මන්නාරම් සිංහළයන් ගේ ඛේදවාචකය නාරිකාඩු වලදී දුටිමි
Posted on April 29th, 2018

මතුගම සෙනෙවිරුවන්

විජය ඇතුලු පිරිස සිය ප්‍රථම ජනාවාස ඇති කර ගන්නා ලද්දේ මල්වතු ඔය ආශ්‍රිතවයි. ඒ වන විටත් මෙම ප්‍ර දේශය දියුණු නගර වලින් සමන්විත ජනාකීර්ණ ව පිහිටියේය. විල්පත්තු අභය භූමියේ ඔච්චප්පුකල්ලු ස්ථානයේ හමුවන සෙල්ලිපියක් මංගණ නගරයක් ගැන සඳහන් වෙයි. එය මල් වතු ඔය මුහුදට වැටෙන ඉම ආසන්නයේ පිහිටියායි සැලකිය හැකිය. පී වීරසිංහ මහතා සඳහන් කරන පරිදි පැරණි පර්සියන් වරු අතර මගී වරු කොටසක් වූහ. ඔවුහු මේ මාන්තොට ආසන්නයේ සැදූ නගරය මගී නගරය විය හැකි යයි පළ කරන මතය බැහැරලිය හැකි නොවේ. ඔච්චප්පු කල්ලුවේ තිබෙන තවත් සෙල් ලිපියක කණශ නම් රජ කෙනෙක් ගැන සඳහනකි. ඔහු ලංකාවේ රාජ වංශයේ ලියැවී නැති පුද්ගලයෙකි. මේ නිසා මංගණ නගරය මාන්තොට නිතරම විදේශිකයින්ට විවෘත වූ ඔවුන් ගේ වෙළෙඳ නගර බිහිවූ පළාතක් බව ප්‍රකාශ කළ යුතුය. විජය තම්බපන්ණියට ගොඩ බහින විට කුවේණිය මෙහි අධිපති කාන්තාව විය. එකල මෙම පෙදෙස වාලුකා දේශය නමින් හැඳින්වී තිබේ. අද මුරුක්කන් නමින් සිතියම් වල සඳහන් ප්‍ර දේශය මංගණ නාමයේ විකෘතියකි.

       ලංකාවේ වයඹ දිග ප්‍ර දේශය වී ගොවිතැනට ඉතාමත් සුදුසුය. නමුත් ජල සම්පාදනය එහි දුර්වල වේ . විජයගේ ආර්ය  පාර්ශවය සිය රටේ දී කෘෂිකර්මයට පුරුදු පුහුණු වූ ආකාරයට ගංගා වලින් ජලය ලබා ගෙන ගොවිතැන් කිරිම නිරන්තරයෙන්ම දුෂ්කර වූවක් විය. ඒ නිසා  ස්වදේශීය යක්ෂ ජනතාවගෙන් උදව් උපකාර හා ශිල්පීය ඥාණය ලබා ගැනීමට උත්සාහයක් ගත යුතු විය. නමුත් ආරම්භයේ දී එයට මගක් නොවීය.දේශපාලන විරසක භාවය නිසා ඔවුන් දෙපිරිස  අතර නිරන්තර ගැටුම් පැවතුණි. වසභ රජු මන්නාරම් දිස්ත්‍රික්කයේ පැරණි මංගණ නගරය ආසන්නයේ හෝ මාන්තොට ප්‍ර දේශයේ මන්ගුණු වැව බඳවන විට ඔහුට කළ හැකිව තිබුණේ විශාල වැටි දෙකක් තනවා ඒ වැටි දෙකට වැව් බැම්ම චාපයක් ලෙසට සම්බන්ධ කරලීම පමණකි. නමුත් ඒ අසලින් මල් වතු ඔය විශාල ජල කඳක් සමග ගලා ගියේය. එයින් ජලය ලබා ගැනීමේ ක්‍රමයකට යාමට හැකියාවක් එකල නොවීය

  මේ නිසා අතීතයේ දී මේ පෙදෙස තුල විශාල සිංහල ජනගහනයක් වාසය කළ බවට සාක්ෂි ඇත. ඔවුහු යෝධ වැවට  ජලට ගෙන එන ඇළ ට පහළින් විශාල කුඹුරු ප්‍රමාණයක් අස්වැද්දූහ. එසේම විශාල වැව් ප්‍රමාණයක් පෝෂණය කිරීමටද මේ ජලය යොදා ගත්හ. නමුත් දහනම වන සියවස වන විට මේ ප්‍රදේශයේ සිංහල ජනගහනය තුනී වෙමින් ඉන්දියාවේ සිට පැමිණි දෙමළ හින්දූන්ගෙන් පිරී ගියේය.1953 වර්ෂය වන විට සිංහල ජනතාව වශයෙන් මෙහි ජීවත්ව සිට ඇත්තේ දෙදහකට අඩු සංඛ්‍යාවකි. කොටි ත්‍රස්තයින් ගේ අණසකට මෙම පෙදෙස යටත් වන විට 8170 දෙනෙකු මෙහි සිට ඇත.දැන් එහි ජීවත් වන්නේ 847 දෙනෙකු පමණකි. ඉතිහාසය ගොඩනැන්වූ ජනතාවට අද අත්වී ඇති ඉරණම මෙසේය. 

       තම ඉඩම් පිලිබඳව අයිතිවාසිකම් ප්‍රාදේශීය ලේකම් වරයාට ඉදිරිපත් කළද ඔවුනට සහනයක් නොලැබුණි. නැවත පදිංචි කිරීමේ ඇමතිවරුන්ව සිටි මෙල්රෝයි ප්‍රනාන්දු හා රිෂාඩ් බද්යුදින්  යන දෙදෙනාගෙන් ද ඊට ප්‍රතිචාරයක් නොලැබුණි. අවසානයේ ඔවුන් මුරුංගන් වල සිමෙන්ති සංස්ථාවට අයත් නරිකාඩු බිම් කොටසේ තාවකාලිකව ගෙවල් කීපයක් සවි කර ගත්හ. මෙයට ප්‍රදේශයේ රජයේ නිලධාරීන් සියල්ලන්ගෙන්ම විරෝධය එල්ල වූ අතර පසුව යුධ හමුදාවේ විකුම් ලියනගේ මහතාගේ මැදිහත් වීම මත එම ප්‍රශ්ණය විසඳීමට ඉහළ නිළධාරීන් යොමු කරවන ලදහ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 2011 වර්ෂයේදී ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් එහි ප්‍රජාශාලාවක් සෑදවීම සඳහා ප්‍රතිපාදන වෙන්කෙරුණහ.

        මන්නාරම් දිස්ත්‍රික්කය කොටි ත්‍රස්තයින්ට එදා ඉතා වැදගත් ප්‍රදේශයක් විය. ඉන්දියාවත් සමග සමීප සබඳතාවයක් පැවැත්විම පිණිස එහි කඳවුරු බැඳගත් ඔවුහු දෙමළ ජනතාව විශාල වශයෙන් එහි පදිංචි කළහ.  කොටි සමග ඉතා හිතවත්ව කටයුතු කළ එම ප්‍රදේශයේ අගරදගුරු රායප්පු ජෝශෆ් කොටින්ට අවශ්‍ය ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කොට දුන්හ. මරදමඩු ප්‍රදේශය කොටින්ට ඉතා වැදගත් කලාපයක්  වූ අතර එහි සිටි සිංහල ජනතාව ඊට බාධකයක් බැවින් කිසිවෙකුටත් එහි රැඳී සිටීමට ඉඩ නුදුන්හ. මරද මඩුව ඔවුන් ගේ ත්‍රස්තවාදී බංකරයක් බවට පත් කරමින් ශ්‍රී ලංකා හමුදාවට ප්‍රහාර එල්ල කළහ.දැන් යුද්ධය අවසන්ය. එයනන්දිකඩාල් කලපුවේදී පරාජයට පත් කරන ලද්දේ දෙමල ජාතිවාදයට හිස එසවීමට  ඉඩ නෙතබන බවට ශපථ කරවමිනි.නමුත් යුද්ධය අවසන්ව වසර හතකට පසු අද තත්ත්වය ඊට වඩා බැරෑරුම්ය. බෝම්බ පුපුරන්නේ නැති වුවද වෙඩි හඬ ඇසෙන්නේ නැති වුවද දෙමළ ජාතිවාදය සිය අඩු පඬු දිග හරිමින් උතුරත් නැගෙනහිරත් වයඹත් වෙලා ගනිමින් තිබේ.මන්නාරමේ එදා ඉඳි කල නරිකාඩු නම් සිංහල ගම්මානයට ගිය විට එය වඩාත් පසක් වේ.

         මුරුන්ගන් මරිච්චකට්ටු කොන්ඩච්චි මඩු ආදී තැන් වල සිටි මන්නාරම් සිංහළයන් අට දහසක් පමණ අනුරාධපුරය වවුනියාව ආදී තැන් වලට විසිර ගියද යුද්ධයෙන් පසුව ඇතැමෙක් යළි සිය ගම්බිම් වලට පැමිණියහ. නමුත් ඒවා අත්පත් කර ගෙනඅ ඇති බව පෙනෙන විට ඔවුහු කම්පාවට පත් වූයේ නැත. පවුල් පණස් හයකින් නරිකාඩු ගම්මානය ඇරඹෙන්නේ එලෙසයි. එහි ජනතාවට මූලිකත්වය ගෙන කටයුතු කරන ආර්.ඒ. ගුනපාල  මහතා මේ කතාව අපට කියන්නේ යම් දුක්මුසු ස්වරයෙකිනි.

     මගේ තාත්තා මන්නාරමට පැමිණියේ  හතළිස් ගණන් වල ඒ කාලේ මන්නාරමේ වැඩි සෙනගක් හිටියේ නැහැ. තාත්තා මුරුංගන් වල වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන ගියා.පස්සෙ අවට ඉඩම් වවාගෙන හිටියා. මඩු දේවස්ථානයට ආව ගිය පිරිස හිටියත් ස්ථීර ජනාවාස තිබුණේ අල්ප වශයෙන් මුරුන්ගන් සිමෙන්ති සංස්ථාවේ වැඩ කළ බොහෝ අය මෙහි පදිංචි වුණා. මේ ප්‍ර දේශයේ තිබෙන බහුතර බෞද්ධ නටබුන් වලින් අපි දන්නව මේ ඉඩම් අපේ බව . ඒ නිසා අපට බයක් තිබුණේ නැහැ.ඒ කාලෙ කේ.කේ කුලම් අවටත් බෞද්ධ නටබුන් තිබුණා.එහි තිබුණු වැව පස්සෙ කාලෙ අසවද්දල කුඹුරු කලෙත් අපෙ අයමයි. යෝධවැව ඇලෙන් එගොඩ මට්ටකණ්ඩල් කියන තැන් වලත් කුඹුරු කලා. තාත්තා 1962 වසරේ ඉඳල මේ ඉඩම් වලට බලපත්‍ර ඉල්ලුවත් දුන්නේ නෑ. යුද්ධ කාලේ අපි පවුල් පිටින් අවතැන් වුණා. ඉන් පස්සෙ ආපිට ආවත් ඒ ඉඩම් දෙමළ අය අල්ලගෙන තිබුණා. පස්සේ තමයි මේ නරිකාඩු වලට පදිංචියට ආවෙ. තාත්තට නුදුන් මට්ටකණ්ඩල් ඉඩම දැන් දෙමළ ජනතාව බලෙන් අස්වද්දනවා. යෝධවැව අභය භූමිය තුලත් මෙසේ අස්වද්දලා. ඒ අයට බලපත්‍රත් දීලා. දැන් ඒවට නඩු වැටිලා.මුසලි මරිච්චකට්ටි වල ඉඩම් මුස්ලිම් අයට බෙදල දීල ගෙවල් එහෙම හදල පහසුකම් දුන්නට අපිට ඒව ලැබුණෙ නෑ. බැරිම තැන මේ ළඟකදි අපි එකතු වෙලා පෝස්ටර් ගැහැව්වා. මේ ගැන කලබල වුණ දිසාපති තුමා වතුර පුරව ගන්න වතුර ටැංකි දෙකක් ගෙනවිත් දැම්මා. ඒත් වතුර ලබෙන්නෙ ඉඳ හිටයි. කොහෙම වුණත් බොන්න වතුර නැති මේ ඉඩම් වල මිනිස්සු රඳන්නේ නැහැ. අනුලා විජේසුන්දර  දොස්තර නෝනා ඇවිත් අපිට වතුර මෝටර වගයක් දුන්නා. අපි දැන් ඒවයින් ගොවිතැන් කරනවා. නමුත් බොන්න වතුර ප්‍රශ්නයට විසඳුම තියෙන්නේ වතුර පෙරනයක් ලැබුණොත් විතරයි.2011 හැදුව ප්‍රජා ශාලාවේ වහලත් හුළඟට ගිහිල්ලා. .කේ. කේ කුලම් වල කුඹුරු බෙදල දුන්නොත් ගොවිතැන් කලෑකි. මේ ගම දියුණු කරන්න නම් අපිට ඉඩම් බලපත්‍ර ලැබෙන්නට ඕන.ඒක දීම වලක්වන්නේ දෙමල නිළධාරීන්.

                මන්නාරමේ සැබෑ තත්ත්වය එසේය හතලිස් ගනන් වල නොතිබූ පල්ලි අටවමින් ජනතාවගේ ඉඩම් කොල්ල කමින් තිබීම එක පැත්තකි. නමුත් ජාතික උරුමයක් හිමි සිංහල බෞද්ධ ජනතාවට උන්හිටි තැන් නැත. නැවත පදිංචි කිරිම් අදීකාරිය සහ අමාත්‍යංහ තිබුණත් මේ කුඩම්මා ගේ සැලකිල්ල ලැබෙන්නේ උතුර පළාතේ ක්‍රියාත්මක වන දෙමල ජාතිවාදය ඔඩු දුවා ඇති බැවිනි.

මතුගම සෙනෙවිරුවන්

One Response to “මන්නාරම් සිංහළයන් ගේ ඛේදවාචකය නාරිකාඩු වලදී දුටිමි”

  1. Ancient Sinhalaya Says:

    Traitor anti Sinhalese, anti Buddhist, anti Sri Lanka UNPatriotic_rats only remember Sinhalese at election times only.
    UNPatriotic_rats do every thing the @s can do to please tamils, mussies and catholics who vote them 100%. Sri Lanka
    is today ruled by the biggest traitor ever in the history of the country traitor chief die hard catholic token Buddhist
    mega thief mega thakkadiya bay gal karaya walking crime bomb with the timer set for 10-20 years Batalande
    Wandakaya Pol Pot r@ni_leech wickrama Sinhala killer. It is in its name. Sinhala killer. So there is no chance for
    the Sinhalese, Sri Lanka and Buddhism while the murderous alugosuwa at the wheel.

    Sinhala modayas should get rid of these anti Sinhalese, anti Buddhist, anti Sri Lanka traitor UNPatriotic_rats who
    divide the Sinhalese and make minorities tamils, mussies and catholics king makers if we are to survive! Keep the
    broom sticks ready for these UNPatriotics_rats come begging for your votes next time Sinhala modayas!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress