රට යන අත ඇමැතිවරුන්ගේ ”ගැහිලි” එළියට
Posted on October 5th, 2018

ජනිත සෙනෙවිරත්න උපුටා ගැන්ම දිවයින

 එක අතකින් දිනෙන් දින ඉහළ යන ජීවන වියදම, බඩු මිල මෙන්ම ඩොලරය ජන ජීවිතය අසීරු කර තිබේ. අනෙක් පැත්තෙන් රටම වසා ගෙන ඇති දූෂණය වංචාව මෙන්ම දිනෙන් දින ඉහළ යන පාතාල ලෝකයේ ක‍්‍රියාකාරකම් ජන ජීවිතයට විවිධ බලපෑම් ඇති කර තිබේ. මේ සියල්ල පාලනය කරන්නට රජය අපොහොසත් බව මේ වන විට පැහැදිලිව පෙනෙන්නට තිබේ.
 
 පොලිස්පතිවරයාගේ සිට පොලිස් දෙපාර්තමේන්තුව කඩිනමින් ප‍්‍රතිසංවිධානය කළ යුතුව ඇතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගියදා කැබිනට් රැුස්වීමේදී ප‍්‍රකාශකර තිබිණි. එහිදී පොලිස්පතිවරයාගේ ක‍්‍රියාකලාපය විවේචනය කර ඇති ජනාධිපතිවරයා පොලිස්පතිවරයාගේ නොමනා හැසිරීම් නිසා වැඩියෙන්ම බැනුම් අහන්නේ තමන් සහ අගමැතිවරයා බවද පොලිසියේ ඇතැමුන්ගේ විනය පිරිහී, හික්මීමත් පිරිහී ඇතැයි ද අපරාධ අඩුවී ඇති බවට ඇතැමුන් කරනා ප‍්‍රකාශ පිළිගත නොහැකි බවද පවසා ඇත.
 
 ජනාධිපතිවරයාගේ අදහස අපද අනුමත කරන්නෙමු. රටේ මේ ආකාරයට පාතාලය රජ කළ කාලයක් අපට මතක නැත. ඝාතන හා වෙඩි තැබීම් මෙතරම් ප‍්‍රමාණයක් මෑත ඉතිහාසයේ අප දැක නොමැත.
 
 මේ අතර මංගල සමරවීර ඇමැතිවරයා කැබිනට් රැුස්වීමේදී අදහස් දක්වමින් රට තුළ අපරාධ විශාල වශයෙන් අඩුවී ඇතැයි ප‍්‍රකාශ කර ඇත. අපරාධ වැඩි වී ඇති බව පවසන්නේ මාධ්‍ය වලින් බවද මාධ්‍ය සංදර්ශන වල අරමුණ රට අස්ථාවර කිරීම බව මංගල සමරවීර මහතා සඳහන් කර තිබේ. ඇමැතිවරයා මැල්කම් රන්ජිත් කාදිනල් තුමන් සමග ඇතිකරගෙන ඇති ගැටුම ගැන රටම දන්නා බැවින් මාධ්‍ය සම්බන්ධයෙන් ඔහුගේ අදහස් ගැන අප ඔහු සමග වාදයකට යාමෙන් පලක් නොමැත. අනෙක් අතට පාර්ලිමේන්තුවේ සියලූ දෙනා තීරු බදු රහිත වාහන ආනයන බලපත‍්‍රයෙන් වාහන ලබාගත් පසු ඒවා ලබා ගැනීම නතර කිරීම මගින් ඇමැතිවරයා තම දක්ෂතාවය මානව පෙන්නුම් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට හිමිවන තීරු බදු රහිත වාහන ආනයන බලපත‍්‍ර 228 ක් නිකුත් කර ඇති අතර රටේ ඩොලර් ඉතිරි කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සියලූ දෙනා තීරු බදු රහිත වාහන ආනයන බලපත‍්‍රයෙන් වාහන ලබාගත් පසුව වසරක කාලයකට එය නතර කරන්නට ඔහු කටයුතු කළ විට ඒ සම්බන්ධයෙන් වාර්තා කිරීම ඔහුට අනුව මාධ්‍ය මගින් සිදු කරන රට අස්ථාවර කිරීමේ ක‍්‍රියාවලියේ අංගයක් ලෙස සැලකිය හැකිය.
 
