කව්ද මේ අභීතවත් සෙනවියා?
Posted on February 8th, 2018
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
ලන්ඩන් නුවරදී කොටි හිතවාදීන්ගේ අරියාදුවට පිළිතුරු ලෙස ‘බෙල්ල කට්‘ සංඥාව නිකුත් කළ බ්‍රිගේඩියර්වරයා පිළිබඳ මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විශාල කථාබහක් ඇතිව තිබේ.
ඔහු කවුරුන්ද මේ දක්වා සිදු කළේ මොනවාද යන්න ගැනද ඇතැමුන්ට කුකුසක් පැනනැගී ඇත.
වන්නි මානුෂීය මෙහෙයුමේදී කොටි නායක ප්‍රභාකරන්ගේ මුලතිව් බළකොටුව හා ඒ අවට ගම් වැසියන් මුදා ගැනීම් සටනට 591 බලසේනාව යටතේ 11 වන ගැමුණු රෙජිමේන්ත්තු අණදෙන නිලධාරී ලෙස එවකට කර්නල් ධූරය දැරූ වත්මන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු සුවිශාල මෙහෙවරක් ඉටු කළ අයෙකි.
ඔහු ජාතිවාදියෙකු නොවේ. ඒ බවට හොඳම සාධකය ඔහු යුද්ධයේදී වඩාත් උදව් කරන්නට යොමුවූයේ අසාධාරණයට ලක්වූ ද්‍රවිඩ ජනතාවටය.
කොටි ත්‍රස්තවාදී ග්‍රහණයේ සිරකරගෙන සිටි
මුලතිව් මුලංකාවිල් ඇතුළු ද්‍රවිඩ ගම්මානවල වැසියන්ට හා ළමුන්ට විදේශ රටවල සිටින තමි මිතුරන් මාර්ගයෙන් කෑම බීම, පොත්පත්, සපත්තු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දීම නිසාම මුලංකාවිල් ද්‍රවිඩ ජනතාවගේ වීරයකු ලෙසින්ද ඔහු ප්‍රකටවූ බව එම ගම්වැසියන්ට අදටත් මතකය.
ජාති භේදයකින් තොරව තම කඳවුරට එන සෑම අයකුටම කෑම බීම පවා දීමටත් කඳවුරට එන ඕනෑම දෙමළ ජාතිකයකු හිස් අතින් නොයැවූ අයෙකු ලෙසත් ඔහු ප්‍රකටව සිටි බව කියැවේ.
ලන්ඩන් සිදුවීම විවිධ කෝණවලින් විග්‍රහ වන්නකි. එතරම් කුපිතවන සුලු ආකාරයකට සිහින රාජ්‍යයක් හා මියගිය නායකයෙකු ගැන උදම් ඇනීම මෙන්ම 70 වන නිදහස් සමරුවට නිග්‍රහ වන ආකාරයට මහකොමසාරිස් කාර්යාල ඉදිරිපිට හැසිරීමද විවේචනයට ලක්ව තිබේ. විදේශ අමාත්‍යංශය ඔහුගේ හැසිරීම මැන බලා ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකුගේ වගකීම සම්බන්ධ කෝණයෙනි.
කෙසේ වෙතත් සමාජ මාධ්‍ය වීඩියෝවක් පළනූ පමණින් හමුදා නිලධාරීයෙකුගේ තනතුරක් ඉවත් නොකරන බවත්, පරීක්‍ෂණයක් පවත්වා ඒ පිළිබදව තීරණය කළ යුතු බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් ස්නානායක මහතා මේ සම්බන්ධයෙන් මේ වනවිට මාධ්‍ය වෙත දැනුම්දී තිබේ.
|
බ්‍රිගේඩියර් ප්‍රියංක සමග කොටි ඩයස්පෝරා සාමාජිකයින් වාද කරන මෙම වීඩියෝවේදී
බ්‍රිෙග්ඩියර් වරයා සාවදානව ඔවුන්ට කරුනු පැහැදිලි කරන අයුරු දැක්වේ.
‘ඇයි ඔයාලා උතුරේ දෙමළ මිනිස්සු ඉන්න තැන්වලට සිංහල මිනිස්සු ගිහින් දාන්නේ ?‘
‘එහෙම දෙයක් වෙන්නේ නෑ. ඔයා දැක්කද ? එන්න යන්න යාපනයට ගිහින් පෙන්නවන්න. ඒ මිනිස්සු
කොච්චර හොඳට ජීවත් වෙනවද කියලා‘.
ඇයි ඔයාලා තමිල්නාඩුවේ දෙමළ ධීවරයෝ 500කට වෙඩි තිබ්බේ ?
ඔයාලා මේ කියන හැමදේම හරි දේ නෙමේ. ලංකාවේ එහෙම දෙයක් වෙලා නෑ.
මේ මිනිස්සු කියන බොරු කතා අහලා බොරු දේවල් විශ්වාස කරන්න එපා.‘
February 9th, 2018 at 7:35 pm
This brave and patriotic officer must be treated like a national hero, but our unpatriotic leaders were quick to punish him just please the Tamil Diaspora and their western masters for their financial support. Remember Brigadier Fernando is representing the Sri Lanka military and as an officer who fought the Tamil Terrorist he was sending a clear message to those Tiger supporters who were carrying EELAM flags all terrorist will be eliminated. Tamils in Sri Lanka know wery well how this officer helped them in their time of need.