”ආගම නැතුව මානව හිමිකම් ගැන වෙනම කතා කරන්න බෑ…”කාදිනල්තුමාගේ ප්‍රකාශය ගැන අස්ගිරියෙන් පැහැදිළි රිරීමක්
Posted on September 27th, 2018
Lanka Lead News
මානව හිමිකම් සම්බන්ධයෙන් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සිදු කළ ප‍්‍රකාශය අනුමත කරන බව අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාව පවසයි.
එහි මහා ලේඛකාධිකාරී, ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පෙන්වා දුන්නේ කාදිනල්තුමන් මානව හිමිකම් සම්බන්ධයෙන් ඉකුත්දා සිදු කළ ප‍්‍රකාශය නිවැරදි එකක් බවය.
එහිදී මානව හිමිකම් සම්බන්ධයෙන් ආගමික ඉතිහාසයේ මෙන්ම ලෝක ඉතිහාසයේ පවා මුළින්ම අදහස් ප්‍රකාශ කරලා තියෙන්නේ ගෞතම බුදු රජාණන් වහන්සේ. ඒ වගේම වර්තමානයේ මැල්කම් රංජිත් කාදිනල්තුමා ද මානව හිමිකම් පිළිබඳව කතෝලික ප්‍රජාව වෙනුවෙන් අදහසක් ප්‍රකාශ කරලා තිබුණා. එතුමා ඉතාමත් නිවරැදිව පැහැදිළි කරලා තිබුණා ජාත්‍යන්තර වශයෙන් අපේ රටට එල්ල වෙලා තියෙන අභියෝග සහ මානව හිමිකම් මුල් කරගෙන රටට විවිධ බලපෑම් කිරීමට කරන ප්‍රයත්නයන් පිළිබඳව. මානව හිමිකම් කියන්නේ ආගම ඇතුළත තිබෙන දෙයක්. ඒ නිසා ආගම නැතුව මානව හිමිකම් ගැන වෙනම අරගෙන කතා කරන්න බෑ.” යනුවෙන් පැහැදිළි කළේය.
කාදිනල්තුමන් සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් එතුමන්ට එල්ල වන විවේචන තරයේ හෙළාදකින බවද ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.