 මේ අතර ආණ්ඩුවේ ප‍්‍රබල ඇමැතිවරයකුගේ ගිණුමට විදේශ රටකින් රුපියල් මිලියන 150 ක් බැර වීම සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් හට ගෙන තිබේ. මීට පෙර මේ ඇමැතිවරයාටම හම්බන්තොට වරාය චීනයට පැවරීම වෙනුවෙන් ඩොලර් මිලියන සියයක් ලබාගත් බවටත් හොරණ ටයර් කම්හලක් සම්බන්ධයෙනුත් චෝදනා නැගිණි. සෘජු රැුකියා අවස්ථා විසිදෙදහස් පන්සියයකට ආසන්න ප‍්‍රමාණයක් නිර්මාණය කරමින් යුරෝ බිලියන පහක වාර්ෂික අඛණ්ඩ විදෙස් අපනයන ආදායමක් රටට ලැබීමට සලස්වමින් පරිසර හිතකාමී ක‍්‍රමයක් යටතේ ඇමෙරිකන් ඩොලර් මිලියන 500ක විදේශ ආයෝජනයකින් ආරම්භ කිරීමට සැලසුම්කර තිබු විදුලි දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතිය කොමිස් මුදල් හා ව්‍යාපාර කොටස් මුදල් ලබා ගැනීමේ චේතනාවෙන් වසර දෙකක් තිස්සේ ප‍්‍රමාද කරන බව එම සමාගමේ නිලධාරීන් විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත පැමිණිලිකර තිබේ.
 
 මේ අතර ගිං-නිල්වලා යෝජනාක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීම වර්තමාන ආණ්ඩුව යටතේ ප‍්‍රමාද වී තිබෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන තිහක කොමිස් මුදලක් හරස් වී තිබීම නිසා බවට චෝදනා එල්ල වී තිබේ.
 
 ආසියානු සංවර්ධන බැංකුව හා ලෝක බැංකුව සමඟ සමීප සබඳතා පවත්වාගෙන යන ආණ්ඩුවේ ඉහළම පුද්ගලයකුගේ උපදේශකයකුගේ හා ඇමැතිවරුන් දෙදෙනකුගේ නම් මේ කොමිස් මුදල සම්බන්ධයෙන් ඈඳී තිබේ.
 
 මේ අතර ප‍්‍රවාහන ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රධානතම ටෙන්ඩරයක් ඊට අදාළ දෙපාර්තමේන්තුවේම තවත් ව්‍යාපෘතියකට ව්‍යාජ ලේඛන ලබාදීම නිසා අසාදු ලේඛනගත කළයුතු සමාගමකට එසේ නොකර ලබාදීම සඳහා රුපියල් මිලියන තුන් සියයක් ලබාගත් බවට තවත් ඇමැතිවරයෙකුට චෝදනා එල්ලවී තිබේ. මෙවන් දූෂණ රටේ සිදුවීම වළක්වන තෙක් රට දියුණු කළ නොහැක.
 
 අද ඩොලරයේ අගය ඉහළයාම බරපතළ ප‍්‍රශ්නයක් වී තිබේ. එහෙත් අපේ රටේ විදේශ විනිමය විදෙස් රටවලට ගලායන්නේ දූෂිත ටෙන්ඩර් ගනු දෙනු නිසාය. අපේ රටේ චිපයක් සහිත ස්මාර්ට් කාඞ් රියැදුරු බලපත‍්‍රය සඳහා දකුණු අප‍්‍රිකානු සමාගමකට 2009 වසරේ සිට ඩොලර් 13 බැගින් ගෙවමින් සිටින්නෙමු. මේ ටෙන්ඩරය ඉතාම දූෂිත ආකාරයකට ලබාදෙන ලද්දේ වසර පහක කාලයකට වන අතර එය පසුව වසර හතකට දීර්ඝ කරන ලදී. මේ වන විට එය වසර දහයකට ආසන්න කාලයක් ක‍්‍රියාත්මක වුවද මේ දක්වා එහි චිපය ප‍්‍රයෝජනයට ගෙන හෝ ඒවා පරීක්ෂා කිරීමට අදාළ උපකරණ මෙරටට ගෙන්වා නැත. එදා එවැනි කාඞ් පතක මිල ඩොලර් එකක් වෙද්දී අපේ රට වසර දහයකට ආසන්න කාලයක් ඊට ඩොලර් 13 බැගින් ගෙවමින් සිටින්නෙමු. මේ නිසා විදේශ රටවලට ඇදී ගිය බිලියන ගණන් මුදල් වලට වගකිව යුත්තේ ඒ සම්බන්ධව කටයුතු කළ දේශපාලනඥයන් හා නිලධාරීන්ය. දැන් එම කාඞ් පතක වටිනාකම තවත් අඩුවී තිබේ. එසේම එය මේ වන විට යල්පැනගිය ක‍්‍රමයක් බවට පත්ව තිබෙන නමුදු එය දිගටම පවත්වා ගෙන යාමට බලධාරීන් කටයුතු කරන්නේ ලැබෙන කොමිස් මුදල නිසාය.
 
 මෙවැනි චිපයක් සහිත කාඞ්පතක් අවශ්‍යම නම් රාජ්‍ය මුද්‍රණ සංස්ථාව මගින් අඩුමිලට මුද්‍රණය කර ගත හැක. අද වන විට බැංකු හා රක්ෂණ සමාගම් පවා මුද්‍රණ යන්ත‍්‍ර මගින් ඒ මොහොතේම කාඞ්පත් නිකුත් කරනු ලැබේ. රජයට මෙවැන්නක් රාජ්‍ය ආයතනයක් හරහා අඩුමිලට මෙරටදීම සිදු කර ගත හැකිව තිබියදී එය විශාල විදේශ විනිමයක් වෙනත් රටවලට ලබාදී සිදු කර ගන්නට යන්නේ කොමිස් කතාන්දරය නිසාය. එවැන්නක් මගින් රාජ්‍ය ආයතන ශක්තිමත් වන අතරම විදේශ විනිමයද ඉතිරිවේ. මේ සඳහා යළිත් වරක් අති දූෂිත ටෙන්ඩර් ක‍්‍රමවේදයක් ආරම්භ වී ඇති අතර වහාම රජය මැදිහත්වී එය නවතා දමා රජය විසින්ම එය සිදු කරන්නට කටයුතු කළ යුතුව තිබේ.
 
 දේශීයව සිදුකළ හැකි සියලූ දේ විදේශ රටවලට ලබා නොදීමට රජය පැහැදිලි තීරණයක් ගත යුතුය. එක්කෝ ඒවා රජය මගින් සිදු කළ යුතුය. එසේ නොමැතිනම් දේශීය ව්‍යාපාරිකයන් ලවා සහන මිලකට සිදු කළ යුතුව තිබේ. එවිට අපේ රට තුළ නව රැුකියා ඇතිවන අතරම රටේ විදේශ විනිමය පිටතට ගලායාමක් සිදු නොවේ.
 
 අනෙක් ප‍්‍රශ්නය අද රට තුළ නීතිය ක‍්‍රියාත්මක වීමේ ඇති දුර්වලතා නිසා ව්‍යාපාරිකයන්ට ජනතාව ගසා කන්නට අවස්ථාව සෑදී තිබේ. සීනි සඳහා බදු වැඩි කරන්නට පෙර මෙරටට ගෙන්වන ලද සීනි මෙටි‍්‍රක් ටොන් හැටදහසක් වැඩි මිලට ජනතාවට අලෙවි කරන විට ඊට එරෙහිව පියවරගන්නට පාරිභෝගික අධිකාරියට හෝ මුදල් අමාත්‍යංශයට නොහැකි නම් රටට නීතියක් හෝ රජයක් අවශ්‍ය නැත. ඒ හරහා වෙළෙඳුන් තිදෙනෙකු ලැබූ අයථා ලාභය රුපියල් මිලියන 750 කි. රටේ යහපාලනයක් පැවතෙන්නේ නම් ඒ සඳහා පියවර ගන්නට රජයට හැකි විය යුතුය.
 
 පළාත් සභා ඡුන්ද කල්යන බව පැවසේ. පළාත් සභා සීමා නිර්ණ කමිටු වාර්තාව අධ්‍යයනය කර නිර්දේශ කිරීම සඳහා පත්කළ කමිටුව පසුගියදා රැුස්වූ අතර පළාත් සභා ඡුන්දය පැරණි ක‍්‍රමයටම පවත්වන්නේද නැතිනම් අලූත් ක‍්‍රමයට පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැත.
 
 පළාත් සභා ඡුන්දය පැරණි ක‍්‍රමයට පැවැත්වීමට දේශපාලන පක්ෂ වැඩි කැමැත්තක් දක්වන අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය කොට්ඨාස ක‍්‍රමයට මැතිවරණය පැවැත්වීමය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡුන්දය දෙන්නේ ද කොට්ඨාස ක‍්‍රමයට මැතිවරණය පැවැත්වීමේ එකඟතාව අනුව බව ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගියදා ප‍්‍රකාශ කර තිබේ.
 
 අලූතින් සම්මත කරන ලද පළාත් සභා මැතිවරණ පනත අහෝසි කර පැරණි ක‍්‍රමයට ඡුන්දය පැවැත්වීම, අලූත් පනතේ අඩුපාඩු නිවැරදි කර අලූත් ක‍්‍රමයට ඡුන්දය පැවැත්වීම, සීමා නිර්ණ කමිටු වාර්තාවේ අඩුපාඩු නිවැරදි කර ඊළඟ මැතිවරණය කොට්ඨාස ක‍්‍රමයට පවත්වන තෙක් මේ මැතිවරණය පැරණි ක‍්‍රමයට පැවැත්වීම යන ක‍්‍රම තුනෙන් එකක් ඒ සඳහා තෝරා ගත යුතුය.
 
 මේ නිසා මැතිවරණ ක‍්‍රමය සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට සියලූ දේශපාලන පක්ෂවල නායකයින්ගේ සහභාගිත්වයෙන් යුතු සාකච්ඡුාවක් පැවැත්වීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.
 
 මේ අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි දිනවලදී පැවැත්වෙන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනයේදී බාර දීමට නියමිතය. හිටපු ජනාධිපතිවරයාද පක්ෂ නායකත්වය බාරගැනීමට කැමැත්ත පළකර තිබේ. පොදු ජන පෙරමුණේ ඡුන්ද මැෂිම වන බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට ශ‍්‍රීලංකාවට පැමිණ ඇති නිසා පක්ෂයේ කටයුතු වේගවත්ව හා සංවිධානාත්මකව සිදුවේ.
 
 මේ වනවිට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ව්‍යවස්ථාව සකස්කිරීම අවසන් අදියරේ පවතින අතර ඊට අමතරව තරුණ පෙරමුණු ව්‍යවස්ථාව, කාන්තා පෙරමුණු ව්‍යවස්ථාව ද සකස් කෙරෙමින් පවතී.
 
 විශාල ප‍්‍රමාණයකින් දුම්රිය ගාස්තු වැඩි කිරීම නිසා දුම්රිය මගීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. ගාස්තු වැඩි කළේ 15% කින් පමණක් යැයි පැවසුවද ගාස්තුවලට අදාළ දුර ප‍්‍රමාණ අඩු කිරීම මගින් එහි සැබෑ අගය 35 % ක් පමණ වන්නේ යැයි ද දුම්රිය සේවය සුරැුකීමේ සේවක මගී ව්‍යාපාරය චෝදනා කරයි.
 
 අවම දුම්රිය ගාස්තුව වැඩි නොකරන බව කීවත් අදාළ ගෙවීමට නියමිත දුර අඩු කිරීම මගින් අවම ගාස්තුවේ ද වෙනසක් වී ඇතැයි ද මෙමගින් තනිකරම ජනතාව රැුවටීමට රජය කටයුතු කර ඇතැයි ද එම සංවිධානයේ කැඳවුම්කරු අඳුරත්විල චන්ද්‍රජෝති හිමියෝ පවසති.
 
 කොටස් වෙළෙඳපොළේ කඩා වැටීම බරපතළ ගැටලූවක් වී තිබේ. 2018 වසරේ මුල් මාස 09 තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලූ කොටස් මිල දර්ශකය 7.96% කින් පහළ ගොස් තිබේ. ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම සිදුවන ශ‍්‍රී ලංකා රුපියලේ අවප‍්‍රමාණයවීම පාලනය කිරීම සඳහා මෙම වසරේ ගත වූ කාලයේදී ශ‍්‍රී ලංකා මහ බැංකුව සතු ඩොලර් සංචිත වලින් ඩොලර් මිලියන 184 ක් වැය කර තිබෙන බව ශ‍්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසා ඇත. රාජ්‍ය සුරැුකුම්පත් මත විදේශිකයන් සිදුකර ඇති ආයෝජන අහිමිවීම හේතුවෙන් ජනවාරි සිට මේ දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 467 ක් රටේ ආර්ථිකයෙන් පිටට ඇදී ගොස් ඇතැයි ද ඔහු කියා තිබේ.
 
 මේ අතර අද වන විට ඇතිව තිබෙන ගෝලීය ආර්ථික අර්බුදය ලබන 2019 වසර දක්වාද යන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වනාතවිල්ලූව පොලිස් ස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේදී පවසා තිබිණි.
 
 එනිසා විදේශ විනිමය රටින් පිටවීම වැළැක්වීම සඳහා අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ අඩු කිරීමට හෝ නැවැත්වීමට කටයුතු කරන්නැයි තමන් මුදල් ඇමැතිවරයාට උපදෙස් දුන් බවද ඒ මහතා සඳහන් කළේය.
 
 මේ අතර රටේ පවතින ආර්ථික ගැටලූවලට හා දේශපාලනික ගැටලූවලට පිළියමක් ලෙස ජනාධිපතිවරයා ප‍්‍රබල වෙනස්කම් කීපයක් සිදු කරන බව සඳහන්ය. මෙහිදී ඇමැතිවරුන් කීපදෙනෙකු හා ලේකම්වරු කීප දෙනෙකු හා ආයතන ප‍්‍රධානීන් කීපදෙනකු වෙනස් කිරීමට නියමිත බව සඳහන්ය. චෝදනා එල්ලවී ඇති ඇමැතිවරුන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි තීරණයක් ගනු ඇතැයි සඳහන්ය.
 
 මේ අතර රටේ ආර්ථික තත්ත්වය හා ඒ සම්බන්ධයෙන් වගකිවයුතු අංශ නිසිපරිදි තීරණ නොගැනීම එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරුන් අතරද දැඩි සාකච්ඡුාවට භාජනය වී තිබේ. ඉදිරි මැතිවරණ වලදී මේ තත්ත්වය අහිතකර බවද ආර්ථිකය සම්බන්ධයෙන් ආණ්ඩුවේ තීරණ ජනතාවාදී නොවන බවද මෙහිදී කතාබහට ලක්ව තිබේ. ඇමැතිවරුන් කීපදෙනෙකු නිලධාරීන් කීපදෙනෙකු හා ප‍්‍රබල කාන්තාවක් ගන්නා තීරණවලට අවසානයේ කර ගසන්නට සිදුවන්නේ පක්ෂයට බවත් එම නිසා පක්ෂයක් ලෙස ඉක්මන් තීරණයක් ගත යුතු බවත් මෙම පිරිස සාකච්ඡුා කර තිබේ. එසේම පක්ෂයේ ඡුන්ද පදනමට ඍජුව බලපාන ඇතැම් ඇමැතිවරුන්ගේ කටයුතුද විශේෂයෙන්ම කතෝලික ආගමික නායකයන්ට එරෙහිව සිදුකරන ලද ප‍්‍රකාශ සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡුාවී ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress