් ලක්‍ෂ දහතුනක් පමණ ලබාගෙන තිබූ අතර තවත් ඩොලර් දසලක්‍ෂයක මුදලක් බැංකු ගිණුමට බැරව තිබියදී පොලිසිය විසින් අත්හිටුවා තිබිණි.
හේමන්ත රන්දුණු
October 9th, 2017 at 10:26 pm
නාමල්ගේ සමාගමක අධ්‍යක්‍ෂවරියක් අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට අයත් බව කියන ගවර්ස් සමාගමේ අධ්‍යක්‍ෂවරියක වූ ඉරේෂා ද සිල්වා මහත්මිය අබුඩාබි සිට පැමිණි අවස්‌ථාවේ කටුනායක ගුවන්තොටුපළේදී අද (10 වැනිදා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.
මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ඉරේෂා ද සිල්වා මහත්මිය අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පවත්වමින් සිටි බව පොලිස් මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.
හේමන්ත රන්දුණු
October 10th, 2017 at 5:11 am
This company ලිට්රෝ ගෑස් is governement owned , I beleive (100% owned by Insurance Corportaion). This Pal Hora as Chairman very likely is a political appoinment ( after elections) by Jadapalanaya.
ශලීල ගේ චෝදනාවලට ලිට්රෝ ගෑස් සම්බන්ධ නැතිලු
තායිවානයේ ෆා ඊස්ටන් ඉන්ටර්නැෂනල් බැංකුවේ පරිගණක ජාලයට අනවසරයෙන් ඇතුළු වී සිදුකරන ලදැයි කියන ඩොලර් මිලියන ගණනක වංචාව සම්බන්ධයෙන් තම සමාගමේ සභාපති ශලීල මුණසිංහ මහතාට චෝදනා එල්ල වී ඇතත් ඊට ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ කිසිදු සම්බන්ධයක් නොමැති බව එහි විද්‍යුත් මාධ්‍ය හා ව්‍යාපාර සංවර්ධන කළමනාකරු නිවේදනයක් මඟින් දන්වා ඇත.
එස්.ටී.පී සිල්වා