ඌවේ ප්‍රධාන අමාත්‍යවරයා ගුරුවරියක් දනගස්වන්නට ගොස් අද ජනමතය හමුවේ දණගසනු ලැබුවා.
Posted on February 1st, 2018
Rajith Keerthi Tennakoon Executive Director/CaFFE
මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ දේශපාලනඥයින් රකින්නට බොරු කියන්නට ගොස් රාජ්‍ය නිලධාරීන් අමාරුවේ වැටෙනවා
බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ ගුරුවරිය දණගස්වන්නට ගිය ඌව ප්‍රධාන අමාත්‍යවරයා අද ජනමතය හමුවේ දණ ගසා තිබෙනවා යැයි කීර්ති තෙන්නකෝන් මහතා අද මානව හිමිකම් කොමිෂන් සභාවේ දී ප්‍රකාශ කළේය.
දෙමළ බාලිකා විද්‍යාලයේ ගුරුවරිය දණ ගැස්සවිම පිළිබද විමර්ශන සිදු කිරීම සදහා ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක අද මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවේ දී පැමිණිල්ල ඉදිරිපත් කිරීම සදහා පැමිණ සිටි තෙන්නකෝන් මහතා ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ, ”ප්‍රධාන අමාත්‍යවරයා මානව හිමිකම් කොමිෂන් සභාව මගහරින්නට උත්සහ කළා. නමුත්, ඔහුට අවසානයේ දී මෙහි එන්නට සිදු වුණා.” පුංචි සිදුවීමකින් ආරම්භ වුණු මේ සිද්ධිය අද වන වන විට ජාතික ප්‍රශ්නයක් බවට පත්වී තිබෙනවා. සති දෙකක් ඌව – මධ්‍යම පළාත්වල විතරයක් නොවෙයි රටේම ප්‍රශ්නයක් බවට මෙය පත් වෙලා තියෙනවා. රට පුරා මේ සිද්ධියට එරෙහිව පෙළපාලි, උද්ඝෝෂණ 16 ක් මේ වන විට පවත්වා තිබෙනවා. යුක්තිය ඉටුවන කල් තවදුරටත් උද්ඝෝෂණ පැවැත්වේවි.
මේ සිද්ධියට සම්බන්ධ කිසිදු නිලධාරියෙකුට මේ දක්වා දඩුවමක් කර නෑ. මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ දේශපාලනඥයින් රකින්නට බොරු කියන්නට ගොස් රාජ්‍ය නිලධාරීන් අමාරුවේ වැටෙනවා. රාජ්‍ය නිලධාරීන් 5 දෙනෙකු මානව හිමිකම් කොමිෂම ඉදිරියේ ලබාදුන් සාක්ෂි එකිනෙකට පරස්පරයි. පැහැදිලිව පෙනෙනවා, රාජ්‍ය නිලධාරීන් සත්‍ය සගවන බව. අද තියෙන්නේ නිදහස් රටක්. කාගෙවත් බලපැමක් නැතිව සත්‍ය හෙළි කළ හැකියි. අවසනාවන්ත තත්වය තමයි ‘දේශපාලඥයින් රකින්නට ගොස් අද රාජ්‍ය නිලධාරින් අමුරුවේ වැටී තිබෙනවා.’ යැයි ද තෙන්නකෝන් මහතා පැවසීය.
Executive Director/CaFFE