මෙන්න ඇත්ත! ජිනීවා හෙළිදරව්ව
Posted on October 18th, 2017
කීර්ති වර්ණකුලසූරිය උපුටා ගැන්ම දිවයින
අපේ රටේ විදේශ කටයුතු අමාත්‍යාංශයක් තිබේද? මේ බරපතළ ප්‍රශ්නය අසන්නේ විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ය. පසුගියදා පැවති ජිනීවා මානව හිමිකම් සමුළුවේදී තමිල්නාඩුවෙන් කුලියට ගෙන්වාගත් තක්‌කඩි පිරිසක් ලවා ජාත්‍යන්තර ප්‍රජාව මුලාකිරීමට කොටි ඩයස්‌පෝරාව ක්‍රියාකරද්දී ඊට ප්‍රතිචාර දැක්‌වීමට අපේ කිසිවෙක් සිටියේ නැත.
ගෝලීය ශ්‍රී ලංකා සංසදය නොතිබුණේ නම් කොටි ඩයස්‌පෝරාව ඔවුන්ගේ බෙදුම්වාදී නාටකය මැනවින් රඟදක්‌වනු නියතය.
මේ කොටි ඩයස්‌පෝරාව මානව හිමිකම් කවුන්සිලය තුළ සමාන්තර රැස්‌වීම් 14 ක් පැවැත්වූහ. එසේම මානව හිමිකම් සමුළුව තුළ ශ්‍රී ලංකාවට එරෙහිව පට්‌ටපල් බොරු පවසනු ලැබීය. එහෙත් අපේ තානාපති නිලධාරීන් පැත්තකවත් නැත.
හමුදාවෙන් සියලු පහසුකම් ලබාගත් තමිල් සෙල්වම්ගේ බිරිය සසිරේකා සහ කරුණාගේ නැගණිය සත්‍යදේවි පවා මානව හිමිකම් සමුළුව වෙත ගෙන්වා බොරු චෝදනා එල්ලකරද්දී ඔවුන් දෙදෙනාගේ දිවි ගැලවුණේ යුද හමුදාව සහ නාවික හමුදාව යෑයි පැවසීමට තානාපති හෝ රජයේ නියෝජිතයකු ද නොවුණි.
ඊට ප්‍රතිචාර දැක්‌වූයේ රියර් අද්මිරාල් සරත් වීරසේකර පමණි.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී දිනක් හෝ දෙදිනක් අපට දක්‌නට ලැබුණේ තොප්පිගල කැලෑවක් යෑයි පැවසූ දේශපාලකයාගේ සමීපතම ඥතියා පමණි.
ඔහුට ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකියාවක් ලැබී තිබුණි.
මේ පසුබිම මැද කොටි ඩයස්‌පෝරාව සහ තමිල්නාඩු ඩයස්‌පෝරාව මානව හිමිකම් කවුන්සිලය තුළ පිණුම් ගැසීමට උත්සාහ කළ ද මානව හිමිකම් සමුළුවට සම්බන්ධ ගෝලීය ශ්‍රී ලංකා සංසදය පැවැත්වූයේ කතා සාප්පු බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනු ලැබීය. එහෙත් කොටි ඩයස්‌පෝරාව මානව හිමිකම් සමුළුව තුළ දියත් කළේ වන්නි මෙහෙයුමෙන් පසු ශ්‍රී ලංකාව දෙකඩ කිරීමේ දෙවැනි කුමන්ත්‍රණයයි. මේ දෙවැනි කුමන්ත්‍රණයට බෙදුම්වාදීන් රැසක් එකතු වී සිටිති. කුර්දි, බලුකිස්‌තාන් සහ ඉරාක කුර්දි බෙදුම්වාදීන් හා ස්‌පාඤ්ඤ කැටලන් බෙදුම්වාදීන් ද ඊට දායක වූහ.
එහෙත් අපේ විදේශ කටයුතු අමාත්‍යාංශය අන්ධව හා බිහිරිව සිටියේය. මෙයට පෙර විදේශ කටයුතු ඇමැති වූයේ දිගු කලක් තිස්‌සේ අප දන්නා මංගල සමරවීරයි.
එහෙත් රටේ යහපත උදෙසා සත්‍ය හෙළිකිරීමට අපි බැඳී සිටින්නෙමු.
අප ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ තොරතුරු හෙළිකරවීමට අමාත්‍ය සමරවීරගේ කාර්ය මණ්‌ඩලයේ අඳබාලයෙක් තම නොදන්නා කම පෙන්නුම් කළේය.
මෙවන් පසුබිමක් මැද ජිනීවා මානව හිමිකම් සමුළුව තුළ පැවැත්වූයේ කතා සාප්පු නොව අනාගතයේදී සිදුවිය හැකි භයානක ක්‍රියාදාමයක පෙර නිමිතිය.
එය තවදුරටත් සනාථ වන්නේ කුර්දි ජනමතවිචාරණය ඊළාම් ද්‍රවිඩයන්ගේ බලාපොරොත්තු ඉටුකරන්නන් බව රටින් පිටත ඊළාම් ආණ්‌ඩුවේ නායකයාන් හඳුන්වන රුද්‍රකුමාරන් ප්‍රකාශ කිරීමයි.
මේ රටින් පිටත ඊළාම් ආණ්‌ඩුවේ නියෝජිත රුද්‍රකුමාර්ට පමණක් නොව උපදේශක තිරුචොට්‌ටි මානව හිමිකම් කවුන්සිලයේ දොර විවෘත වී ඇත.
මේ නිසා ජිනිවා මානව හිමිකම් කවුන්සිලය අද රටවල් දෙකඩ කිරීමේ කවුන්සිලයක් බවට පත්වී තිබේ.
එය සනාථ වන්නේ රටවල් දෙකඩ කිරීම සඳහා මානව හිමිකම් සමුළුව හමුවේ ඉල්ලීම් කිරීමයි.
මේ නිසා මානව හිමිකම් කවුන්සිලය අද බෙදුම්වාදීන්ගේ පාරාදිසයක් වී ඇති අතර රටවල් දෙකඩ කිරීමේ ඉල්ලීම් සඳහා ඉඩ ලබාදීමේ ආයතනයක් බවට පත්වී ඇත.
එසේම මානව හිමිකම් කවුන්සිලයේ රාජ්‍ය නොවන සංවිධාන කාර්යාලය දූෂිත තැනක් බවට පත්වී ඇත.
ඊට හේතූන් ලෙස මෙලෙස දැක්‌විය හැකිය
1. අප්‍රිකානු සහ මොරිටානියානු රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් ලෙස කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීන්ට සමුළුව ඇමතීමට ඉඩදීම.
2. එකම දිනක් තුළ විවිධ සංවිධාන නියෝජිතයන්ට කිහිප වතාවක්‌ම සමුළුව ඇමතීමට හැකිවීම.
3. ස්‌වෛරී රාජ්‍යයන් දෙකඩ කිරීමේ අරමුණින් දේශන පැවැත්වීම.
4. කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීන්ට එකා පසුපස එකා මෙන් සමුළුව ඇමතීමේ ඉඩකඩ ලබාදීම.
5. ත්‍රස්‌තවාදීන්ට හා බෙදුම්වාදීන්ට සමුළුව ඇමතීමේ අවසරය හිමිවීම.
6. ශ්‍රී ලංකාවට එරෙහිව පට්‌ටපල් බොරු ප්‍රකාශ කිරීමට විදේශ රටවල මානව හිමිකම් ක්‍රියාකාරීන්ට ඉඩදීම.
මෙවන් පසුබිමක් මැද ඉන්දීය රජය තමිල්නාඩුවේ වයිකෝට එරටින් මානව හිමිකම් කවුන්සිලයට ගොස් ශ්‍රී ලංකාවට එරෙහිව හඬ නැඟීමට ඉඩදීම ද බරපතළ ප්‍රශ්නයකි.
වයිකෝගේ ක්‍රිsයාකලාපය ගැන රජයේ කිසිදු දේශපාලනඥයෙක් හඬ නැඟුවේ නැත.
මේ අන්දමට වයිකෝ ඉන්දු – කාශ්මීර් බෙදුම්වාදීන්ට පක්‌ෂව මානව හිමිකම් සමුළුව ඉදිරියේ හඬ නැඟුවොත් ඉන්දීය රජය නිහඬව සිටින්නේද?
මේ නිසා ඉන්දීය රජය අනුගමනය කරන ක්‍රියා කලාපය ද දැඩි සැකසහිතය. මෙලෙස ජිනීවාහිදී බෙදුම්වාදීන් ශ්‍රී ලංකාවට එරෙහිව මෙහෙයුමක් දියත් කරද්දී ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‌ෂයේ හඬක් නොනැඟුනේ මන්ද?
වයිකෝ ශ්‍රී ලංකාව දෙකඩ කර තමිල් ඊළාම් රාජ්‍යයක් ආරම්භ කිරීමට මානව හිමිකම් කවුන්සිලය භාවිත කිරීම ප්‍රශ්නගත කරුණකි. මේ ප්‍රශ්නගත බරපතළ කරුණ ඒකාබද්ධ විපක්‌ෂයේ ක්‍රියාදාමයන්ට ලක්‌නොවුයේ මන්ද?
එසේම ජිනිවාහිදී රියර් අද්මිරාල් සරත් වීරසේකර ඇතුළු දේශප්‍රේමීන් විවිධ බාධක මැද බෙදුම්වාදීන්ට එරෙහිව අභීතව හඬ නඟද්දී ඔවුන්ව දිරිමත් කිරීමට පවා විමසීමක් සිදුවී නැත. මෙය කනගාටුවට කරුණකි.
රියර් අද්මිරාල් ඇතුළු පිරිස ජිනිවා ගියේ කේබල් කාර්වල විනෝද සවාරි යැමට හෝ සංචාරක ස්‌ථාන නැරඹීමට නොවේ.
උදේට කෝපි කෝප්පයක් බී සවස්‌වන තුරුම ආහාර ගැනීමකින් තොරව මානව හිමිකම් සමුළුව තුළ මේ දේශප්‍රේමීන් පිරිස ක්‍රියාකළ හැටි අපි දුටුවෙමු.
ඔවුන්ව දිරිමත් කිරීමට බෙංගමුවේ නාලක හිමියෝ ද උදේ සිට දහවල් වනතුරු මානව හිමිකම් සමුළු ශාලාවේ අසුන්ගෙන සිටියහ.
උන්වහන්සේ ජිනීවා ගියේ විවේක සුවයෙන් ගතකිරීමට නොවේ. ජිනීවා මානව හිමිකම් සමුළුවේ සිදුවන දේ ගැන අවබෝධයක් ලබාගැනීමටය.
කොටි ඩයස්‌පෝරාව සහ තමිල්නාඩුවේ ඊළාම්වාදීන් ශ්‍රී ලංකාව දෙකඩ කිරීම සඳහා දරන උත්සාහය උන්වහන්සේ සියෑසින්ම දුටුවේය.
බෙංගමුවේ නාලක හිමියන් ජිනීවා පැමිණියත් අපේ තානාපති කාර්යාලය උන්වහන්සේට දහවල් දානය හෝ රාත්‍රියට ගිලන්පන ලබාදීමට පවා කටයුතු කළේ තැන. එහෙත් ඊට දායක වූයේ ඉතාලි හා ජිනීවා දේශප්‍රේමීන්ය.
ඉන් තහවුරු වූයේ අපේ තානාපති කාර්යාලවල පවතින අවාසනාවන්ත තත්ත්වයයි.
එසේම රියර් අද්මිරාල් සරත් වීරසේකර, ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු පිරිස ජිනීවා මානව හිමිකම් සමුළුවේ සිටින බව දැනගත් අපේ තානාපති කාර්යාලයේ බලධාරියෙක් පැත්ත පළාතේ ආවේ නැත.
අප මේ තොරතුරු හෙළිකරන විට ඇතැම් දේශපාලනඥයන්ට රිදෙන්නට පුළුවන, එහෙත් සත්‍ය වසන් කළ හැකිද? ප්‍රංශ ලේඛක වික්‌ටර් හියුගෝ වරක් පැවසුවේ බලය සැමදාම තමන් සතු නොවන බව මිනිසුන් සිතාගත යුතු බවයි.
කීර්ති වර්ණකුලසූරිය