මගේ රෝගියාට පහර දුන්නේ කවුරුන්ද ?
Posted on February 11th, 2018

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

පහත සිදුවීම මා දුටුවේ දිවයින පුවත්පතිනි. මෙම සිදුවීමට සබැඳි ඩයස් යනු යුද හමුදා රෝහලේදී (2002 – 2006 ) කාලයේදී මා විසින් ප්රතිකාරක කරන ලද රෝගියෙකි. ඔහු ක්ෂිතිමය ක්රියාන්විත සිදුවීම වල නියැලීම නිසා පශ්චාත් වියසන ක්ලමථ අක්රමතාවයට (PTSD) ගොදුරු වූ සොල්දාදුවෙකි. මෙම සොල්දාදුවා මනෝ වෛද් නීල් ප්රනාන්දු සහ මා යටතේ කොලඹ යුද හමුදා රෝහලේ ප්රතිකාර ලැබීය​. එක්සත් ශ්රී ලංකාවක් වෙනුවෙන් තමන් ගේ කායික මානසික සුවය කැප කල මෙවැනි ආබාධිත සොල්දාදුවන් සමාජයේ හිංසනයට ලක් වන්නේ නම් එය ඉතාම අවාසනාවන්ත තත්වයකි.

පහත විස්තරය 2018 පෙබරවාරි 11 දින දිවයින පුවත්පතෙනි.

වෛද් රුවන් එම් ජයතුංග 

කෝප්රල් ලසන්ත ඩයස්‌ 

විශ්‍රාම ලැබූ බුද්ධි අංශ සෙබළාට නුවරඑළියේදී එළව එළවා පහර දුන්නේ ඇයි…?

මේ වනවිට හතළිස්හත් හැවිරිදි වියේ පසුවන ලසන්ත ඩයස්යුද හමුදා සෙබළකු ලෙස ශ්රී ලංකා යුද හමුදාවට බැඳී ඇත්තේ මීට වසර විසි දෙකකට පමණ පෙරදීය.යාපනය, ඌරලුව, මනිපායි ආදී ප්රදේශවල ක්රියාන්විත රාජකාරි කටයුතුවල නියෑළුණු ඔහුගේ උපන් ගම වන්නේ නුවරඑළිය වජිරපුර ගම්මානයයි.

 වැඩිමහල් සහෝදරියන් දෙදෙනකු වැඩිමහල් සහෝදරයකු හා එක්බාල සහෝදරයකුගෙන් යුත් පවුලක ඔහු හතර වැන්නාය.

නුවරඑළිය බීර නිෂ්පාදන කම්හලේ සේවය කළ ඔහුගේ පියා මේ වනවිට ජීවතුන් අතර නොමැති අතර මව ජීවත්වන්නේය.

දැනට වසර හතකට පමණ පෙරදී පිළියන්දල රේණුකා සිල්වා සමඟ විවාහ දිවියට පිවිසි ඔහු සිඟිති දියණියකගේ පියකු වන්නේය.

 උතුර නැගෙනහිර ක්රියාන්විත රාජකාරියේ නියෑළි සමයේ ඌරලුව මංසන්ධියේදී ඔහු ගමන්ගත් මෝටර් බයිසිකලය අනතුරකට ලක්වීමෙන් ඔලුවට සිදු වූ හානි හේතුවෙන් යුද හමුදා රෝහලේ නේවාසිකව ප්රතිකාර ගැනීමට ඔහුට සිදු විය.

 ඉන්පසුව යුද හමුදාව සුළු රාජකාරි සඳහා යොදවා ඇති මොහු සේවය කොට ඇත්තේ යුද හමුදා බුද්ධි අංශයේය.

 සිය උපන් ගම වූ නුවරඑළියේ වරින් වර ඔහු බුද්ධි අංශ රාජකාරියේ නිරත වී ඇත

 වසර විසි දෙකක හමුදා සේවාවෙන් පසුව විශ්රාම යැම සඳහා ඔහු විශ්රාම නිවාඩු (පෙන්ෂන් නිවාඩු) ලබාගත්තේ මීට දින කිහිපයකට පෙරදීය.

 ඉකුත් තුන්වැනිදා සවස ඔහු නුවරඑළිය වජිර පුරයේ සිය නිවසින් පිටව ගොස්ඇත්තේ ගමේ පැවති දේශපාලන රැස්වීමකට සහභාගි වී අනතුරුව ද්රවිඩ ජාතික හිතවතකුගේ අවමංගල් නිවසකට යැම සඳහාය.

 සියල්ලක්අවසානයේ සිය මිතුරකු සමඟ ත්රීවීල් රථයකින් නිවස වෙත පිටත් වනවිට මැදියම් රාත්රිය ඉකුත් වී තිබුණි.

 තම නිවසට නුදුරු මාර්ගයේ මැදියම් රෑ කෑ ගසමින් සිටි පිරිසක්අසල ත්රීවීල් රථය නතර වී ඇත.

 ඉන් පසුව ඇති වූ ආරවුලකින් පසුව මේ දෙදෙනාටම ත්රීවීල් රථය දමා දෙපැත්තකට දිවයැමට සිදු විය.

 පොලු, මුගුරු අතැතිව ලසන්ත ඩයස්පසුපස හඹා ඔවුන් ඒවායින් ඔහුට ඉතාමත් අමානුෂික ලෙස වරින් වර පහර දුන්නේය.

 පහළොස්දෙනකුට අධික පිරිසක්ඔවුන් අතර විය. සියලු දෙනාම ද්රවිඩ ජාතිකයෝ වෙති.

 මැදියම් රෑ අඳුරේ වුව මේ සියල්ලක් අසල 

 පිහිටි ලැගුම් හලක සී. සී. ටී. වී. කැමරාවක සටහන් විය.

 මොහුට පහරදීමෙන් පසුව ත්රීවීල් රථය එම ස්ථානයේ දමා පහර දුන් පිරිස ඉවත්ව ගියහ.

පෙර වාසනා මහිමයකට දෝ ඔහුගේ බාල සොහොයුරු සංජය ලාල් ඩයස්කිසියම් ගමනක්ගොස්මෝටර් රථයකින් නිවස වෙත ගමන් කරමින් සිටියදී ත්රීවීල් රථයක්හා අසල වැටී සිටි පුද්ගලයකු දුටුවේය.

 මෝටර් රථයෙන් බැස බැලූ විට ඔහු දුටුවේ තම සොයුරා ලේ විලක්මැද වැටී සිටින අයුරුය.

  සමඟම ලසන්ත ඩයස්සමඟින් ත්රීවීල් රථයේ පැමිණි මිතුරාද එම ස්ථානයට පැමිණ ඇත.

 වහා ලසන්ත නුවරඑළිය දිස්ත්රික්මහ රෝහලට රැගෙන ගිය ඔවුන් මේ බව නුවරඑළිය පොලිසියට දැනුම් දුන්නේය.

 සී. සී. ටී. වී. කැමරා දර්ශන හා ලසන්ත ඩයස්සමඟින් සිටි මිතුරාගෙන් ලබාගත් තොරතුරු අනුව මේ වනවිට පොලිස්අත්අඩංගුවට පත් ප්රධාන ගනයේ සැකකරුවන් හතර දෙනකු ලබන 19 දා දක්වා රිමාන්ඩ් සිර භාරයට පත්කොට ඇත.

 මීට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක්සිටින අතර කිහිප දෙනකු තම පවුලේ උදවිය සමඟ නිවෙස්හැරදමා සැඟවී සිටින බව නුවරඑළිය මූලස්ථාන පොලිස්පරීක්ෂක චන්දන බස්නායක මහතා පැවසීය.

 ලසන්ත ඩයස්ගේ බාල සොයුරු සංජය ලාල් ඩයස්‌ ‘දිවයින කියා සිටියේ මේ සිද්ධියට පෙර දෙවතාවක්යම් යම් ද්රවිඩ පිරිස්‌ ‘ආමිකාරයා‘, ‘ආමිකාරයකියමින් තම සොයුරාට පහරදී ඇති බවය.

 මෙය තුන්වැනි සිද්ධිය බවත් යුද හමුදා බුද්ධි අංශයේ සේවය කළ නිසා එයින් වෙනත් ගැටලුවක්මතුවිය හැකි බවට ඇති වූ සැකය හේතුවෙන් තම සොහොයුරා සම්බන්ධව කිසිවකුට පැමිණිලි නොකළ බවත් සංජය ලාල් ඩයස්කියා සිටියේය.

 මුහුණට ඔලුවට කොඳු පෙදෙසට හා දෙපාවලට දැඩි ලෙස පහර කෑමට ලක්වූ ලසන්ත ඩයස් තවමත් කතා කිරීමේ හැකියාවක්නොමැත.

 ඩග්ලස්නානායක්කාරනුවරඑළිය විශේෂ

One Response to “මගේ රෝගියාට පහර දුන්නේ කවුරුන්ද ?”

  1. Christie Says:

    India and Indian Colonial Parasites will not give up until the total genocide of Sinhalese. It is time Sinhalese understand what is happening to the Sinhalese and unite and stand up to India and Indian Colonial Parasites.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress