ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල ව්‍යවස්ථා විරෝධීයි.. අතුරු වාර්තා නිතී විරෝධීයි.. සියල්ලම බල ශූන්‍යයි.. නීති පොත මෙන්න..- මහා ව්‍යවස්ථා ප‍්‍රාඥයා පරමාණු බෝම්බය ගසයි..
Posted on October 30th, 2017

 lanka C news

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අද (30) සිට ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් ලෙස ආරම්භ වී දින 3 සාකච්ඡා කිරිමට සුදානම් කිරිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නිති විරෝධී ක්‍රියාවක් බව මෙරටේ නීති විශාරදයකු වු ජනාධිපති නීතිඥ හිටපු අධිකරණය අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටි.

අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරිම වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත්කිරිමට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කිසිම බලයක් පාර්ලිමේන්තුව වෙත ලබා දි නොමැති බවත් ඒ අනුව පසුගිය සැප්තැම්බර් 21 වෙනිදා පාර්ලිමේන්තුව වෙත අගමැතිවරයා විසින් ඉදිරිපත් කල මෙහෙයුම් කමිටුව විසින් සකස් කල අතුරු වාර්තාව බල ශූන්‍ය ලියවිල්ලක් බව ධර්ම නීති විශාරද, ශාෂන භූෂන, ජනාධිපති නීතීඥවරයා සදහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරිමට අවශ්‍ය නම් එය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුව පමණක් කල හැකි බවට මාධ්‍ය වෙත නිවේදනයක්න් නිකුත් කරමින් කියා සිටි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තා සම්පාදක මණ්ඩලය ව්‍යවස්තා විරෝදී මෙන්ම මුල සිටම බල ශුන්‍ය ක‍්‍රියාවලියක් බවත් නිවේදනයේ සදහන්ය.

One Response to “ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල ව්‍යවස්ථා විරෝධීයි.. අතුරු වාර්තා නිතී විරෝධීයි.. සියල්ලම බල ශූන්‍යයි.. නීති පොත මෙන්න..- මහා ව්‍යවස්ථා ප‍්‍රාඥයා පරමාණු බෝම්බය ගසයි..”

  1. Senerath Says:

    EVen a simple Simon can be called ප‍්‍රාඥයා today, thanks to internet. ප‍්‍රාඥයා today can be a Hora tommorow when these words used by media goons.
    For example , there is one Gooon running Lanaka e news for UK, he loves RK the bannk robber. He hates the PRez commision because of it. he hates everyone except RK. Un beleivable !

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress