සිරිසේන හා රනිල් යන දෙදෙනාම තමන්ගේ අසාර්ථකත්වයන් වෙනුවෙන් එකිනෙකාට චෝදනා කරමින් එකිනෙකා සමඟ තරඟ වැදෙනවිට සමහර මෝඩයෝ ඒ අයට ඡන්දය දෙනවා
Posted on December 22nd, 2017
මහින්ද පතිරණ
ආණ්ඩුවේ එකට ඉන්න එකට තීරණ ගන්න රනිල් හා සිරිසේන වෙන වෙනම ඡන්දය ඉල්ලා රටට කියන්නේ මොකක් ද? උදේ කැබිනට් එකේ එකට බඩු මිළ ඉහළ දාලා හවස වේදිකාවට ඇව්ත් දෙන්න දෙන්නට චෝදනා කර ගන්නව ද? සිරිසේන කියනව ද රනිල් හොරා කියල? රනිල් කියනව ද සිරිසේන හොරා කියල? දෙන්න දෙන්නට ම කියා ගන්නව ද මම නෙමෙයි අනෙකා තමා රටේ ආර්ථිකය විනාශ කළේ කියල?
දැන් මෙහෙම චෝදනා එකිනෙකාට නැතිනම් ඔවුන් ඇයි වෙන වෙනම ඡන්දය ඉල්ලන්නෙ? අනික වෙනම ඉල්ලනව නම් හා දෙපිරිසම පිළිගන්නව නම් තමන් නෙමෙයි අනෙකයි මේ ආසාර්ථකභාවයට වග කිව යුත්තේ කියල ඇයි එහෙනම් ඔවුන් තාමත් එකම ආණ්ඩුවෙ ඉන්නෙ? එකම කැබිනට් එකේ ඉන්නෙ? මේ විකෘතිය තේරුම් කරල දෙන්න කවුරුහරි ඉන්නව ද? එකම කුණුවෙච්ච ආණ්ඩුවක දකුණු අතයි වම් අතයි දෙපැත්තට අදින එකට මේ රටේ මිනිස්සු තාමත් රැවටෙනව ද?