හිටපු UNPකැබිනට් අමාත්‍යවරයෙකුගේ ඉඩම් අවභාවිතාවක් උකුසු ඇසට
Posted on September 11th, 2018

උපුටාගැණීම අද දෙරණ

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාව සන්තකයේ තිබී එක්සත් ජාතික පක්ෂයේ හිටපු කැබිනට් අමාත්‍යවරයකුට කෘෂිකාර්මික කටයුතු සඳහා පවරා තිබූ ඉඩමක් ඔහු අවභාවිත කර ඇති බව උකුස්සාට අනාවරණය විය.

ඒ අනූව කළ සොයාබැලීමේදී උකුස්සා අනාවරණය කර ගත්තේ අදාල හිටපු අමාත්‍යවරයා එම ඉඩම කැබලි කර විකුණා ඇති බවයි.‍

හෝමාගමට ආසන්න බොරකැටිය හොරගල නැමැති ප්‍රදේශයේ පිහිටි අක්කර පහකට වැඩි භූමි ප්‍රමාණයකින් යුත් මේ ඉඩම,පුද්ගලික සමාගමක් මේ දිනවල විකිණීමට සූදානම් කර ඇති ආකාරය අපට දක්නට ලැබිණි.

අදාළ ආයතනය වෙළඳ දැන්වීම් පුවරුපවා එහි ප්‍රදර්ශනය කර තිබේ.

මෙහි ඇතැම් ඉඩම් කැබලි විකුණා ඇති බවට දැක්වෙන පුවරුද මෙහිදී උකුස්සාට දැකගත හැකි විය.

කෙසේ වෙතත් අදාළ ඉඩම නීතිවි රෝධීව අලෙවි කෙරෙන බවට ලද තොරතුරකට අනුව උකුස්සා ඒ සම්බන්ධයෙන් සොයා බැලීය.

එහිදී අනාවරණ වූණේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් බව පැවසෙන මේ ඉඩම 1984 වර්ෂයේදී එවක කැබිනට් අමාත්‍ය ධුරයක් දැරූ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරයකුට පවරා ඇති බවයි.

ඒ කෘෂිකාර්මික කටයුතු සඳහා පමණක් භාවිත කිරීමේ නීතිමය බැදීමක් යටතේයි.

කෙසේ වෙතත් අදාල හිටපු කැබිනට් අමාත්‍යවරයා මෙම ඉඩම,එම ඉඩම් විකුණන පුද්ගලික සමාගම වෙත සින්නක්කරව ලබා දී ඇති බවයි උකුස්සා අදාල පුද්ගලික සමාගමේ නිලධාරීනියකගෙන් කළ විමසීමෙකදී ඇය පැවසුවේය.

ඒ අනූව තොරතුරු තහවුරු කර ගත් උකුස්සා මෙහි සත්‍ය අසත්‍යතාව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ පත්මසිරි ලියනගේ මහතාගෙන් විමසා සිටියේය.

මෙවැනි පසුබිමක එක්සත් ජාතික පක්ෂයේ හිටපු කැබිනට් ආමාත්‍යවරයා මෙම ඉඩම සින්නක්කරව විකුණනු ලැබුවේ කෙලෙසද යන්න පිළිබඳව පවතින්නේ ගැටලුකාරී තත්ත්වයක්.

මේ පිළිබඳව සොයාබලා කටයුතු කිරීම ඊට වගකිවයුතු බලධාරීන්ගේ වගකීමක්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress