අගමැති මහින්දගේ පැත්තට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122ක් ඉන්නවා
Posted on October 29th, 2018
ඉෂාරා සිල්වා උපුටාගැණීම මව්බිම
නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ නව ආණ්ඩුව බිහි කිරීම සඳහා දැනටමත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 122ක ප්‍රමාණයක් සහාය ලබාදීමට කැමැත්තෙන් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි පියල් නිශාන්ත පවසයි.
තමන්ගේ හෘද සාක්ෂියට එකඟව නායකයන්ගේ ප්‍රතිරූප ගොඩනැඟීමට නොගොස් පක්ෂ පාට භේදයකින් තොරව රට ගොඩනැඟීමට එකතු වන්නැයි එජාප මන්ත්‍රිවරුගෙන් ඉල්ලා සිටින බවද ඔහු අවධාරණය කෙළේය.
ඊයේ (28දා) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේද කීය.
රනිල් වික්‍රමසිංහ මහතා නටන්න හදන නාඩගම මොකක්ද කියලා හැමෝටම තේරෙනවා. මේ රටේ විධායක ජනාධිපති හැටියටසියලුම දෙනා පිළිගන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතාව. ඔහුගේ බලතල අනුව ව්‍යවස්ථාවට අනුව තමයි මහින්ද රාජපක්ෂ මහතාව අගමැති හැටියට පත් කළේ.
මේ රටේ ජනතාව ඔහුව අගමැති හැටියට පිළිගෙන ඉවරයි. අගමැති හැටියට මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දුන්නාට පසුව යූ.එන්.පී. එකේ කම්බ හොරු ටික තවමත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බවත් මේ පත් කිරීම නීති විරෝධී බවත් දිගින් දිගටම කියනවා.
එජාප පාක්ෂිකයන් ගෙන්වන බව ප්‍රකාශ කළාට ඊයේ ගෙන්ව ගන්න පුළුවන් වුණේ 500ක් විතර. අද ගෙන්ව ගන්න පුළුවන් වුණේ 300ක් විතර. හෙටත් ජනතාව ගෙන්වන බව කියනවා. රනිල් වික්‍රමසිංහගේ හොරකම්වලට සහාය දුන් උදවියට අද ජනතාව රැස් කරන්න බැරි වෙලා තිබෙනවා.
මෛත්‍රිටත් – මහින්දටත් අංක ගණිතය බැරිකමක් නැහැ. ඒ නිසා තමයි ඊයේ ප්‍රකාශ කෙළේ 113ට වැඩි පිරිසක් ඔවුන්ට සහාය ලබාදෙන බව. දැනටමත් 122ක මන්ත්‍රිවරුන් ප්‍රමාණයක් සහාය ලබාදීමට බලාගෙන සිටිනවා. බය නැති අගමැතිට විළිලැජ්ජා නැතිව තමයි එළියට බහින්න වෙන්නේ.
රාජිත සේනාරත්න කියන්නේ බලය නැතිව දේශපාලනය කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. තමන්ගේ බලය පවත්වා ගැනීමට හිටපු අගමැතිවරයාව අමාරුවේ දාන්නයි මේ හදන්නේ.
ඝාතන කුමන්ත්‍රණය පිටුපස ඉන්නේ නාලක සිල්වා පමණක් නොවෙයි. එජාපයේ ප්‍රබල මන්ත්‍රිවරු කිහිප දෙනෙක් මෙයට සම්බන්ධයි. මේ ගැන ඉතා හොඳින් හැම දෙයක්ම ජනාධිපතිවරයා දන්නවා. ඒ නිසා තවදුරටත් රට අස්ථාවර කරන්න බැරි නිසා තමයි නීති විශාරදයන්ගේ සහ එජනිස නායකයන්ගේ උපදෙස් පරිදි මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත් කළේ. හිතාගෙන හිටියේ මෙහෙම කරද්දී ශ්‍රී ලනිප කිහිප දෙනෙක් මුක්කු ගහයි කියලා. නමුත් ඊයේ දිනයේ සියලු දෙනාප්‍රතිඥාවක් ලබාදුන්නා මහින්ද රාජපක්ෂ මහතාට සහාය ලබාදීම.
පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ
ජනතාව මහින්දව අගමැති හැටියට පිළිගෙන ඉවරයි. සෙනඟ ගේන බව යූ.එන්.පී. එක කියනවා. හෙට ඔබතුමා සෙනඟ ගේනවා නම් අපිටත් සෙනඟ ගේන්නපුළුවන්. තවත් වෙලා බලන් ඉන්න එපා. ජනාධිපති බලතල අනුව ඔහු නව අගමැතිවරයෙක් පත් කළා. අලුත් කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දෙන්න සූදානම්.