පොලිස්පති ධුරය ගැන තීරණයක් ගන්න නොහැකි වුණත් දේශපාලන දඩයමට ආණ්ඩුව දක්ෂයි
Posted on October 22nd, 2018
කොළඹ – ජනක විජේවර්ධන, බත්තරමුල්ල – ඉනෝකා උදයංගනී ඡායාරූප – සස්සඳ ලියනාරච්චි උපුටාගැණීම මව්බිම
ජනාධිපතිවරයා ඝාතනය කිරීමට උසස් පොලිස් නිලධාරියකු මැදිහත් වෙලා තියෙන මොහොතක, පොලිස්පති ඉවත් කර ගැනීමට මේ ආණ්ඩුවට නොහැකි වුවද, දේශපාලකයන් දඩයම් කරමින්, ඔවුන් හිරගෙවල් වෙත ගාල් කිරීම ආණ්ඩුවේ පිළිවෙත වී ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පැවැසීය.
ඒ මහතා එම අදහස් පළ කර සිටියේ කෝට්ටේ පැවැති ‘එළිය’ වැඩසටහන එක් වෙමිනි.
එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.
අද මේ ආණ්ඩුව කියනවා මොනව කරන්න බැරි වුණත් අපි ලෝකය දිනුව කියලා. ආණ්ඩුව කියනවා අපි ජිනීවා ගැන කතා කරන්නේ ජනතාව බියගන්වන්න කියලා. යුද්ධ කාලේ පවා එක්සත් ජාතීන්ගේ සාම හමුදාවලට අපේ රණවිරුවන් යවන්න අවස්ථාව ලැබිල තිබුණා. අද එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලල තියෙනවා අපි ඒ රටට යවපු අපේ අණදෙන නිලධාරිතුමා වහාම ඒ රටෙන් පිට කරන්න කියලා. එදා යුද්දෙට මුහුණ දුන්න අපේ හමුදා නායකයන් කිසිවකුට අද බටහිර රටවලට යන්න බැහැ.
අපි ලෝකය දිනන්න කියලා බටහිර රටවලට ඕන විදියට අපේ රටේ නීති වෙනස් කරන්න යනවා නම් ලෝකය දිනුවා කියලා කියන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා.
මේ ආණ්ඩුවේ මුදල් ඇමැතිතුමා පාර්ලිමේන්තුවේදී කියනවා ආර්ථිකය කඩාවැටිලා තියෙන්නෙ මහින්ද යුගයේදී ආරම්භ කරපු සමහර ව්‍යාපෘති නිසා කියලා. මේ රටට දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළක අවශ්‍යතාව ඉතාම තදින් තිබුණා. ඒක ජයගන්න පුළුවන් වුණේ මහින්ද රාජපක්ෂ මහතාට පමණයි. මේ වගේ වැදගත් ගුවන්තොටුපොළක් හැදුවම ඒකෙන් මුදල් උපයන්නට වාණිජ සැලැස්මක් තියෙන්න ඕන. එවැනි සැලැසුමක් ඇති කරන්නේ නැතිව දේශපාලන වෛරය නිසා ඒ ගුවන්තොටුපොළේ වායුසමීකරණය කළ ගබඩා තුළ වී ගබඩා කළා. අද ඒ ගුවන්තොටුපොළ ඉන්දියාවට දීල සල්ලි ගන්න හදනවා. මේ වගේ අදූරදර්ශී ක්‍රියා නිසා රටේ ආර්ථිකය අද කඩා වැටිලා.
මේ රටේ වසර තිහක් පුරා තිබුණු යුද්ධය නිසා අපේ සංවර්ධනය අඩාල කරලා ආර්ථිකය කඩාවැටිල තිබුණ අවස්ථාවක අපේ මූලික අවශ්‍යතාව වුණේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්න. මේ ආර්ථිකය ඉදිරියට ගෙනයන්න අපේ රටේ ආයෝජකයන් වගේම අපිට විදේශ ආයෝජකයොත් අවශ්‍ය වුණා. ලෝකේ සෑම රටක්ම ආර්ථිකය ඉදිරියට ගෙනියන්නට මූලිකව කරන්නේ යටිතල පහසුකම් වර්ධනය කිරීම. ඒ යටිතල පහසුකම් ආරම්භ කිරීම තුළින් කුඩා මට්ටමේ ව්‍යවසායකයන් විශාල ප්‍රමාණයක් රටේ බිහි වුණා. මේවා සියල්ලක්ම කඩා වැටීම නිසා ඍජුවම රැකියා හාරලක්ෂයක් ඉදිකිරීම ක්ෂේත්රයේ පමණක් අපිට නැති වුණා.
සමහර අය අපිට චෝදනා කරනවා සුළු ජාතීන්ට විරුද්ධව අපි වැඩ කළා කියලා. යුද්ධයෙන් පස්සේ උතුර නැඟෙනහිර පළාත්වල විශාල සංවර්ධනයක් අපි ඇති කළා. පශ්චාත් යුද සමයේදීත් ඒ පළාත්වල ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවන්නට අපි විශාල සංවර්ධන ව්‍යාපෘති ඇති කළා. කවුරුවත් මේ ගැන කතා කරන්නේ නැහැ.
මේ ආණ්ඩුව කියනවා ප්රජාතන්ත්රවාදය ඇති කළේ මේ ආණ්ඩුව කියලා. එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පළමුවැනි වතාවට උතුරු පළාත් සභා මැතිවරණයක් පැවැත්වූවා. නමුත් එදා ප්රජාතන්ත්රවාදය ගැන කතා කරන මේ ආණ්ඩුව පළාත් සභා හයක පමණ ඡන්ද පවත්වන්නෙ නැහැ. ප්රජාතන්ත්රවාදයේ මූලික දේ තමයි මහජනතාවගේ ඡන්දය. මේ ආණ්ඩුව ඒ ඡන්ද පවත්වන්නේ නැහැ.
මේ රජයේ පොලිසියේ සමහර අයගේ ක්‍රියාදාමයන් ගැන ජනතාව දන්නවා. නමුත් එදා අලුත්ගම ඇතිවුණ සිද්ධිය වෙලාවේ එදා පැයක් ඇතුළත අපේ හිටපු පොලිස්පතිවරයා එතැනට ගියා. එහෙම ගිහිල්ල ඒ තත්ත්වය පාලනය කළා.
යුද්ධය ඉවරවෙලා ජනතාවට පීඩාවක් නොවන ආකාරයට උතුරු පළාතේ නීතිය අපි ක්‍රියාත්මක කළා. යුද්ධය අවසාන වෙලා මේ ආණ්ඩුවට අපි රට භාරදෙන අවස්ථාව වනතුරුම ඒ පළාතේ කිසිම සිද්ධියක් වෙන්න අපි ඉඩ දුන්නෙ නැහැ. නමුත් අද යාපනේ ආවා කල්ලිය පාලනය කරන්න මාර්ග බාධක දානවා. මේ අදුරදර්ශී ක්‍රියාකලාපය නිසා රට සෑම පැත්තකින්ම අසාර්ථක වෙලා. මෙයාලා රට භාර ගත්තේ කිසිම සැලැස්මක් නැතිවයි.
අපි මේ ආණ්ඩුව ඉවත් කිරීම ගැන පමණක් නෙවෙයි අපි භාරගන්න ආණ්ඩුව ඉදිරියට කරන්නෙ කොහොමද කියන එක ගැනත් සැලැසුම් හදන්න ඕන. ඒ සඳහා ජනතාව දැනුවත් කරමින් මේ එළිය සංවිධානය වගේ සම්මන්ත්රණ සෑම නගරයකම පවත්වනවා.
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්
මේ ආණ්ඩුවේ මුදල් ඇමැතිතුමා පසුගියදා මාධ්‍යයට ඇවිල්ල පෙන්නුව ඉන්ධන සූත්‍රය කියල කොළයක්. ඒ පෙන්නපු සූත්‍රයේ ඉන්ධන කොස්ට් එකක් නැහැ. මේක වෙන සූත්‍රයක්. මුදල් ඇමැතිතුමා කිව්ව මේක හරි සරලයි පෙර පාසල් යන ළමයකුට වුණත් තේරෙනවා කියලා. මේ පෙන්නපු කොළේ ලියල තියෙනවා ර්පන ඍ 1,ඍ 2, ඍ 3, ඍ 4 කියලා.
මේකේ ථපන කියන්නේ මෛත්‍රි රනිල් ප්‍රතිපත්තිය ඍ1 කියන්නේ ඒ ප්‍රතිපත්තියේ දේශපාලන දර්ශනය. ඒ කියන්නේ වෙන් කිරීමේ බෙදීම. ඒ කටයුත්ත මේ දෙන්න දැනටමත් ඉතාම හොඳින් කරගෙන යනවා. ඍ2 කියන්නේ මේ මෛත්‍රි රනිල් ප්‍රතිපත්තියේ දේශපාලන න්‍යාය. මේ දෙන්න ඉතාමත්ම දක්ෂයි ඕනම දෙයක් විකෘති කරන්න. මේ ආණ්ඩුවේ ඇමැතිවරයෙක් කිව්ව රුපියල අවප්‍රමාණය වෙන එක හොඳයි කියලා.
මේ ආණ්ඩුව කියනවා අපේ රටේ අපනයන ප්‍රතිශතය අඩුවෙලා. ඒ නිසා තමයි මේ සේරම ප්‍රශ්න කියලා. අපේ රටේ දළ දේශීය නිෂ්පාදනය ශීඝ්‍රයෙන් වැඩි වුණේ මහින්ද රාජපක්ෂ මහතා කාලේ. නිදහසෙන් පස්සේ අවුරුදු 56ක් තිස්සේ අපේ රටේ මුළු ආර්ථික මට්ටම බිලියන 24යි. එතුමා අවුරුදු නවයකට පස්සේ රට භාරදෙනකොට සියයට 300කින් වැඩිවෙලා බිලියන 79 දක්වා වැඩිවෙලා තිබුණා. ඒක සුළු පටු වර්ධනයක් නෙවෙයි. මහින්ද රාජපක්ෂ යුගයේදී අපේ රටේ රුපියල අවප්‍රමාණය වුණේ වසරකට සියයට 2.8ක් පමණයි.
රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා ලෝකෙම ආර්ථික අර්බුදයක් ඇති වෙලා තියෙනවා කියලා. මේ කතාව කියන්නේ රනිල් වික්‍රමසිංහ විතරයි. වෙන කිසිම කෙනෙක් ඒ කතාව කියන්නේ නැහැ. ශ්‍රී ලංකාවට වෙන ප්‍රතිවිපාක හරියට කළමනාකරණය කරගත්තේ නැත්තන් ඒක අපේ ප්‍රශ්නයක්. ඒක ලෝකෙ ප්‍රශ්නයක් නෙවෙයි.
මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රට බාරදෙනකොට රටේ ණය ප්‍රමාණය තිබුණෙ රුපියල් බිලියන 7යි. අද ඒක රුපියල් ටි්රලියන 12 දක්වා වැඩිවෙලා තියෙනවා.
දැන් අපේ රටේ දළ දේශීය නිෂ්පාදනයත් එක්ක ණය ප්‍රමාණය සියයට 87 දක්වා වැඩිවෙලා. මංගල සමරවීරගේ ඍ3 එකෙන් කියන්නේ මේ ආණ්ඩුවේ පරිපාලන න්‍යාය. ඕනම ප්‍රශ්නෙකදී මේ ආණ්ඩුව ලිස්සා යෑම හරියටම කරනවා. ඒ ප්‍රතිපත්තිය තමයි ඒකෙන් කියැවෙන්නේ.
ඍ4 කියන්නේ විකිණීම. අතට අහුවෙන ඕනම එකක් මේ ආණ්ඩුව විකුණනවා. ඒ ප්‍රතිපත්තිය හරියටම මේ ආණ්ඩුව කරගෙන යනවා. මේ ආණ්ඩුව බලයට ආවේ රැකියා ලක්ෂ 10ක් ඇති කරනවා කියලා. නමුත් අද විරැකියාව ශීඝ්‍රයෙන් අපේ රටේ පැතිරගෙන යනවා. ජනතාවට මේ ප්රශ්නය උහුලන්න බැහැ. ජනතාව මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නෙ කොහොමද කියල කල්පනා කරනවා. මේ ආණ්ඩුවේ ඇමැතිවරු එක එක බෝර්ඩ් පෙන්නල විනෝද වෙනවා.