ව්‍යවස්ථා සර්පයා එළියට පනී- ඒකාබද්ධය නයි නටවයි
Posted on October 14th, 2017
මතුගම සෙනෙවිරුවන්
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සෑදීම සම්බන්ධව මහජන අදහස් විමසීමේදී එයට සාක්ෂි ලබා දී තිබෙන්නේ හාරදහසකටත් අඩු සංඛ්‍යාවකි.එයිනුත් උතුරේ සහ නැගෙනහිර රාජ්‍ය නොවන සංවිධාන වලින් ලබා ගත් නියෝජනය අති මහත්ය. ඔවුහු සංවිධානාත්මකව තමන් දරන ජාතිවාදී අදහස් එම කමිටුවට ඉදිරිපත් කර තිබේ. නමුත් මේ රටේ බහුතරයක් වන සිංහල ජනතාව නියෝජනය කරන සංවිධාන වලින් හෝ අස්ගිරි මල්වතු සංඝ සභාවෙන් හෝ අදහස් ලබා ගැනීමට මෙම කමිටුව අසමත්ව තිබුණි. ඉන්පසු මෙම කමිටු වාර්තාවත් ව්‍යවස්ථාදායක මණ්ඩලයන්හි අතුරු වාර්තාවනුත් සැලකිල්ලට ගෙන අග්‍රාමාත්‍ය වරයා සැප්තැම්බර් මාසයේදී අවසාන අතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට යෙදුණි .එම කෙටුම්පත ට අමුණා පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙමළ ජාතික සංධානය ජනතා විමුක්ති පෙරමුණ ජාතික හෙළ උරුමය වැනි පක්ෂ මගින් ව්‍යවස්ථාව සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාවන්ද දක්වා තිබේ. නමුත් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය දක්වා නැත.එහෙත් අපට පිළිගත හැකි වන්නේ අතුරු වාර්තාව මගින් පිළිබිඹු වන්නේ එම පක්ෂයේ අදහස් බවයි. එම වාර්තාව තුළ යටකී පක්ෂ බහුතරයක අදහස් සහ යෝජනා අන්තර්ගතව නොමැත. එසේ තිබියදීත් අගමැතිවරයා රට පුරා පැවති රැස්වීම් වලදී මෙන්ම මල්වතු මහානායක හිමියන් අභිමුවේදීද කියා ඇත්තේ මෙම අතුරු වාර්තාව අනෙකුත් සියළු පක්ෂ වල එකඟතාවය මත සකස් කොට ඇති බවයි.මෙම ප්‍රකාශය පට්ටපල් බොරුවකි.
මෙම අතුරු වාර්තාව එළියට දමන දිනයට ප්‍රථම දිනයේ පළාත් සභා මැතිවරණය සම්බන්ධව විසිවන සංශෝධනය පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගත්හ. මෙම විසිවන සංශෝධනය යනුවෙන් වූ අංක 195 සහ 204 යනුවෙන් පණත් දෙකක් පාර්ලිමේන්තුව තුළ තිබූ බව පැවසෙයි. අවසානයේ ජූලි මාසයේ ඉදිරපත් කරන ලද කාන්තා නියෝජනය සම්බන්ධ පණත මූලික කරගෙන එම අරමුණු ද පෙරදැරිකර ගෙන යටකී පණත් දෙක තුළ පැවති අදහස් සහ අමතරව තවත් කරුණ 33 ක්ද අන්තර්ගතව මෙම පණත සම්මත කර ගෙන තිබේ. මෙම අරුම පුදුම හයිබ්‍රිඩ් පණතේ මූලිකව කරුණු දෙකක් ඉස්මතු කර ඇත. එකක් නම් පළාත් සභා මැතිවරණය එකම දිනයකදී පැවැත්වීමට දැක්වූ ප්‍රතිපාදනයයි. අනෙක නම් ඉදිරිමැතිවරණයකදී කොට්ඨාශ ක්‍රමයට සියයට පණහක්ද සමානුපාතික ක්‍රමයට සියයට පණහක්ද වශයෙන් ජනතා නියෝජිතයන් පත් කර ගත යුතු බවයි. මීට කලින් පක්ෂ නායකයන්ගේ සම්මේලනයේ දී එකඟව තිබෙන්නේ සියයට හැටක් කොට්ඨාශ ක්රමයටත් සියයට හතළිහක් සමානුපාතික ක්රමයටත් යන පදනමයි. එහෙත් යටකී පණත එනම් කාන්තා නියොජනය වැඩි කිරීමේ අරමුණ පෙරදැරි කොටගෙන ඊට කිසිසේත්ම අදාළ නෙවන පළාත් සභා මැතිවරණ සංශෝධනයක් ගෙනවුත් ඇත. පාර්ලිමේන්තු සම්ප්රදාය තුළ කාරක සභා අවසථාවකදී සිදු නොකරන සංශෝධන රැසක් ගෙනවුත් ජනතාවගෙන් වසන් කරන ලද ලියවිල්ලක් ලෙසට එය හොර පාරෙන්ම සම්මත කර ගෙන ඇත.
මෙම ලියවිල්ලෙන් සිදුවන්නේ කුමක්ද.මෙය තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සේ සලකා මේවන විටත් හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා මහතා නඩු පවර තිබේ. එයට සහායට නීතිඥ කළ්‍යානන්ද තිරාණගම මහතාද නඩුවට එක්ව තිබේ. මේ නඩුවට විරුද්ධව මේ වන විට ප්‍රති විරෝධතාවයක්ද සුමන්තිරන් මන්ත්‍රී වරයා මෙන්ම නීතීඥ වැලිඅමුණ මහතා විසින් ද ඉදිරිපත් කර තිබේ. එයට පදනම්ව තිබෙන්නේ ජනතා පරමාධිපත්‍ය භුක්ති විඳිමීට තමන්ට ඇති අයිතිය පිළිගන්නා ලෙසටයි.
මේ ජනතා පරමාධිපත්‍ය යනු කුමක්ද 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තෙවන වගන්තිය මගින් කියැවෙන්නේ ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය.පරමාධිපත්‍ය අත්හළනොහැක්කේය.පරමාධිපත්‍යයට පාලන බලතල මූලික අයිතිවාසිකම් සහ චන්ද බලය ද ඇතුලත් වන්නේය. මෙම ජනතා පරමාධිපත්‍ය ඊළට හතරවන වගන්තියෙන්ද අර්ථ දක්වා තිබේ. එහි (ඉ) කොටසේ එය සඳහන් වන්නේ මෙසේය.
(ඉ) අටලොස් විය සම්පූර්ණ කර ඇත්තා වූ ද මෙහි මින්මතු විධිවිධාන සලස්වා ඇති පරිදි ඡන්ද හිමියකු වීමට සුදුසුකම් ලැබ තමාගේ නම ඡන්ද හිමි නාම ලේඛනයේ ඇතුලත් කරනු ලැබ සිටින සෑම පුර වැසියෙකු විසින්ම ජනරජයේ ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමේදී ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණයේදීද ජනමත විචාරණයකදීද ඡන්ද බලය ක්‍රියාත්මක කළ හැකි විය යුතු වන්නේය.මෙයින් කියැවෙන්නේ කුමක්ද ජනාධිපතිවරණය මහ මැතිවරණය සහ ජනමත විචාරණය මගින් ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක වන බවයි. මෙය වෙනස් කිරීමට නම් සැබවින්ම ජනතා කැමැත්ත අවශ්‍ය වේ.
1987 දී දහතුන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමෙන්තුවේදී සම්මත කර ගන්නා කල්හි එය ජනමත විචාරණයකින් සම්මත වූයේ නැත. ඒ වෙනුවට තුනෙන් දෙකේ බලයෙන් ජනතා කැමැත්ත නොවිමසාම සම්මත කර ගන්නා ලදී. එවිට පළත් සභා පැවැත්වීම යම් ප්‍රමාණයකින් නීති විරෝධී වන්නා සේම එම මැතිවරණයද ජනතා පරමාධිපත්‍ය පිළිබිඹු නොකරන හෙයින් ජාතික මැතිවරණයක් බවට පත් නොවේ. නමුත් රජය හොර පරෙන් ගෙනා පණතක් මගින් සම්මත කර ගෙන ඇත්තේ පළාත් සභා මැතිවරණයත් ජාතික මැතිවරණයක තත්ත්වයට දමමින්ය. මෙම ක්‍රියාව නීති විරෙධී වනවා සේම අනාගතයේ ඇති කරන්නට යන දෙමළ පාලන ඒකකයට අවශ්‍ය පදනම දමා ගැනීමද එයින් සිදු වේ. සුමන්තිරන් මහතා සරත් නන්ද සිල්වා මහතාගේ නඩුවට ප්රතිවිරෝධතා ඉදිරිපත් කරමින් තර්ක කරන්නට උත්සාහ දරන්නේ පළාත් සභා මැතිවරණය ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීමද භුත්තිවිඳීමද සහතික කරන බැවින් එය නීති ගත කරන ලෙසටයි. රට බෙදන ව්‍යවස්ථා සර්පයන් දැන් මල්ලෙන් එළියට පනින්නට පටන් ගෙන තිබේ.
ප්රභාකරන් ඇතුළු කොටි සංවිධානය රජයට එරෙහිව යුද්ධයක් දියත් කරන ලද්දේ ඔවුන් බලාපොරොත්තු වන ඊලාම් දේශය උතුරු නැගෙනහිර පළාත් වල පිහිටුවීම පිණිසයි. ඒ සඳහා උතුරේ සිටි සිංහල ජනතාව පළවා හරින ලදහ.සිංහලයන් ජීවත් වූ භුක්ති විඳින ලද ඉඩම් පන්සල් පාසල් සියල්ල ඔවුන් ගේ කොටි මහවිරු පවුල්වලට පවරා දී ඇත. යුද්ධය අවසන් වූ පසු මේ තත්ත්වය තවත් සීඝ්‍ර විය. නැගෙනහරි ප්‍ර දේශයේ සිංහලයන් සතු ඉඩකඩම් වලට ව්‍යාජ ඔප්පු තිරප්පු සාදන ලදී. අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සඳහා පිහිටුවන ලද ජනාධිපති කාර්ය සාධක බලකාය සිංහලයන් උදෙසා සිය යුතුකම ඉටු කරන ලද්දේ ඉතාමත් මන්දගාමීවයි. වවුනියාව දකුණේ සිංහල ගම්මාන පහක් සෑදුවද අවශ්‍ය ඔප්පු තිරප්පු ලබා දීමද ඡන්ද බලය ගබා දීමද ප්‍රමාද කරන ලදී. අවසානයේ 2013 -14 සීමා නිර්ණය යටතේ මේ ගම්මාන සියල්ල නොයෙකුත් ප්‍රා දේශීය ලේකම් කොට්ඨාශ සහ දිස්ත්‍රිකයන්ට කඩා උතුරට අවශ්‍ය නියෝජනය දුර්වල කොට ඇත.මේ අතර මරිච්චකට්ටුව ආශ්‍රිතව කැලය කපමින් මරක්කලයන් මෙන්ම විදේශ වලින් ගෙනා සරණාගතයන්ද පදිංචි කිරීමට බද්යුදීන් ඇමතිවරයාට ඉඩ දුන්හ. අද එහි රජයේ අවසරයකින් තොරව අරාබිකාරයන් බැස ආධාර ලබා දෙමින් මරක්කල කලාපයක් නිර්මාණය කරමින් තිබේ. උතුරේ මහ ඇමතිවරයාට බලය ලබා ගන්නට මග පාදා දුන්නේ ගිය රජයයි. දැන් ඔහු ජාතිවාදීව සිය පළාත් සභාව තුළ සිංහල ජනතාවට විරුද්ධව නෙයෙකුත් පණත් සම්මත කරගනිමින් ඇත. උතුරේ බුදු පිළිම ඉවත් කිරීම හමුදා කඳුවරු ඉවත් කිරීම ඒ සියල්ල සිදු කිරීමට පසුබිම සැකසෙමින් ඇත.රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත් වූ පසු ගිය රජය පැවති කාලයේ ඉතා සෙමන් සිදු වූ ඇතැම් දෙමළ ජාතිවාදී ක්‍රියා මෙන්ම මුස්ලිම් අන්තවාදී ක්‍රියා උත්සන්න විය.මේ දෙපිරිසට භූමිය තුළ සිංහලයන් ගෙන් තොරව හිතුවක් කරගන්නට ඉඩ දෙමින් ඇත. දැන් අවශ්‍යව ඇත්තේ බලය බෙදා ගැනීමේ ව්‍යවස්ථා කරදාසියට මුද්‍රා තැබීම පමණකි.
පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකේ ඡන්දයෙන් ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කර ගැනීමද ජනමත විචාරණයකින් දිනීමද ලෙහෙසි පහසු නොවන බව ආණ්ඩුව දනී. එයට පෙර 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදි ප්‍රධාන රජයට තිබෙන සබඳකම් එකින් එක ඉවත් කිරීම උපක්‍රමයක් ලෙසට ක්‍රියාත්මක වෙමින් තිබේ.එනම් මධ්‍යම ආණ්ඩුවේ පාර්ලිමේන්තුවක් සහ උතුරේ තවත් පාර්ලිමේන්තුවක් බිහි කිරීමේ ව්‍යවස්ථා ප්‍රතිපාදනයයි. කොළඹ අගමැති සහ උතුරේ මහ ඇමති අතර බලය බෙදා ගැනීම යන තැනට සිංහල ජනතාව දක්කා ගෙන යෑම මේ අනුව සිදු වෙමින් පවතී. එවිට උතුරේ සහ නැගෙනහිර බුද්ධ ශාසානයට ප්රමුඛ තැන ලැබෙන්නේ නැත.
විසිවන සංශෝධනය නීති විරෝධීව සම්මත කරන කල ඊට විරුද්ධව පාර්ලිමේන්තුව තුළ අරගල නොකරන ඒකාබද්ධ විපක්ෂය උතුරේ ජනතාව දිනා ගැනීම නලා පිඹී.ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් නොවන ඔවුන් දිනෙන් දින රනිල් වික්‍රමසිංහ සහ සුමන්තිරන් ලාගේ උතුලට හසු වෙමින් ඇත.ඊළඟට අතුරු වාර්තාව පාර්ලිමේන්තුව තුළ විවාදයට ගන්නේ ඡන්ද විමසීමකින් තොරවයි. ඉන්පසු අමාත්‍ය මණ්ඩලයේදී එය සම්මත කර ගනු ඇත.එවිට ඒකාබද්ධ විපක්ෂය ව්‍යවස්ථාවට සුජාත බව දී අහවරය. ඔවුන් කවදත් තේරුම් නොගත් එක් දෙයක් නම් ලංකාවේ සිංහල දේශ ප්‍රේමීන් නොමැති තැන ජයග්‍රහණයක් නොලද හැකි බවයි.පක්ෂ දෙකකට වෙන්ව සිටින සිංහල ජනතාව පක්ෂ මානසිකත්වයෙන් ගලවා සැබෑ දේශමාමකත්වයෙන් කුළු ගන්වා රට බෙදමේ කුමන්ත්‍රණය පරාජයට පත් නොකර කරන මේ නයි නැටවීමෙන් අහිකුණ්ටකයාද පරලොව යනු ඇත.
මතුගම සෙනෙවිරුවන්
October 14th, 2017 at 1:48 pm
මේ මාසයකට සැරයක් ‘නයි නටවන්න’ ඉංදියාවට යන එකෙක්. අනේ පව් , අහුවෙලා!
හැම මාසෙකම පැය කිහිපයකට රට යන ඇමතිවරයා ගැන විමර්ශනයක්
මසකට වරක් එක්දිනකට පමණක් ඉන්දියාවට ගොස් එන කැබිනට් අමාත්‍යවරයකුගේ කටයුතු ගැන රාජ්‍ය තාන්ත්‍රික විමර්ශනයක් සිදුවන බවට සතිඅන්ත දේශය පුවත්පත වාර්තා වක් පළ කර තිබේ.
තම රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය උපයෝගී කර ගනිමින් පසුගිය වසර ගණනාවක් තිස්සේ සෑම මාසයකම ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගොස් පැය කිහිපයක් එහි ගත කොට
නැවත පැමිණීමට මෙම
ඇමතිවරයා කටයුතු කර ඇති බවත් රාත්‍රී කාලයේ කටුනායකින් පිටත්වන ගුවන් යානයකින් චෙන්නායි වෙත ගොස් මොහු පසුදා දහවල් ගුවන් යානයකින් නැවත මෙරටට පැමිණීම කවර අරමුණකින් සිදු කරන්නේද යන්න ගැටලු සහගත බව වාර්තා වේ.
මෙම චාරිකා ගැන එරට රජය හෝ තානාපති අංශ දැනුවත් නොකරන නිසා ආරක්ෂාව ඇතුළු අනෙකුත් අවශ්‍යතා මත රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ගැටලු පැනනැගීම මෙම විමර්ශනයට හේතුවයි.
පෞද්ගලික චාරිකාවක් ලෙස මෙය සිදු කරන නමුත් නිල වශයෙන් අදාළ රට දැනුවත් කිරීම කළයුතු වුවද එය සිදු කර නැත.
මෙම ගමන රහස් ගමනක් ලෙස බොහෝ විට තනිවම සිදු කර ඇති බවත් ඇතැම් අවස්ථාවල ඔහුගේ ගමන් සඳහා එක් සහායකයකු සහභාගි වී ඇති බවද හෙළිව තිබේ.
පිට පළාතක් නියෝජනය කරන පක්ෂ නායකයෙකු වන මොහු පසුගිය කාලයේ ආන්දෝලනාත්මක පුවත් මැවූවෙකු මෙන්ම සෑම රජයකම ඇමති ධූර දරන අයෙකු ලෙසද එම පුවතින් විස්තර කර තිබේ.
October 15th, 2017 at 2:16 am
බැසිල් දැන් ෆුල් ගියර් එකෙන් පරණ ප්‍රතිපත්තිම ඉදිරියට ගෙනයයි. බැසිල් = මහින් ද යන් සමීකරණය දිරවාගන්න බැරි තරමේ මානසික ආබාධයක් අපි කාටත් තිබේ. මේ නිසා රටට ආදරය පුද්ගල ආදරයට පෙරලී වැඩි දෙනෙක් ද්‍රෝහී බවට නොදැනුවත්මව පත්වී ඇත.
නයි පටවන දේසපාලනයෙන් මහජනයා නැටවිය නොහැකි බව කාට කාටත් තේරෙනවිට රට දෙමලාට මරක්කලයාට ගොස් හමාරය.
දේසපාලන අහිකුණ්ටකයෝ නිසා ජාතිය බේරා ගැනීම පාවාදෙන මෝඩයකු නොවන්නැයි ආදරයෙන් ඉල්ලා සිටිමි. 13 සං විනාශ නොකරණ සියල්ලෝ දේස ද්‍රෝහියෝ යයි පුන පුනා කිව යුත්තේ මේ නිසායි. මෙවැනි ස්ථිර වචනයක් නැති මුදල් ගුල්ලෝ හඳුනා ගනිමු.